බස් ගාස්තුව 12.19% කින් ඉහළට : අවම ගාස්තුව රු. 30 යි

බස් ගාස්තුව 12.19% කින් ඉහළට : අවම ගාස්තුව රු. 30 යි


බස් ගාස්තුව 12.19% කින් ඉහළට : අවම ගාස්තුව රු. 30 යි

(23.03.2026 – hirunews.lk)

ලංකා සුදු ඩීසල් මිල ඉහළ යාමත් සමඟ වර්තමාන බස් ගාස්තුව 12.19% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රුපියල් 27 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 3 කින් වැඩි කර ඇති අතර, නව මිල රුපියල් 30 ක්.

මෙම ගාස්තු සංශෝධනය අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

වැඩි කළ නව බස් ගාස්තු චක්‍රය පහතින් :


දෙරණ 360 – 23.03.2026 – විමල් වීරවංශ සමග

+


+


වටිනා මිනී පෙට්ටියක් සහ රන් ආභරණ ගන්න මිනී වළක් හාරලා

(23.03.2026 – hirunews.lk)

මොරටුව,රාවතාවත්ත “සුසන් අරම” සුසාන භූමියේ මිනී වළක් හාරමින් සිටි තිදෙනෙකු (3) ගෙන් අයෙකු (1) මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය මවගේ සත් දවස සිහිකිරීම සඳහා ඉටිපන්දන් දැල්වීමට සුසාන භූමියට ගිය දියණියට දැක ගැනීමට හැකිවී ඇත්තේ තම මව මිහිදන් කළ මිනී වළ යම්කිසි පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් හාරනු ලබන බවයි.

එය දැක කලබලයට පත් වූ දියණිය ඇතුළු ඥාතීන් කෑගසාගෙන මිහිදන් කළ වළ ළඟට දිව ගොස් ඇති අතර එහිදී වළ හාරමින් සිටි තිදෙනා “මචං කෙළවුණා” කියමින් සුසාන භූමියේ තාපයෙන් පැන දිව ගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ මොරටුව රාවතාවත අර්නස් පෙදෙසේ පදිංචි වයස අවුරුදු 73 කාන්තාවක බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම පිළිබඳව මියගිය කාන්තාවගේ දියණිය මොරටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු පැමිණිල්ලක් යොමු කර තිබුණා.

පසුව මෙම සිදුවීමට සම්බන්ධ තිදෙනා (3) ගෙන් එක් (1) අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලදී දැනගන්නට ලැබී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා එම සුසාන භූමියේ මුරකරු ලෙස සේවය කරන පුද්ගලයකු බවයි.

පසුව ලද තොරතුරු මත අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව මිහිදන් කරන අවස්ථාවේදී ඔවුන් එම ස්ථානයේ සිට ඇති බවත් දේහයේ රන් ආභරණ ලෙස මුදු දෙකක්, රන්මාලයක්, කරාබු දෙකක් සහ වළලු දෙකක් දමා තිබීම දැක ඇති බවයි.

එම රන් ආභරණ සමගම දේහය මිහිදන් කළ බවත් මිහිදන් කරන අවස්ථාවේදී ඔවුන් එය දැක ඇති බැවින් එම රන් ආභරණ ගැනීම සඳහා මියගිය කාන්තාවගේ මිනී වළ හෑරූ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රකාශ කර තිබුණා.

මෙම මිනී වළ හෑරීම සඳහා මුරකරු ඇතුළු මොරටුව මහ නගර සභාවේ සුසාන භූමියේ වළවල් හාරන පුද්ගලයින් දෙදෙනා (2) මත්පැන් බෝතලයක් ගෙන තිදෙනාම (3) එකතුවී එය පානය කිරීමෙන් පසු මෙම කටයුත්ත සිදු කර තිබෙනවා.

ඔවුන් එම මිනී වළ හෑරීම සඳහා ඊයේ (22) දින යොදාගෙන ඇත්තේ මියගිය කාන්තාව මීට දින අටකට (8) පෙර මියගිය බවට අනුමාන කරමින්.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ දියණිය විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ එම ආභරණ රන් ආභරණ නොවන බවත් ඉමිටේෂන් ආභරණ බවයි.

මෙම සිදුවීමට සම්බන්ධ සෙසු පුද්ගලයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ මෙය ආභරණ ගැනීම සඳහාද නැතහොත් රු. 150,000 ක් පමණ වටිනා මිනී පෙට්ටිය ගැනීම සඳහා කළේද යන්න විමර්ශනය කරන බවයි.

මේ අතර මොවුන් මෙම ක්‍රියාව දීර්ඝ කාලයක් පුරා සිදුකළ වැඩක් බවටටයි පොලිසිය සැක කරන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාට සුසාන භූමි ආඥා පනත යටතේ නඩු පැවරීමට නියමිතයි ෴


අනුර ජනාධිපතිතුමා විපක්ෂයේ හිටියනම් ! (23.03.2026)

+


අනුරගේ පුහු පච කයිවාරු ගැන දැන් මුලු රටම කතාවෙනවා… මේ විවේචන අනුර දකින්නේ නැද්ද ? (23.03.2026)

+

ආයෙත් කජු සීයාටම ටෙම්පරිය කැරකෙයිද ? දැන්ම ම අර කෝල් එක ගත්තොත් නරකද ? (23.03.2026)

+

දණගහපු එක ලිඛිතව ඉල්ලන්ඩ බැරිද ? පාලිමන්ට් ජෝක්ස් එක දිගට (23.03.2026)

+

බොරු කියන්න පුරුදු කළ ජේවීපීයේ දේශපාලන ගිරව්… දැන් රෙයන්න වියන්න ලායන්න නේ…? (23.03.2026)

+


ලෝක ව්‍යසන හමුවේ ආණ්ඩු දෙකක ක්‍රියාකලාපය සරල බසින් (23.03.2026)

+


පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන මේ වසරේදීත්

(24.03.2026 – hirunews.lk)

පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන මෙම වසරේදී ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05 ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදියි මෙමෙ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,440 ක් වන සේ රුපියල් 720 ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් (2) බැගින් ලබා දීමටත්, සිය අභිමතය පරිදි රුපියල් 120 බැගින් වූ තුවා 08 ක් සහිත පැකට් 12 ක් හෝ රුපියල් 180 බැගින් වූ තුවා 10 ක් සහිත පැකට් 08 ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන අයුරින් 2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා ෴


ඉන්ධන සහිත බවුසරයක් සමගින් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

(24.03.2026 – 17:54 +0530 – sinhala.adaderana.lk)

බවුසර් රථ මගින් ගෙනැවින් මහා පරිමාණයෙන් ඉන්ධන තොග රැස් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත එම බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් සකස් කරන ලද සැලසුමක් අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකරු අද (24) දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරු සතුව තිබූ ඩීසල් ලීටර් 6,752 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් නිලධාරීන් භාරයටද ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ‘බෝ කොල්ලා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

පානදුර නල්ලූරුව පිහිටි ඉන්ධන හලෙන් බවුසර් රථයකට ඩීසල් පුරවාගෙන ගොස් සිය නිවසේ ගබඩා කිරීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේදී සැකකරු අදාළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිලධාරීන් භාරයට ගන්නා ලද මෙම බවුසරයේ කුටීර 04 ක් තිබූ අතර එක් කුටීරයකට ඩීසල් ලීටර් 3,300 බැගින් කුටීර 02 ක් තුළ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 6,600 ක්ද, සැකකරු නිවසේ සඟවා තිබියදී සොයාගන්නා ලද බැරල් 02 ක් තුළ ඩීසල් ලීටර් 152 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක්ද මෙහිදි නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මොරගහහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මොරගහහේන පොලීසිය විසින් සිදුකරති.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක, ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකෙරිණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *