හම්බන්තොට සෝලා ව්‍යාපෘතියක් නිසා අලි නිජබිම් වැනසෙයි : පරිසර බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – පරිසරවේදීන්
(24.03.2026 – hirunews.lk)
කැළෑ ඉඩම් වනසමින් හම්බන්තොට සෝලා ව්‍යාපෘති සඳහා අනීතිකව අනුමැති ලබාදුන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඉදිරියේදී නීතිය හමුවේ පිළිතුරු බැඳීමට සිදුවන බව පරිසරවේදීන් පවසනවා.
පරිසරවේදී සජීව චාමිකර මේ බව ප්‍රකාශ කළේ, වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ සංවිධාන කර තිබු ජන හමුවකට එක්වෙමින්.
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට යාව ඇති වන අලි නිජබිම් ලෙස සැළකෙන කැළෑ ඉඩම් අක්කර 800 ක් පමණ, සෝලා ව්‍යාපෘති සඳහා පෞද්ගලික සමාගම් වෙත නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් වන අතර, අලි කළමනාකරණ රක්ෂිතයේ සිට උඩවලව, ලුණුගම්වෙහෙර, යාල ආදී වනෝද්‍යානවලට වන අලි සංක්‍රමණය වන ගමන් මාර්ග ද වැටී ඇත්තේ මෙම කැළෑ ඉඩම් හරහායි.
සෝලා ව්‍යාපෘති සඳහා බිම් සකසන පිරිස් විසින් ඉදි කරනු ලැබූ දැවැන්ත අලි වැටවලට තියුණු උල් සහිත ඇණ භාවිත කර, කණු යොදා ඇති අයුරු ද මේ මස 07 වැනිදා ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කළා.
මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු මෙරට පරිසරය රැකීමට බැඳී සිටින ආයතන මර නින්දේ පසුවෙද්දී, පරිසර නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් මෙම කැළෑ ප්‍රදේශ ගිනි තබා වනසමින් සිටිනවා.
මෙම පරිසර විනාශයට එරෙහිව වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය, පරිසරවේදීන් ද සමගින් කටුවැව ප්‍රදේශයේදී ඊයේ (23) පස්වරුවේ ජන හමුවක් සංවිධාන කර තිබුණා.
යල කන්නය සඳහා පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි
(24.03.2026 – 21:10 +0530 – sinhala.adaderana.lk)
මෙම වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.
මේ දිනවල පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයන් තුළ ඉදිරියේදී පොහොරවල මිල ඉහළ යා හැකිව යන උපකල්පනය මත යම් යම් පාර්ශ්වයන් පොහොර රැස් කිරීමට උත්සාහ කිරීම මත රජය විසින් මෙම තීරණය ගත් බව ඒ මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.
ඒ අනුව වී වගාවට අවශ්‍ය සියලුම පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වගාකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.
දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 566 ක් පිහිටා තිබෙන බවත් දැනටත් ප්‍රධාන වී වගාකරන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සඳහා පොහොර නිකුත් කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර ප්‍රමාණය ගොවීන් වෙත ලබා ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේය.
ගොවිජන මධ්‍යස්ථානය සතුව සියලුම ගොවීන්ගේ නම් සහ ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩමේ ප්‍රමාණයට සරිලන පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.
යල කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය පිළිබඳව ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය සහතික කර ඇති බැවින් පොහොර පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොගත යුතු බවත් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙසත් ඒ මහතා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය ෴
අපිට හොරෙන් පැලවත්තේ ජනාධිපති ගත්ත මීටිමේ විස්තරේ (24.03.2026)
+
ඩෝබිලා QR මකනවා, ඇමතිලා FB කොමෙන්ට්ස් ලියනවා… ආණ්ඩුවකට ගිය කලක් (24.03.2026)
+
ඔබට ඕනෙ කිව්වෙ, පොහොසත් රටක් ලස්සන ජීවිතයක්ද ? (24.03.2026)
+
තෙල් සංස්ථාවේ සබාපතියා ඩිස්ක් ජෝකියෙක්ද ? (24.03.2026)
+
අනුරගේ ආරක්ෂාව විමල් (24.03.2026)
+++
@nakandalatv3281 : (24.03.2026)
“මහත්තයෝ ඔයාවත් එපා උනා මේ විඩියෝවෙන්. ඔයාට ඇත්ත මතකද? කවුද ගෝඨා ගේ ආණ්ඩුවේ තීරණ ගත්තේ? බැසිල් නේද? විමල්ල තමයි ආණ්ඩුව හැදුවේ. ඒ අය ආණ්ඩුව වැරදි පාරේ යද්දී ඒවා පෙන්වා දීම වරදක්ද? ඔයත් බැසිල්ගේ හෙන්චයියෙක් වගේ මට පෙන්නේ. ආණ්ඩුවේ වැරදි පෙන්නුවේ ආණ්ඩුව හදාගන්න මිසක වෙන දෙකට නෙමේ. මතකද ගෝඨා ලග හිටියේ රෝහිතලා ජෝන්න්ස්ටන්ලා වගේ කසිප්පු කාරයෝ. උන් තමයි දිරච්ච ලනු දීල ආණ්ඩුවේ මුදුන් මුල් වෙලා තිබුණු උදය ගම්මන්පිල, විමල් විරවංශ දෙන්නව ඇමතිකම් වලින් එලෙව්වා ආණ්ඩුවේ වැරදි පෙන්නුවා කියල. එහෙම එලවලා මාස දෙකෙන් මුළු ආණ්ඩුවම ඉවර උනා මතකද? එහෙම උනේ ගෝඨා ලග හිටපු බැසිල් වගේ තක්කඩින්ගේ කීම අහල විමල්ලට කෙලවන්න ගිහින් අන්තිමේදී කෙල උනේ ගෝඨාට. විමල් කවදාවත් තමන්ගේ දේශපාලන මතය වෙනස් කල කෙනෙක් නොවේ. ඔහු හැමදාමත් හිටියේ රට පැත්තේ. JVP එක වෙනස් උනත් විමල් වෙනස් වෙලා නෑ. මට හිතාගන්න බෑ හිටිගමන් ඔබතුමාට මොකක්ද මේ හැදුනු ‘විමල් භීතිකාව’ කියල. ඇත්ත කතා කරන්න අපි ඒකට කැමතියි. එත් මේ වගේ චරිත විනාශ කරන්න දෙන්න බෑ. කවුරු මොනවා කිව්වත් විමල් විරවංශ කියන්නේ දුර දකින රටට ආදරේ කරන ලංකාවට අවශ්‍යම දේශපාලන චරිතයක්.”
කතෝලික සභාව රැවටුවාද? රවී සහ ශානිගේ විශ්මිත වැඩකිඩ මෙන්න (24.03.2026)
+
සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව සර්වජන බලයට හදන්න උනේ ඇයි? (24.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴