මහ බැංකු පනත් කෙටුම්පත ‘පොඩි එකාගේ ලියුමක්’ වෙයි.. සංශෝධන 80 ක් යෝජනා කරයි..
මහ බැංකු පනත් කෙටුම්පත ‘පොඩි එකාගේ ලියුමක්’ වෙයි.. සංශෝධන 80 ක් යෝජනා කරයි..
(11.04.2023 – 00:02 +0530 – lankacnews.com)
මහ බැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි වීම වලක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ කෙටුම්පතට සංශෝධන 80 ක් පිටු 54 ක් පුරා යෝජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ (10) පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :
= නඩු තීන්දුව ගැන කතානායකගේ ප්‍රකාශය වරප්‍රසාද කඩ කිරීමක් =
පසුගිය අප්‍රියෙල් 04 දා කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මහ බැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ බැවින් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැණුම් දීලා තියෙනවා කියලයි. ඇත්තෙන්ම ඒක එක පැත්තකින් පාර්ලිමේන්තුව නොමග යැවීමක්. අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක් කිරීමක්. මහ බැංකු පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ මන්ත්‍රිවරයෙකු වගේම නීතිඥයෙකු ලෙස මෙම ප්‍රකාශය පිලිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී මතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. සමස්ත පනත් කෙටුම්පතම ව්‍යවස්ථාවට එකඟයි නම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය පිටු 54 ක් පුරා ලිව්වේ මොනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.
පනත් කෙටුම්පතක වගන්තියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් කාරණා හතරක් පමණයි. 1) ව්‍යවස්ථාවේ අහවල් වගන්ති උල්ලංඝණය කරන නිසා කෙටුම්පතේ ඒ වගන්තිය සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් ඕනෑ. 2) ව්‍යවස්ථාවේ අහවල් වගන්ති උල්ලංඝණය කරන නිසා ඒ වගන්තිය සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ඕනෑ. 3) ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නමුත් මෙසේ සංශෝධනය කලොත් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න පුළුවන් 4) ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝණය නොකරන නිසා සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න පුළුවන්.
ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය කියන විට මුලින්ම කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන කෙටුම්පතේ වගන්ති කියනවා. ඊට පස්සේ උල්ලංඝණය වීම නැති කරන්න සංශෝධනය කළ යුතු ආකාරය යෝජනා කරනවා. අවසානයේ දී ඉහත කී සංශෝධන වලට යටත්ව මෙකී කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බැවින් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්න පුළුවන් බව සඳහන් කරනවා. කතානායකතුමාට උපදෙස් දුන්නු නිලධාරියා පිටු 54 ම කියවන්න තිබෙන කම්මැලිකමට අන්තිම ඡේදය විතරක් කියෙව්වා. සියළුම වගන්ති ව්‍යවස්ථාවට එකඟයි කියලා තේරුම් ගත්තේ ඒකයි.
කතානායකතුමාට තීන්දුව කියවන්න ප්‍රමාණවත් කාලයක් තිබුණේ නෑ. පිටු 54 ක් කියවන්න එතුමාට වෙලාවකුත් නෑ. ඒ රාජකාරිය භාර වුණු නිලධාරියා නොසැලකිල්ල මත හෝ සිතා මතා කතානායකතුමාව නොමග යැව්වේ ඇයි කියන කාරණය පිළිබඳ අනිවාර්රයෙන්ම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරික්ෂණයක් කළ යුතුයි.
මහ බැංකු පනත් කෙටුම්පත ‘පොඩි එකාගේ ලියුම’ වගේ. සංශෝධන 80 ක් යෝජනා කරලා
ඇත්තෙන්ම මහ බැංකු පනත් කෙටුම්පත ‘පොඩි එකාගේ ලියුම’ වගේ. මෙතරම් බරපතල ලෙස වැරදි පිරුණු කෙටුම්පතක් අපි දන්න කාලයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි වීම වලක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ කෙටුම්පතට සංශෝධන 80 ක් පිටු 54 ක් පුරා යෝජනා කරලා තිබෙනවා. මම නැවත වතාවක් කියනවා සංශෝධන 80 ක් පිටු 54 ක් පුරා යෝජනා කරලා තිබෙනවා. ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන සංශෝධන වගේම නීතිපතිතුමා විසින් කෙටුම්පත දෝෂ සහිත බවට පිලිගෙන කාරක සභා අවස්ථාවේ දී ආණ්ඩුව විසින් ගෙන එන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන ද ඇතුලත්. ඒ සංශෝධන නොකරනවා නම් අනිවාර්රයෙන්ම තුනෙන් දෙකේ (2/3) විශේෂ බහුතර බලයෙන් පනත සම්මත විය යුතුයි. ඒ වගේම 19(2), 19(5), 19(6), 26, 28 සහ 111(2) යන වගන්ති සම්මත වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ (2/3) විශේෂ බහුතර බලයට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
කෙටුම්පත හැදුවේ නීති කෙටුම්පත් සම්පාදක නොවේ
අපි නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමග සමීපයෙන් වැඩ කර තිබෙනවා. එතැන ඉතාම දක්ෂ නිලධාරින් පිරිසක් ඉන්නවා. එහෙමනම් වැරදි 80 සිදු වූයේ කොහොමද? අපට තිබෙන තොරතුරු අනුව මේ පනත් කෙටුම්පත සකසලා තිබෙන්නේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නොවේ. පිටතින් සකසලා දෙපාර්තමේන්තුවට ලබා දීලා තිබෙනවා. මේ කෙටුම්පත හැදුවේ කවුද ? ‘පොඩි එකාගේ ලියුම’ වගේ කෙටුම්පතක් හදන්න කීයක් ගෙව්වා ද ? කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය ජනතාවට ප්‍රකාශයක් කළ යුතුයි.
මේ පනත් කෙටුම්පත අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කලේ නැතිනම් ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය කරන ‘පොඩි එකාගේ ලිපිය’ වැනි මහ බැංකු පනත් කෙටුම්පත නීති පොතට එකතු වෙනවා. ඒ වගේම නූල කැඩුණු සරුංගලය වගේ මහජන පාලනයට නතු නොවන රාජ්‍ය ආයතනයක් බිහි වෙනවා. ඒ නිසා අපට සවන් දී සාධාරණ තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් මේ පනත් කෙටුම්පතේ අඩුපාඩු පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලටත් පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු මා සමග එක් වුණු සියළුම පෙත්සම්කරුවන්ටත් ජාතියේ ප්‍රණාමය පුද කරනවා.
මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මහතා :
ඔබට හොඳින් මතක ඇති අවසන් ඊලාම් යුද්ධයේදී අපේ විරෝධාර හමුදාවන් මහා සටනකින් තොප්පිගල අත්පත් කරගත් වෙලාවේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කිව්වේ තොප්පිගල කියන්නේ නිකන්ම නිකම් කැලයක් කියලා. අපිත් එතෙන්ට වැටෙන්න අවශ්‍ය නැහැ. මේ රටට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක්; විවේචනයෙන් ඔබ්බට ගිය විපක්ෂ භූමිකාවක්.
පසුගිය අවුරුද්දට සාපේක්ෂව අද රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්වීම පිළිබඳව අපි පක්ෂයක් විදිහට ඉතා සතුටුයි. නමුත් නිවැරදි ලෙස දත්ත විශ්ලේෂණය කරන විට රජය කෙතරම් උදම් ඇනුවත්, මහා බැංකු අධිපතිතුමන් මොන වගේ කතා කිව්වත් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ අපනයන අදායම් සීග්‍රයෙන් පහල ගොස් තිබෙනවා.
මේ රජයට ණය ගැනීම, බදු ගැසීම සහ විකිණීමට එහා ගිය කිසිදු වැඩපිළිවෙලක් නැහැ. අපේ රටේ කර්මාන්තශාලා වසා දමන ව්‍යාපාරිකයින් අද බංග්ලාදේශයට යනවා. දේශීය නිෂ්පාදනය ගැන තඹ දොයිතුවක විශ්වාසයක් නැති ආණ්ඩුවක් සහ පාලකයෙක් අද රටේ ඉන්නේ. ජනාධිපතිවරයා කියන්නේ ණය උනාම ගෙදර බඩු විකුණන්න කියලා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කුඩුකාරයෙකුගෙයි මේ නායකයගෙයි ලොකු වෙනසක් නැහැ. කුඩුකාරයා කුඩු ගහන්න පුරුදු වෙලා ඉන්නවා වගේ, රනිල් හුරු වෙලා තියෙන්නේ ඉවක් බවක් නැතිව ඔක්කොම විකුණන්නයි, බලය බෙදන්නයි. රනිල්ම ණය අරං රනිල්ම විකුණනවා, ආණ්ඩුවේ උදවිය සාඩම්බරයෙන් අත්පුඩි ගහනවා. රනිල්ටවත්, ඇමැතිවරුන්ටවත් ඕන විදිහට තමන්ගේ දේපළ වගේ මහජන දේපළ විකුණන්න බැහැ. පෞද්ගලිකරණය අත්‍යවශ්‍ය කාරණයක්, නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආයතන කුණු කොල්ලයට තමන්ගේ හෙන්චයියන්ට විකිණීමෙන් නෙවෙයි.
අපේ රට මුහුදෙන් වට වුනු රාජ්‍යයක්. මත්ස්‍ය ඝනත්වය වැඩි රටක්, නමුත් අපි අදටත් ටින් මාළු පිට රටෙන් ගේන්නේ නැත්ද? මේ මහා සාගරයම ඇති අපිට රටක් විදිහට ගොඩ එන්න. ඊශ්‍රායලයටම තියෙන්නේ එක ගඟයි, ජෝර්ධාන් නදිය. යුධ භාණ්ඩ අපනයනයෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන අදායමක් තමයි එළවලු පලතුරු අපනයනය. අද අරාබිය දෙස බලන්න, මිනිස්සු තමන්ට අවශ්‍ය එළවලු ටික පලතුරු ටික මහා කාන්තාරය ගොඩ කරලා වගා කරනවා.
ඉන්නක් ඉන්දුවොත් පැලවෙන අපේ රටේ, ප්‍රධාන ගංගා පහක් (5) ඇතුළුව ගංගා තිහකට (30) අධික ප්‍රමාණයක් තියෙන අපේ රටේ, වැව් දහස් ගණනක් තියෙන අපේ රටේ, ලොව බොහෝ රටවල දේශගුණය පවතින අපේ රටේ, අපි සහල් ආනයනය කරන්නේ නැත්ද? අපි ධාන්‍ය ආනයනය කරන්නේ නැත්ද? අපි එළවලු ආනයනය කරන්නේ නැත්ද? අපි පලතුරු ආනයනය කරන්නේ නැත්ද? වැඩිය ඕනේ නැහැ, අපි බොන්න ඕන වතුර ටික පවා ආනයනය කරන රටක්. කෝ මේවා අපේ රට තුල නිෂ්පාදනය කරන්න ජාතික වැඩපිළිවෙලක්?
අපේ රටට අවශ්‍ය වෙන්නේ මේ රටේ තියෙන සම්පත් ටික හරියට කළමනාකරණය කරන නායකයෙක්. සියලු දෙනාටම සමානව සලකන, හරි කෙලින් වැඩ කරන රජයක්. අපිට අවශ්‍ය දේ අපිම හදාගන්න පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කම්මැලි නැති අදුෂිත රාජ්‍ය අංශයක්. ඔය ටික හදන්න, එතකොට මේ රටේ අහිංසක මිනිස්සු ටික හොඳට මහන්සි වෙලා වැඩ කරාවි.
බලන්න මේ දවස්වල තියෙන Big Match Parade මේනියාව. අන්තරයේ Parade වලට එල්ල වන කඳුළු ගෑස් ජල ප්‍රහාර, මග මරුවන් සේ හැසිරෙන Big Match Parade වලට නැහැ නේ. අන්තරය ගැන අපිටත් සාධනීය විවේචන තියෙනවා. නමුත් නීතිය හැමෝටම එක සමාන විය යුතුයි. මේ Parade වලින් මහා පාරේ අමු අමුවේ මාර්ග නීති උල්ලංගනය වෙනවා. නමුත් ආණ්ඩුවට පේන්නේ අන්තරය විතරද? මේ රට හදනවා නම් මුලින්ම වෙනස් කරන්න ඕනේ මේ දේවල්. System Change කියන්නේ අන්න ඒකට. අපි මේ පිළිබඳව පුළුල් කතිකාවතක් මේ රට තුල ඇති කරනවා.
මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් මහතා ද සහභාගී විය.
+
ලොකු පොත් වගේ පණත් ගෙනැල්ලා දුෂණ වංචා නවත්වන්න බැහැ හොරා කාපු සල්ලි භාගයක් වත් ගෙන්න ගන්නේ නැතිව (10.04.2023)
+
මුහුදේ ගසාගෙන ගිය සාමණේර හිමිනමක් බේරාගැනේ
(11.04.2023 – 14:49 +0530 – sinhala.adaderana.lk)
මොරගල්ල මුහුදේ දියනෑමට ගොස් රළපහරට හසුව ගසාගෙන යමින් සිටී සාමණේර හිමිනමක් බේරාගෙන තිබේ.
කළුවාමෝදර සහ අලුත්ගම ජීවිත ආරක්ෂක කණ්ඩායමේ තරුණයින් පිරිසක් විසින් සාමණේර හිමිනමව බේරාගෙන තිබුණි.
මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන වයස අවුරුදු 12 ක පමණ සාමණේර හිමිනමකි.
එම සාමණේර හිමිනම තවත් සාමණේර හිමිවරුන් කිහිපදෙනෙකු සමග මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරළෙ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මුහුදු රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනම ගල්පරයක ද වැදී තුවාල සිදුවී ඇති බවද වාර්තා වෙයි.
+
දක්ෂිණ අධිවේගයේ අනතුරක්
(11.04.2023 – 10:35 +0530 – sinhala.adaderana.lk)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (11) අලුයම බද්දේගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ සිමෙන්ති ප්‍රවාහනය කළ ටැංකි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවය.
රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරුට සහ රිය සහායකට සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ අතර වීරඹුගෙදර කලුගමුව හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ යතුරුපැදියක් පදිකයින් දෙදෙනෙකුගේ (2) ගැටී අනතුර සිදුව ඇති බවය.
අනතුරින් තුවාල ලැබූ පදිකයින් දෙදෙනා (2), යතුරුපැදිකරු සහ පසු පැදිකරු වීරඹුගෙදර සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමේදී පදික පුද්ගලයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 57 හැවිරිදි කලුගමුව රන්මල්පොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴