ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 1000 කට ආසන්න මුදලකින් බහියි

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 1000 කට ආසන්න මුදලකින් බහියි


ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 1000 කට ආසන්න මුදලකින් බහියි

(03.04.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක බරැති ගෑස් සිලින්ඩරයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000 කට ආසන්න මුදලකින් අඩු වනු ඇති.

නව මිල රුපියල් 1000 කින් අඩු වුවහොත් එය රුපියල් 3743 ක් ලෙස පහත බසිනු ඇති ෴


ටෙලිකොම් සේවකයින් අද (03) එක්දින (1) වැඩ වර්ජනයක

(03.04.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

රජය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් රජය එළැඹි තීරණයට විරෝධය පළකරමින් ටෙලිකොම් සේවකයින් අද (03) දිනය පුරා වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

ඒ ටෙලිකොම් වෘත්තීය සමිති 18 ක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.

වර්ජනයට සමගාමිව අද (03) දිනය පුරා කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ටෙලිකොම් සේවකයින් විරෝධතාවක ද නිරත වුනා.

මේ අතර, රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා සේවකයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.

+


විදෙස් ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළට

(03.04.2023 – 17:06 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා (01) සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව, තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

ඒ අනුව කාණ්ඩ පහක් (5) යටතේ මෙම සහනය ක්‍රියාත්මකයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ,

  • ඩොලර් 2400 ත්, 4799 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක අතිරේක තීරු බදු සහනයක් ද,
  • ඩොලර් 4800 ත් ඩොලර් 7199 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක අතිරේක තීරු බදු සහනයක් ද,
  • ඩොලර් 7200 ත් ඩොලර් 11,999 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440 ක අතිරේක තීරු බදු සහනයක් ද,
  • ඩොලර් 12,000 ත් ඩොලර් 23,999 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400 ක අතිරේක තීරු බදු සහනයක් ද,
  • ඩොලර් 24,000 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800 ක අතිරේක තීරු බදු සහනයක් ද

මේ අනුව ලබාගැනීමට හැකියාව පවතින බවයි.

තවද, වසරක (1) කාලයක් තුළ දී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙකුට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතින බවත් ඔහු පැවසුවා.

++++++++++

Duty-free allowances for migrant workers to increase from 2023 May 01 : Manusha
(03.04.2023 – 20:01 +0530 – dailymirror.lk)

LankaRemit App from Play Store
https://play.google.com/store/apps/details?id=com.paymedia.lanka_remittance


IMF එකඟතාවයේ ප්‍රධාන කරුණු නීතියක් බවට පත්කරන බව ජනපති පවසයි

(03.04.2023 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත , සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම (3) ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපති මේ බව සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සහ අදහස් ලබා ගැනීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම ආර්ථික විද්‍යා අධ්‍යනාංශවල දක්ෂතම සිසුන් දස (10) දෙනකු යොමු කරන ලෙස ද ජනාධිපති එහිදී දැනුම් දුන්නා.

ඒ අතරින් සිසුන් පිරිසකට පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

මෙරට නිෂ්පාදන හා සේවා ස්වයංක්‍රීය ක්‍රමයකට යා යුතු බවත්, එසේ නොවුවහොත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ තරග කළ නොහැකි බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය අලුතින්ම සකස් කළ යුතු බව ද පැවසුවා.

කෙසේ නමුත් 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

+


අවුරුද්දට කෙසෙල් මිල පහළට

(03.04.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වනවා.

මේ වන විට වෙළඳපලේ එළවළු මිල ගණන් ඇතුළු අත්‍යාව්‍යශ භාණ්ඩ රැසක මිල පහත බැස තිබෙනවා.

එළවලුවලට අමතරව අවුරුදු සමයේ වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා කෙසෙල් මිල ගණන් ද අද (03) වන විට පහත බැස ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ.

සීනී කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් අද (03) වන විට රුපියල් 150 දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම පසුගිය දින වල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබූ පොල් ගෙඩියක මිල ද මේ වන විට රුපියල් 90 දක්වා පහත බැස ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ.

කෙසේ වෙතත් අලුත් අවුරුද්ද සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා කේක් මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ අගයකයි.

ඒ, බිත්තර ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන්.

පිටකොටුව ස්වයං රැකියා වෙළඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් පිටකොටුව වෙළඳපලේ මිල ගණන් සහ පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා ෴


උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ලබාදෙන දීමනාව ඉහළ දැමේ

(03.04.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එකඟතාව පළකළ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, තම සංගමය උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ අද (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

+


දරුවන්ට සෑදෙන වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක ඉහළ යාමක්

(03.04.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට සෑදෙන වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බැවින්, දෙමව්පියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති දරුවන් බහුල වශයෙන් වාර්තා වූ බවයි.

+


පෞද්ගලිකරණයකට එකඟයි, කොන්දේසි මෙන්න – උදය ගම්මන්පිල (03.04.2023)

+++++++++

ඔක්කොම එකතු වෙයල්ලා – නැත්නම් රනිලා එලවන්න බැහැ – විමල් වීරවංශ මාධ්‍ය හමුවක් තියමින් කියයි

03-04-2023

++++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ සමග – Turning Point – 03-04-2023 – Siyatha TV

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *