ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට


ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට

(10.03.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.

+++++++++

අපේක්ෂකයන්ට මූලික වැටුප දෙන්නැයි මැතිවරණ කොමිසමන් නිර්දේශ

(10.03.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

මෙවර පළාත්පාලන ඡන්දයට නාමයෝජනා භාරදී අපේක්ෂකයන් ලෙස පෙනී සිටින රජයේ සේවකයන්ට මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවට මැතිවරණ කොමිසම නිර්දේශ කර තිබෙනවා.

පසුගිය 09 වැනි දා පළාත්පාලන ඡන්දය පැවැත්වීමට සැළසුම් කර තිබුණද පසුව එය කල් දැමුණා.

එදින සිට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ මෙලෙස රජයේ සේවකයන්ට මුලික වැටුප් ගෙවන ලෙසයි නිර්දේශ කර ඇත්තේ.

මෙම නිර්දේශයට සම්බන්ධ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ලේකම් වෙත දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙවර පළාත්පාලන ඡන්ද විමසීම සදහා රජයේ නිලධාරීන් 3,000 ක් පමණ නාමයෝජනා භාරදී ඇති අතර, ඔවුන්ට ඒ සඳහා රජයේ ආයතනවලින් වැටුප් රහිත නිවාඩු අනුමතයි.

එහෙත් ඡන්ද විමසීම කල් යාම හේතුවෙන් වත්මන් ආර්ථික තත්වය හමුවේ වැටුප් රහිත නිවාඩු ලබාදී සිටින මොවුන් දැඩි දුෂ්කරතාවට පත්වූ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ ෴


රුපියල අවප්‍රමාණය වෙයි

(10.03.2023 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (10) දිනයේ සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.62 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 328.90 ක් ලෙසයි.

ඊයේ (09) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.36 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල රුපියල් 325.52 ක් ලෙස සටහන් වුණා ෴


නිමල් සිරිපාලගේ මුසාවාද ගැන වරාය සේවකයන්ගෙන් දොස් මුරයක්

(10.03.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

වරාය සේවක වැටුප සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය නිවැරැදි නොවන බව වරාය වෘත්තීය සමිති පවසනවා.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති හා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණේ, ඒ අනුව යි.

මේ අතර, විදුලි බිල අසාධාරණ ලෙස වැඩි කර ඇති බව පවසමින් හා පවතින ආර්ථික අර්බුදයට එරෙහි ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පන්දම් දල්වමින් විරෝධතා සංවිධානය කර තිබුණා.

+


පාසල් අසල විරෝධතා කළ නිස යි ළමුන්ට කඳුළු ගෑස් වැදුණේ – ප්‍රසන්න රණතුංග

(10.03.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන්ට කඳුළු ගෑස් කන්නට සිදු වුණේ, අරගළකරුවන් විසින් පාසල් අසල විරෝධතා සිදු කළ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ, අද (10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

නැවත අරගළ සිදු කරන විට ඒ සඳහා පාසල් ඇති ස්ථාන තෝරා නො ගන්නා ලෙස යි ප්‍රසන්න රණතුංග අවධාරණය කරන්නේ.

+

+


ඡන්ද අයිතිය වෙනුවෙන් මහජන නියෝජිත ප්‍රතිඥාවක්

(10.03.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද අයිතිය රැක ගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවකට අත්සන් තැබීමට දේ‍ශපාලන පක්‍ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

ඒ, ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව කොළඹ දී රැස්වූ අවස්‍ථාවේ දී.

පළාත් පාලන ඡන්ද විමසීම දිගින් දිගට ම කල් දැමීමට එරෙහි ව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තියවේදීන්, ආගමික නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා.

කෙසේ වුවත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍‍ණු මන්ත්‍රීවරුන් එක්ව සිටියේ නැහැ.

+

+

+


නීතිඥවරයෙකුට හා ඔහුගේ පියාට මහ මඟ දී පහර දුන් හෝමාගම හරිත සරසවියේ සිසුන් 07 දෙනෙකු අත් අඩංගුවට

(10.03.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

නීතිඥවරයෙකුට හා ඔහුගේ පියාට මහ මඟ දී පහර දුන් හෝමාගම හරිත සරසවියේ සිසුන් 7 දෙනෙකු ඊයේ (09) පිළියන්දල පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරු ව අදාළ සිසුන් හත් (7) දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව යි වාර්තා වන්නේ.

පිළියන්දල පොලිසිය මගින් මෙම සිසුන් 7 දෙනා ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ නීතිඥවරයා කළ පැමිණ පැමිණිල්ලකට අනුව යි.

කැස්බෑව අතුරු මාර්ගයේ දී පෙරේදා දහවල් අදාළ නීතිඥවරයා හා ඔහුගේ පියා කැබ් රථයකින් නිවස කරා යමින් සිට ඇති අතර, අදාළ සිසුන් කණ්ඩායම ඔවුන්ගේ මඟ හරස් කර යකඩ පොලුවලින් හා අතින් පයින් ඔවුන්ට පහර දී ඇති බව සඳහන්.

පහර කෑමට ලක් වූ නීතිඥවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව යි වාර්තා වන්නේ.

නීතිඥවරයා හා සිසුන් අතර කහතුඩුව ප්‍රදේශයේ දී ඇති වූ බහින් බස් වීමක් මෙම සිද්දියට මුල් වී ඇති අතර, පසු ව නීතිඥවරයා හා ඔහුගේ පියා ගිය කැබ් රථය පසු පස කහතුඩුවේ සිට වෑන් රථයකින් හඹා ආ සිසු පිරිස මෙම පහර දීම සිදු කර තිබෙනවා.

ඔවුන් එසේ නීතීඥවරයාට පහර දීම නතර කර තිබෙන්නේ, එම අවස්ථාවේ දී අසල මාර්ගයේ ගමන් ගත් වෙනත් වාහනවල රියදුරන් එම ස්ථානයට පැමිණීමත් සමඟ යි ෴


අපේ ඩොලර්වලට වෙච්චි දේ!

(10.03.2023 – 15:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය හෙබ වූ 2002 සිට ‍ගෝඨාභය රාජපක්ෂ පාලනය හෙබ වූ 2022 වසර දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය සංචිත පිළිබඳ වාර්තාවක් සකස් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මඟින්.

එම වාර්තාවට අනුව 2002 දී ඩොලර් බිලියන 1.6 ක් ව පැවති විදේශ විනිමය සංචිතය 2005 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලය අවසන් වන විට ඩොලර් බිලියන 2.65 දක්වා ඉහළ ගොස් තිබුණු බව සඳහන්.

2005 දී මහින්ද රාජපක්ෂ පාලනය භාර ගත් පළමු (1) වසරේ දී විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 2.73 ක් ලෙස පැවැති අතර, ඔහු 2015 දී පාලන කාලය අවසන් කරන විට එය ඩොලර් බිලියන 6.54 ක් දක්වා වර්ධනය වී තිබුණු බව යි වාර්තා වන්නේ.

ගත වූ වසර 10 ක කාලය තුළ වැඩි ම විදේශ විනිමයක් වාර්තා වී තිබුණේ, 2014 වසරේ දී වන අතර, එය ඩොලර් බිලියන 7.32 ක්.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් ව ගත වූ දෙවැනි (2) වසරේ දී එනම් 2016 දී විදේශ විනිමය ඩොලර් බිලියන 5.19 ක් වශයෙන් වාර්තා වී ඇති අතර, 2020 වසරේ දී එය ඩොලර් බිලියන 6.69 ක් ව තිබුණු බව යි අදාළ වාර්තාව පවසන්නේ.

2017 වසරේ දී ද ඩොලර් බිලියන 7.03 ක් විදේශ විනිමය සංචිත රටට පැමිණ ඇති අතර, ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පළමු (1) වසරේ දී එනම් 2020 වසරේ දී ඩොලර් බිලියන 5.26 ක් ලෙස වාර්තා වූ විදේශ විනිමය සංචිත, 2022 දී ඩොලර් බිලියන 1.89 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මාසයේ දී ජනාධිපති ධුරයෙන් ඉවත් වුණු අතර, ජූලි 21 දා රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධුරයට පත් වුණා.

+


මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(10.03.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයායයි.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුලින් මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

+

+

වසර තුනකට (3) වරක් වැටුප් වර්ධකයක් ලබාදෙන සාමූහික ගිවිසුමෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ඉවත්කරන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *