මහ බැංකු නව පනත ගැන අනතුරු ඇඟවීමක් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම ගෙන්

මහ බැංකු නව පනත ගැන අනතුරු ඇඟවීමක් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම ගෙන්


මහ බැංකු නව පනත ගැන අනතුරු ඇඟවීමක් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම ගෙන්

(09.03.2023 – 15:07 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකුව වෙත ගෙනඒමට නියමිත නව පනත හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන්නේ මහ බැංකුව තමාගේ පාලනය යටතේ තබාගැනීමට බව ‘ජාතික සංවිධාන එකමුතුව’ පවසයි.

අද (09) පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කළේ, රට තුළ තිබෙන විදේශ විනිමය අර්බුදයට වගකිව යුත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර ගෙනආ පනත් බවය.

“ඒ අනුව මම දකින හැටියට මේ පනතත් මහ බැංකුව ස්වාධීන කරන්න හදන එකක් නෙමෙයි. මේක මහ බැංකුව තවදුරටත් දේශපාලකයින්ගේ ග්‍රහණය යටතේ පවත්වා ගැනීම සඳහා ගේන එකක්. අලුත් පනතේ තියෙනවා මණ්ඩල දෙකක් (2) පිහිටුවන්න.”

“මේකට බලපෑම් කරන්න බැහැ කියලා කිව්වත්.. මේකට පාලකයින් පත්කරන ආකාරය බලන්න. මේකේ පාලක මණ්ඩලයට 07 දෙනෙක් ඉන්නවා. 06 දෙනෙක්ව තෝරන්නේ මුදල් ඇමති. 04 දෙනෙකුට පුළුවන් තීරණ ගන්න. ජනාධිපතිම තමයි මුදල් ඇමතිත්. කොහොමද තත්ත්වේ.”

“මේ මණ්ඩලවල ඉන්නවා ආර්ථිකය පිළිබඳ විශාරදයෝ දෙන්නෙක් (2). මේ විශාරදයෝ කියන්නේ.. බොහෝ වෙලාවට IMF එකේ රස්සාවක් කරලා ඒවා ගැන දැනුමක් තිබෙන.. අහුවෙන්නේ නැති විදියට ජනතාවගේ ඇස් වහලා ජාතික සම්පත් කුණු කොල්ලයට ජාවාරම් කාරයින්ට විකුණා දැමීම පිළිබඳ හසල දැනුමක් තිබෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේක ස්වාධීනත්වය නෙමෙයි. මේක කෙලින්ම දේශපාලන ආධිපත්‍ය යටතට මහ බැංකුව ගැනීමේ සැලසුමක්.”

“රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන සැලැස්ම වන්නේ මහ බැංකුව තමන්ගේ පාලනය යටතේ තබා ගැනීම. තමන්ට ඕන විදියට හැසිරවීමේ හැකියාව තියෙන්න ඕනේ. මේකත් ඒ සඳහා දරණ උපක්‍රමයක්. ඒක ගැලපෙනවා IMF එකට. මොකද IMF සහ ලෝක බැංකුවේ උපදෙස් අනුව තමයි මෙතුමා ක්‍රියා කරන්නේ. ඒ අයගේ ප්‍රතිපත්තිය නව ලිබරල්වාදී ආර්ථිකයක් ලෝකය පුරා ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ජාතික සම්පත් විකුණන්න ඕනේ. ඒ නිසා මේක පරාජය කළ යුතුමයි.”

“මේක හදිසියේ ගෙනාපු පනතක් නෙමෙයි. මේ වගේ පනත් ගෙන එන්නේ මහ බැංකුව දුර්වල කරලා විදේශ විනිමය කළමනාකරණය මහ බැංකුවෙන් උදුරාගෙන මුදල් ඇමතිගේ අණසක යටතට ගෙනල්ලා මේ රටේ සම්පත් සූරාකෑම සඳහා අවශ්‍ය දොරවල් විවෘත කර දීමට.”

“අද මේ රට මුහුණදී තිබෙන විදේශ විනිමය අර්බුදයට 60% කට වඩා වගකීම දරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහතා.”

“2002 දී ඔහු මූල්‍ය පනත ගෙනාවා. මහ බැංකුවේ ස්වාධීනත්වය නැති කරලා ඔහුගේ යටතට ගැනීම සඳහා.”

“ඔහු 2003 දී ගෙනාවා විදේශ විනිමය කළමනාකරණ පනත, විදේශ විනිමය මහ බැංකු පාලනයෙන් ඉවත් කරලා මුදල් අමාත්‍යාංශයේ පාලනය යටතට ගැනීම සඳහා. මේ වෙලාවෙත් මම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා. මගේ මතය පිළිඅරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා මේ පනත සම්මත කරනවා නම් තුනෙන් දෙකක (2/3) බහුතරයකින් සම්මත කරලා ජනමත විචාරණයකින් අනුමත වියයුතුයි කියලා. ඒ නිසා එදා මේක කරන්න බැරි වුණා.”

“ඊට පස්සේ 2017 දී ගෙනාවා විදේශ විනිමය පනතක්. විදේශ විනිමය මංකොල්ලකන්න ඉඩ ලැබෙන පනතක්. ඒක තමයි අද තියෙන විදේශ විනිමය අර්බුදයට හේතුව වුණේ. 2003 දී කරගන්න බැරි වුණු දේ තමයි ඔහු 2017 දී කරගත්තේ.”

“2015 ආණ්ඩුව ආපුගමන් මහ බැංකු මංකොල්ලය සිදු කළා. මහ බැංකුවේ නිලධාරීන් යොදාගෙන තමයි ඒක කළේ. මහ බැංකුවෙන් කොටස් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් කටවචනයට ණය දුන්නා. රුපියල් කෝටි 300 ක්. ලංකා බැංකුවේ සල්ලි අරන් තමයි මහ බැංකුවේ කොටස් ගත්තේ. ගෙදරින් සල්ලි ගෙනල්ලා නෙමෙයි. අද ගණන් බලලා තියෙන්නේ රුපියල් කෝටි 12,000 ක අලාභයක් සිදුවුණා කියලා.”

“ඊළඟට ඔහු තව පනතක් ගෙනාවා 2018 දී. සක්‍රිය බැරකම් කළමනාකරණ පනත. මේකෙන් සීමා රහිතව පුද්ගලික සමාගම්වලින් ණය ගැනීම සඳහා දොර විවෘත කරගත්තා. ඒ යටතේ තමයි රුපියල් බිලියන 12 ක ණය ගත්තේ. අද මේ රට මේ තත්ත්වයට පත් වුණේ මේ නිසා.”

+

++++++++++

මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් ඩිවෝස් කරලා විදේශිකයකුට බන්දලා දෙන්න හදනවා – ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස

(09.03.2023 – 20:52 +0530 – lankaleadnews.com)

‍2023 පෙබරවාරි 17 වැනි දා ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා මහ බැංකු නව පනත මගින් සිදුවන්නේ ස්වාධීන මහ බැංකුවක් වෙනුවට පරාධීන මහ බැංකුවක් නිර්මාණය වීමත්, එහි ආධිපත්‍ය විදේශිකයන්ගේ ග්‍රහණයට ලක්වීම බවත් ‘ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ’ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

22 වතාවක් මේ වන විට සංශෝධනය වී ඇති පවතින මහ බැංකු පනත දැන් ලොඹු කටක් බවට පත් වී ඇති බවද, ස්වාධීන කිරීමට යැයි කියමින් ගෙන ආ නව පනතින් මහ බැංකුව ස්වාධීන කිරීම කෙසේ වෙතත් ‘ධීන’ කිරීමක් නම් සිදුවනු ඇති බව ද ඒ මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ මේ සූදානම් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රූකඩ ජනාධිපතිවරයකු හා රූකඩ මහ බැංකු අධිපතිවරයකු මගින් විදේශ හස්තයන්ගෙන් පාලනය වන ආයතනයක් බවට පත්කිරීමට බවය.

ඉන්පසුව ජනාධිපතිවරයාට පැවසීමට ඇත්තේ ‘මහ බැංකුවක් කියා දෙයක් නැහැ, පාලනය කරන්න මහ බැංකුවක් නැහැ’ වැනි කියමනක් යැයිද, පවසන යසස් ධර්මදාස මහතා සදහන් කරන්නේ මහ ජනතාව විසින් පත්කරගත් පාර්ලිමේන්තුවක් මගින් මහ බැංකුව වැනි මූල්‍ය ආයතන නිවැරැදිව පාලනය කිරීමක් එම ජනතාව බලාපොරොත්තු වන බවය.

වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ජනතාවගේ එම බලාපොරොත්තුව වෙනුවට මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් ‘ඩිවෝස්’ කර විදේශිකයකුට කසාද බන්දවා දීමක් යැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

++++++++

“නව මහ බැංකු පනත අර්බුදයෙන් රට ගොඩ ඒමට ද? නැතිනම් රට වලපල්ලට යවන්නද?”
2023-03-09 මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතිඥ සේනානායක මහතා :

++++++++

“නව මහ බැංකු පනත අර්බුදයෙන් රට ගොඩ ඒමට ද? නැතිනම් රට වලපල්ලට යවන්නද?”
2023-03-09 මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා :

+++++++

නව මහ බැංකු පනත අර්බුදයෙන් රට ගොඩ ඒමට ද?
නැතිනම් රට වලපල්ලට යවන්නද? Zoom Meeting (08.03.2023)

+


‘ඇමරිකානු රහස් ඔත්තු සේවා’ රට බිල්ලට ගෙන සිදුකිරීමට යන මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ප්‍රබල හෙළිදරව්වක්

(09.03.2023 – 22:10 +0530 – lankaleadnews.com)

පසුගිය දා මෙරටට ඇමෙරිකානු ගුවන් හමුදා යානා 2 කින් පෙන්ටගනයේ නිලධාරීන් 20 දෙනෙකු පැමිණ ක්‍රියාත්මක කළ ‘ටොප් සීක්‍රට් මිෂන්’ එක කුමක්ද? ඔවුන්ගේ මෙරට පැමිණිමට පෙර ශ්‍රී ලංකා රාජ්‍යය ඔවුන් කළමනාකරණය කරනු ලැබූවේ කුමන ආකාරයෙන්ද? යන්න පිළිබදව ‘දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ’ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රබල හෙළිදරව්වක් සිදුකර තිබේ.

සමාජ මාධ්‍ය නාලිකාවක් හා සාම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ‘වික්ටෝරියා නූලන්ඩ්’ගේ ආගමනයත් සමගම සිදුවූ මෙම ‘ඇමරිකානු රහස් ඔත්තු සේවා’ නිලධාරීන්ගේ රහස් ගොඩබැසීම මෙරටට දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.

මෙම මෙහෙයුමේ සිටි ප්‍රබලම පුද්ගලයා වන්නේ ‘නේටෝ’ සංවිධානයේ හිටපු ප්‍රතිපත්ති සහ සැලසුම් අධ්‍යක්ෂක මෙන්ම මේවන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්දු පැසිෆික් ආරක්ෂාව බාර ලේකම් ‘ගෙට් රෝයල්’ බවයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

‘සෝෆා ගිවිසුම’ මේ වනවිටත් අත්සන් කර ඇති බවද ඔවුන් විසින් මේ මෙහෙයුම හරහා සිදුකරනු ලැබුවේ එක්තරා පෙරහුරුවක් බවද ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *