චීන සංචාරකයන් ආවොත් IMF එකෙන් ලැබෙන ගාණ වගේ ගාණක් හොයා ගන්න පුළුවන් – සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
(02.03.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala)
චීනයෙන් සංචාරකයින් පැමිණෙන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් ප්‍රමාණය මෙන් මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
කොවිඩ් වසංගතයෙන් පසු චීනයේ සිට පැමිණි පළමු සංචාරකයින් පිරිසක් පිළිගැනීමේ අවස්ථාවට ඊයේ (01) කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව කියා සිටියේ.
කොවිඩ් ව්‍යාප්තියෙන් පසු චීන සංචාරකයන්ගේ පැමිණීම යලි ආරම්භ කරමින් මේ වසරේ ශ්‍රී ලංකාවට පළමු සංචාරකයින් පිරිස ඊයේ (01) රාත්‍රියේ දිවයිනට පැමිණියා. සංචාරකයින් 117 දෙනෙකු දින 07 ක සංචාරයක් සඳහායි මෙරටට පැමිණ ඇත්තේ.
චීනයේ ග්වැන්ෂූ සිට ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1881 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළට වෙත පැමිණි තිබුණා ෴
පාණදුරේ දී ඝාතනය වූ ව්‍යාපාරිකයා ගැන 15 දෙනෙකුගෙන් ප්‍රකාශ
(02.03.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)
පාණදුර – පිංවත්ත – ටි. ඩීමන් සිල්වා මාවතේදී පසුගියදා වෙඩි තබා ඝාතනය කරන ලද ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එම පිරිසට ව්‍යාපාරිකයාගේ පළමු බිරිඳ, මියයනවිට ඔහු ඇසුරු කළ කාන්තාව මෙන්ම පිංවත්ත ප්‍රදේශයේ ඔහුගේ දෙමහල් නිවසේ ඉදිකිරීම්වල නිරත සේවකයින් ද ඇතුළත්.
මීට අමතරව, කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේ මෙම ව්‍යාපාරිකයාට අයත් මත්පැන් අලෙවිසැලේ සේවයේ නියුතු ඔහුගේ සහෝදරයාගෙන් මෙන්ම බිරිඳගේ සහෝදරයාගෙන් ද පොලීසිය ප්‍රකාශ ගෙන තිබෙනවා.
පසුගිය 28 වනදා සිය සුඛෝපභෝගි ජිප් රථයෙන් ටි. ඩීමන් සිල්වා මාවතේ ඉදිවන තෙමහල් නිවසට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මොහු ජිවිතක්ෂයට පත්වුණා.
ඊයේ (01) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ දකුණු කම්මුලට තැබූ වෙඩි ප්‍රහාරයෙන් නිකුත් වූ උණ්ඩය ගෙල හරහා ගොස් වම් කිහිල්ලෙන් ඉවතට පැමිණ මෝටර් රථයේ වැටී ඇති බවයි.
මෙම ව්‍යාපාරිකයා සිය පළමුව (1) බිරිඳගෙන් වෙන්වීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද ගොනුකර තිබෙනවා. එය ලබන 14 වනදා යළි කැඳවීමට නියමිතව තිබුණා.
57 වන වියේ පසුවන එක්දරු (1) පියෙකු වූ ඔහු දෙදරු (2) මවක් වන කළුතර ප්‍රදේශයේ ගුරුවරියක් සමග ඇසුරක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා. ඇය හා ඇගේ දරුවන් පාසලට ඇරලවා එමින් සිටියදීයි මොහු අදාළ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ.
අනතුරුව සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය වාද්දුව – වේරගම සයිප්‍රස් උද්‍යානයට පිවිසෙන මාර්ගය ආසන්නයේ තිබී හමුවුණා.
පසුව ඊට මීටර් 200 ක් පමණ ඈතින් තිබී ජැකට්ටුවක් සහ යතුරුපැදියේ අංක තහඩු දෙකක් (2) ද සොයා ගැණුනා.
කෙසේ වෙතත්, ඒවා ව්‍යාජ අංක තහඩු වන අතර, යතුරුපැදියේ චැසි අංක ද මකා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් මෙම යතුරුපැදිය ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියම දැයි සෙවීම සදහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ඝාතනයේ සුළමුල ඉතා කෙටි කාලයක් තුල විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ෴
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි
(02.03.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන්ට අදාලව අද (02) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 356.73 ක් ලෙසත් සටහන් වුණා.
මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර වෙමින් පවතින බවත්, විදේශ සංචිතය ද ඉහළ යමින් පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා.
අනුරාධපුරයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා ෴
යුද හමුදාවේ 125 දෙනෙකු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ සේවයට
(02.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ 125 දෙනෙකු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සේවය සඳහා අද (02) අලුයම පිටත්ව ගොස් තිබෙනවා.
එම පිරිස අතර කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු (2) වන අතර තවත් 8 දෙනෙකු කාන්තා සෙබලියන් වන බවයි ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුවලත් ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීරා සුනඛයින් සිවු (4) දෙනා ද ලෙබනනයේ අතුරු හමුදා බලකායේ රාජකාරි සඳහා පිටත් ව ගොස් තිබෙනවා ෴
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
(02.03.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)
මාර්තු 04 වැනි දා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
ඒ අනුව, කොළඹ 1-4 සහ 7-11, කඩුවෙල නගරය සහ ඒ අවට ප්‍රදේශ, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට පස්වරු 2 සිට පැය 24 ක කාලයක් ජලය විසන්ධි වනු ඇති ෴
‘භූතයා’ගෙන් දෑකැත්තට බැස්ස ගලෙන්බිඳුණුවැව ගොවියෝ
(02.03.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)
ගොයම් කපන යන්ත්‍ර සූත්‍රවල මිල ඉහළ යාම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වී ගොවීන් පැරණි සාම්ප්‍රදායික ක්‍රමයටම වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.
ගොවීන් මැසිවිලි නගන්නේ අධික වෙහෙසක් දරා වී අස්වැන්න නෙලා ගත්ත ද රජය විසින් ඉතා අඩු මුදලට වී මිලදී ගැනීමට කටයුතු කරන නිසාවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, හුරුලුවැව වම් ඉවුරු සහ දකුණු ඉවුර යටතේ වී වගා කරන ගොවීන් මෙලෙස පැරණි ක්‍රමයටම වී අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා.
මහකන්නයේ වගාකළ කුඹුරු අක්කර 10,400 න් 10,200 ක අස්වනු ලබාගැනීම සිදුකර ඇති අතර ගොවීන් පවසන්නේ අධික වෙහෙසක් දරා දෑ කැති භාවිත කරමින් ගොවින් විසින්මෙම අස්වනු නෙලා ගැනීමට කටයුතු කළ බවයි.
වී අස්වනු නෙලීමට යොදාගැනෙන යන්ත්‍ර සූත්‍ර සඳහා රුපියල් 25,000 ක් වැනි මුදලක් යෙදීමට සිදුවන බැවින් ඔවුන් මෙලෙස පැරණි ක්‍රමයටම වී අස්වනු නෙලීම සිදුකර තිබෙනවා.
නමුත් නෙලා ගත් අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් සීයකටත් (100) අඩු මුදලක් ලබා දීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකිවූ ගොවීන් සිය ගොවිතැන් කටයුතුවලින් ඉවත් වීමට පවා තීරණය කර ඇති බවයි පෙන්වා දෙන්නේ.
මේ අතර අම්පාර ගල්ඔය වම් ඉවුර ගොවීන්ද මේ වන සිය අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා.
නෙලා ගත් වී අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම හා දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා වගාවන් වී යාමේ අවදානමක්ද මතුව ඇති බවයි ගොවීන් පවසන්නේ.
+
කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ට ස්නායූ රෝග ඇති වීමේ අවධානමක්
(02.03.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala)
ලොව පුරා කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගෙන් 10% කට පමණ ස්නායූ රෝග ඇතිවන බව ‘ලෝක ස්නායූ රෝග පිළිබඳ සම්මේලනයේ’ මහජන උපදේශනය පිළිබඳ උපසභාපති මහාචාර්ය තිස්ස විජේරත්න පවසනවා.
තවද කාංසාව, විශාදය සහ සිය දිවිහානිකර ගැනීමට මොළය ආශ්‍රිත ආසාදන ද හේතුවන බවට මෑතකදී සිදුකළ පරීක්ෂණවල දී කරුණු අනාවරණ වී ඇති බව ‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සංචාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළා.
+
සුබසාධන ප්‍රතිලාභ හිමිකම් සඳහා අයදුම් කරන්නන්ට දැනුම්දීමක්
(02.03.2023 – 15:56 +0530 – hirunews.lk/sinhala)
සුබසාධන ප්‍රතිලාභ හිමිකම් සඳහා මාර්තු 31 වැනිදා වන විට තොරතුරු ලබාදීමට අපොහොසත් වුවහොත් එම ප්‍රතිලාභ අහිමිවීමට හේතුවිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.
මාර්තු 31 වැනිදා වන විට අදාළ දත්ත එක්රැස්කිරීම අවසන් කෙරෙන අතර ඊට පෙර ක්ෂේත්‍ර නිලධාරින්ට නිරවද්‍ය හා යාවත්කාලීන තොරතුරු ලබාදෙන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය අයදුම්කරුවන්ගෙන් දැනුම් දෙන්නේ.
සුබසාධන ප්‍රතිලාභ හිමිකම් සඳහා අයදුම්කරුවන් 37,20,000 ට වැඩි පිරිසක් ඉල්ලුම්කර තිබෙනවා.
එහෙත් මේ වන විට දත්ත ලබාදී ඇත්තේ අසූපන්දහසකට (85,000) ආසන්න පිරිසක් බව සඳහන් ෴
රථවාහන වැරදි 11 ක් ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්
(02.03.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)
පොලිසිය රියදුරන්, මඟීන් හා පදිකයින් දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම වැඩසටහන මාර්තු 01 වැනිදා සිට 31 වැනිදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.
පොලිසිය පවසන්නේ එහිදි පහත වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවයි.
- රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම
- වයස අවුරුදු 18 ට අඩු ළමුන් රිය පැදවීම
- ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම
- මාර්ග නීති උල්ලංඝනය කිරීම
- වටරවුම් ආශ්‍රීතව සිදුකරන වැරදි
- පදික මාරුවල සිදුකරන වැරදි
- මන්තීරු මාරු කරමින් ධාවනය
- විදුලි සංඥා අසල සිදුකරන වැරදි
- බස් නැවතුම් පොළවල සිදුකරන වැරදි
- තහනම් ප්‍රදේශවල රථවාහන නවතා තැබීම්
- ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය


පුංචි ඡන්දයේ දිනය තීරණය කරන්න කොමිසම හෙට (03) රැස්වෙයි
(02.03.2023 – 19:59 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාළන ජන්ද වීමසීම නියමිත දිනට පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් පිලිබද සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (02) පෙරවරුවේ රැස්වනවා.
එහි සභාපති නිමල් පුංචිහේවා සදහන් කළේ කොමිසමේ සමාජිකයින් වන එම්.එම්.මොහොමඩ්, එස්.බි. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ අදාල රැස්වීමට සහභාගි වන බවයි.
මුදල් ප්‍රතිපාදන නිසි පරිදි නොලැබිම හේතුවෙන් සැලසුම් කල පරිදි ජන්ද වීමසීම ලබන 09 වැනිදා පැවත්වීමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.
ඒ අනුව පළාත් පාලන ජන්ද වීමසීම සදහා වෙනත් දිනයක් තීරණය කිරීමට සිදුව ඇති බව ඔහු කියා සිටියා.
තැපැල් ජන්ද දිනය ද එහිදි තීරණය කිරීමට නියමිතව තිබෙනවා.
හෙට (02) පැවත්වෙන සාකච්ජාවෙන් පසු අවශ්‍යතාවය පරිදි රජයේ මුද්‍රණාලය ඇතුළු අනෙකුත් ආයතන කැඳවා ජන්ද විමසීම පිලිබඳ සාකච්ජා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 38.3 වගන්තියට අනුව ජන්දය කල්දැමිමේ අයිතිය මැතිවරණ කොමිසමට පවතිනවා.
ජන්දය කල් දමන දිනයේ සිට දින 21 කට පසු දිනයක ජන්ද විමසීම පැවත්වෙන දිනයක් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.
මේ අතර, සර්ව ජන ජන්ද බලය පිලිබද විපක්ෂ විසින් ගෙන එනු ලබන කල් තැබිමේ විවාදයක් ලබන 09 සහ 10 යන දෙදින පැවත්විමට ඊයේ (01) රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴