සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි


සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

(10.06.2026 – 14:41 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබේ.

පසුගිය (08) වනදා කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසිනි.

+++

+++

සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග

(10.06.2026 – hirunews.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේ සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) පත් කළා.

එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එලෙස සිදුකළ වෛද්‍ය පරික්ෂණයේ වාර්ථාව ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එම වෛද්‍ය මණ්ඩලයට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරරයා එම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

අද (10) නිකුත් කළ නියෝගය පිටු 17 කින් සමන්විත වු අතර එය මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.

සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් පෙර නඩු දිනයේ දී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා ෴

+++

අපි සාමකාමීව විරෝධතා කරද්දී පැලවත්තේ හිපියෝ එනවා අපිට සද්දේ දාන්න (10.06.2026)

+++

විමල් තුන්වෙනි දවසටත් සත්‍යග්‍රහ භූමියට එයි – තව සුළු මොහොතකින් යුද්ධය පටන් ගනියි (10.06.2026)

+++

ගම්මන්පිල සත්‍යග්‍රහය තියෙන තැනට ඇවිත් අදත් (10) රට කැළඹෙන හෙළිදරව්වක් කරයි (10.06.2026)

+++

දිලිත්ගේ පදක්කමේ අයට කේන්ති ගිහින් – අපි සලේ වෙනුවෙන් දිගටම හිටගන්නවා (10.06.2026)

+++

සෙව්වන්දිලාට හිරේ කේක් කවලා සැප දෙනවා – රට බේර ගත්ත සලේ අද දුක් කන්දක් විඳිනවා (10.06.2026)

+++

විමල්ලාගේ සත්‍යග්‍රහයට ප්‍රහාරයක් – කොටුවේ තව ටිකකින් වෙන්න යන දේ (10.06.2026)

+


හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්

(10.06.2026 – hirunews.lk)

දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

2019 වසරේදී රුපියල් මිලියන 16.5 ක මන්ත්‍රී ප්‍රතිපාදනවලින් පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීමේ චෝදනාව මතයි.

එලෙස මිලදී ගන්නා පුටු 16,361 ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 54 කගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මගින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා ෴


හෙට (11) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

(10.06.2026 – 16:42 +0530 – sinhala.adaderana.lk)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) දිනයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.

ඒ අනුව, මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිළ ග්‍රාමසේවා වසම් වලත්, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පරකන්දෙණිය, කොස්ඉන්න, ඇබරළුව ඉඹුල්ගොඩ හා යාගොඩ යන ප්‍රදේශ වලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන් වෙයි.

හෙට (11) ප.ව. 7 සිට අනිද්දා (12) පෙ.ව 7 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව සඳහන් වෙයි.

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බවයි ෴


ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු (3) ගසාගෙන යයි

(10.06.2026 – 16:20 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු (3) අද (10) පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

රළ පහරට හසු වූ සිසුන් තිදෙනා (3) ගෙන් දෙදෙනෙකු (2) බේරාගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සිසුවා (1) මේ වන විට අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් බේරාගත් සිසුන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ද සඳහන් වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 15 ක පමණ පසුවන පාසල් සිසුන් පිරිසක්ය.

ඔවුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස පැමිණ මෙලෙස මුහුදට බැස ඇති අතර, ඉන් තිදෙනෙකු (3) මෙලෙස අනතුරට මුහුණ පා ඇත.

අතුරුදහන් වූ සිසුවා (1) සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මේ වන විට විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

+++

+


සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් (2) බැංකු ගතවෙලා

(10.06.2026 – 16:09 +0530 – sinhala.adaderana.lk)

‘සීතාවකපුර පොලිස් නිලධාරීන්’ වෙනුවෙන් 2026 මැයි මාසයට අදාළව හිමිවිය යුතු ආහාර, පාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකු කළමනාකාරීත්වයේ සිදු වූ අතපසුවීමක් හේතුවෙන් එම දීමනා දෙවරක් (2) බැංකුගත වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් සීතාවකපුර කොට්ඨාසයට අනුයුක්ත සියලුම දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත සීතාවකපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇත.

එහි සඳහන් වන්නේ තමන්ට හිමි සාමාන්‍ය ආහාර සහ නවාතැන් දීමනාව පමණක් බැංකුවෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙසටය.

වැරදීමකින් දෙවරක් (2) බැංකුගත වී ඇති අමතර මුදල නැවත බැංකුව විසින් අයකර ගැනීමට කටයුතු කරන බව දන්වා ඇති බැවින්, එම අමතර මුදල කිසිසේත් ගිණුමෙන් ලබානොගෙන එලෙසම තබන ලෙසට නිලධාරීන් අවධාරණය කර තිබේ ෴


උදරය තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන ගිය අධිවේගී බස් රියදුරෙකු මරුට

(10.06.2026 – 15:45 +0530 – sinhala.adaderana.lk)

උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල – මාකුඹුර මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක සේවය කළ, ඕකවෙල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි රියදුරෙකි.

පසුගිය 08 වැනිදා මාකුඹුරේ සිට තංගල්ල බලා ධාවනය වූ බස් රථය ගමනාන්තය වෙත ළඟා වී සුළු මොහොතකින් මෙම රියදුරා හදිසියේම දැඩි ලෙස අසනීප වී ඇත.

වහා ක්‍රියාත්මක වී ඔහුව ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ.

ඊයේ (9) තංගල්ල රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ ආමාශය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දෙකක් (2) හමු වූ බවය.

ආමාශයේ තිබූ එම මත්ද්‍රව්‍ය පැකට් දෙකෙන් (2) එකක් (1) කැඩී, එම මත්ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේදී රුධිරයට මුසු වීමෙන් සිදු වූ විෂ වීම මෙම මරණයට හේතුව බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත ෴


ටොම් පච රන් පදක්කම්ලාභී විජේපාලට ගම්මන්පිල උත්තර දෙයි (10.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *