පළාත්පාලන ඡන්ද විමසීම පමා වීම ගැන දන්වන කොමිසමේ මෝසම දින 3 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත්පාලන ඡන්ද විමසීම පමා වීම ගැන දන්වන කොමිසමේ මෝසම දින 3 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණයට


පළාත්පාලන ඡන්ද විමසීම පමා වීම ගැන දන්වන කොමිසමේ මෝසම දින 3 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණයට

(18.02.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බව එළඹෙන සඳුදා (20) හෝ අඟහරුවාදා (21) මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ඊට අදාළ නීතිමය කටයුතු කොමිසමේ නීතිඥයින් විසින් සිදුකරන බවයි.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් (2) එදින කැඳවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙනුයි මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දෙන්නේ.

මේ අතර, පළාත්පාලන ආයතන ඡන්ද විමසීම නියමිත ආකාරයට පැවැත්වීම සඳහා සිදුකරන බාධා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

‘පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම’ දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඡන්ද විමසීමට අදාළව ගත යුතු ඉදිරි පියවර පිලිබඳ උපදෙස් මාලාවක් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

අදාල උපදෙස් මාලාව ඊයේ (17) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට සහ දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරින් වෙත ලිඛිතව යොමු කිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, හෙට (19) දින සිට කාර්යාල වේලාව සාමාන්‍ය කාර්යාල වේලාව බවත්, මැතිවරණ රාජකාරි වෙනුවෙන් වන අතිකාල රාජකාරි ද තාවකාලිකව අත්හිටුවන බවත් ඔවුන්ට එමගින් දැනුම්දී තිබෙනවා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට සිදුකරන උත්සහයන්ට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගය මෙන්ම විවිධ සංවිධාන අද (18) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

එසේම, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ යාපනයේ පැවති ජන රැලියක් අමතමින්.

සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදී ජන රැලියක් පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනබලයෙන් මැතිවරණ අයිතිය ලබා ගන්නා බවයි.

+

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඡන්ද විමසීමට අදාළව ගත යුතු ඉදිරි පියවර පිලිබඳ උපදෙස් මාලාවක් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

අදාල උපදෙස් මාලාව ඊයේ (17) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට සහ දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරින් වෙත ලිඛිතව යොමු කිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, හෙට (19) දින සිට කාර්යාල වේලාව සාමාන්‍ය කාර්යාල වේලාව බවත්, මැතිවරණ රාජකාරි වෙනුවෙන් වන අතිකාල රාජකාරි ද තාවකාලිකව අත්හිටුවන බවත් ඔවුන්ට එමගින් දැනුම්දී තිබෙනවා ෴


වැඩ අවසන් නොකෙරූ ව්‍යාපෘතියක් පිළිබඳ කුරුණෑගල ගොවීන්ගෙන් දොස් මුරයක්

(18.02.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

නව ශ්‍රවණාගාරයක් ඉදිකරන බව පවසමින් වැඩ අවසන් නොකෙරූ රුපියල් ලක්ෂ 236 ක ව්‍යාපෘතියක් හේතුවෙන් අසරණ වූ ගොවීන් පිරිසක් පිළිබඳ කුරුණෑගලින් වාර්තා වනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ, නිලධාරීන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් මේ වනවිට තම සංවිධාන සියල්ල අසාදු ලේඛණ ගත කිරීමට, මෙම සිද්ධියට වගකිව යුතු ගොවිජන කොමසාරිස් කාර්යාලයම කටයුතු කර ඇති බවයි.

කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ නව ශ්‍රවණාගාරයක් ස්ථාපනය වෙනුවෙන් ගිවිසුමගතව ඇත්තේ ඉකුත් 2019 වසරේ මැයි 20 වැනි දායි.

එහි ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් ලක්ෂ 236 ක්.

ඒ අනුව ප්‍රදේශයේ ගොවි සංගම් 11 ක් යටතේ ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකර 2019 වසරේ දෙසැම්බර් 21 දිනට වැඩ අවසන් කිරීමට ගිවිසුම්ගතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරිය ගොවින්ට දන්වා ඇත්තේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම මත අදාළ ගොවි සංවිධාන සියල්ල අසාදු ලේඛණගත කිරීමට සිදු වන බවයි.

+


ව්‍යාජ රත්ත්‍රන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු STF අත්අඩංගුවට

(18.02.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

අලෙවි කිරීමට සැකසූ ව්‍යාජ රත්තරන් සහ ව්‍යාජ කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කිලිනොච්චි පොලිස් වසමේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී රන් කැබලි ලෙස ව්‍යාජ ආකාරයට සකස් කර අලෙවි කිරීමට සූදානම් කළ රත්තරන් කැබැලි හතළිස් දෙකක් (42) සහ එම රන් කැබලි ව්‍යාජ ආකාරයෙන් සකස් කිරීමට යොදා ගන්නා උපකරණ සහ කේරල ගංජා ලෙස තණකොළ පුරවා සකස් කළ කිලෝ 3 ක පාර්සලයක් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා (2) වයස අවුරුදු හතළිස් දෙකක් (42) වන කිලිනොච්චි සහ තිරුනගර් හි පදිංචිකරුවන් දෙදෙනකු (2) වනවා ෴


විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් ආදරවන්තයින්ගේ දිනය දවසේ මරා ගනී – ගැටුමට ආණ්ඩුවත් මැදිහත් වෙලාද ?

(18.02.2023 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමට ආණ්ඩුවේ මැදිහත්වීමක් ඇතැයි සැක මතුවන බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ මෙම ගැටුම කිසිසේත් අනුමත නොකරන බවයි.

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයකදී ගැටුමක් හට ගෙන තිබුණේ පසුගිය 15 වැනි දායි.

කළමනාකරණ පීඨයේ සහ කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර බහින්බස්වීමක් දුර දිග යාමෙන් ගැටුම ඇතිවූ බවටත් තොරතුරු වාර්තා වුණා.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවසුවේ මෙම ගැටුම ඇතිවීමට ආණ්ඩුවේ මැදිහත්වීමක් තිබේදැයි සැක මතු වන බවයි.

මේ අතර නවක වද සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සිට වසා දැමුණු හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් පවසනවා.

කෙසේ වෙතත් අධ්‍යයන කටයුතු සඳහා පළමුව කැඳවන්නේ පළමු (1) වසර සිසුන් පමණක් බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එවන් පසුබිමක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් බෞද්ධ හා පාලි විශ්විවද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවසුවේ සියලු වසරවල සිසුන් සඳහා විශ්වවිද්‍යාලය විවෘත කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 2020/2021 අධ්‍යයන වසරවල සිසුන් හැර අනෙකුත් සියලු සිසුන් සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ (17) තීරණය කළා.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පසුගියදා නේවාසිකාගාරයකට ඇතුළු වී පළමු (1) වසරේ සිසුන්ට පහරදී ඇත්තේ කොණ්ඩා කපා නොමැති බව පවසමින්.

එවන් පසුබිමක කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දමා ඇති බව පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපට විරෝධතාවක නිරත වුණා.

+


මහ කන්නයට ගෙනා බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 39,000 ක් අලෙවි නොවී ඉතිරි වෙයි

(18.02.2023 – 18:55 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 100 කට ගොවීන්ගෙන් වී මිලට ගනු ලැබුවත්, එමගින් ඔවුන්ට ගොවිතැනට වියදම් වූ මුදල පියවා ගැනීමට නොහැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ හේතුවෙන් ඔවුන් ගොවිතැනෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර, අස්වනු නෙලීම ආරම්භ වී ඇතත්, තවමත් වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරනවා.

මේ අතර, පසුගිය මහ කන්නයේදී මෙරටට ආනයනය කළ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000 න් මෙට්‍රික් ටොන් 39,000 ක් අලෙවි වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 19,500 ක් වන අතර, ගොවීන් එම අධික මිල හේතුවෙන් බණ්ඩි පොහොර මිලදී ගෙන නොමැති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මේ අතර, මෙරට බොහෝ දිස්ත්‍රික්කයන්හි කුඹුරුවල උග්‍ර පොටෑසියම් හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දී තිබෙනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර යල කන්නය ආරම්භයේ සිට මඩ පොහොර නොමිලේ ලබාදීමටත්, බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමටත් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

+


26.02.2023 සිට ඇරඹෙන ‘සීතාවක ඔඩිසි’ ආසන වෙන් කර ගැනීමට නුගේගොඩත් පහසුකම්

(18.02.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ලබන 26 වනදා සිට ආරම්භ වීමට නියමිත ‘සීතාවක ඔඩිසි’ සංචාරක දුම්රිය සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ආසන වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

කැළණිවැලි මාර්ගය ඇතුළු ඕනෑම දුම්රිය මාර්ගයක ගමනාගමනය සඳහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ද ලබාදීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුවයි, එළඹෙන 26 වනදා සිට ආරම්භ වීමට නියමිත ‘සීතාවක ඔඩිසි’ සංචාරක දුම්රිය සඳහා ද ආසන වෙන්කරවා ගැනීමට එම දුම්රිය ස්ථානයෙන් පහසුකම් සලසා දී ඇත්තේ ෴


වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය අනිද්දා (20) සිට යළි විවෘත වේ

(18.02.2023 – 22:08 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක හේතුවක් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය අනිද්දා (20) සිට වීසා සහ අනෙකුත් සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළා ෴


ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් හෙළි කළ නිලන්තට වෙඩි ප්‍රරහාරයක් (18.02.2023)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *