වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක්

වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක්


වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක්

(10.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.

මෙම භූ කම්පන‍ය රිච්ටර් මාපකයේ ඒකක 3 ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි වාර්තා වන්නේ.

භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් ‘කිසිදු හානියක් සිදුව නොමැති’ (?) බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

+

රික්ටර් මාපකයේ ඒකක 2.4 කට ආසන්න තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, එම කම්පනය ද දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි.

අද (10) දහවල් 12:11 ට රික්ටර් මාපකයේ ඒකක 3 කට ආසන්න සුළු භූ කම්පනයන් අදාළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පසුව 12:39 ට පමණ මෙම දෙවන (2) භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන්.

+

+++++++++

+


13 ට පොලිස් බලතලත් ඕනෑ – විග්නේෂ්වරන්

(10.02.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් බලතල ලබාදීමද අනිවාර්ය බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

‘හිරු හාඩ් ටෝක් විශේෂාංගයට එක්වෙමින් සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දැරූ මතය ද වෙනස්වී ඇති බවයි.

++++++++

+

+


රත්නපුර – පලාබද්දල මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 20 කට තුවාලයි

(10.02.2023 – 15:07 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – පලාබද්දල මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසල දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් ගිලීමලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

රත්නපුර සිට පලාබද්දල දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් අද (10) දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

+


භූමිතෙල් පෙවුණු දරුවෙකු මරුට

(10.02.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

භූමිතෙල් පානය කිරීම හේතුවෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 02 ක් වන දරුවෙක්.

නිවසෙහි තබා තිබූ භූමිතෙල් බඳුනක අඩංගු වූ භූමිතෙල් මියගිය දරුවා විසින් පානය කර ඇති බවයි දරුවාගේ ඥාතියෙකු සඳහන් කළේ.

භූමිතෙල් පානය කළ දරුවා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණ ද, දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබී නැහැ ෴


ගුවන් යානා 3 ක් සඳහා නඩත්තුවට මුදල් නැහැ – නිමල් සිරිපාල ද සිල්වා

(10.02.2023 – 18:31 +0530 – hirunews.lk/sinhala)

මුදල් නොමැතිවීම නිසා මාස ගණනාවක සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 3 ක් නඩත්තු කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේ විවාදයට අද (10) එක්වෙමින් ෴


අස්වනු අලෙවි කරගත නොහැකිව කහ ගොවීන් ගැටලුවක

(10.02.2023 – 18:44 +0530 – hirunews.lk/sinhala)

කහ මිල දී ගැනීම සඳහා කිසිදු ආයතනයක් ඉදිරිපත් නොවන බැවින් මේ වන විට තම අස්වනු අලෙවි කරගත නොහැකි වී ඇති බව මහනුවර – පූජාපිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ අක්කර 500 කට අධික භූමියක වගා කළ කහ අස්වනු මේ වනවිට නිවෙස් වල ගොඩ ගසා ඇති බවයි ෴


වංචා දූෂණ එළි කරද්දි මාව එලවන්න හදනවා – ක්‍රීඩා ඇමති

(10.02.2023 – 21:03 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා රෙගුලාසි වෙනස් කරමින් දුෂණය සහ වංචාව ක්‍රීඩාවෙන් අතුගා දමන්නට ක්‍රියා කරමින් සිටින අවස්ථාවක තමන්ව ඇමැති ධුරයෙන් ඉවත් කරන්නට ඇතැමුන් උත්සහා කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බදුල්ලේදී පැවති ඌව පළාත් ක්‍රීඩා සහ තරුණ කටයුතු ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනට එක්වෙමින්.

මේ අතර නැගෙනහිර පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ඒකාබද්ධ උපදේශන වැඩසටහන අද (10) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

+


අනවසර ගිනි අවි භාර දීමට සහන කාලයක්

(10.02.2023 – 21:10 +0530 – hirunews.lk/sinhala)

අනවසර ගිනි අවි ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දීම සඳහා සහන කාලය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, පෙබරවාරි මස 06 වැනිදා සිට මාර්තු මස 15 වැනිදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාතාංශය පවසන්නේ.

තවද සහන කාලය තුළ ගිනි අවි භාර දෙන පුද්ගලයින්ට, භාර දෙන දිනට පෙර අදාළ ගිණි අවි ලඟ තබා ගැනීම හෝ භාවිතය සම්බන්ධයෙන් දඩ හෝ දඬුවම්වලට යටත් නොවන බව ද නිවේදනය කර තිබෙනවා ෴


ආණ්ඩුව මලල්ගොඩ වාර්තාව හැංගූ හේතුව CSR පර්යේෂණ කණ්ඩායම එළියට දායි (10.02.2023)

+

+

+


කමල් ගුණරත්න, ටිරන් අලස්, දේශබන්දු හා තවත් ප්‍රබලයින් රැසකට වැඩ වරදී – වසන්ත මානව අයිතිවාසිකම් යයි (10.02.2023)

+


අනුර කුමාරයා කොළේ වහල ගහන ගැහිලි විමල් වීරවංශ එළියට ඇද පෙන්වයි (10.02.2023) – (සිංහල JVP සහ ඉංග්‍රීසි JVP)

+

විග්නේෂ්වරන්ගේ සුමන්දිරන්ගේ ළමයි ගිය ඉස්කෝල බලන්නකෝ – ගෙවිඳු 13 ගැනකරපු කතාව (10.02.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *