අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට
(13.01.2023 – 19:24 +0530 – hirunews.lk/sinhala)
උසස් පෙළ හැදෑරීමට නවකයින් ලෙස පාසලකට දරුවෙකු ඇතුළත් වන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් හිත් තුළ තබාගෙනයි.
එහෙත් ගුරු වෘත්තියට නුසුදුසු ඇත්තවුන් එම ක්ෂේත්‍රයට පත්වීම හේතුවෙන් බොහෝ පාසල්වල විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අපට පුවත් වාර්තා වන ආකාරයක් දැකිය හැකිය.
එලෙස උසස් පෙළට පැමිණෙන දරුවන්ගෙන් පාසලේ සංවර්ධන කටයුතුවලට යැයි පවසමින් මුදල් ගරන අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ සුප්‍රසිද්ධ පාසලක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ප්‍රධාන පෙළේ ජාතික පාසලක් ලෙස ප්‍රසිද්ධ ධර්මාශෝක විද්‍යාලයට නවකයින් ලෙස උසස්පෙළ හැදෑරීමට පැමිණෙන දරුවන්ගේ දෙමාපියන්ගෙන් දරුවන් ලියාපදිංචි කරගැනීමේ දි රුපියල් 30,000 ක මුදලක් පාසල් පරිපාලනය විසින් ලබා ගැනීමක් සිදු කරන ලද බවට බොහෝ දෙමාපියන් චෝදනා කර සිටිනවා.
දෙමාපියන් චෝදනා කරන්නේ, මෙම අනීතිකව සිදු කරන මුදල් ගැරිල්ල පාසලේ විදුහල්පතිනි සනෝජා ජයවික්‍රම ද දැනුවත් ව සිදු කරන බවයි.

එමෙන්ම හිරු ප්‍රවෘත්ති සිදු කළ විමසීමක දී මෙම අසාධාරණයට ලක් වූ ඇතැම් දෙමාපියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්ට අනුව පෙනී යන්නේ විදුහල්පතිනිය විසින් පාසලේ විවිධ කටයුතු යැයි පවසමින් තවත් මුදල් තොගයක් එකතු කර ඇති බවයි.
විද්‍යාලයේ ශබ්ද විකාශන යන්ත්‍රයේ ඇති අඩුපාඩු කියමින්, ඒ සඳහා ද එක් දරුවෙකුගෙන් රුපියල් 4000 කට ආසන්න මුදලක් ද එක් කර ඇති බවයි.
එමෙන්ම ඊට අමතරව ද එම එක් දරුවෙකුගෙන් පාසලේ ඩෙස් පුටුවල තීන්ත ආලේප කිරීමට යැයි පවසා තවත් රුපියල් 2000 ක් ද, තවත් පාසලේ සංවර්ධන කටයුතු කිහිපයකට යෙදවීමට යැයි කියමින්, රුපියල් 14,920 ක මුදලක් අය කරගත් බවයි මෙම ආසාධාරණයට ලක් වූ මවක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
මේ අතර, ධර්මාශෝක විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී ද මව්පියන්ගෙන් මුදල් විදුහල්පතිනිය විසින් ලබාගෙන ඇති බවට වන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව සිදු කළ සොයා බැලීමක දී හෙළි වූයේ සිය දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඇතැම් දෙමව්පියන් විසින් රුපියල් 150,000 කට ආසන්න මුදලක් විදුහල්පතිනිය වෙත ලබා දී ඇති බවයි.
නමුත් ඒ සඳහා ද නිල ලිපියක් ඔවුන් මුදල් ලබා දුන්නේ කුමන කාරණයකට ද යන්න සඳහන් කරමින් පාසලෙන් නොලැබුණු බවත්, ඒ සඳහා ලැබුණු එකම ලිපිය වන්නේ, මුදල් විදුහල්පතිනියට දුන් පසු ඇයගේ අත්සනින් යුතුව පරණ දිනයක් යොදා, එම දෙමාපියන්ට ලිපියක් පමණක් ලබා දීමයි.
නමුත් මෙම මුදල් ද පාසලේ ව්‍යාපෘතියකට යොදවන බවක් විදුහල්පතිනිය නොකියූ බවයි එම දෙමාපියන් සඳහන් කළේ.
මෙලෙස දරුවන් පාසලට ඇතුළත් කිරීමේ දී පාසලේ සංවර්ධනය සඳහා දෙමාපියන් ලවා සිදු කරනු ලබන ව්‍යාපෘති ගැන හෝ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හෝ පාසල් සංවර්ධන සමිතිය හෝ නොදන්නා බවයි හිරු ප්‍රවෘත්ති සිදු කළ සොයා බැලීමේ දී අනාවරණය වූයේ.
මේ අතර, ධර්මාශෝක විද්‍යාලයේ පරිපාලනයේ මේ වනවිට දැඩි ව්‍යාකූලතාවක් මෙවැනි ක්‍රියා හේතුවෙන් ඇති වී ඇති බවත්, දෙමාපියන් ඊට විරුද්ධ ව ක්‍රියා කිරීමට උත්සාහ කිරීමේ දී පාසලේ විදුහල්පතිනියගෙන් අප්‍රසාදය එල්ල වන බවත් වාර්තා වනවා.
2020 වසරේ දී ධර්මාශෝක විද්‍යාලය තුළ අධ්‍යාපනික වටිනාකමක් සහිත කෞතුකාගාරයක් නාවික හමුදාව හා පාසල් ප්‍රජාව එක්ව ස්ථාපිත කළ ද, එය මේ වනවිට විදුහල්පතිනියගේ පෞද්ගලික පරිහරණයට නතු කරගෙන ඇතැයි දෙමාපියන් චෝදනා කරනවා.
මෙම පාසලේ ආදි ශිෂ්‍යයින් විසින් පාසල වෙනුවෙන් සිදු කරන ලද පරිත්‍යාග ආදි පාසලේ පැරණි මතක රැසක් අදාළ කෞතුකාගාරයේ තිබුණ ද, එහි ඇති උණු වතුර සහිත නාන කාමරය, වායු සමීකරණ කාමර ආදිය පවා විදුහල්පතිනිය විසින් පෞද්ගලික පරිහරණයට ගෙන ඇත්තේ, එය ඇයගේ පෞද්ගලික නිල නිවස බවට පත් කරගනිමින් බවට පාසල් ප්‍රජාව චෝදනා කරනවා.
මෙවන් තත්ත්වයක් හමුවේ ධර්මාශෝක විද්‍යාල ප්‍රජාව සිය දරුවාගේ පාසලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් පසුවන මොහොතක, පසුගියදා (10 වන දා) ‘හිරු ටීවී පත්තරේ විස්තරේ’ සිදු කළ අනාවරණයත් සමග කළබල වූ විදුහල්පතිනිය විසින් ආචාර්‍ය මණ්ඩලයට ‘වට්ස් ඇප්’ පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තවදුරටත් උසස් පෙළ සිසුන් ඇතුළත් කරගැනීමේ දී කිසිදු මුදලක් අය කර නොගන්නා ලෙසයි.
රටේ මෙතරම් දැඩි ආර්ථික ගැටලු පවතින මොහොතක පවා, මතු පරපුර වෙනුවෙන් සිටින දරුවන්ගෙන් අධ්‍යාපනය ලැබීමට සහ සිය අධ්‍යාපන අයිතිය ලබා ගැනීමේ අයිතිය මුදල් ගෙවා ලබා ගැනීමට සිදු වීම කොතරම් ඛේදනීය ඉරණමක් ද ?
මෙම විද්‍යාලයේ විදුහල්පතිනියගේ සහ මීට අනුබල දෙන සියලු ම පාසල් පරිපාලනයේ කූඨ ක්‍රියාවන් ගුරු සේවයට හෝ කිසිදු වෘත්තියකට නුසුදුසු බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ මෙන්ම අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ අවධානය යොමු විය යුතු නොවේද ?
කෙසේ හෝ මෙම පාසලේ දරුවන්ට සහ දෙමාපියන්ට සිදු ව ඇති අසාධාරණකම්වලට යම් සාධාරණයක් වන තෙක්, එය සිදු කළවුන්ට එරෙහිව අධ්‍යාපන බලධාරින් නිසි විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක් හිරු ප්‍රවෘත්ති දැඩි අවධානයෙන්…. ෴
දේශබන්දු නීතිය නමලා.. SIU ලොක්කාට තර්ජනය කරලා.. ඇමතිවරයෙකුට සල්ලි දෙන්නැයි කියලා…. පරීක්‍ෂණ කරන්න නියෝග…
(13.01.2023 – 22:02 +0530 – lankacnews.com)
ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට තර්ජනය කළ බව ‘පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ’ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
තමාට දුරකතන ඇමතුම් ලබා දෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වෂයෙන් තර්ජනය කළ බවත්, තමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත්, දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේ දී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පටලවතියි හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතියි බියෙන් පසුවන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය සම්බන්ධයෙන් තමා සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේ දී ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේම මෙය සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.
දේශබන්දු තෙන්නකෝන් මහතා ‘විශේෂ විමර්ශන ඒකකයේ’ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙම විමර්ශන ‘පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන්’ ඉවත් කර ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙසට පොලිස්පති දැනුම් දුන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනුම් දුන්නේය. ඊට විරෝධය පළ කළ නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත්ය. එලෙස පොලිස්පතිවරයාට විමර්ශන වෙනත් අංශයකට බාර දීමට සිදු වන්නේ ‘විශේෂ විමර්ශන ඒකකය’ නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය ‘පොලිස් විශේෂ විමර්ශන ඒකකය’ නිසි ආකාරයට සිදු කරන නිසා එලෙස වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට (1,75,00,000) ආසන්න මුදලක් පසුගිය ජූලි 09 වැනිදා ‘ගෝඨාභය රාජපක්ෂ’ගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඒවා කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දී තිබේ.
එලෙස බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ‘ටිරාන් අලස්’ අමාත්‍යවරයාට ලබා දෙන ලෙසට තමාට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණයට කියා තිබිණි.
එලෙස බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොටුව පොලිසිය මෙම මුදල් සොයා දුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වයි.
~ Repoter
++++++++++
(13.01.2023 – 21:13 +0530 – hirunews.lk/sinhala)
පසුගිය වසරේ (2022) ජූලි 09 වනදා අරගල කරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය වැටලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ කාමරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.7 ක මුදල සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව නියෝගය නිකුත් කිරීම ලබන 26 වන දා තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) නියෝග කළා ෴
++++++++++
+++++++++
+
මේ රට ගොඩගත හැක්කේ අපේ ‘නිදහස් ජනතා සන්ධානය’ ට පමණයි – දයාසිරි ජයසේකර (13.01.2023)
+
පොලිස්පති මැතිවරණ කොමිසම හමුවේ ‘මැතිවරණ රාජකාරි’යේ ‘බැරිබැරියාව’ කියයි
(13.01.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)
මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ පවසා ඇතැයි වාර්තා වනවා.
පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ කැදවීමකට අනුව එහි ගොස් සාකච්ඡා කළ අවස්ථාවේදීයි.
පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉකුත් බදාදා (11) මෙම කැදවීම කර තිබුනා.
මැතිවරණ කොමිසම හමුවේ පොලිස්පතිවරයා කරුණු දෙකක් (2) පැහැදිලි කර ඇති අතර මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවනු ඇති බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබෙනවා.
එම නිසා මැතිවරණ රාජකාරි යෙදවීම වෙනුවෙන් මෙන්ම අපේක්ෂකයන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බවද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
පොලිස් නිලධාරීන් 68,000 ක් සිටිය යුතු තැන මේ වන විට සිටින්නේ නිලධාරීන් 60,000 ක් පමණක් බව ද ඔහු මෙහිදී මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ ‘ඡන්දය ඉල්ලාගෙන නිවෙස් වෙත පැමිණෙන අය ගැන බලාගන්නම්’ වැනි ප්‍රකාශ හුවමාරුවන බැවින් යම් හෙයකින් අපේක්ෂකයෙකුට පහර දුනහොත් එවැනි පිරිස් වෙත ආරක්ෂාව සැපයීමට සිදුවන බැවින් ගැටළුවක් මතුව ඇතැයි යනුවෙන්.
ඉකුත් මැතිවරණයේදි ද රුපියල් බිලියනක මුදලක් ඡන්ද රාජකාරි වෙනුවෙන් වැය වුවත් එම මුදල තවමත් පොලිසියට ලැබී නැතැයි කී පොලිස්පතිවරයා මෙවර රුපියල් බිලියන 3 ක් මැතිවරණය වෙනුවෙන් අවශ්‍යව ඇතැයි ද මෙම සාකච්චාවේ දී පෙන්වා දී තිබෙනවා.
එසේම නීති විරෝධි පෝස්ටර්, දැන්වීම්, කටවුට් හා බැනර් ඉවත් කිරීමේ රාජකාරී ද පොලිසියට පැවරෙන බැවින් ඒ සඳහා පොලිසිය කුලි කම්කරුවන් යොදාගැනීම සිදු කරන අතර එම කම්කරුවන්ට කරන ගෙවීම් මුලින් පොලිසිය සිදු කරන අතර පසුව මැතිවරණ කොමිසම එම මුදල් පොලිසියට ලබා දෙනවා.
එසේම මැතිවරණ රාජකාරිවල නිතරවීම අමතර රාජකාරියක් වන බැවින් ඊට විශේෂ ගෙවීමක් ද කරන අතර එම මුදල් ද මැතිවරණ කාර්යාලය හරහා නැවත පොලිසිය වෙත ලබා දෙනවා.
ඉකුත් මහ මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් එලෙස පොලිසියට හිමිවිය යුතු මුදල් තවමත් පොලිසියට ලැබී නැති බැවින් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව ද මූල්‍ය ගැටළුවක සිටින බවයි මෙහිදි පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ පවසා ඇත්තේ.
එම නිසා මැතිවරණ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස ද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළා.
ගියවර මැතිවරණයේ ණය ද මෙතෙක් පියවා නොමැති නිසා මෙවර ණයට මැතිවරණ රාජකාරි වෙනුවෙන් පිරිස් කැදවිය නොහැකි බැවින් ‘දෙන්නම් කාසි’වලට මෙවර කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබෙනවා.
එසේම නිලධාරින් නොමැතිව රාජකාරි කිරීමට ගොස් යම් ගැටළුවක් මතුවුවහොත් එය පොලිසියේ කීර්තිනාමයට ගැටළුවක් බැවින් මේ අවශ්‍යතා සපුරණ තෙක් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි යැයි ද ඔහු මැතිවරණ කොමිසමේ නිලධාරින් වෙත දැනුම් දී අතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා ෴
ඡන්ද විමසීමට ගන්න ඕන සියලුම පියවර අරන් අවසන් – මැතිවරණ කොමිසම
(13.01.2023 – 20:43 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන ඇති බව මැතිවරණ කොමිසම අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදුකළා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (13) මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවයි.
ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දන්වා සිටියා.
මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිටියා.
පෙත්සම්කරු කියා සිටින්නේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බවයි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් (4) සඳහා ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ අද (13) ඇප මුදල් තැම්පත් කළා.
මේ අතර ගාලුමුවදොර අරගලයට එක්වූ පිරිසක් අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඉදිරි පළාත් පාලන ඡන්දයට ‘ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසය’ ලෙස ඉදිරිපත් වන බවයි ෴
යවපු ලියමනට අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිෂන් සභාවෙන් සමාව ඉල්ලයි
(13.01.2023 – 22:31 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් භාර නොගන්නා ලෙස යැවූ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිෂන් සභාවෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ, අදාළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවා අද කරුණු විමසූ අවස්ථාවේදීයි ෴
කැලණිතිස්ස චක්‍රීය විදුලි බලාගාරයට ‘ඩිංග ඩිංග පොවන’ ඛනිජ තෙල් සංස්ථා නැප්තා
(13.01.2023 – 20:31 +0530 – hirunews.lk/sinhala)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ‘නැප්තා’ තොගයෙන් තවත් කොටසක් කැලණිතිස්ස චක්‍රීය විදුලි බලාගාරය වෙත ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නැප්තා නොලැබීමේ ප්‍රතිවිපාක මතුකරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුකළ කරුණු පැහැදිලි කිරීමකින් අනතුරුවයි.
ඒ අනුව විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ තවත් දිනක් කලණිතිස්ස චක්‍රීය විදුලි බලාගාරය ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් ඇති බවයි.
ඊයේ (12) සවස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැලණිතිස්ස විදුලි බලාගාරය වෙත නැප්තා ලීටර මිලියන 1.15 ක් ලබා දුන් අතර එම ඉන්ධන තොගය භාවිත කරමින් අද (13) රාත්‍රී කාලය දක්වා කැලණිතිස්ස විදුලි බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැප්තා ඉන්ධන ලීටර මිලියන හතරකට (4) ආසන්න සංඛ්‍යාවක් තොග පවතින බැවින් එම ඉන්ධන විදුලිය නිෂ්පාදනය සඳහා නිකුත් කිරීම හරහා රටට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගත හැකි බව විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දී තිබෙනවා.
මේ වන විට එකඟ වූ ඉන්ධන තොග ලබාදීම ආරම්භ කර ඇති අතර ඒ අනුව තවත් පැය 24 ක කාලයක් කැලණිතිස්ස චක්‍රිය විදුලිබලාගාරය ක්‍රියාත්මක වනු ඇති.
මෙම විදුලි බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් එක් කෙරෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴