ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර


ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(09.01.2023 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු 06 දෙනා සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.

ඒ සැකකරුවන් අද (09) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, නිවසේ සිවිලිමේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 15 ක් සමඟ ඊයේ (08) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු, තවත් පොලිස් සැරයන්වරයෙකු, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (08) රාත්‍රියේ මොහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ගංජා තොගය සිවිලිමේ සඟවා තිබියදී සොයාගනු ලැබූ අතර, ලෝහ වර්ග සොයන ස්කෑනර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා.

+


විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

(09.01.2023 – 20:35 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු සංශෝධනය සඳහා පිරිවැය ගැලපුම් යෝජනාවලියක් වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නුදුරු දිනකදී මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි.

+


අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සමග දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(09.01.2023 – 21:39 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) කල්පිටිය ප්‍රදේශයේ දී අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එම අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 35 කට ආසන්න බවට අනාවරණය වී තිබෙනවා ෴


නිවෙසක් අසල රාත්‍රියේ සැරසරූ කඳුකර කොටියා

(09.01.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ, ආගරපතන නව කොළනිය ගම්මානයේ නිවෙස්වලට රාත්‍රී කාලයේ කඳුරක කොටියන් පැමිණීම හේතුවෙන් එහි පදිංචිකරුවන් මහත් භීතියට පත්වී සිටිනවා.

එවැනි විශාල ප්‍රමාණයේ කදුකර කොටියෙකු තලවකැලේ, ආගරපතන නව කොළනිය ගම්මානයේ නිවසක පිටුපස දොරටුව අසළ සැරසරමින් සිටි ආකාරය නිවසේ සවි කර තිබූ ආරක්ෂක කැමරවක සටහන් වී තිබුණා ෴


අවුරුදු දෙකක (2) දරුවෙකු තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්වෙයි

(09.01.2023 – 23:14 +0530 – hirunews.lk/sinhala)

කතරගම ප්‍රදේශයේ නවාතැන්පලක අවුරුදු 2 ක් වයසැති පිරිමි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම නවාතැන්පලේම හිමිකරුගේ දරුවායි.

දරුවා නවාතැන්පලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව එම දරුවා පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී දරුවා පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති අයුරු දෙමව්පියන්ට නිරීක්ෂණය වී තිබෙනවා ෴


කාදිනල් හිමිගෙන් නිවේදනයක්

(09.01.2023 – 18:15 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් සිටින බව අති උතුම් කාදිනල් හිමියන් පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම තනතුරක් ප්‍රදානය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හෙළිවීම වැළැක්වීමට බවයි.

+


තීරණය ඉදිරි පැය 48 තුළ – මට මගේ නොවන ආණ්ඩුවක් තිබුණා

පාඩුයි කියන ආයතනත් බෝනස් දෙනවා අපි දැක්කා – අපේ ව්‍යාපාර ඉන්දියාවට

සඳගල සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.01.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු ‘සඳගල’ නමින් ප්‍රකට කිලෝ ග්‍රෑම් දහසකට (1000) අධික බරකින් යුත් ස්මාරකය කඩා එහි තිබූ පුරා වස්තු සොරා ගෙන තිබෙනවා.

සඳගල සොරා ගැනීමේ විමර්ශන නොමඟ යවා මෙහි මහ මොළකරුවන් නීතියේ හිඩැස්වලින් රිංගීමට උත්සාහ ගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සඳගල සොරා ගැනීමෙන් පසු එය පල්ලෙකැලේ යම් ස්ථානයක සඟවාතබා තිබේ. පසුව කොළඹට රැගෙන ගියේ යැයි සැක කරන කැන්ටර් රථය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) කෑගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා.

ඔවුන්ගෙන් එක් (1) සැකකරුවෙක් දිවුලපිටියේ පදිංචිකරුවෙක් වන අතර, අනෙක් (1) සැකකරු මහනුවර හිරැස්සල පදිංචිකරුවෙක්.

කෑගල්ල පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් තිබුණු මෙම කැන්ටර් රථය සඳගල සිදුවීමට සම්බන්ධ බවට ලද තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

ඒ වන විට එහි කැඩූ කළුගල් රැසක් ද තිබී ඇති අතර කැන්ටරය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ එම ගල් කැබැලි සඳගලේ ගල් කැබැලි බවයි.

දෙසැම්බර් 14 වැනිදා සොරා ගත් සඳගල කැබැලිවලට කඩා කැබැලි ජනවාරි 05 වෙනිදා කැන්ටරයේ දමාගෙන මාර්ගයේ ගමන් කිරීමම විහිළුවක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පවසනවා.

මේ වන විට මෙම සොරකමට සම්බන්ධ විශාල පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති බවත් දේශපාලනයට සම්බන්ධ අය පවා සිටින බව පෙනී යන බවයි වාර්තා වෙන්නේ.

මෙම සොරකමට යතුරුපැදි දෙකකින් (2) ද, කැන්ටර් රථයකින් ද, බූම් ට්‍රක් රථයකින් ද, ඩිෆෙන්ඩරයකින් ද පුද්ගලයින් පිරිසක් සම්බන්ධ වී සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.

කැන්ටර් රථය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා (2) හැරුණුකොට සෙසු සියලුම සැකකරුවන් මේ වන විටත් අතුරුදන්ව සිටින බවයි පොලිසිය පවසන්නේ.

ඒ අතර ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් ද සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කැන්ටරයට අමතරව ඩි‍‍ෆෙන්ඩරය ද, බූම් ට්‍රක් රථය ද සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඩිෆෙන්ඩරයේ හිමිකරු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් වන අතර පල්ලෙකැලේ පදිංචි ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මෙම සොරකමට යොදා ගත් බූම් ට්‍රක් රථය මහනුවර අරුප්පල පිහිටි දේශපාලනඥයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක තිබියදී පොලිසිය ඊයේ (09) සොයා ගෙන තිබෙනවා.

මෙම බූම් ට්‍රක් රථය කුලී පදනම මත ද ලබා දෙන බැවින් එය රැගෙන ගිය අය කුමන කටයුත්තකට එය භාවිත කළේ දැයි සම්බන්ධීකරණ ලේකම්වරයා නොදන්නා බව පවසා ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


ඉඳිකටුවලින් ඇණ කුඩා දැරියකට හිංසා කළ යකදුරෙකු අත්අඩංගුවට

(10.01.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

දේවාරූඪයෙන් ලෙඩ සුවකරන මුවාවෙන් අවුරුදු තුනහමාරක් (3½) පමණ වයසැති කුඩා දැරියකට ඉඳිකටුවලින් ඇණ හිංසා කළා කියන බෙන්තොට – කහගල්ල – වඩුමුල්ල ප්‍රදේශයේ යකදුරෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය ඇගේ මව සහ නැන්දණිය විසින් බෙන්තොට – වඩුමුල්ල ප්‍රදේශයේ දේවාලයට රැගෙනවිත් ඇති අතර දැරියගේ පියා ද මෙම යකදුරා කලක පටන් හඳුනන බවයි වාර්තා වන්නේ.

දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවයේ එකඟතාව මත සැකකාර කපුවා අවස්ථා තුනක (3) දී රුපියල් ලක්ෂ දෙකක (2,00,000) මුදලක් ද මොවුන්ගෙන් ලබාගෙන ඇති බව සඳහන්.

එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කිසියම් රෝගයක් තිබෙන බැවින් එය දේව මණ්ඩලයේ නියමය පරිදි සුව කර දිය හැකි බව පවසා ශරීරයෙන් රුධිරය පිටතට එන තෙක් ඉඳිකටුවලින් ඇණ මෙලෙස හිංසා කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පසුව ඇගේ පියා අලු‍ත්ගම පොලීසියට පැමිණිලි කිරීමේන් පසු මෙම යකදුරා පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමණාකරුවෙකුගෙන් චෝදනාවක්

(10.01.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

එක්තරා ආගමික කණ්ඩායමක බලපෑම මත තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම් කළමණාකාරීත්වය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමණාකරු චරිත් සේනානායක චෝදනා කරනවා.

එමෙන්ම හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමක දී, චරිත් සේනානායක වැඩිදුරටත් පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාව තුළට ආගම් නොගෙන ආ යුතු බවයි ෴


දළදා මාලිගාවක් හදපු ‘බෝසත් ජානක’ මර්වින් සිල්වා ට කියලා මාව මරලා දාන්න හදන්නේ (08.01.2023)

+


ජංගම දුරකථන සමාගමක් දකුණු ඔස්ට්‍රේලියාවේ සිය පාරිභෝගිකයින්ට වන්දි ගෙවයි

(09.01.2023 – 16:54 +0530 – sinhala.adaderana.lk)

තම පාරිභෝගිකයින් වෙත Samsung සමාගම මුදල් ගෙවීමට තීරණය කර ඇති පුවතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ Samsung Australia සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

දකුණු ඔස්ට්‍රේලියාවේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් Samsung Australia මෙම තීරණය ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව Samsung පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථනවල මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හරහා එම දුරකථනවල ඡායාරූප ආදී පෞද්ගලික දත්ත මැකී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුව Samsung Australia සමාගම සිය පාරිභෝගිකයින් වෙත මෙලෙස වන්දි මුදල් ලබාදීමට සැරසී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම හරහා ඡායාරූප, වීඩියෝ, සහ දුරකථන අංකද මැකී ගොස් ඇති බව එම වාර්තා සඳහන් කර සිටී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *