බොරැල්ලේ සිරිසුමනගේ රන් පොල්ල සමග තිළිණි ප්‍රියමාලි සෙල්ලම් කළ හැටි

බොරැල්ලේ සිරිසුමනගේ රන් පොල්ල සමග තිළිණි ප්‍රියමාලි සෙල්ලම් කළ හැටි

*********************************************

බොරැල්ලේ සිරිසුමනගේ රන් පොල්ල සමග තිළිණි ප්‍රියමාලි සෙල්ලම් කළ හැටි

(02.11.2022 – 09:20 +0530 – lankacnews.com ඇසුරෙන්)

සිරිසුමන ….වහන්සේ ප‍්‍රියමාලි වෙනුවෙන් රන් පොල්ල පෙන්නලා..

රුපියල් බිලියන ගණනක මුල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට බොරැල්ලේ සිරිසුමන පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඔවුන්ගේ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ බොරැල්ලේ සිරිසුමන විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හරහා තිළිණි ප්‍රියමාලි සමඟ දුරකථන සබදතා පවත්වා ඇති බවයි.

එම ඇමතුම් පැය විසි හතරක් (24) ඇතුළත මැකී යන ලෙස සකස් කර තිබූ බවද හෙළිවී ඇත.

ප‍්‍රියමාලිට කෝටි ගණන් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් සමග ද බොරැල්ලේ සිරිසුමන සමීප ඇසුරක් පවත්වා ඇය වෙනුවෙන් පෙනී සිට තිබේ.

ඇයට ලබාදුන් මුදල් ඉක්මනින් ලැබෙන බවත් කලබල නොවන ලෙසත් බොරැල්ලේ සිරිසුමන විසින් ව්‍යාපාරිකයන් සනසා ඇත.

බොරැල්ලේ සිරිසුමනට අයත් කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක කිලෝ දෙදහස් පන්සියයක් බර විශාල රන් පොල්ලක් ඇතැයි පවසමින් විශාල පිරිසක් මුලා කර ඇති බවත්, එම පොල්ලේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ ෴

තිලිණි ප්‍රියමාලි, බොරැල්ලේ සිරිසුමන ඇතුළු සිවු (4) දෙනෙකු ලබන 16 දක්වා රිමාන්ඩ්

(02.11.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.

ඒ අත්අඩංගුවට ගත් උන්වහන්සේ අද (02) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එමෙන්ම, මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි, ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර සහ තිලිණි ප්‍රියමාලිට අයත් සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කසුන් පෙරේරා ද ලබන 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ.

එමෙන්ම, තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ සහකරු ලෙස පෙනි සිටි ඉසුරු බණ්ඩාර ද ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

තිළිණි ප්‍රියමාලිගේ බරපතල මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට බොරැල්ලේ සිරිසුමන අත්අඩංගුවට ගත්තේ ඊයේ (01) පස්වරුවේදීයි.

බොරැල්ලේ සිරිසුමනගේ කඩවත පිහිටි විහාරස්ථානයේ දි අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර අනතුරුව වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවා.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ, බොරැල්ලේ සිරිසුමන, තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරය සදහා අයෝජනය කිරීමට හවුල්කරුවන් සොයාගැනීම සඳහා සහාය ලබා දී ඇති බවයි.

මේ අතර, තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කල කලා ක්ෂත්‍රයට සම්බන්ධ තවත් දෙදෙනෙකුට (2) යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබෙනවා.

++++++++++++

ප්‍රියමාලිගේ ගනුදෙනුවලට පේන කියූ බොරැල්ලේ සිරිසුමන රිමාන්ඩ් – තිළිණි සහ ඇගේ පෙම්වතාටත් ඇප නැහැ

(02.11.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි, ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර ඇතුළු තිදෙනෙකු (3) නොවැම්බර් මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

එමෙන්ම අදාළ වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු බොරැල්ලේ සිරිසුමන ද ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේ.

සිරිසුමන සහ තිළිණි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු 5 ක්, ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරට එරෙහි නඩු 3 ක්, බොරැල්ලේ සිරිසුමනට එරෙහිව නඩු 2 ක් සහ තිකෝ කන්ස්ට්‍රක්ෂන් හි අධ්‍යක්ෂකවරයෙකු වන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා යන අයට එරෙහි නඩුවක් (1) අද (02) දිනයේ විභාගයට ගැනුනා.

අදාළ නඩු විභාගය සඳහා තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බන්ඩාර සම්බන්ධ කර ගැනුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

කෙසේ වෙතත් මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරි සුමන අද (02) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඊට අමතරව ඉසුරු බණ්ඩාර විසින් පරිහරණය කරන ලද මෝටර් රථයක්ද නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

තිළිණි ප්‍රියමාලිට සහ බොරැල්ලේ සිරිසුමනට එරෙහිව ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලකට අදාළව රුපියල් මිලියන 43 ක් වංචා කිරීමේ සිද්ධියක්ද විවෘත අධිකරණය හමුවේ කැඳවා තිබුණා.

ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ගොඩනැගී ඇති බවටත්, ඉන් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවටත් බන්ධනාගාරගතව සිටිමින් අවස්ථා 3 කදී ජංගම දුරකථන භාවිත කරමින් සාක්ෂි වසන් කිරීම, මුදල් ලබාදුන් අයට තර්ජනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් ඇයට ඇප ලබාදිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියා.

ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී නියෝග කළේ.

එමෙන්ම තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතාගේ මව භාරයේ තිබූ රුපියල් ලක්ෂ 150 ක මුදල් අධිකරණයේ තැන්පත් කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලික බැංකු ගිනුම් දෙකක (2) ඇති සහ ඔහුගේ රුපියල් ලක්ෂ 70 ක් සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කළා.

එසේම තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 14 ක් ලැබී ඇති බවද වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කළේ අබ්දුල් කමල් හසන් නැමති ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයගේ පිළිමතලාවේ නිවස පරීක්ෂා කළ බවයි.

එහිදී පවුම් 40 ක රන් සහ රුපියල් ලක්ෂ 30 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

එහිදී තිළිණි ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් නාගස්හේන අධිකරණය හමුවේ පැවසුවේ මාධ්‍ය විසින් වරින් වර පළ කරන පුවත් හේතුවෙන් සිය සේවාදායිකාවට විශාල අගතියක් සිදුව ඇති බවයි.

මාධ්‍ය ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර විමර්ශනවලට සිය සේවා දායිකාව බාධාවක් සිදුකර නොමැති බැවින් ඇය ඇපමත මුදා හරින ලෙස නීතිඥවරයා ඉල්ලූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රශ්න කර ඇත්තේ බන්ධනාගාරය තුළ සිටියදී ඇය භාරයේ තිබී ජංගම දුරකථන 3 ක් සොයා ගැනීම මඟින් විමර්ශනවලට බාධාවක් සිදුවී නැද්ද යන්නයි.

ඇය සාක්ෂි සඟවන බවටත් පැමිණිලි ලැබී ඇති බව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

මේ අතර, දෙවැනි (2) සැකකාර ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ පවසා ඇත්තේ සිය සේවා දායකයාගේ මව සතුව තිබී මුදල් සී.අයි.ඩී භාරයට ගෙන ඇති බවයි.

ඔහුගේ මව්පියන් වැදගත් යුවළක් බවත් ප්‍රේම සබඳතාවක් අපරාධ යුක්තිය යටතට නොගැනෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

රත්‍රං පරීක්ෂා කිරීමේදී ඒවා රන් නොවන බවට සහතිකයක් ලබා දී ඇති බවත්, සේවාදායකයාගේ ප්‍රකාශය ලබා දී මිනිත්තු කිහිපයක් ඇතුළත මාධ්‍යවල ඒවා පළ වූ බවත් ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

පැමිණිලිකාර කමල් හසන්ව ප්‍රියමාලිට හඳුන්වා දෙන්නේ දෙවැනි සැකකරු ඉසුරු බණ්ඩාර බවත් ඔහු ඇයව තම භාර්යාව ලෙස හඳුන්වාදී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කලා.

එහිදී විත්තියේ නීතිඥවරයා පවසා ඇත්තේ ජානකී සිරිවර්ධනගේ නීතිඥවරයා වන මෛත්‍රී ගුණරත්න ඇය සම්බන්ධ කතා කළ තවත් තොරතුරු අනවාරණය නොකළ බවයි.

ජානකී සිරිවර්ධන යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමයේ ලිබියාවේ මුවමර් ගඩාෆිගේ ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීම සඳහා සජින් වාස් ගුණවර්ධන යැවූ අය බවත් එම සියලු‍ සිද්ධි වසා දමමින් අධිකරණයේ කරුණු හෙළිකරන බවටත් ඔහු චෝදනා කළා.

අනතුරුව බොරැල්ලේ සිරිසුමන අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රසිද්ධ ආයතනවල මුදල් ආයෝජනය කරන බව පවසමින් අවස්ථා ගණනාවකදී රුපියල් මිලියන 750 ක් සැකකාර තිලිණි ප්‍රියමාලි ලබා ගෙන ඇති බවයි.

එම මුදල් ලබා ගන්නා අවස්ථාවල බොරැල්ලේ සිරිසුමන ආරූඪයක් එන බව අඟවමින් එම මුදල් ආයෝජනය කරන්නැයි අදාළ පාර්ශවයන්ට බලකර තිබෙනවා.

ගනුදෙනුවට පෙර තිළිණි ප්‍රියමාලි සැකකාර බොරැල්ලේ සිරිසුමනට කෙටි පණිවුඩයක් යවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්. බොරැල්ලේ සිරිසුමනගේ නීතිඥවරයා පවසා ඇත්තේ බොරැල්ලේ සිරිසුමන වයස අවුරුදු 18 දී වකුගඩුවක් පවා දන් දී ඇති බවයි.

ඕනෑම කටයුත්තකදී බොරැල්ලේ සිරිසුමන ආශිර්වාද කරන බවද ඔහු ප්‍රකාශ කළා. මුදල් ලබා දීමට බොරැල්ලේ සිරිසුමන පෙළඹවීමක් සිදුකර ඇති බව බී වාර්තාවේ දැක්වෙන බව එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී බොරැල්ලේ සිරිසුමනගේ නීතිඥවරයා බුදුන්වහන්සේටද ඌරු මස් දන් දුන් බව ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දැඩිව අවධාරණය කර ඇත්තේ ආගම්වලට අදාළව අදහස් දැක්වීමෙන් වළකින ලෙසයි.

+++++++++

***************************************

මන්දපෝෂණය ගැන අනාවරණය කළ වෛද්‍යවරයාගේ වැඩ තහනම්

(02.11.2022 – 19:09 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන බවට පැවසූ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසිනුයි ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සභාපති වෛද්‍ය චමල් සංජීව පසුගිය කාලසීමාවේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරි තත්වයන් සහ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මාධ්‍ය වෙත කරුණු දැක්වීම් සිදුකළා ෴

***************************************

සැලූන් යන ඔබ දැනුවත් විය යුතුම කරුණක්

(02.11.2022 – 14:49 +0530 – sinhala.adaderana.lk)

රූපලාවන්‍ය ආයතනවල දී කොණ්ඩය කැපීමේ දී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

“සැලූන් එකක කොණ්ඩය කපන කොට වුණත් බ්ල්ඩේ එක මාරු කරන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට. HIV වෛරසය බෝවෙන එක ක්‍රමයක් තමා හම කඩතොලුවීමක් තුළින් ඒ විෂබීජ ඇතුළුවීම. ඒ වගේ ක්‍රියාවලියක් සිදුවෙන හැමවෙලාවකම ඒ පිළිබඳ නියම ප්‍රමිතීන් අනුව කරන්න ඕනේ. ඒක සමහරවිට අපේ කොණ්ඩය කැපීම තුළත් ඒක වෙන්න පුළුවන්. ඒ නිසා එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම කරන්න ඕනේ. අනෙක් කාරණය තමා ටැටූ ගහද්දි. එවිට භාවිත කරන ඉදිකටු වෙනස් වෙන්න ඕනේ. ඒ වගෙ ගැටලු තියෙනවා. HIV සහ හෙපටයිටිස් B වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමුවෙන එක වැදගත්.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *