තිළිණිගේ ගනුදෙනු ගැන අහන්න ටෙලි නිළියක්, නිවේදිකාවක් ඇතුළු හයක් CIDයට
*********************************************
තිළිණිගේ ගනුදෙනු ගැන අහන්න ටෙලි නිළියක්, නිවේදිකාවක් ඇතුළු හයක් CIDයට
(26.10.2022 – 08:06 +0530 – mawbima.lk)
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කලා ක්ෂේත්රයට සම්බන්ධ හය දෙනෙකුට (6) ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ හය දෙනා අතර නිරූපිකාවක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ද වන බව දැනගන්නට තිබේ.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට මොවුන් කැඳවන බව ද එම තොරතුරුවල සඳහන් වේ.
එමෙන් ම ප්‍රියමාලිගේ ගනුදෙනුකරුවන් සමග ඇතිකරගත් අතිශය පෞද්ගලික දුරකතන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් රහස් පොලිසිය සතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි කියති.
මේ අතර, කලා ක්ෂේත්රයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. ඒ අතර තවත් නළු නිළියන් ද සිටින බව කියති.
තිළිණි ප්‍රියමාලි සමග මොවුන් කළ ගනුදෙනු හා දුරකතන සංවාද, ඇගේ ව්‍යාපාරවල නිරතවීම් වැනි දේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කැඳවීම් සිදුකරනු ඇතැයි සඳහන් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියන්කර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් 11 ක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත ෴
++++++++++
++++++++++
තිලිණි තවත් නඩුවකට කොටුවෙයි – රිමාන්ඩ් කාලය දිගු වෙයි
(26.10.2022 – 17:50 +0530 – hirunews.lk/sinhala)
කඩවත පෞද්ගලික ආයතනයකින් රුපියල් 503,200 ක් වටිනා ජංගම දුරකතන සහ උපාංග මිලට ගෙන අගරු චෙක් පතක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුප්‍රකට ව්‍යාපාරිකා තිළිණි ප්‍රියමාලිව නොවැම්බර් 09 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අද (26) තීරණය කළා.
කඩවත පොලීසිය විසින් ඊට අදාළව නඩු පවරා තිබූ අතර එම නඩුව අද (26) කඩවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි ඇය යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර ඇත්තේ ෴
මේ අතර ඇයගේ අනියම් සැමියා වන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉසුරු බණ්ඩාරගේ නිවසේ තිබී රත්‍රං කුට්ටි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. (sinhala.adaderana.lk) ෴
***************************************
යාල කැලේ සෙල්ලම් දැමූ 9 දෙනෙකුට ඇප
(26.10.2022 – 15:52 +0530 – hirunews.lk/sinhala)
යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසාවන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 09 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඒ සැකකරුවන් අද (26) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පසුගියදා ඩිෆෙන්ඩර් ඇතුළු ජිප් රථ විශාල ප්‍රමාණයක් යාල වනෝද්‍යානයට ඇතුළු වී, සතුන්ට හිංසා වන අයුරින් නියමිත මාර්ගයෙන් පිටත ධාවනය කිරීමේ සිද්ධියක් හිරු ප්රවෘත්ති අංශය මගින් අනාවරණ කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේදී වනජිවි දෙපාර්තමේන්තුව, අධිකරණයට කරුණු වාර්තා කළ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 9 දෙනෙකු සහ ඔවුන් පැමිණි මෝටර් රථ 6 ක් වනජිවි භාරයට ගෙන අද (26) අධිකරණයට ඉදිරිපත් කළා.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර තිබෙනවා.
සංවේදී පරිසර කලාපයක් සහිත යාල ජාතික වනෝද්‍යානය තුල වනසතුන්ට හිරිහැර වන ලෙස සුඛෝපභෝගී ජීප් රථ හා කැබ් රථවලින් පැමිණි මෙම පිරිස පසුගිය 22 වැනිදා සෙනසුරාදා මෙලෙස නොහික්මුණු ලෙස හැසිරී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව අමාත්‍යාංශ ලේකම්වරිය අදාළ විමර්ශන අවසන් වනතෙක් යාල වනෝද්‍යානයේ මෙම ජීප්රථ සමඟ වනෝද්‍යානය තුළට ගිය මඟ පෙන්වන්නන් සහ නිලධාරීන් 7 දෙනෙකුගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් යාල වනෝද්‍යාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේල මේ වනතෙක් එවැනි තීරණයක් පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
මෙලෙස පැමිණි පුද්ගලයන්ට හා වාහනවලට වසර 3 ක් යනතෙක් මෙරට කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට ද පියවර ගත් බව වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවා.
සිද්ධියට අදාළව පුද්ගලයන් 9 දෙනෙකු සහ ඔවුන් පැමිණි මෝටර් රථ 6 ක් සමඟින් වනජීවි දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.
ඒ අනුව එම පුද්ගලයන් අද (26) දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව නිලධාරීන් රාජකාරීමය වගකීම් පැහැර හැරීම හා ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව මෙම ත්‍රිපුද්ගල කමිටුව විමර්ශන කරනු ඇති.
මේ අතරල අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදීද යාල වනෝද්‍යානයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
***************************************
දෙවන අරගලය හෙට (27) – අරඹන්නේ කොළඹ හයිඩ් පිටියෙන්
(26.10.2022 – 16:23 +0530 – sinhala.asianmirror.lk)
බදු පනවා රටේ ආර්ථිකය හා ජන ජීවිත බංකොලොත් කිරීමට එරෙහි දෙවැනි ජනතා අරගලය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අරඹන බව එහි කැඳවුම්කරු ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා පැවැසුවා.
ඒ අනුව හෙට (27) පස්වරු 03:00 ට කොළඹ හයිඩ් පිටියට ජාතික සමිති මධ්‍යස්ථානයේ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන, විද්වතුන්, බුද්ධිමතුන්, ආචාර්යවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් බොහෝ පිරිසක් කැඳවන බව සමරසිංහ මහතා සඳහන් කළා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු සේවකයන්ට වැටුප් වැඩි කරනු, වතු විශ්‍රාමිකයන්ට දීමනාවක් ලබා දෙනු, උපයන විට පනවන ආදායම් බදු නතර කරනු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආණ්ඩුව කරන මර්දන වළක්වනු, රටේ සම්පත් විකිණීම නවත්වනු ඇතුළු සටන් පාඨ සමඟ මෙම අරගලය සිදුකරන බවත් ජනතාවගේ දෙවැනි නැඟිටීමෙන් හෝ ආණ්ඩුව පාඩමක් උගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා ෴
***************************************
ජනපති මැදුරේ තිබූ රුපියල් කෝටි ගණනක බඩු වාෂ්ප වෙලා
(26.10.2022 – 23:36 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති මාධ්‍ය අංශය සතුව පැවති රුපියල් කෝටි ගණනක් වටිනා උපකරණ රැසක් 2018 – 2020 කාලය තුළ අස්ථානගතවී ඇති බව විගණකාධිපති වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
එම විගණන වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කරන්නේ, ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර තිබූ වාහන 47 ක් විවිධ පුද්ගලයින් හා ආයතනවලට නිකුත් කර තිබුණත්, මේ දක්වා එම වාහන නැවත පවරා ගැනීමක් සිදුකර නොමැති බවයි.
මුදල් අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු මෙන්ම විශේෂ වියදම් ඒකක පිළිබඳ ජාතික විගණන කාර්යාලය මෙම විගණනය සිදුකර ඇත්තේ 2018 – 2020 කාලය සඳහායි.
එහි සඳහන් වන්නේ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අදාලව මන්දිර භාරකරු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව එහි ලැයිස්තුගත භාණ්ඩ අයිතම 12 ක ඒකක 24 ක් මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේ අවශ්‍යතාවක් සඳහා නිකුත් කර ඇතත්, ඒවා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ භාණ්ඩ වට්ටෝරු පොතෙහි සඳහන් කර නොමැති බවයි.
එමෙන්ම එහි දැක්වෙන්නේ, ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචීවී තිබුණු නමුත් සන්තකය තහවුරු නොවූ වාහන 50 ක් පිළිබඳ පරීක්ෂාකර බලා නීත්‍යානුකූලව කටයුතු කිරීමට ද පියවර ගෙන නොතිබූ බවයි.
ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර තිබුණු වාහන 47 ක් විවිධ පුද්ගලයින් හා ආයතනවලට නිකුත් කර තිබුණත්, මේ දක්වා එම වාහන නැවත පවරා ගැනීමක් සිදුකර නැති බවද සඳහන්.
මීට අමතරව ජනාධිපති මාධ්‍ය අංශයේ ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කර තිබූ ‘මාධ්‍ය අංශය සතුව තිබී අස්ථානගත වූ උපකරණවල දළ වටිනාකම’ මැයෙන් වූ වාර්තාවට අනුව එහි වටිනාකම රුපියල් 34,189,688 ක්.
රුපියල් 17,786,325 ක් වටිනා ලැප්ටොප් පරිගණක 104 ක් 2015 සිට 2020 ජනවාරි දක්වා මාධ්‍ය අංශය වෙත ලබාදී තිබුණත් නැවත කාර්යාලයට ලැබී ඇත්තේ ඉන් ලැප්ටොප් පරිගණක 26 ක් හා ‘මැක් බුක් එයාර්’ පරිගණක 2 ක් පමණක් බව ද එම වාර්තාවේ සඳහන්.
එම කාලය තුළදී මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කර තිබූ රුපියල් 3,470,742 ක් වටිනා ජංගම දුරකථන හා i-pad 45 න් ජංගම දුරකථන 14 ක් හා i pad 3ක් පමණක් නැවත කාර්යාලයට භාර දී තිබෙනවා.
එයිනුත් ජංගම දුරකථන 9ක් සහ i-pad 2 ක් අක්‍රියව පැවති බව සඳහන් ෴
***************************************
ඒඩ්ස් ව්‍යාප්තිය ඉහල ගිහින් – විශ්විද්‍යාල ළමුන් 14 ක් සහ පාසල් ළමුන් 3 ක් (26.10.2022)
***************************************
***************************************
සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කෙරෙයි
(27.10.2022 – 06:59 +0530 – hirunews.lk/sinhala)
පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කෙරී තිබෙනවා.
ඒ අනුව අදාළ සමාගම් පනත යටතේ එන තවත් ගාස්තු කිහිපයක් සංශෝධනය කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එම ගැසට් පත්‍රය :
2303/07 – 2022-10-25 – Department of Registrar of Companies – Amendment of the Charges Published in the Gaz. Ex. No. 1990/12, Dated 25.10.2016
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴