ප්‍රියමාලිගේ අනඟ රැඟුම් තතු රැසකුත් එළියට

ප්‍රියමාලිගේ අනඟ රැඟුම් තතු රැසකුත් එළියට

*********************************************

ප්‍රියමාලිගේ අනඟ රැඟුම් තතු රැසකුත් එළියට

(21.10.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට අප්‍රකට කෝටිපතියන් රැසක් රවටා රුපියල් බිලියන ගාණක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ඉතා සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් ලොක්කන් ඇතුළු සමාජයේ වැදගත් යැයි සඳහන් පුද්ගලයන් රැසක් සමඟ ඇය හුදෙකලාව පෑ අනඟ රැඟුම් ගැන බොහෝ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළ බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

‘හිතා ගන්නවත් බැරි පුද්ගලයන් ගැන හොඳ-හොඳ දේවල් සී.අයි.ඩී. එක මතු කර ගනිමිනුයි ඉන්නේ’ යැයි උසස් පොලිස් නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී සඳහන් කළේ යනුවෙන් එම පුවත්පත් වාර්තාවේ සඳහන් වනවා.

මේ ගැන තොරතුරු හෙළි වෙමින් ඇත්තේ ඇගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංග විශ්ලේෂණයේ දී බව ද පොලිස් තොරතුරු අනාවරණය කළ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මේ දේවල් ඇය පටිගත කරගෙන තබගෙන ඇත්තේ අවශ්‍යවූ විට ඔවුන්ව ‘බ්ලැක්මේල්’ කර ඇයට අවශ්‍ය දේවල් කර ගැනීමට බව විමර්ශනවල දී හෙළි වී තිබෙන බවත් එහි සඳහන් වනවා.

++++++++++++

රන්මාල වංචාවකට තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ ගැනීමට කොටුව පොලිසිය සැරසෙයි

(21.10.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

බරපතළ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින තිළිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොටුව පොලිසිය කළ ඉල්ලීමකට අද (21) අවසර හිමි වුණා.

රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා රන් මාලයක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ක්‍රියාත්මක කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණේ. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊට අවසර ලබා දී තිබෙනවා.

තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර මේ වන විටත් ලබන නොවැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ. මේ අතර අද (21) දිනයේදීත් මෙම සිද්ධියට සම්බන්ධ කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

++++++++++++++

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මණ්ඩලය

(21.10.2022 – 21:24 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ‘The Morning’ දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය.

ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.

ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ නඩුව ඉකුත් බදාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර ‘The Morning’ ඉංග්‍රීසි පුවත්පත ඊයේ ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළේය.

ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ,

“දින 3 කට කලින් උදේ පත්තර කියවන මාධ්‍යවේදියෙක් පත්තරේ කුඩා කොටසක් කියවලා ලොකු විග්‍රහයක් කරනවා. ඒ ගැන මන්ත්‍රිවරු පෙන්නලා දුන්නා. පාර්ලිමේන්තුවේ 225 ම හොරු කියනවා. මන්ත්‍රිවරු කෙරෙහි වෛරයක් ඇති කරනවා. මන්ත්‍රිවරු 10 ක් 15 ක් නොගැළපෙන විදිහට දඟලනවා.. කතා කරනවා කියලා අපි පිළිගන්නවා. 225 ම එක මල්ලකට දාලා ඔක්කොම හොරු කියලා පත්තර මල්ලිලා උදේට කියවගෙන යනවා. මේ නිසා අවංක මන්ත්‍රිවරයෙකුගේ දරුවෙකුට පාසලකට යන්න බැහැ. තාත්තා හොරෙක්ද අහනවා. මේ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන්. ඒ මාධ්‍ය ජාලයේම ‘The Morning’ පුවත්පත.. තිළිණිට මගේ නීතිඥවරු පෙනී ඉන්නවා කියනවා. ඇමතිකමෙන් අස්වෙන්නලු නැත්නම් නඩුවෙන් ඉවත් වෙන්නලු. මම අමාත්‍ය ධුරය භාරගත්ත දවසේ සිට මට නීතිඥ කාර්යාලයක් නැහැ. නමුත් මගේ කණිෂ්ට නීතිඥවරු 250 කට වැඩිය අධිකරණවල ඉන්නවා. මගේ සම්බන්ධයක් නැතුව මගේ කණිෂ්ට නීතිඥවරු නඩුවක ඉන්නවා කියලා ‘The Morning’ පුවත්පත නඩු තීන්දුවක් දෙනවා..”

“මේකට ආවරණයක් අරගෙන.. මෛත්‍රී ගුණරත්න අධිකරණයේ කිව්වා කියනවා.. මං ඒ ගැන සොයා බැලුවා. ඔහු කිසිම දෙයක් ඒ ගැන කිව්වේ නැහැ කිව්වා. මෙය අවුරුදු දෙකක සිරදඬුවමක් දෙන්න පුළුවන් වරදක්.”

කෙසේවෙතත් විත්තිකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතීඥයින් ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ ඇතුළු නීතීඥ මණ්ඩලයක් ද පෙනී සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය ෴

+++++++++++

21-10-2022

++++++++++

ප්‍රියමාලිට පහසුකම් සැලසූ බැංකු ලොක්කන්ට වරදී – බැංකු හා උකස් ආයතන ඉහළ නිලධාරීන් පිරිසක් ගැන විමර්ශන

(22.10.2022 – 12:27 +0530 – aruna.lk)

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිට දීර්ඝ කාලයක් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමට පහසුකම් සලසන ලදැයි කියන පෞද්ගලික බැංකු, මූල්‍ය ආයතන සහ උකස් ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයින්, නළු නිළියන් මෙන්ම භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් ලබාදුන් මුදල් සහ රත්රන්, ඇය විසින් බැංකු, මූල්‍ය ආයතනය, උකස් ආයතන හරහා හුවමාරු කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම ගනුදෙනු සිදු කිරීමට තිළිණි ප්‍රියමාලිට, එකී ආයතනවල ඉහළම නිලයන් දරන පිරිසක් ඉඩ පහසුකම් ලබා දී ඇති බවත් ‘එම මුදල් ඇයට ලැබුණේ කුමන ආකාරයෙන්ද?’ යන්න ඔවුන් කිසිදු විමසීමක් කර නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2022 ජනවාරි මාසයේ සිට ජූලි දක්වා තිළිණි ප්‍රියමාලි විවිධ පුද්ගලයින් රටවා ලබාගත් බව කියන රුපියල් මිලියන 3000 කට අධික මුදලක් මෙකී ආයතන හරහා හුවමාරු කර තිබේ. එතරම් විශාල මුදලක් ලැබුණු ආකාරය පිළිබඳව, ඇය එම මුදල් තැම්පත් කළ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් සැකකාරියගෙන් විමසීමක් නොකිරීම බරපතළ ගැටලුවක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

සැකකාරිය සිය ‘තිකෝ සමූහ ව්‍යාපාරය’ පවත්වාගෙන ගිය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පිහිටි පෞද්ගලික බැංකු තුනක් (3) සමග සෘජුවම මහා පරිමාණයෙන් ගනුදෙනු සිදු කර තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකාරියගේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එම බැංකුවල ප්‍රධානීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරියේ දී කැඳවීමට නියමිතය ෴

+

***************************************

මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලත් ආනයන සීමා ඉවත් කෙරෙන ලකුණු

(21.10.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙක (2) තුළ තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව මෝටර් රථ අමතර කොටස් , රූපලාවන්‍ය උපකරණ , ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා මෙලෙස ඉවත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ ක්ෂේත්‍රයන්වල රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගමට ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන භාණ්ඩ 1465 කට සීමා පැනවූ අතර පසුව භාණ්ඩ 708 ක ආනයන සීමා ඉවත් කරනු ලැබුවා.

+++++

***************************************

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

(21.10.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18 වැනි දා පැවැත් වීමටත්, අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ෴

***************************************

22 පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතයි

(21.10.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් අද (21) සම්මත වුණා.

මෙහිදී පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

එසේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර විසින්.

අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට එහෙහිව ගොනු කළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක්වුණා.

මෙහිදී තෙවනවර ඡන්ද විමසීමක් පැවති අතර ඊට පක්ෂව ඡන්ද 174 ක් හිමි වුණා. විපක්ෂව ඡන්ද හිමි නොවූ අතර ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 1 ක්.

මේ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වුණා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම ද සිදු වුණා.

මේ අනුවයි ඊයේ (20) සහ අද (21) යන දෙදින විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වුණේ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු පාර්ශව රැසක් ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඡන්ද විමසන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්. එම්. චන්ද්‍රසේන, ගාමිණි ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳි සිටියේ නැහැ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ සංශෝධනයන් මතභේදයට තුඩුදුන් 19 වැනි සංශෝධනයේ තිබී 20 වැනි සංශෝධනයෙන් ඉවත් කෙරුණු ඒවායි. නව සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුකම් හිමිවන්නේ නැහැ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හත්වන (7) පරිච්ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස හැඳින්වූ අතර එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තු සභාව ලෙස සංශෝධනය කෙරුණා.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජන කර ඇත්තේ එය යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස වෙනස් කිරීමටයි.

කොමිෂන් සභාවල බලය පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී කොමිෂන් සභා 9 ක් පිළිබඳ 19 වැනි, 20 වැනි සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනවලදී වෙනස්කම් සිදුවුණා.

එහෙත්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කෙරෙන්නේ එම වෙනස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ආකාරයට යළි වෙනස් කිරීමටයි.

බොහෝ අවස්ථාවල විවාදයට තුඩු දෙන කාරණයක් වන අමාත්‍ය මණ්ඩල සංයුතිය ව්‍යවස්ථා සංශෝධනයන් හීදී නොවෙනස්ව පැවතුණා.

ඒ අනුව ‘අමාත්‍ය මණ්ඩලය 30 නොඉක්මවිය යුතුයි’ ලෙස සහ ‘අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතුයි’ ලෙස 19 වැනි, 20 වැනි මෙන්ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනවල සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගැනීමේදී නුසුදුසුකමක් ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වුණු ‘වෙනත් රටකද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු’ යන වගන්තිය හෙවත් ද්විත්ව පුරවැසියකු වීම යන්න 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළද, මෙවර 22 වැනි සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා ෴

+++++++++

22-10-2022

***************************************

21-10-2022

++++++++++

19-10-2022

***************************************

නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථයක් පොලිස් භාරයට

(21.10.2022 – 17:18 +0530 – sinhala.adaderana.lk)

තානාපතිවරුන්ගේ නිල රථ සඳහා පමණක් රජය මගින් ලබාදුන් ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස අංක තහඩුවක ඇතුළත් කරන ලද ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ රථය රුපියල් ලක්ෂ 20 කට විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ දැරණියගල ප්‍රදේශයේදීය.

දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයක් විසින් රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ජීප් රථයක් රුපියල් ලක්ෂ 20 ක් වැනි ඉතා අඩු මුදලකට විකිණීමට ගැණුම්කරුවෙකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව රථය මිලදීගැනීමේ මුවාවෙන් එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ජීප් රථයේ ඉදිරිපස වීදුරුවේ රාජ්‍ය ලාංඡනය සහ නීතිඥවරුන්ගේ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් පොලීසිය නොමඟයැවීමට සැකකරු උත්සාහ කර තිබූ බවද පොලීසිය පැවසීය.

සැකකරු එම ලාංඡන අවභාවිත කරමින් කාලයක් තිස්සේ මෙම ජීප් රථය පරිහරණය කර ඇති බවද හෙළිවී තිබේ.

සැකකරු සතුව තිබූ ලිපිලේඛන අනුව ජීප් රථයේ වැසි අංකය සොයා සිදුකළ පරීක්ෂාවේදී එහි කිසිදු අංකයක් සටහන්ව නොතිබූ බවත් නීතිවිරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කළ වාහනයක් බවත් අනාවරණය වූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට පෙරත් මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකු බවද අනාවරණය වී තිබේ ෴

***************************************

භුකර් ප්‍රයිස් ගන්නා හැටි (පියවරෙන් පියවර)

(21.10.2022 – 10:22 +0530 – lankaleadnews.com)

පළමුව ඔබට පුද්ගලිකව හෙන ලොකු පොරක් වීමේ නොතිත් කාම ආසාවක් තිබිය යුතුය. දෙවනුව ඔබට ලංකාවේ සංස්කෘතිය ගැන බද්ධ වෛරයක් තිබිය යුතුය. තෙවනුව ඔබට ඉංග්‍රීසියෙන් ලිවිය හැකි විය යුතුය. මේ කාරණා තුන සම්පූර්ණ කිරීම භුකර් පමණක් නොව ඕනෑම වර්ගයක අන්තර්ජාතික සම්මානයක් ගැනීමට අනිවාර්ය වේ.

ඔබ කොළඹ ප්‍රභූ සමාජයේ සුරතලෙකු විය යුතුය. ඒ සඳහා කළ යුත්තේ ඉතාම සරල දෙයකි. සන්ධ්‍යා කොක්ටේල් පාටිවලට රිංගාගෙන හමුවෙන හැම එකාත් සමගම සිංහල ජාතියට පරිභව කිරීමත් බෞද්ධ ආගමට අපහාස කිරීමත්ය. ඒ දෙක අතරට රාජපක්ෂලාට අවලාද නැගීම ඔබේ කාර්යය වඩාත් පහසු කරනු ඇත.

යුද්ධය යනු ඉතාම හොඳට විකිණිය හැකි ප්‍රස්තුතයකි. දේශපාලකයා විසින් එය විකුණා බලය ලබාගන්නේ යම්සේද ඔබටත් ඒ ගැන පොතක් ලියා සම්මාන ගත හැකිය. මෙය පොත්වලට පමණක් නොව චිත්‍රපට හෝ චිත්‍ර ආදී ඕනෑම අපකලාවකට අදාළ බව කිව යුතුය. නමුත් දැන් යුද්ධය පට්ට ගසා ඇති නිසා වෙනත් මානව ව්‍යසනයක් තෝරාගැනීම හොඳ උපායකි.

ඔබේ කතාවේ තිබිය යුත්තේ සමාජයේ සිදුවන අන්තිම නරක සිදුවීම් පමණී. ඕනෑම සමාජයක හොඳ සහ නරක තිබේ. නමුත් ලංකාවේ හොඳ ගැන ලිවීමෙන් හෝ මධ්‍යස්තව ලිවීමෙන් හෝ ඔබට සම්මාන ගත නොහැකිය. ඒ නිසා ඔබ ලිවිය යුත්තේ නරකමය. ඒ නරක සිය ගුණයකින් වැඩි කර අතිශයෝක්තියෙන් ලිවීමට මතක තබා ගන්න.

භුකර් ප්‍රයිස් එක තීරණය කරන විනිශ්චය මණ්ඩලය පොත් දහස් ගණනක් කියවයි. ඒ අතරින් ඔබේ පොත විශේෂිත විය යුතුය. ඒ ධ්වජභග්න (පුරුෂ ශක්තිය හීනවූ) කියවන්නාගේ ප්‍රාථමික කාමුක ආසාවන් උද්දීපනය වෙන අයුරින් ඔබේ කතාව රසකර ලිවිය යුතුය. වෙනත් වචනයෙන් කිවහොත් එය හැකිතරම් පෝනෝග්‍රැෆික් විය යුතුය. ඔබේ කතා නායකයාට හෝ නායිකාවට වධ දෙන ආකාරය ඔබේ වනචර මනසින් මවාගෙන හැකි තරම් විස්තරාත්මකව ලිවිය යුතුය. ඔබ දැන් භුකර් සම්මානය අසලටම පැමිණ තිබේ.

දැන් ඔබ ඔබව මාර්කට් කරගත යුතුය. සම්මානය දෙන්නේ පොතට නොවේ. විදග්ධ කුණුහරුප ලියන ඔබටය. ඒ සඳහා අන්තර්ජාතික වේදිකා සොයාගෙන ගොස් කතා පැවැත්විය යුතුය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තිබෙන්නේ ඔබ වෙනුවෙන්මය. සුද්දන් ඉදිරියේ උන්ගේ පැරණි කොලනියක් වන ලංකාව ද්වේශසහගතව පහත් කර කතා කිරීම ඒ සුද්දන්ට මහත් ප්‍රීතියක් ගෙනදේ. එය පැරණි වහල් සමාජයේ ඇතැම් වහලුන් සුද්දන්ට කත් ඇද පඬුරු දිනා ගත් උපක්‍රමයම බව ඔබ දනී.

ඔබ කියන කරුණු සත්‍යය විය යුතු නැත. ඔබ කළ යුත්තේ ඔබත් වින්දිතයෙක් බව විනිශ්චය මණ්ඩලයට පෙන්වීමයි. ගතින් නිව්යෝර්කයේ ජීවත් වුණත් ඔබ පෙන්විය යුත්තේ ඔබ ලංකාවේ ආණ්ඩුවෙන් බැට කමින් ජීවත්වෙන අසරණ ප්‍රාණියෙකු බවයි. වෙනත් ඕනෑම රටක මෙන් ලංකාවේද පවතින ගැටලු විසඳීමට ඔබ මහන්සි විය යුතු නැත. ඔබ කළ යුත්තේ ඒ ගැටලු ඔබේ පුද්ගලික දියුණුව සඳහා භාවිතා කිරීමයි.

ඊනියා අරගලය වැනි එකක් පැමිණියහොත් ඔබට කල්ලමරේ වේ. ඔබ හැකි ඉක්මණින් අරගල භූමියට සැපත් වී එහි සිට සෙල්ෆි ගසා ට්වීට් කළ යුතුය. එයින් ඔබට ලැබෙන මාර්කටින් පාර ඩොලර් කීදාහක් ගෙවාවත් ගත නොහැකිය. ඔබ සටන් කරන්නේ භුකර් ප්‍රයිස් එකට බව ඔබ නිතරම සිහි තබාගත යුතුය. රට බංකොලොත් වී ගෙවල් ගිනි ගන්නා තරමට ඔබ ඔබේ භුකරයට සමීප වේ.

මේ ටික හරියට කළොත් ඔබට භුකර් ප්‍රයිස් එකටත් වඩා ලොකු සප්‍රයිස් ලැබෙනු ඇත. කොළඹ කුලීන පැලැන්තියේ සාමාජිකයෙකු වීමට වෙර දරන වෙන්ට ප්‍රභූ පැටවුන්ගේ වීරයා වෙන්නේ ඔබය. ඔබේ පොත කියවා නැති වුවත් ලංකාවේ දේශපාලකයන් ඔබව පසසනු ඇත. ලංකාවේ ජඩමාධ්‍ය ඔබට හුරේ දමනු ඇත. දැන් ඔබට කරන්නට ඉතිරිව තිබෙන්නේ ඔබ විසින් ප්‍රසිද්ධියේ දූෂණය කළ ඔබේ රටේ මිනිසුන්ගේම කර මත හිටගෙන ජයපැන් බොමින් “මුන් තරම් මෝඩයන් තවත් නැහැ” යැයි යටි සිතින් කියමින් උන්ගේ ඔළුවලට සුළුදිය පහකිරීම පමණී.

ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ
2022 ඔක්තෝබර් 20

++++++++++

21-10-2022

***************************************

අවුරුදු 15 ට වැඩි පිරිමි ළමුන් අතර ඒඩ්ස් පැතිරීම ඉහළට

(22.10.2022 – 09:31 +0530 – sinhala.adaderana.lk)

තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු 15 ත් 30 ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කළ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය :

“තරුණ පරම්පරාව අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2021 දී තරුණ ළමයි, ඒ කියන්නේ අවුරුදු 15 ත් 30 ත් අතර අය 25 ක් හිටියා. මේ අවුරුද්දේ 53 ක් ඉන්නවා තරුණ ළමයි. මේ තරුණ ළමයින්ගේ මේ එඩ්ස් වැඩිවීමට ගොඩක්ම බලපාලා තියෙන්නේ … අපි හිතන්නේ … මේ ළමයි ගොඩක්ම Online හරහා ඉගෙන ගන්න ගිහිල්ලා ඒවත් එක්ක නොයෙකුත් ලිංගික සම්බන්ධතා විඩියෝ බලලා ලිංගික උත්තේජනය ඇති වෙලා තියෙනවා කියලා. තරුණ ළමයි කිව්වට තරුණ පිරිමි ළමයි තමයි වැඩි. 2022 දී තරුණ පිරිමි ළමයි 30 ක් HIV පොසිටිව් වෙලා තියෙනවා. පළමු කාර්තු දෙකේ ජූනි වෙනකන්. වැඩියෙන්ම තියෙන්නේ කොළඹ, ගම්පහ, නුවර වගේ දිස්ත්‍රික්කවල.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Gnige. Yako ranawiruwan damaa yuddha kalae ratay boodalaya aiyithikaragena rata jaathiya aagama wanasannada, rata bankaloth karannada, ratey dhanaya yati madigahagena ratin pitakarala, passa raaja parayinge videsha ginum wala daagannada? Daen ekane karagena thiyenne. Balapiya buddhagamata welaa thiyena deya. Rata puraama cheewara dharie mudalaalila, ekek wath budu dahama vidiyata jeewath wenawada. Hungak aya Buddhagama saasanaya vikurthi karamin bada gostharaya hoyaa gannawa. Milinda prasnaye thiyena widihata, sanghayo tika okkoma horu, mahindaya wagemai, horu okkoma 225. Chee witharak. Apitath lajjai Sri Laankikayo kiyanna. Prabhaakaran ratey nayaka kamata hitiyanam meyita wadaa hondai. Balapiya ae miniha demala janathaawa wenuwen kala kaepa kireema. Ape sinhala deshapaalu horu ekekwath epamana deyak ho aeyin ansu maathrayak wath kaepa kireemak karala thiyenawada. Naehene!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *