ප්‍රියමාලි, ක්‍රිෂ් නිවාස දෙනවා කියා කෝටි ගණන් ගරලා

ප්‍රියමාලි, ක්‍රිෂ් නිවාස දෙනවා කියා කෝටි ගණන් ගරලා

*********************************************

ප්‍රියමාලි, ක්‍රිෂ් නිවාස දෙනවා කියා කෝටි ගණන් ගරලා

(17.10.2022 – gossiplankanews.com)

පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ‘ක්‍රිස් බිල්ඩිමේ’ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. සැකකාරිය තවත් කිහිප දෙනකු සමඟ එක්ව එහි කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

සැකකාරිය, හමුවට මෙම කාර්යාලයට පැමිණි පුද්ගලයන්, සැකකාරිය සමඟ එම කාර්යාලයේ සිටි පිරිස, කුමන ගනුදෙනුකරුවන් එහි පැමිණ සිටියේද යන්න හෙළි කර ගැනීම සඳහා එම ගොඩනැගිල්ලේ වසරක පමණ සී.සී.ටී.වී. කැමරා දන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරියට මෙරට සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුදල් ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත. ඔවුන් භාරයේ ඇති කළු සල්ලි සුදු කිරීම සදහා සැකකාරියට ආයෝජන සඳහා එම මුදල් ලබාදී ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු පෙරේදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සටහන් කරගෙන ඇත.

(ඉන්දිකා රාමනායක)

++++++++++

තිලිණිගේ මූලස්ථානය ක්‍රිෂ් ගොඩනැගිල්ලයි.. සියළු පහසුකම් ජානකීගෙන්..

(17.10.2022 – 10:40 +0530 – lankacnews.com)

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි, ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සමග රුපියල් කෝටි ගණනින් වූ ගනුදෙනු රැසක් සිදුකිරීමේ මූලස්ථානය ලෙස කොටුව ක්‍රිෂ් සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල භාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට අදාළ ගොඩනැගිල්ල තුළදී මහා පරිමාණ වංචාවන් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත්තේ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට දෙවැනි වරටත් ගොස් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු​වේ නිලධාරීන් සැකකාර තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා පෙරේදා (15 වැනිදා) කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙත යළිත් රැගෙන ගොස් තිබුණි.

සැකකාරිය අදාළ ස්ථානයට රැගෙන එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනද එම ස්ථානයට කැඳවා තිබුණි.

එහිදී ජානකී සිරිවර්ධන නමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. එහිදී තිළිණි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනු රැසක් සිය ක්‍රිෂ් ගොඩනැගිලි කාර්යාලය තුළ සිදුවූ බව ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇතැයි පවසන මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෙසේ පැවැසීය.

‘නීතියේ ප්‍රතිපාදන තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමයි මෙතනට අදාළ වෙන්නේ. ඒ සඳහා පූර්ණ බලතල පොලිසියට තිබෙනවා. අධිකරණය තිබෙනවා. වංචනික මූල්‍ය ගනුදෙනුකරුවන්ට අහුවෙන්න එපා කියලා ජනතාවට අපි හැම විටම කියනවා. සමහර හොර මූල්‍ය සමාගම් අවුරුද්දකට කිහිපයක් කඩා වැටෙනවා. ජනතාව බුද්ධිමත් විය යුතුයි’ ෴

+++++++++++

ප්‍රියමාලිට දුන් මුදල් ගැන ප්‍රකාශ දෙන්න අසාද් සාලි සී. අයි. ඩී.යට

(17.10.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 80 ක මුදලක් අසාද් සාලි සැකකාර කාන්තාවට ලබාදී තිබෙනවා.

ජානකී සිරිවර්ධන නැමති කාන්තාව හරහා මෙම මුදල් ඔහු විසින් ඇයට ලබාදුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් අසාද් සාලි කියා සිටියේ.

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 5 වනදායි.

ඇය අනිද්දා (19) දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මේ වනවිට ඇයට එරෙහිව පැමිණිලි 11 ක් ඉදිරිපත්වී තිබෙනවා ෴

+++++++++++

ප්‍රියමාලිගේ සමාගමේ ‘පාට් ටයිම් ජොබ්’ කළ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

(17.10.2022 – divaina.lk)

අමතර රැකියාවක් ලෙස තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ආයතනයේ රාජකාරි කළ බව කියන පොලිස් නිලධාරීන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම විමර්ශනවලදී පරීක්‍ෂණ කණ්ඩායම්වලට කිසිවකු බලපෑම් කළහොත් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඒ පිළිබඳවද නීත්‍යනුකූලව පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

මෙම මූල්‍ය ආයතනය සමග ඇතැම් පොලිස් නිලධාරීන් කළ කතාබහ ඔස්සේ තොරතුරු අනාවරණය කර ගැනීමට එම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද එම නිලධාරියා පැවසීය. මෙම මූල්‍ය ආයතනය සම්බන්ධව සිදු කළ දුරකථන කතා බහ, පරිගණක තොරතුරු, බැංකු ගිනුම් තොරතුරු රහස් පොලිස් විමර්ශනවලට ඉතාමත් වැදගත් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය ෴

+++++++++++

ප්‍රියමාලිලාගේ බිහිවීම පිළිබඳ කතාවස්තුව

(17.10.2022 – divaina.lk – කතුවැකිය)

මේ දිනවල වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව සිටින චරිතය වූ කලී තිළිණි ප්‍රියමාලි ය. අටේ පන්තියට පමණක් උගත්තේ යැයි කියන ඇය හැටේ හැත්තෑවේ කෝටිපතියන්ගේ පස්ස පැත්ත බිම අන්නවා ඇති බව පෙනෙන්නට තිබේ. තිළිණි ප්‍රියමාලි යනු මේ වර්ගයේ පළමුවන චරිතය නොවේ.

තරුණ වියේ සිටම ජල්තර වැඩවල යෙදී කෝටිපතියන් බවට පත් වූ පුද්ගලයන් යුරෝපයේද ජීවත් වූ අතර එවැනි චරිත සම්බන්ධයෙන් චිත්‍රපට පවා තනනු ලැබ ඇත. උදාහරණයක් වශයෙන් ස්ටීවන් ස්පීල්බර්ග් තැනූ ‘Cath Me If You Can’ නමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුල් වූ සත්‍ය පුද්ගලයා හැඳින්විය හැකිය. ඇමරිකාවේ ජීවත් වූ තරුණයෙක් වන හෙතෙම කුඩා කාලයේ සිටම විවිධ වංචනික වැඩවලට පුරුදු වුණේය. ඒ අනුව ගුවන් නියමුවකු ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් නිර්මාණය කරගත් මේ පුද්ගලයා අවුරුදු ගණනාවක් ම කිසිදු ප්ලේන් එකක් එලවන්නේ නැතිව ගුවන් නියමුවකු ලෙස රඟපාමින් ධනවතුන්ගෙන් මුදල් ලබා ගත්තේ ය. ඊළඟට ඔහු හොර සල්ලි ඇන්දේය. ඒවා අච්චු ගැසුවේය. හොර චෙක් අතින් ඇන්ද හෙතෙම ඒවා මාරු කොට ඉතා සුව පහසු ජීවිතයක් ගත කළේය. අන්තිමේදී එක් පොලිස් නිලධාරියෙක් අවුරුදු 15 කට ආසන්න කාලයක් ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා සිර දඬුවම් ලබා දුන්නේය. මේ අතර ඇමරිකාව පුරා ව්‍යාජ චෙක්පත් වසංගතයක් පැතිර යන්නට විය. හිරේ සිටින තරුණයා ව්‍යාජ චෙක්පත් සෑදීම පිළිබඳ විශේෂඥයකු නිසා ව්‍යාජ චෙක්පත් සිද්ධිවලදී ඒවා හඳුනා ගැනීම පිණිස එම තරුණයාගේ ආධාර ලබන්නට පොලිසියට හැකි විය. අන්තිමේදී ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කොට මේ පුද්ගලයා නිදහස් කරවා ගෙන ඇමරිකන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හොර චෙක් හඳුනාගැනීමේ අංශයේ ප්‍රධානියා ලෙස ඔහුට රස්සාවක් දුන්නේය. මෙය සම්පූර්ණ ඇත්ත කතාවකි.

එවැනි දක්‍ෂකම් ඇති වංචනිකයෝ අපේ රටේ ද සිටිති. තිලිණි ප්‍රියමාලි එවැනි දක්‍ෂ කෙනෙක් යැයි අපි නොසිතමු. ඇය කළේ එක්කෙනෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50 ක් ලබාගෙන එය වියදම් කර තව කෙනෙකුගෙන් රුපියල් කෝටියක් ගෙන අර ලක්‍ෂ 50 ගෙවා ඉතිරි ලක්‍ෂ 50 න් ‘ෆන්’ එකක් ගැනීම ය. මේ ගමන දිගටම යා හැකි ගමනක් නොවේ. මෙසේ විවිධ දේවල් සඳහා ආයෝජන වශයෙන් හෝ ණය වශයෙන් අරගන්නා මුදල් ගෙවීමට බැරි වී පස්ස බිම ඇණෙන තැනක් එන අතර එතැන් සිට එම ණයකරු හෝ ණයකාරිය පිටුපස සිටින්නේ පොලිසිය සහ උසාවිය පමණි.

ලංකාවට ද මීට සමානම වැඩක් සිද්ධ වී තිබේ. මේ රට අවුරුදු 30 ක් පමණ කාලයක සිට විවිධ දේවල් සඳහා ණය ගැනීමටත් ඒ ණය ගෙවීමට තවත් ණය ගැනීමටත් ඒ ණය ගෙවීමට තවත් ණය ගැනීමටත් පුරුදු වී තිබිණ. අන්තිමේදී එක කොනකදී ණය ගෙවා ගැනීමට නොහැකිව මේ රට ‘බ්ලැක් ලිස්ට්’ විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කතන්දරය සහ තිළිණි ප්‍රියමාලිගේ කතන්දරය අතර වැඩි වෙනසක් නැත. තිළිණි ප්‍රියමාලි මේ රටේ අයට පොලු තිබ්බා ය. ලංකාව ජාත්‍යන්තරයට පොලු තිබ්බේය. ඒ විස්තරය එතනින් නිම කරමු.

හොර ෆිනෑන්ස් කොම්පැණි, ව්‍යාජ බැංකු, වංචනික ආයෝජනකරුවන් යනාදිය 1977 න් පසු ලංකාවේ ඕනෑ තරම් බිහිවිය. ඒ සමහර ඒවා තුළින් තැන්පත්කරුවන්ගේ බිලියන දහස් ගණනකට කෙළවා බිමට සමතලා විය. මේ තැන්පත්කරුවන්ගෙන් සමහරු වස පානය කර මිය ගියහ. එවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර නැති කිසිදු ආයතනයක හෝ පුද්ගලයකු ළඟ මුදල් තැන්පත් නොකරන්නැයි මහ බැංකුව පත්තර පිටු ගණන් දැන්වීම් පළ කළේය. ටෙලිවිෂන්වල දැන්වීම් දැමුවේය. ඒ අතර සක්විති, දඬුවම් මුදලාලි වැනි අය බිහිවූහ. මේ රටේ ජනයා මේ තරම් හොඳ බැංකු තිබියදී හොරුන් පස්සේ යන්නේ ඇයි. එයට හේතුව මේ රටේ බැංකු ක්‍රමය මුදල් සම්බන්ධයෙන් පනවා තිබෙන දැඩි නීතිරීති ය. අදටත් බැංකුවට රුපියල් ලක්‍ෂ 2 ක් දැමුවහොත් ඒ පිළිබඳ විස්තර මුදල් තැන්පතු කඩදාසියේ ලිවිය යුතු ය. කවුරු හරි රුපියල් ලක්‍ෂ 50 ක් ගෙනවිත් බැංකුවකට දමා එය උපයා ගත් හැටි හෙළි කිරීමට නොහැකි වුවහොත් කෙළින්ම ඇතුළට යෑමට සිදු වේ. මේ රටේ මිනිස්සු විවිධාකාරයෙන් මුදල් උපයති. උපයන ආකාරය කුමක් වුව ද, අවසාන ඵලයේදී ඒ සියල්ල මුදල් ය. බැංකු ගිණුම්වල තැන්පත්වීමේ අයිතිය ඒ මුදල්වලට ඇත.

දිනක් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් බෑග් දෙකක පුරවා ගත් සුද්දෙක් ඩුබායි ගුවන්තොටුපළේ ආගමන අංශයට පැමිණියේය. ඔහුගේ මුදල් පරීක්‍ෂා කළ රේගුව ඩුබායි එමීර්වරයාට දුරකථනයෙන් කතා කොට මේ සුද්දා සහ ඇමරිකන් ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි විමසා සිටියේය. ඩුබායි පාලකයාගේ පළමුවැනි ප්‍රශ්නය මෙය විය. “ඒ මිනිහා රට ඇතුළට සල්ලි ගෙනෙනවා ද, නැත්නම් රටින් එළියට ගෙනයනවාද” යන්නයි. ඔහු රට තුළට මුදල් ගෙන එන බව රේගුව එමීර්වරයාට දැන්වීය. එහෙනම් ඔහු වහාම රට ඇතුළට ගෙන විශේෂ ප්‍රවාහන පහසුකම් දී හෝටල් කාමරයක් ද නොමිලේ ලබා දී සත්කාර කරන ලෙස එමීර්වරයා රේගුවට දැන්වීය. මෙහිදී සිදුවන්නේ මෙයයි. රට ඇතුළට ගේන මුදල් යළි එළියට ගෙනයෑමට ඉඩ නොලැබේ. සුද්දා එම ඩොලර් මිලියන 500 ම රට තුළම ආයෝජනය කළ යුතු ය. මේ ආකාරයේ සුද්දෙක් ලංකාවට ඩොලර් මිලියන 500 ක් ගෙනාවොත් ඒකා කූඩුවට යෑමට ඉඩ තිබේ මෙහිලා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් කුප්‍රකට මගඩිවලින් උපයන මුදල් ගැන විමසීම වරදක් ලෙසද අපි නොදකිමු. එසේ වුවද ඉහත කී තත්ත්වයන් නොසලකා හැරීමෙන් ඉදිරියේදී අනන්තවත් ප්‍රියමාලිලා, සක්විතිලා, දඬුවම් මුදලාලිලා බිහිවීම වැළැක්විය නොහැක. මේ සියල්ලටම පාඩම අපේ දහමේ ඇත. ‘තන්හාය ජායතී සෝකෝ’ එය සනාතන සත්‍යයකි ෴

++++++++++

තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට

(17.10.2022 – 19:27 +0530 – sinhala.adaderana.lk)

කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ඇත ෴

+++++++++++++

17-10-2022

+

***************************************

මුරුත්තෙට්ටුවේ ආනන්දගේ V8 රථය ගැන එළියට ආ අලුත්ම කතාව

(17.10.2022 – 14:09 +0530 – sinhala.adaderana.lk)

= මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථය ගැන එළියට ආ අලුත්ම කතාව =

පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථය තමන් සොරකම් නොකළ බව කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසන්නීය.

මේ අතර, මුරුත්තෙට්ටුවේ හිමිගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස උන්වහන්සේම තමන්ට ලබාදුන් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නාගරික මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

මුල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුඛෝපභෝගී ජීප් රථයක්ද රැගෙන ගොස් වංචාවක් සිදුකර ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ තම V8 රථය රැගෙන ගියේ, තිළිණි ප්‍රියමාලි නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රීවරියක් වන ප්‍රියංකා ජයසේකර නැමැත්තිය බවය.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ප්‍රියංකා ජයසේකර මහත්මිය,

“මුලින්ම කියන්න ඕනේ මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ… මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම. ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන විකුණලා මුදල් ටික ලබාගන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන හා කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම. වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි ජිප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා. මම වාහනය ගෙනල්ලා ගරාජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට.”

+++++++++

***************************************

පාසල් සිසුන්ගේ මුදල් පැහැරගන්නා කල්ලියක්

(17.10.2022 – ada.lk)

පාසල් සිසුන්ගේ මුදල් සහ වෙනත් වටිනා ද්‍රව්‍ය පැහැරගන්නා කණ්ඩායමක් මහනුවර නගරයේ ක්‍රියාත්මක බව දෙමව්පියෝ පවසති .

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට ඇති අතර තවත් දෙමව්පියන් පිරිසක් තම දරුවන්ටත්යම් කරදරයක් වේයැයි බියෙන්පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බවද වාර්තා වේ.

තමන් සිවිල් පොලිස් නිලධාරීන් බව පවසමින් සිසුන්ගේ පොත් බෑග් සහ මුදල් පසුම්බි පරීක්ෂාකොට එහි ඇති මුදල් සහ වටිනා ද්‍රව්‍යගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිවකුටත් පැමිණිලි නොකරන ලෙස තර්ජනය කර පලා යන බව දෙමව්පියන් පවසයි.

මේ අතර මහනුවර නගරයට පැමිණෙන කාන්තාවන්ගෙන් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසා ඔවුන්ගේ ජංගම දුරකතන ඉල්ලාගෙන පලා යන පිරිසක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී තිබේ.

මහනුවර වැව රවුමේ සහ උඩුවත්ත කැලේ ප්‍රදේශවලදී පෙම්වතුන් බියගන්වා ඔවුන් සතු මුදල් කොල්ල කන පිරිසක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය වෙමින් පවතී ෴

***************************************

ගැට කැපීමට පැමිණි කාන්තාවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට

(17.10.2022 – 12:38 +0530 – hirunews.lk/sinhala)

හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් අද (17) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එළඹෙන දීපවාලි උත්සව සමයේ හැටන් ඇතුළු වතුකරයෙන් ප්‍රධාන නගරවලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රන් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇති බවයි හැටන් පොලිසිය විසින් දැනට කරන ලද මුලික පරික්ෂණවල දි අනාවරණය වී ඇත්තේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා අහිකුණ්ඨකයන් බවත්, එම කාන්තාවන් පස් දෙනා මනාවට හැඳපැළද උත්සව සමයේ හඳුන්කූරු අලෙවි කිරිමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රන් ආභරණ සොරාගන්නා බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

අවු 18 – 30 වයස් කාණ්ඩවල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබි මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද පොලිස් භාරයට ගත් බවත්, මෙවැනිම පිරිසක් හැටන් පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බටත් පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

***************************************

කොළඹ රථ ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීම ගැන නිවේදනයක්

(17.10.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අවසරලත් නොවන පුද්ගලයන් සහ සංවිධානවලට රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම වලක්වාලමින් නිවේදනයක් නිකුත් කිරීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබෙනවා.

නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, කොළඹ ස්ථාන 19 ක රථ වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමට අවසර නොලත් පුද්ගලයන්ට හෝ සංවිධානවලට හැකියාවක් නොමැති බවයි.

එම ප්‍රදේශ පහත නිවේදනයේ දක්වා තිබෙනවා :

+++++++++++

17-10-2022

***************************************

බෙහෙත් පෙති සිරවී දරුවෙකු මරුට

(16.10.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

බෙහෙත් පෙති කිහිපයක් සිරවීම හේතුවෙන් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුනහමාරක (3½) දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දරුවා ඊයේ (15) රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

දරුවාට වැළඳුනු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්වයට ලබා ගත් බෙහෙත් පෙති කිහිපයක් මව විසින් මේසයක් මත තබා ගොස් තිබියදී දරුවා එම බෙහෙත් පෙති අහුර කටෙහි දමා ගෙන ඇති අතර, එම අවස්ථාවේ දරුවාට හුස්ම ගැනීමට අපහසු වී තිබෙනවා.

වහාම ඔහු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමෙන් අනතුරුව ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර තිබුණා ෴

***************************************

ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ගෙන්නන පළමු නියෝජිත මමයි

17-10-2022

***************************************

සුනඛයෙකු නිසා හමුවූ මුදල් පසුම්බිය

(17.10.2022 – 22:52 +0530 – hirunews.lk/sinhala)

නිවසක ඇති කරන සුරතල් සුනඛයෙකු විසින් මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට රැගෙනවිත් එය ආරක්ෂාකාරිව තබාගැනීම නිසා යළි හිමිකරු වෙතම ලබාදීමේ අපුරු පුවතක් මහනුවර, කුලුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පසුම්බිය තුළ රුපියල් 5000කට ආසන්න මුදලක් සහ රන් මාලයක් තිබී ඇති අතර සුනඛයාගේ හිමිකරු විසින් අලදෙණිය පොලිසියේ ද සහාය ඇතිව පසුම්බිය නැවත එහි හිමිකරුට ලබා දීමට කටයුතු කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *