ව්‍යවස්ථා සංශෝධන මගෝඩි වලට ගොදුරු වෙන්න එපා! වෛද්‍ය වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ 225 න් ඉල්ලයි

ව්‍යවස්ථා සංශෝධන මගෝඩි වලට ගොදුරු වෙන්න එපා! වෛද්‍ය වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ 225 න් ඉල්ලයි

*********************************************

ව්‍යවස්ථා සංශෝධන මගෝඩි වලට ගොදුරු වෙන්න එපා! වෛද්‍ය වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ 225 න් ඉල්ලයි

(01.09.2022 – 23:22 +0530 – lankaleadnews.com)

විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනඑනු ලබන ව්‍යවස්ථා මගෝඩියට මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත් මෙරටේ ජනතාව මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය භෞතික වශයෙන් අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ව්‍යවස්ථා සංශෝධන මගෝඩි පිළිබඳව සහ විශේෂයෙන්ම විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයා ලෙස සිදු කළ දේ පිළිබඳව විග්‍රහයක් සහිත ග්‍රන්ථයක් අද දින (01) නිදහස් චතුරස්‍රයේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී එළි දැක්වීමට එක් වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එසේම අධ්‍යාත්මය සිදගෙන ජීවත් වුවත් ඉන් පළක් නොමැති බව සඳහන් කළ වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදු 30,000 තරුණ තරුණියන්ගේ සහ අත් පා ඇස් අහිමිකරගත් තවත් 30,000 කට අධික මිනිසුන්ගේ නාමයෙන් මීට ගොදුරු නොවන ලෙසත් එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම කාර්යභාරය අවසන් කිරීමට මේ රටේ ජනතාව පෙළගැස්සවීමටද පසුබට නොවන බවයි.

එහිදී අදහස් දක්වමින් මෙතෙක් ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සිදුකළ මගෝඩි සම්බන්ධව විශේෂ හෙළිදරව්වක් එම කෘතියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් සිදුකරනු ලැබීය.

මෙම කෘතිය පිළිගැන්වීම සිදුකරනු ලැබුවේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාටය. එය එළිදැක්වීමේ උත්සවය ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

***************************************

01-09-2022

***************************************

02-09-2022
02-09-2022

***************************************

01-09-2022

***************************************

02-09-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *