දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (10.05.2022)

දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (10.05.2022)

*********************************************

දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (10.05.2022)

++++++++

++++++++

***************************************

ගෝඨාභය ඔබ ගෙදර යන තුරු වැඩවර්ජනය නවතින්නේ නැත – කොටුවේ තත්ත්වය (10.05.2022)

+

ඊයේ (09) උන් හිටි තැන් අහිමි වූ දේශපාලකයින් මෙන්න

(10.05.2022 – 15:50 +0530 – truenews.lk)

ඊයේ (09) ජනතාව විසින් බොහෝ මැති ඇමතිවරුන්ගේ දේපල සහ නිවාස ගිනි තැබුවා. වාහන පවා කඩා බිඳ දමා තිබුනු අතර ඇතැම් මන්ත්‍රීවරුන්ටත් ප්‍රහාර එල්ල වුණා. එසේ ප්‍රහාරයට ලක් වූ කුමාර වෙල්ගම තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කෙසේ නමුත් දිවයිනේ නන් දෙසින් ගිනි ගත් නිවාස දේපලවල හිමිකාරීත්වය දරන්නේ කවර දේශපාලකයන්ද යන්න වග අප මෙසේ පෙළගස්වනු ලැබුවා. මේ ලැයිස්තුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සිටම විවිධ මට්ටමේ දේශපාලකයන් සිටිනවා.

ලොකු පොඩි උදවිය කියා කිසිවෙනසකින් තොරව සියලුම දේශපාලකයන්ට එකම ලෙස සැලකූ ජනතාව කළ දේපල විනාශය නම් සුළුපටු නැහැ.

එම දේශපාලකයන්ගේ නම් ලැයිස්තුව :

මැදමුලන වලව්ව සහ දෙමව්පියන්ගේ සොහොන
මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල නිවස
සම්පත් අතුකෝරල (ගාලුපුතා)

සිරිපාල ගම්ලත්
තිස්ස කුට්ටිආච්චි
ජනක බංඩාර තෙන්නකෝන්

ව‍ෛද්‍ය රමේෂ් පතිරණ
නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දු නිවස
ප්‍රසන්න රණතුංග

කනක හේරත්
අරුන්දික ප්‍රනාන්දු
ශෙහාන් සේමසිංහ

ජොන්ස්ටන් ප්‍රනාන්දු
මොරටුව නගරධිපති නිවස
සනත් නිශාන්ත

අනූෂ පැස්කුවල්
ගාමිණි ලොකුගේ
කංචන විජේසේකර

දුමින්ද දිසානයක
විමල් වීරවංශ
නිපුන රණවක

ගුණපාල රත්නසේකර
මහාචාර්ය චන්න ජයසුමන
රේණුක පෙරේරා නිවස

මිලාන් ජයතිලක
ශාන්ත බංඩාර
සහබංදු සුපර් සෙන්ටර් (ගාල්ල)

අකිල එල්ලාවල
නිමල් ලංසා (මීගමුව Grandeeza හෝටලය, Avendra garden හෝටලය)
අලි සබ්‍රි

රෝහිත අබේගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
සහන් ප්‍රදීප්

මොනාන් ද සිල්වා
දුමින්ද සිල්වා
මහින්දානන්ද අලුත්ගමගේ

කෝකිලා ගුණවර්ධන
කෙහෙලිය රඹුක්වැල්ල
ඩෑන් ප්‍රියසාද්

ඩී.බී. හේරත්
අශෝක ප්‍රියන්ත
ප්‍රසන්න රණවීර

චමල් රාජපක්ෂ
රංජිත් සියඹලාපිටිය
ඩබ්.ඩී. වීරසිංහ (අම්පාර)

ගීතා කුමාරසිංහ
සමන්ප්‍රිය හේරත්
ලක්ෂ්මන් පෙරේරා

ඉඳුනිල් ජගත් කුමාර

***************************************

අරගලයට කෙල වෙන්න යන්නේ, හොරු මංකොල්ලකාරයෝ සහ දේශපාලඥයන්, කුඩ්ඩෝ අරගල භූමියට ඇවිල්ලා – විශ්ව ලංකා (10.05.2022)

***************************************

10-05-2022

***************************************

10-05-2022

***************************************

කලහකාරී තත්ත්වය ක්‍රමයෙන් පාලනය වෙයි

(10.05.2022 – 22:23 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසක උද්ගතව තිබූ කලහකාරී තත්ත්වය මේ වන විට පාලනය වෙමින් තිබෙනවා.

මතු වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක්.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරයට රැස්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක්, අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සාමකාමීව විරෝධතාවයේ නිරත වු අරගලකරුවන්ට පහරදීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තේ ඊයේ (09) පෙරවරුවේ යි.

එම ප්‍රහාරවලට විරෝධය පළකරමින් කොළඹ සහ දිවයිනේ තවත් ප්‍රදේශ රැසක කලහකාරී තත්ත්වයන් උද්ගත වූ අතර ජීවිත හා දේපළ හානි ද වාර්තා වුණා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, මෙහිදී පුද්ගලයින් 8 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වූ බවයි.

තවත් 225 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතුරින් 5 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ඇතිවු උණුසුම් තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරියෙකුද කඳුළු ගෑස් අවියක් පුපුරා යාමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ අදාළ නිලධාරියා කඳුළු ගෑස් අවිය පුපුරා යාමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණත් එහිදී ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

‍ගාලු මුවදොර ඇතිවු සිද්ධියට විරෝධය පළ කරමින් තංගල්ල, වීරකැටිය ප්‍රදේශවල ජනතාව වීදි බැස විරෝධතාවයේ නිරත වු අතර ඔවුන් වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට පහරදීමට උත්සහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර නිට්ටඹුවේ දී ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාත් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයෙකුත් ජිවිතක්ෂයට පත්වුණේ වෙඩි වැදීමක් හේතුවෙන්.

මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයට ද ඊයේ (09) රාත්‍රී ප්‍රහාරයක් එල්ල වූ අතර සිද්ධියෙන් එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

විරෝධතාකරුවන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රීයේ ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති ඒ.ඩී. සරත් කුමාර මහතාගේ නිවසට පහරදී ඇති අතර සිද්ධියෙන් අනතුරුව ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් සභාපතිවරයා මියගොස් තිබෙනවා.

මේ අතර, දිවයිනේ මතුව තිබූ කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැන්වීමටත්, සෑම ප්‍රදේශයකම ආරක්ෂාව තරකිරීමටත් පියවර ගැනුණා.

ඒ අනුව අද (10) පෙරවරුවේ සිටම සමස්තයක් ලෙස දිවයින පුරා සාමකාමී වාතාවරණයක් පැවති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර, කලහකාරී සිද්ධීන් අතරතුර කොළඹ නගරය ඇතුළු නගර රැසක අලාභ හානි සිදුකර තිබූ බස් රථ අද (10) පෙරවරුවේ දක්නට ලැබුණත්, එම ප්‍රදේශ ද සාමකාමීව පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර, ඊයේ (09) ගාලු මුවදොර දී සාමකාමී විරෝධතාවකට එල්ල වු ප්‍රහාරය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීතිපති සංජය රාජරත්නම් මහතා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.

මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හේතුවෙන් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්වා දෙන නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි.

රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද මේ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ පරීක්ෂණ හැකි ඉක්මනින් සම්පූර්ණ කරන ලෙසයි නිතිපති සංජය රාජරත්නම් මහතා සිය ලිපියෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින්, පොලිස් අණද නොතකා දේපොළවලට හා එහි රැඳීසිටි පිරිසට පහර දීම සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඊට සම්බන්ධ පාර්ශ්වවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග සිදුකරන ලෙසටයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත්තේ.

මේ අතරල ගාලු මුවදොර ඇතුළු දිවයිනේ හටගත් කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් හෙට දිනයේදී මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

මේ අතර පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නතර කර සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථීක අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරිමට සියලු උත්සහයන් ගන්නා බවයි.

***************************************

ඇඳිරි නීතිය 12 වනදා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

(10.05.2022 – 20:51 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබෙන ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළා.

අරලියගහ මන්දිරය අවට සහ ගාලු මුවදොර ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පැනවුණු ඇඳිරිනීතිය හෙට (11) පෙරවරු 7 ට ඉවත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය අද (10) රාත්‍රියේ නිවේදනය කළේ පැනවුණු ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7 දක්වා දීර්ඝ කෙරෙන බවයි.

ඒ අනුව බලය ලබා දෙන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළේ රැඳි සිටිමට ඇඳිරිනීති කාලය තුළ කිසිවෙකුට අවසර නොලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මේ අතර මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

***************************************

21-02-2022

***************************************

10-05-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *