විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක්

විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක්

*********************************************

විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක්

(14.04.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී බොහෝ දුරට කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඊට අදාළව එළැඹෙන 17 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර, දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජනබලවේගය කථානායකවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගයට සහ දෝෂාභියෝග යෝජනාවට අත්සන් කර තිබෙනවා.

මේ අතර, ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින වූ පක්ෂ එකොලහේ නියෝජිතයින් ඊයේ (13) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසනු ලැබුවා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ පිළිතුරු ලබා දුන්නා ෴

***************************************

අද (14) තවත් ඩීසල් නැවක් එයි

(14.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිතයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ අප්‍රේල් මාසය තුළ මෙරටට ආනයනය කිරීමට නියමිත මුළු ඩීසල් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 265,000 ක් බවයි.

ලබන 21 හෝ 22 යන දිනයන් හි ඩීසල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගත් නෞකාවක් දිවයනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඊයේ (13) දිනයේදීත් ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකිව ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකිවුණා.

මේ අතර, ඉන්ධන අර්බුදයත් සමඟ සංචාරක බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිනවා.

එම සංගමයේ සභාපති නීල් ජයතිස්ස කියා සිටියේ, සංචාරකයින් රැගත් බස් රථ දිගු පෝලිම්වල සිට ඉන්ධන ලබා ගැනීමේ දී ගැටලු රැසක් උද්ගත වන බවයි.

එම නිසා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට රජය සහන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

අර්බුදයෙන් ගොඩ එන හැටි ලෝක බැංකුව කියයි

(14.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික වාතාවරණය සහ එමඟින් ජනතාවට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව ලෝක බැංකුව කණස්සල්ල පළ කරනවා.

එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් ප්‍රකාශ කළේ එහිදී මෙරට දුප්පත් සහ අවදානමට ලක්ව සිටින ගෘහස්ථයන් වෙත හදිසි ආධාර ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

ආර්ථික අර්බුදයේ බලපෑම අවම කරමින් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අර්බුදයෙන් ගොඩඒම සඳහා තිරසාර සහ සාර්ව වර්ධනයක් සිදුවිය යුතු අතර, ඒ සඳහා විශේෂයෙන් යොමුවූ ඒකාත්මික ක්‍රියාමාර්ග අවශ්‍ය බව ලෝක බැංකුවේ අදහසයි.

එහිදී ව්‍යුහාත්මක මූලාශ්‍ර සහ ඒවායේ අවදානම් පිළිබඳව සැළකිල්ල යොමුකළ යුතුයි.

දේශීය ආදායම් එක් රැස් කිරීම ශක්තිමත් කොට මූල්‍ය පරතරය අවම කිරීමට පියවර ගත යුතුයි.

මූල්‍ය ක්‍ෂේත්‍රය දැඩි පරීක්ෂාවෙන් අධීක්ෂණය කළ යුතු අතර, එහිදී රාජ්‍ය අංශය පිළිබඳව මෙන්ම මෑතකදී සිදුවූ රුපියලේ අගය අවප්‍රමාණ වීම තුළින් බැංකුවල ශේෂපත්‍රයට සිදුවූ බලපෑමද සැළකිල්ලට ගත යුතු බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

මෙහිදී ගනු ලබන පියවර තුළින් වර්ධනයට මෙන්ම දුප්පත් ජනතාව කෙරෙහි මූලික වශයෙන් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි නමුත් එමඟින් අසමබරතාව කැපී පෙනෙන ලෙස නිවැරදි කිරීමටත් තිරසාර වර්ධනයක් සඳහා ශක්තිමත් පදනමක් ඇති කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමටත් අවස්ථාවක් ලැබෙනු ඇති බව ලෝක බැංකුව අවධාරණය කළා.

මෙහිදී දුප්පත් සහ අවදානම් කාණ්ඩය වෙත සිදුවන බලපෑම අවම කරලීම අභියෝගකාරී වන බවයි ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍යාධාර ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙරට ආහාර සහ ඉන්ධන අවශ්‍යතා සඳහා සහය වීමටද සූදානම් බවයි ඉන්දියාව සඳහන් කර ඇත්තේ.

විනිමය හුවමාරු සහ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට සහය වීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

ශ්‍රී ලංකාව ණය සේවාකරණය අත්හිටුවීම සැළකිල්ලට ගත යුතු කරුණක් වුවත්, මූල්‍ය හුවමාරු සහ මූල්‍ය සහයක් ලෙස තවත් ඩොලර් බිලියන 2 ක් ලබාදිය හැකි බව එහිදී ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා ෴

***************************************

‘ෆිච් රේටින්ස්’ ආයතනයත මෙරට ණය වර්ගීකරණය පහත හෙළයි

(14.04.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ෆිච් රේටින්ස් ජාත්‍යන්තර විගණන ආයතනය මගින්ද මෙරට ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තියේ වර්ගීකරණය තවදුරටත් පහත හෙළා තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ණය ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකසන තුරු විදේශ ණය පියවීම් ශ්‍රී ලංකාව විසින් අත්හිටුවීමත් සමඟයි.

ඒ අනුව ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය සී ලෙස පහත හෙළා ඇත්තේ ණය පැහැර හැරීමට එක් මට්ටමක් ඉහළින්.

ඊට පෙර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් හෙවත් එස්.ඇන්ඩ්.පී විගණන ආයතනය මගින් ද මෙරට ණය ගෙවීමේ හැකියාව සී-සී ලෙස පහත හෙළනු ලැබුවේ එහි තුන්වන (3) පහළම මට්ටම ලෙසින්.

එමෙන්ම විදේශ ණය වාරික ගෙවීම් සැබෑ ලෙස පියවීම නතර වූ පසු මෙරට ණය වර්ගීකරණය ‘සිලෙක්ටිව් ඩිෆෝල්ට්’ හෙවත් ‘වරණීය පැහැර හැරීමක්’ ලෙස තවදුරටත් පහත හෙළීමට සිදුවන බව එස්.ඇන්ඩ්.පී. ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ මීළඟ විදේශ ණය පොලී ගෙවීම් යෙදී ඇත්තේ අප්‍රේල් 18 වනදාටයි.

එන්.ඇන්ඩ්.පී විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බවයි ෴

***************************************

‘තනි තරුවත්’ අරගලයට

(14.04.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පැවැත්වෙන අරගලය අද (14) වැනි දා වනවිටත් උණුසුම්කාරී ලෙස පැවැත්වෙනවා.

තරුණ තරුණියන් හා වත්මන් පාලනයට එරෙහි වන බොහෝ දෙනා එම අරගලය හා සම්බන්ධ වී සිටින ආකාරය දැකගත හැකි යි.

එසේ ම, නොයෙක් අවස්ථාවල දී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විශිෂ්ට පුද්ගලයන් ද තරුණයන්ට සහාය වෙමින් මෙම අරගලයට පැමිණෙන ආකාරය විස්මය දනවන්නක්.

පෙරේ දා (12) වැනි දා හෙළයේ ගී කෝකිලාවිය හෙවත් නන්දා මාලිනිය ද මෙම අරගලයට පැමිණි අතර, එය අරගලකරුවන්ට මහත් වූ සවියක් වුණා.

එසේම අද (14) උදෑසන අවුරුදු උදාවත් සමඟ, ලාංකේය සුභාවිත ගීතයේ විසල් සුලකුණක් වන ආචාර්‍ය වික්ටර් රත්නායකයන් ද අරගල භූමියට පැමිණ සිටි අයුරු දැකගන්නට ලැබුණා.

තරුණ තරුණියන්ගේ උණුසුම් පිළිගැනීම හා ගරුත්වය වික්ටර් රත්නායකයන්ට නො අඬුව ලැබීමත් එහි දී පෙනුණ විශේෂ දසුනක්.

***************************************

මුදල් ඇමති ඩොලර් බිලියන 4 ක් අපේක්ෂාවෙන්

(14.04.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින්ද මෙරට ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තියේ වර්ගීකරණය තවදුරටත් පහත හෙළා තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ණය ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකසන තුරු විදේශ ණය පියවීම් ශ්‍රී ලංකාව විසින් අත්හිටුවීමත් සමඟයි.

ඒ අනුව ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය සී (C) ලෙස පහත හෙළා ඇත්තේ ණය පැහැර හැරීමට එක් මට්ටමක් ඉහළින්.

ඊට පෙර ‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්’ හෙවත් ‘එස්.ඇන්ඩ්.පී’ විගණන ආයතනය මගින් ද මෙරට ණය ගෙවීමේ හැකියාව සී-සී (CC) ලෙස පහත හෙළනු ලැබුවේ එහි තුන්වන (3) පහළම මට්ටම ලෙසින්.

එමෙන්ම විදේශ ණය වාරික ගෙවීම් සැබෑ ලෙස පියවීම නතර වූ පසු මෙරට ණය වර්ගීකරණය ‘සිලෙක්ටිව් ඩිෆෝල්ට්’ හෙවත් ‘වරණීය පැහැර හැරීමක්’ ලෙස තවදුරටත් පහත හෙළීමට සිදුවන බව ‘එස්.ඇන්ඩ්.පී’ ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ මීළඟ විදේශ ණය පොලී ගෙවීම් යෙදී ඇත්තේ අප්‍රේල් 18 වනදාටයි.

‘එස්.ඇන්ඩ්.පී’ විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍යාධාර ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙරට ආහාර සහ ඉන්ධන අවශ්‍යතා සඳහා සහය වීමටද සූදානම් බවයි ඉන්දියාව සඳහන් කර ඇත්තේ.

විනිමය හුවමාරු සහ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට සහය වීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

ශ්‍රී ලංකාව ණය සේවාකරණය අත්හිටුවීම සැළකිල්ලට ගත යුතු කරුණක් වුවත්, මූල්‍ය හුවමාරු සහ මූල්‍ය සහයක් ලෙස තවත් ඩොලර් බිලියන 2 ක් ලබාදිය හැකි බව එහිදී ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික වාතාවරණය සහ එමඟින් ජනතාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ලෝක බැංකුව කණස්සල්ල පළ කරනවා.

එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ‘ෆාරිස් හඩාඩ් සර්වෝස්’ ප්‍රකාශ කළේ එහිදී මෙරට දුප්පත් සහ අවදානමට ලක්ව සිටින ගෘහස්ථයන් වෙත හදිසි ආධාර ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ආර්ථික අර්බුදයේ බලපෑම අවම කරමින් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට පියවර ගන්නා බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා කියා සිටියා.

මෙහි දී ගනු ලබන පියවර තුළින් වර්ධනයට මෙන්ම දුප්පත් ජනතාව කෙරෙහි මූලික වශයෙන් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි නමුත් එමඟින් අසමබරතාව කැපී පෙනෙන ලෙස නිවැරදි කිරීමටත් තිරසාර වර්ධනයක් සඳහා ශක්තිමත් පදනමක් ඇති කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමටත් අවස්ථාවක් ලැබෙනු ඇති බව ලෝක බැංකුව අවධාරණය කළා.

මේ අතර, ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර බාහිර මූල්‍යාධාර අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළා.

බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීනය සහ ඉන්දියාව වෙතින් ද මූල්‍ය සහය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

ඉහළ උද්ධමනය හමුවේ මෙරට සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

+++++++

ශ්‍රී ලංකාවේ විදේශ ණය පියවීම් යළි සැකසීමට මූල්‍ය අරමුදලේ සහාය

(14.04.2022 – 20:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය තුළ විශාල වශයෙන් ණය ගැති වූ ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට සහනයක් ලබාදීමට චීනය මැලිකමක් දක්වන බව ‘බ්ලූම්බර්ග්’ ව්‍යාපාරික වෙබ් අඩවිය විචාරයක් ඉදිරිපත් කරමින් සඳහන් කළා.

චීනය එලෙස ණය සහනයක් ලබාදීමට ඉදිරිපත් නොවීමට හේතු කිහිපයක් ද එමඟින් පැහැදිලි කර ඇති අතර, ඊට ඉන්දීය මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.

පසුගිය කාලය තුළ චීන රජය සතු බැංකු මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල වශයෙන් ණය ලබාදීමට ඉදිරිපත් වූ අතර, එය ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අභිබවන බව ප්‍රසිද්ධ කරුණක්.

චීනයේ මිතුරන් වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින අතර, ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය සහයක් අපේක්ෂා කරනවා.

එහිදී සහාය වන බවට ප්‍රතිඥා ලබා දුන්න ද ජනපති ෂී ජින්පින්ගේ නව සේද මාවත ව්‍යාපෘතිය නැවත සැකසීම සහ දෙරටේම සංකීර්ණ දේශපාලන වාතාවරණයන් චීනය විසින් දැඩි සැලකිල්ලට ගනු ලබන කරුණක්.

එමෙන්ම, තමන් ණය ලබාදුන් රටවලින් ඒවා නැවත ගෙවීමේ අවස්ථාවන් සීමිත වීම නිසා සිය විදේශීය ණය පිළිබඳව චීනය දැන් ඇගයීමක් කරන බව සඳහන්.

එමෙන්ම, නව කොරෝනා රැල්ලක් හේතුවෙන් ෂැංහයි සහ ෂෙන්ෂෙන් මූල්‍ය හා තාක්ෂණික කේන්ද්‍රයන් වසා දැමීම නිසා චීනය ද මේ වනවිට ආර්ථික ගැටළුවලට මුහුණ දෙනවා.

දේශීය වැය ඉහළ යෑම හේතුවෙන් විදේශීය රටවලට අසීමිතව ණය නිකුත් කිරීම චීනය නවතා ඇති බවයි ‘බ්ලූම්බර්ග්’ විශ්ලේෂණය මගින් පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ 5.5% ක ආර්ථික වර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම දුෂ්කරවීම ද ඊට තවත් හේතුවක්.

මේ අතර, විදේශ විනිමය සපයා ගැනීමේ අර්බුදය උග්‍ර වීමත් සමඟ ‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මෙරට ණය ගෙවීමේ හැකියාව හෙවත් ‘ක්‍රය ශක්තියේ’ වර්ගීකරණය තවදුරටත් පහත හෙලනු ලැබුවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ණය ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකසන තුරු විදේශ ණය පියවීම් ශ්‍රී ලංකාව විසින් අත්හිටුවීමත් සමඟයි.

ඒ අනුව ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ‘සී’ ලෙස පහත හෙළා ඇත්තේ ණය පැහැර හැරීමට එක් මට්ටමක් ඉහළින්.

ඊට පෙර ‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්’ හෙවත් ‘එස්.ඇන්ඩ්.පී’ විගණන ආයතනය මගින් ද මෙරට ණය ගෙවීමේ හැකියාව ‘සී-සී’ ලෙස පහත හෙළනු ලැබුවේ එහි තුන්වන (3) පහළම මට්ටම ලෙසින්.

‘එස්.ඇන්ඩ්.පී’ විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

එමෙන්ම, විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයේ විශේෂිත බලපෑම් සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, ණය හිමියන් සමඟ ගෙවීම් සැලසුමකට යෑම සම්බන්ධයෙන් තම සහාය පළ වන බවයි එමඟින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ‘අයි.එම්.එෆ්.’ දූත කණ්ඩායමේ ප්‍රධානී ‘මසාහිරෝ නොසාකි’ කියා සිටියේ මෙරට මූල්‍ය ප්‍රයත්නයන් සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සැකසුම් පමණක් ණය තිරසරභාවය ඇති කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

මේ නිසා ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සහයෝගිතා සංවාදයකට එළඹීමේ පියවරට මූල්‍ය අරමුදල සහය වන බව ඔහු කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍යාධාර ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙරට ආහාර සහ ඉන්ධන අවශ්‍යතා සඳහා සහය වීමට ද සූදානම් බවයි ඉන්දියාව සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව ණය සේවාකරණය අත්හිටුවීම සැළකිල්ලට ගත යුතු කරුණක් වුවත්, මූල්‍ය හුවමාරු සහ මූල්‍ය සහයක් ලෙස තවත් ඩොලර් බිලියන 2 ක් ලබාදිය හැකි බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික වාතාවරණය සහ එමඟින් ජනතාවට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව ලෝක බැංකුව කණස්සල්ල පළ කළා.

එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ‘ෆාරිස් හඩාඩ් සර්වෝස්’ ප්‍රකාශ කළේ එහිදී මෙරට දුප්පත් සහ අවදානමට ලක්ව සිටින ගෘහස්ථයන් වෙත හදිසි ආධාර ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර, ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර බාහිර මූල්‍යාධාර අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *