බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ අද (21) දිනයේ සිට වර්ජනයේ – තැපෑල සිව්වන (4) දිනටත් වර්ජනයේ

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ අද (21) දිනයේ සිට වර්ජනයේ – තැපෑල සිව්වන (4) දිනටත් වර්ජනයේ


බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ අද (21) දිනයේ සිට වර්ජනයේ – තැපෑල සිව්වන (4) දිනටත් වර්ජනයේ

(21.08.2025 – 07:05 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (21) උදෑසන 08:00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31 ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (21) සිව්වන (4) දිනටත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් 19 ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබීය.

වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව ද දැඩි අසීරුතාවට පත්වුණි.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තැපැල් පරිපාලනයෙන් ඊයේ (20) දිනයේ ද සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් අද (21) දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේය ෴

+++

+


වැල්ලවාය සිරිපුරගම ඓතිහාසික ලෙන් ආරාම සංකීර්ණයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුතු සාධක රැසක් හමුවෙයි (21.08.2025)

+


පරාටේ නීතියෙන් බැට කන ව්‍යවසායකයන් වෙනුවෙන් රවීගෙන් පනත් කෙටුම්පතක්

(21.08.2025 – hirunews.lk)

පරාටේ නීතිය හේතුවෙන් ගැටළු රැසකට මුහුණපා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක තීරණයකර තිබෙනවා.

අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් රවී කරුණානායක මන්ත්‍රිවරයා කියා සිටියේ එම පනත් කෙටුම්පත සකස්කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කෙරෙමින් පවතින අතර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන බවයි.

පරාටේ නීතිය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපල රැසක් බැංකුවලට සින්නවීමේ අවදානමක් මතුවී ඇති බවත් එසේ වුවහොත් එම ව්‍යාපාර අඩාල වී මෙරට රැකියා ක්ෂේත්‍රයට වාගේම ආර්ථිකයටද එය විශාල බලපෑමක් වියහැකි බැවින් එම අනතුර වැළැක්වීමේ අරමුණින් ඉදිරපත්කරන මෙම පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රවී කරුණානායක මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

මෙරට දළ දේශිය නිෂ්පාදනයට 62% ක් දායක වෙන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බැවින් ඔවුන් රැකගැනීමේ දැඩි වගකීමක් ආණ්ඩුවට පවතින බවත් තමා ඉදිරිපත්කරන පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පතට ආණ්ඩුවේ නිසි අවධානය යොමුවෙතැයි තමා අපේක්ෂා කරන බවද රවී කරුණානායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගැන පැමිණිලි කරන්න ඊ-මේල් ලිපිනයක් සහ වට්ස්ඇප් අංකයක්

(21.08.2025 – hirunews.lk)

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව විසින් මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ජූනි 30 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජුලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ‘ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි’ සහ ‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි’ පසුගිය කාලයේදී සිදු වී ඇති වංචා, දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පිහිටුවා තිබෙනවා.

ඒ අනුව පැමිණිලි, අදහස් හා යෝජනා ලබා දීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්, 2025 සැප්තැම්බර් 05 දිනට පෙර
psicairport@gmail.com යන Email ලිපිනයට හෝ
070 330 7700 යන Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව දන්වා සිටිනවා ෴


රුපියල් 30,000 ක මුදල් අල්ලසක් ලබාගත් බම්බලපිටිය පොලිසියේ දෙදෙනෙක් (2) දැලේ

(21.08.2025 – hirunews.lk)

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට (2) නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40,000 ක් ඉල්ලා ඉන් රුපියල් 30,000 ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් (3) දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙක්.

පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් ත්‍රිරෝද රථය නවතා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම්වැටි දෙක (2) හමුවී තිබූ බව පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවයි. ඒ අනුව රුපියල් 40,000 ක් ඉල්ලා එයින් රුපියල් 30,000 ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


ලොතරැයියකින් වියපත් කතකට හිමිවූ රුපියල් නව කෝටි හැටතුන්ලක්ෂයක් වංචා කළ තිදෙනෙක් (3) මාට්ටු

(21.08.2025 – hirunews.lk)

දිනුම් අදින ලද ලොතරැයි පතකට වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක (රුපියල් නව කෝටි හැට දෙලක්ෂ අනූඅටදහස් හත්සිය පනස් නවයයි ශත පනස් අටක) මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ‘ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකු’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ පවසනවා.

ඒ අතර කාන්තාවක් ද වන බවයි පොලිසිය පවසන්නේ.

2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලොතරැයි පතකට හපුතලේ ප්‍රදේශයේ කාන්තාවකට එකී දිනුම හිමිව තිබූ අතර සැකකාර ලොතරැයි අලෙවි නියෝජිතයා හා අනෙක් සැකකරුවන් දෙදෙනා (2) එක්ව එකී මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක (2) මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලොතරැයි අලෙවි නියෝජිතයා හා කාන්තාව හපුතලේ පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොටගල පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසුවා.

සැකකරුවන් දෙදෙනා (2) සහ සැකකාරිය (1) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක’ මගින් විමර්ශන සිදු කෙරෙනවා ෴


බස්නාහිර 5 න් 1 කට දියවැඩියාව – අවුරුද්දකට සීනි කිලෝ 25 ක් 30 ක් කාලා… ළමුන් අතරත් සීනි භාවිතය ඉහළට… (21.08.2025)

+


ආණ්ඩුවේ පල් හොරෙක් ගැන අනාවරණයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ටෙන්ඩර් මගඩිය (20.08.2025)

+


පාරිභෝගික අධිකාරියේ කියා රවටලා | වෙළඳසැල් වලින් කප්පම් ඉල්ලලා | අධිකාරියට රට වටෙන්ම පැමිණිලි (21.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *