බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි
(08.06.2025 – ada.lk)
ධර්ම විකෘතින් සහ ශාසන විකෘතින් සිදු කරමින් ශාසන විලෝපනයන්හි නියුක්ත ‘බදුලුගම්මන සුමනසාර හිමියන්’ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් නෙරපීමට සහ ඓතිහාසික බිබිල නාගල රජමහා විහාරාධිපතිත්වයෙන් ඉවත් කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමතියට යටත්ව කාරක මහා සංඝ සභාවේ සම්මතයෙන් සිදුකොට තිබේ.

ඒ පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන්ය :
“ධර්ම විකෘතින් හා ශාසන විකෘතින් සිදුකරමින් උතුම් ථේරීය ශාසන සම්ප්‍රදාය පරිහානියට පත් කිරීමට බදුලුගම්මන සුමනසාර ස්ථීවරයන් කටයුතු කිරීම හේතුවෙන් ඒ ස්ථවිරයන් වෙත පත් කර තිබූ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් නෙරපීමට 2024.05.04 දිනැතිව රැස්වූ අප ගරුතර කාරක මහා සංඝ සභාව විසින් කටයුතු කරන ලදි.
තවද මේ සම්බන්ධව 2024.08.11 වැනි දින අප ගරුතර කාරක මහා සංඝ සභාව ඉදිරියට බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ කැඳවා කරුණු විභාග කොට ආයතී සංවරයෙහි පිහිටා ධර්ම විනය පදනමත් ථේරීය ශාසන සම්ප්‍රදායක් මත පිහිටා කටයුතු කරන ලෙස අප ගරුතර නායක කාරක මහා සංඝ සභාව විසින් ඒ ස්ථවිරයන් වහන්සේ වෙත නියම කරන ලදි.
තවද එහිදී මල්වතු මහා විහාරයේ ගරුතර කාරක සංඝ සභාවේ නියමයන්ට අනුකූලව කටයුතු කරන බවටත් එකී නියම උල්ලංඝනය කරන බවට ගරුතර කාරක මහා සංඝ සභාවට හැඟී යන ආකාරයේ ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගරුතර කාරක මහා සංඝ සභාව විසින් ගනු ලබන ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් තමන් එකඟ වන බවත් බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ 2024.08.11 දිනැතිව පොරොන්දු පත්‍රයක අත්සන් තබා අප වෙත ප්‍රතිඥා දී ඇත.
එහෙත් ගරුතර කාරක මහා සංඝ සභාවේ එකී නියමයන් උල්ලංඝනය කරමින් විවිධන අප්‍රති අප්‍රතිපත්තින්හි නිරත වෙමින් බදුලුගම්මන සුමනසාර ස්ථිරවිරයන් වහන්සේ ‘සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ මහ නිකාය’ නමින් ශාසන සම්ප්‍රදායට හා ධර්ම විනය පදනමට විරුද්ධව ධර්ම විකෘතින් පෝෂණය කොට ප්‍රවර්ධනය කිරීමේ පටු අභිලාෂයෙන් නව නිකායක් පිහිටුවාගෙන විනය විරෝධී ලෙස උපසම්පදා විනය කර්ම සිදුකරමින් ශාසන විලෝපනයක නිරතව සිටි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විභාග කිරීමට අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභි දාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2025.08.04 දිනැතිව රැස්වූ අප ගරුතර සහනායක කාරක මහා සංඝ සභාවේ විශේෂ සභා වාරයේදී බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ භික්ෂු විනයට හා මහා විහාර ශාසනික සම්ප්‍රදායන්ට පටහැනිව ශාසන පරිහානියට හේතුවන පහත වැරදි සිදුකර ඇති බවට නිරීක්‍ෂණය කෙරිණ.
- බුද්ධ චරිතය හා බුද්ධ දේශනාවන් විකෘති කරන ‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’ නම් භික්ෂූ ප්‍රතිරූපකයාගේ සාවද්‍ය විකෘති දේශනා ප්‍රවර්ධනය කිරීම.
- මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්‍ෂුවක් ලෙස මහා විහාර ධර්ම සම්ප්‍රදායයන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුරජාණන් වහන්සේ ලක්දිව ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රවර්ධනය කිරීම.
- විනය පිටකයේ චුල්ලවග්ග පාළියෙහි සංඝ භේදඤ්ඤකයෙහි දැක්වෙන පරිදි “යම් මහණෙක් ධර්මය කියා අධර්මය දක්වයි ද දෘෂ්ටිය පිහිටවා රුචිය පිහිටුවා අදහස පිහිටුවා එය අනුන්ට කියා දෙන්නේ වේද මෙය ශාස්තෘ ශාසනය මෙයට කැමති වූ මෙය පිළිගනීවී යැයි කියාද ඒ සංඝභේදක තෙමේ අපායිකද නෙරයිකද වේ” යන ප්‍රඥප්තිය අනුව ධර්ම විකෘතිය සිදු කිරීම හා නව නිකායක් පිහිටුවා එහි විකෘතින් ප්‍රවර්ධනය කිරීම මගින් සංඝභේදයක් සිදු කිරීම.
- ධර්ම විනය පදනම හා ථේරිය මහා විහාර ශාසන සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් උපසම්පදා විනය කර්මය සිදුකිරීම ගෘහස්ථ ප්‍රව්‍රජ්ජිත උභය පාර්ශ්වයම නොමඟ යැවීම.
- මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ නියම උල්ලංඝනය කරමින් ධර්ම විකෘතියන් සමග එක්ව විකෘති මතවාදයන් ප්‍රවර්ධනය කරමින් මල්වතු මහා විහාර මූලස්ථානය අප කීර්තියට පත් කිරීම හා චේතාන්විතව ශාසන පරිහානියට කටයුතු කිරීම.
යන චෝදනා යටතේ බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ එසේ මල්වතු පාර්ශ්වයෙන් සහ උන්වහන්සේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට ගෙන තිබේ ෴
‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 12 ක් සමග තිදෙනෙකු (3) ගුවන්තොටේ දී මාට්ටු
(07.08.2025 – 10:53 +0530 – sinhala.adaderana.lk)
‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 12 ග්‍රෑම් 160 ක් සමඟ සැකකරුවෙකු (1) හා සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
සැකකරු අවුරුදු 42 ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් බව සඳහන්ය.
සැකකරුවන් ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතය.
සාමනේර හිමිනමට බරපතල ලිංගික අපයොජන කළ විහාරාධිපතියා සහ උගේ සහෝදරයා අධිකරණයේ
(07.08.2025 – gossiplankanews.com)
වාජිකරණයක් පානය කොට 11 හැවිරිදි සාමණේර හිමිනමකට කොසු මිටිවලින් පහරදී බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියකට විහාරාධිපති හිමිනමකට සහ එම හිමිනමගේ සහෝදරයාට එරෙහිව පවතින නඩුව ඔක්තෝබර් මස 29 වැනි දින යළි කැඳවීමට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්දා ප්‍රශස්ති කරුණාරත්න මහත්මිය නියෝග කළාය. තවද, සැකකාර හිමිනම ජංගම දුරකථනයෙන් බලපෑම් කරමින් සාමණේර හිමිනම වැරදි ක්‍රියාවකට පොලඹවා ගැනීමට තැත් කරන බව පැවැසෙන හඬපට සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්තුමිය පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.
වින්දිත සාමණේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇති වෛද්‍ය පරීක්ෂණයේ අධිකරණ වෛද්‍ය වාර්තාවද අධිකරණයට කැඳවීමටද නියෝග කෙරිණි. මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය. මෙම නඩුවට අදාළව දැනට ඇප මත මුදා හැර සිටිනුයේ මැදිරිගිරිය විජයපුර ශ්‍රී විජයාරාම ආනන්ද නිකේතන පිරිවෙන් විහාස්ථානයේ විහාරාධිකාරි ‘සිරිකදුයායේ විපස්සි’ නමැති 35 හැවිරිදි හිමිනමක සහ එම හිමිනමගේ රියැදුරා ලෙස සේවය කරන බකමූණ, කොට්ටපිටිය, සිරිකදුයාය අංක 28/සී/503 ලිපිනයේ පදිංචි 26 හැවිරිදි ‘සංජීව ගයාන්’ යන සැකකරුවන්ය. දෙවැනි සැකකාර ‘සංජීව ගයාන්’ නමැත්තා පළමු සැකකාර හිමිනමගේ සහෝදරයෙකි. ඔවුන් මීට පෙර මසකට අධික කාලයක් රිමාන්ඩ් කර සිටි අතර පසුව ඇප මත මුදාහැරිණි.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිය මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ පැමිණිලිකාර 11 හැවිරිදි හිමිනම මැදිරිගිරිය විජයපුර ශ්‍රී විජයාරාම ආනන්ද නිකේතන පිරිවෙන් විහරස්ථානයේ වැඩසිට ඇති බවත් එහි සිටින අතරතුර සැකකාර විහාරාධිකාරී හිමිනම සහ එම හිමිනමගේ රියැදුරා ලෙස සේවය කරන සහෝදරයා සාමණේර හිමියන්ට බරපතළ ලෙස ලිංගික වද හිංසා පමුණුවා ඇති බවත් පහරදීම් සිදු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බවයි. සැකකාර හිමිනම වාජිකරණයක් පානය කොට මෙම අපරාධය සිදු කර ඇති බව පැමිණිලිකාර සාමණේර හිමිනමගේ ප්‍රකාශ මඟින් අනාවරණ වන බවද පොලිසියට අධිකරණයට දැන්වීය.
මීගස්වැව පොලිසිය නිසි පරිදි සිදු නොකිරීම හේතුවෙන් සියලු විමර්ශන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය යටතට පත් කෙරිණි. ඒ එවකට උතුරු මැද දිශාව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයකට අනුවය. සැකකරුවන්ගේ ලිංගික හිංසන විඳදරා ගැනීමට නොහැකිව දැඩි මානසික කම්පනයට පත් වූ පැමිණිලිකාර සාමණේර හිමිනම පැවිදි දිවිය අතහැර ගොස් තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සමිතා ජයසේකර මහත්මියගේ උපදෙස් මත නීතිඥවරියක පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා පෙනී සිටියේය ෴
BYD Atto ලංකාව වෙනුවෙන් 100KW හදල දෙනවා.. – ජෝන් කීල්ස් යලි පහදයි..
(08.08.2025 – 10:00 +0530 – lankacnews.com)
BYD වාහන මෙරටට ගෙන්වා බෙදා හරින නිල නියෝජිත වන ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
= John Keells CG Auto පුද්. සමාගමේ ප්‍රකාශය =
07.08.2025
2025 ජුලි මස 29 වන දින නිකුත් කරනු ලැබූ ප්‍රකාශයෙන් පසුව BYD රථවාහනවල මෙරට බලයටත් බෙදා හරිත්නා වන John Keells CG Auto පුද්. සමාගම (JKCG) 2025 අගෝස්තු 04 වන දින අතුරු සහනයක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ රිටි පෙත්සමක් ගොනු කර ඇත.
එසේම මෙහිදී JKCG විසින් තවත් සහන කිහිපයක් ඉල්ලා සිටි අතර එහි එක් සහනයක් වූයේ දැනට ශ්‍රී ලංකා රේගුව විසින් රදවාගෙන සිටින BYD රථ වාහනයන්හි තෝරාගත් මාදිලි කිහිපයක් මුදා හැරීමයි. මේ වන විට රේගුව විසින් රඳවා තබාගෙන ඇති එම රථ වාහන බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව එකඟ විය. මෙය අපගේ වටිනා පාරිභෝගිකයින් 1,000 කට ආසන්න පිරිසකට මෙතෙක් මුහුණ දී ඇති අනපේක්ෂිත ප්‍රමාදයෙන් පසු බලාපොරොත්තු සහගත සහනයක් වනු ඇත.
අන්තර්ජාතිකව පිළිගත් මෝටර් රථ නිෂ්පාදකයින්, මෝටර් රට නිෂ්පාදනයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි නීතිමය සම්මතයන්ට අනුව පාරිසරික කොන්දේසි හා පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම උදෙසා වාහන උපාංග නිර්මාණය කිරීම ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයින් අතර සම්මත ක්‍රියාවලියක් වේ.
උදාහරණයක් ලෙස ජපානය සහ තායිලන්තය වැනි වෙළෙඳපොල සඳහා BYD ATTO 3 මාදිලිය 150 kW මෝටර් ප්‍රභේදයකින් නිෂ්පාදනය කර ඇති අතර සිංහපුරුව, නේපාලය හා ශ්‍රී ලංකාව සඳහා 100 kW මෝටර් ප්‍රභේදයකින් නිෂ්පාදනය කර තිබීම පෙන්වා දිය හැකිය.
මෙම සියලු රථ වාහන සම්මත තාක්ෂණික විශේෂණයන්ට අනුව නිර්මාණය කර ඇති අතර, මෙහි මෝටර් බලය සම්බන්ධ දෘඩාංග සහ මෘදුකාංග සංරචක, ඒවාට ආවේණික විශේෂිත අංගයන් වේ. එය නිෂ්පාදනයෙන් පසුව වෙනස් කළ නොහැක. එය නිෂ්පාදක සීමාවන් මත පදනම් වු සම්මතයන්ට අනුකුලව ස්ථිර චුම්බක සමතුලිත මෝටරය ද ඇතුළත් ධාවක පද්ධතියේ සංකීර්ණත්වය වැනි කරුණු මේ සඳහා හේතු වේ.
වාහන මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් සත්‍යාපනය කරනු ලබන මුලික ලේඛන ලෙස නිෂ්පාදක ආයතනය නිකුත් කරන සහතිකය සැලකේ. BYD ආයතනය විසින් නිකුත් කළ සහතිකය JKCG විසින් ආනයනය කරනු ලැබූ සියලු තොග සඳහා රේගුවට හිසි පරිදි ලබාදීමට JKCG කටයුතු කර ඇත. ස්ථාපිත ක්‍රියාවලියක් ලෙස, මෙම සහතිකය පෙර ආනයනය කරන ලද නිෂ්පාදන මුදා හැරීමේදී ස්ථිර පදනම වශයෙන් භාවිතා වී ඇත.
සෑම විටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට කැපවී සිටින වගකිව යුතු ආයතනයක් ලෙස JKCG විසින් සිදු කරනු ලබන සියලු වාහන ආනයනයන් දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන් අනුකූල වන බවට සහතික කරමු. නියාමන අවශ්‍යතාවන්ට අනුව වාහන මුදා හැරීමට හා අනාගත සියලු තොග නිෂ්කාශනය කිරීමේ පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රේගුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමටද අප කැපවී සිටිමු.
මෙම ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත්ව සිටිත පාරිභෝගිකයින් සමඟ එක්ව කටයුතු කරන අප ඔවුන්ගේ වාහත බෙදාහැරීමේ නවතම කාලසීමාවත් පිළිබඳව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මෙම ගැටලුව විසඳීම සඳහා අප මේ පියවර ගනු ලබන අතර ඒ සම්බන්ධයෙන් ඔබ දැක්වූ අවබෝධය සහ ඉවසීම අගය කර සිටිමු. අවශතාව පරිදි මින් ඉදිරියට ඔබ සියලු දෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද අපි කටයුතු කරමු.
පෙත්සම්කරු JKCG වෙනුවෙන් නීතිඥ රියාඩ් අමින් මහතා, භීතිඥ වරණ ජිනායක මහතා සහ නීතිඥ ෂහාති මැති මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමල් මහත්මිය පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒ එස් පි සුමති ධවර්ධන මහතා පෙනී සිටියෝය.
JKCG AUTO
JOHN KEELLS GROUP COMPANY
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අදයි (08) – විශේෂ රථවාහන සැලැස්මක්
(08.08.2025 – hirunews.lk)
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ (07) රාත්‍රී යෙදුණු සුබ මොහොතින් සිව්වන (4) රන්දෝලි පෙරහර වීථී සංචාරය කෙරුණු අතර එය නැරඹීම සදහා බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් රැසක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරවීමේ අවස්ථාව රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියාට හිමි වුණා.
මේ අතර වසර 40 කට අධික කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය විචිත්‍රවත් කරමින් පෙරහරට එක්කළ ගාම්භීරත්වය වෙනුවෙන් අලි ඇතුන් 27 දෙනෙකු වෙනුවෙන් සම්මාන පළදනා පිරිනැමීමක් දළදා මාලිගා පරිශ්‍රයේදී ඊයේ (07) සිදු කෙරුණා. ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන්.
එහිදී වසර 50 කට අධික කාලයක් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට එක්වූ වාසනා හස්තියා පළමුව සම්මානයට පාත්‍ර වුණා.
එසේම, අවසන් රන්දෝලි පෙරහර ක්‍රියාත්මක කරන අද (08) දිනයේ මහනුවර නගරය සහ අවට මාර්ගවල පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා ෴
රුපියල් බිලියනයකට වැඩි ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(08.08.2025 – hirunews.lk)
විශේෂ කාර්ය බලකාය විසින් ගොතටුව සහ කඩුවෙල ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියනයකට වඩා වැඩි බවයි පොලීසිය පවසන්නේ.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, මෙම වැටලීම් සිදු කර ඇති අතර ගොතටුව, මානිගමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 64 ක පුද්ගලයෙකු ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 5 යි ග්‍රෑම් 154 ක් සහ රුපියල් 100,000 ක මුදලක් සමඟ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පසුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී, කඩුවෙල අධිවේගී මාර්ගයට ඇතුළු වන ස්ථානයේදී, තවත් වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 5 යි ග්‍රෑම් 106 ක් සහ රුපියල් 150,000 ක මුදලක් සමඟ රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴
බොරැල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙකුගේ (3) තත්ත්වය බරපතලයි
(08.08.2025 – hirunews.lk)
බොරැල්ල – සහස්පුර, සිරිසර උයන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිවු දෙනා (4) ගෙන් තිදෙනෙකුගේ (3) තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
අදාළ තුවාලකරුවන් තිදෙනා (3) ශල්‍ය කර්මවලට ලක්කර ඇති අතර, මේ වනවිට ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඔහු සදහන් කළේ.
ඊයේ (07) රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගියා ෴
බොරැල්ල – සහස්පුර, සිරිසර උයන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අදාළ වෙඩි තැබීමෙන් පසු බොරැල්ල – සහස්පුර, සිරිසර උයන ප්‍රදේශයේ අද (08) අලුයම සිට විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර, ඒ සදහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදාව ද එක්ව සිටින බවයි ‘හිරු වාර්තාකරු’ කියා සිටියේ ෴
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Badulugammana Sumanasara. This kind of individuals that are only interested in attracting curious Buddhist devotees for revenue purposes by propagating nonsense regarding the life of Buddha and his teachings. Their expulsion from Buddha Sasana has been long overdue, and so, I am delighted that Most Venerable Mahanayaka Thero and his committee have taken this decision. Let it be an example to all other mischievous monks and fake, nationalistic Buddhists that are trying to rewrite the history of Buddha and Buddha Sasana through their evil propaganda.