වීසා ගැටලුවෙන් නීති විරෝධී විදෙස් ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් ලංකාවේ
වීසා ගැටලුවෙන් නීති විරෝධී විදෙස් ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් ලංකාවේ
(02.08.2025 – hirunews.lk)
ආගමන සහ විගමන පනතේ දුර්වලතා නිසා ඊශ්‍රායලය, ඉන්දියාව සහ රුසියාව වැනි රටවල විදේශිකයන් මෙරට නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැකියා සහ ව්‍යාපාර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වනවා.
මෙරට සංචාරක අංශයේ බලධාරීන් රටවල් 40 ක ජාතිකයන්ට රට තුළට නොමිලේ පැමිණීමට වීසා බලපත්‍ර ප්‍රවේශය දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසෙනවා.
එම පහසුකම දැනටමත් දීර්ඝ කර ඇති රටවල් කිහිපයකට අමතරවයි.
අනාගතයේදී කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම එහි සැලසුමයි.
එහි එක් අදියරක් ලෙස සංචාරකයින් මිලියන තුනක් මෙරටට ගෙන්වා ගැනීමයි අපේක්ෂා වන්නේ.
මේ අතර කුඩා නවාතැන්පොලවල් පවත්වාගෙන යාම, කුලී රථ රියදුරන් ලෙස සේවය කිරීම සහ ඔවුන්ගේම භාෂාවලින් තම ජාතිකයින්ට සංචාරක මාර්ගෝපදේශක සේවා සැපයීම වැනි ව්‍යාපාරික කටයුතුවල නියැලීමටත් මේ හේතුවෙන් ඔවුන්ට අවස්තාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර පළාතේ අරුගම්බේ එවැනි ව්‍යාපාරික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඊශ්‍රායල ජාතිකයන් ඔවුන් අතර කැපී පෙනෙනවා.
ඊශ්‍රායල විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානවල, ඊශ්‍රායල ජාතිකයින්ගේ ප්‍රයෝජනය සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් සංඥා පුවරු සවි කර තිබෙනවා.
යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයක් වන චබාද් නිවසක් ද එම ප්‍රදේශයේ දක්නට ලැබෙනවා.
මෑතකදී, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධවීම විවේචනය කරන විදේශීය ජාතිකයෙකු සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
මේ සම්බන්ධයෙන් විමසීමේදී එවැනි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා සංචාරක බලධාරීන්ට කළ හැකි කිසිවක් නොමැති බව අමාත්‍යාංශ නිලධාරියෙකු පවසා තිබුණා.
මේ අනූව ආගමන විගමන බලධාරීන් වීසා ලබා දීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසා තිබුණේ.
කොළඹදී, විදේශිකයන් සංචාරකයින් ලෙස පැමිණා සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන බව පැවසෙනවා.
මේ අතර ඉන්දියාවේ සංචාරකයින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සහ ඉදිකිරීම් අංශවල සේවය කරන බව සොයාගෙන තිබෙනවා.
ඇතැම් විදේශික සංචාරකයින් මෙරට ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.
පොලිසිය හෝ ආගමන බලධාරීන් විසින් කරන වැටලීම්වලදී නීත්‍යානුකූල හිමිකරුවන් ලෙස දේශීය හවුල්කරුවන් පෙන්වා ඇති බව පැවසෙනවා.
මෙම විදේශිකයන්, ඔවුන්ගේ දේශීය හවුල්කරුවන් සමඟ එසේ සහයෝගයෙන් කටයුතු කරන බවද වාර්තා වී තිබෙනවා ෴
+++
අරුගම්බේ සංචාරක කර්මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් දැඩි බලපෑම්
(02.08.2025 – 20:45 +0530 – sinhala.adaderana.lk)
සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසන්නේ, සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කළ විදේශිකයින් රැසකට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවය.
මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව අන්තර්ජාතික ඩී.ජේ. ශිල්පියෙකු ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණි.
මේ චෝදනාව එල්ල වන්නේ මෙරට සංචාරයකට පැමිණි අන්තර්ජාතික DJ ශිල්පියෙක් වූ ටොම් මොනගල්ගෙන්.
ඔහු සඳහන් කරන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කළ තමාට ඊශ්‍රායයේ ටෙල්අවිව් අගනුවරට පැමිණියා හා සමාන අත්දැකීමක් ලැබූ බවය.
ආරුගම්බේ ප්‍රදේශය පුරා ඊශ්‍රායල් ජාතිකයින් සිය අණසක පතුරවා ඇති බවට තමාට සිතෙන බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
ඇරුගම්බේ යනු මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම ගමනාන්තයකි.
ඊට ප්‍රධානම හේතුව වන්නේ, සර්ෆින් ක්‍රීඩාව සඳහා ආරුගම්බේ මුහුදු ප්‍රදේශය වඩාත් යෝග්‍ය වීමයි.
එලෙස පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතරය මේ වන විට ඊශ්‍රායල් ජාතිකයින්.
ඒ බොහෝ සංචාරක සැපයුම් ඊශ්‍රායල් ජාතිකයින් විසින් සිදුකිරීම හේතුවෙනි.
මේ පිළිබඳ ‘අද දෙරණ’ කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ, සංචාරක වීසා මත පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් ව්‍යාපාරවල යෙදෙන බවය.
මේ හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි ෴
+++
+
වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකර දඩ ගහනවාට, පරිසරවේදීන්ගෙන් විවේචන
(02.08.2025 – hirunews.lk)
දිවයින වටා ඇති වෙරළ තීරයන්හි ඇති අනවසර ඉදිකිරීම් සංඛ්‍යාව 2,500 කට අධික බව හඳුනාගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.
අද (02) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ එම ඇතැම් අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරෙන අතර ඇතැම් අනවසර ඉදිකිරීම් සඳහා ඉහළ දඩයක් පැනවීම හෝ වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බවයි.
කෙසේ වෙතත්, පරිසරවේදී ‘සජීව චාමිකර’ පවසන්නේ මෙම ක්‍රියාවලිය තුළින් නීතියේ සමානාත්මතාවය බිඳවැටෙන බවයි.
මේ අතර, සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අතර සාකච්ඡාවක් මාතරදී පැවැති අතර එහිදීද වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා වුණා ෴
හුංගම – පිංගමදී සිදුවූ වෙඩි තැබීමේ සැකකරු පොලිසියට භාරවෙයි
(02.08.2025 – hirunews.lk)
හුංගම, පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ නිමේෂ් කැලුම් කුමාර (30) එක්දරු පියෙක්.
නිවසේ සිට අසල වෙළඳ සැලකට පැමිණි අවස්ථාවේදී ඔහුට බෝර 12 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
ප්‍රහාරයෙන් ඔහුගේ පපු ප්‍රදේශයට තුවාල සිදුවී එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
අනතුරුව වෙඩික්කරු ගිනි අවිය සමග හුංගම පොලිසියට බාර වී ඇති බවයි හුඟම පොලිසියය පවසන්නේ.
හුංගම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
හුංගම – පිංගමදී සිදුවූ වෙඩි තැබීම ඉඩම් ආරවුලක් මත සිදුව ඇති අතර, සැකකරු හුංගම පොලිසියට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴
විදෙස් සංචාරකයින්ට හෙට (03) සිට කටුනායකින්ම රියදුරු බලපත්
(02.08.2025 – 22:02 +0530 – sinhala.adaderana.lk)
සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට (03) දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය.
මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ සඳහා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි ද කොමසාරිස්වරයා පැවසීය.
කෙසේ වෙතත් නව ක්‍රමවේද යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි පමණක් බලපත්‍ර නිකුත් කරන බව පැවසූ ඒ මහතා බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
+
ගල්කිස්ස ඝාතනයේ සැකකරුවන් ප්‍රදේශයෙන් පළායයි
(02.08.2025 – 19:47 +0530 – sinhala.adaderana.lk)
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු (5) හඳුනාගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද වන බව පොලිසිය සඳහන් කළේය.
මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා (2) බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණි.
ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් එක් (1) පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ය.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) වන අතර එහිදී මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ය.
එම පහරදීමෙන් තුවාල ලැබූ පහලොස් (15) හැවිරිදි පාසල් සිසුවාද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
පාසලක එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකු (2) අතර ඇති වූ බහින්බස්වීමක් පිළිබඳ විමසීම සඳහා පාසල් සිසුවා සිය වැඩිමහල් සොහොයුරාද සමඟින් අදාළ නිවසට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත ෴
දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ පහසුකම එළැඹෙන වසරේ සිට
(02.08.2025 – 18:44 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ (2026) සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය.
ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ.
2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.
පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ‘ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ්’ නමින් සමාගමක් ස්ථාපනය කර තිබේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ඒ අනුව මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇත.
දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.
දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
ඉන් අනතුරුව, දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන බවද එම කොමිෂන් සභාව පවසයි ෴
පොතුපිටියේදී ධීවරයින් තිදෙනෙකු සමඟ යාත්‍රාවක් අනතුරක
(02.08.2025 – 16:20 +0530 – sinhala.adaderana.lk)
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
ධීවරයින් තිදෙනෙකු (3) රැගත් ‘නෙත්දුල පුතා’ නමැති අදාළ ධීවර යාත්‍රාව අද (02) අලුයම මුහුදු ගොස් ඇති අතර මසුන් අල්ලා නැවත ගොඩබිමට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අප වාර්තාකරු පැවසීය.
අනතුරින් ධීවරයින් තිදෙනා (3) දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් පොතුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
තවත් ධීවර යාත්‍රාවකින් ඔවුන් තිදෙනා (3) මුදාගෙන වස්කඩුව වෙරළ තීරයට ගෙනැවිත් තිබුණි.
+
ලංගම බස් ගැන අදහස්, පැමිණිලි, යෝජනා ඉදිරිපත් කිරීමට whatsapp අංකයක් ..
(02.08.2025 – 19:10 +0530 – lankacnews.com)
ආරක්ෂිත ප්‍රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි.
අදහස්, පැමිණිලි, යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ද ඒ යටතේ සැකසෙයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගෙන් ඒ යටතේ තොරතුරු ලබාගන්නා බව ද මහේෂ් මහතා කියයි.
ජනතාවට තම අදහස්, යෝජනා හා පැමිණිලි ලබා දිය හැකි මාර්ග :
- WhatsApp : 070 477 5030
- ක්ෂණික ඇමතුම් : 1958
- Website : https://www.sltb.lk/
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Israelis must be removed from business engagements. I very much suspect that these Israelis have been planted at Arugam Bay as spis in Muslim communities. They may well be agents of Mossad.