පෑලියගොඩ වෙඩි තැබීම ‘පූකුඩුකන්නා’ සහ ‘පලනි රිමෝෂන්’ අතර ගැටුමක්

පෑලියගොඩ වෙඩි තැබීම ‘පූකුඩුකන්නා’ සහ ‘පලනි රිමෝෂන්’ අතර ගැටුමක්


පෑලියගොඩ වෙඩි තැබීම ‘පූකුඩුකන්නා’ සහ ‘පලනි රිමෝෂන්’ අතර ගැටුමක්

(19.08.2025 – hirunews.lk)

පෑලියගොඩ, මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඥානරතන මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (19) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවරිදි මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සේවය කරන අයෙක්.

එමෙන්ම පාපැදියකින් ඒ අසලින් ගමන් කළ තවත් පුද්ගලයෙකුට ද තුවාල සිදු වූ අතර ඔහු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහු පෑලියගොඩ, නෙල්ලිගහවත්ත යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ටී-56 ගිනි අවියක් යොදා ගනිමන් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඔහු සේවය නිමවා යතුරුපැදියෙන් යළි නිවස වෙත යමින් සිටියදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීම ‘පලනි රිමෝෂන්’ සහ ‘පූකුඩුකන්නා’ යන අපරාධකරුවන් අතර කලක සිට පවතින මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් ‘පලනි රිමෝෂන්’ගේ පාර්ශවය විසින් සිදු කර ඇති බවටයි සැකරෙන්නේ.

එමෙන්ම ‘පලනි රිමෝෂන්’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල නායකයෙකු ලෙස කටයුතු කරන්නේ ‘කංජිපානි ඉම්රාන්’ බව සඳහන්.

කෙසේ වෙතත් අද (19) දිනය පුරා පෑලියගොඩ ප්‍රදේශයට විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් සීසීටීවි දර්ශන ආශ්‍රිත පරීක්ෂක සිදු කිරීමට නොහැකි බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

මෙම වෙඩි තැබීමත් සමග මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගියා.

එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇති අතර 45 දෙනෙකු මියගොස් තිබෙනවා ෴

+++

(19.08.2025- sinhala.adaderana.lk)

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා අද දහවල් ජීවිතක්ෂයට පත් විය.

අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අයියප්පන් ප්‍රභූ නම් 40 හැවිරිදි අයෙකි.

ඔහු පෑලියගොඩ මාළු වෙළඳසැලේ සේවය අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි.

ඝාතනය වූ පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැල්ලේ සාරංග නම් අපරාධකරුගෙන් එල්ල වූ මරණ තර්ජන හමුවේ ඔහු පෑලියගොඩට පැමිණ සිට ඇති බව පොලීසිය පැවසීය.

මොහු ඝාතනය කරන බවට වැල්ලේ සාරංග මරණ තර්ජන කර ඇත්තේ, සාරංගගේ සහෝදරයා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා උත්සාහ කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග බව පොලිසිය පවසයි.

ඝාතනය වූ තැනැත්තා පූකුඩුකන්නා නම් අපරාධකරුගේ සමීපතමයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

පලනි රිමෝෂන් හා කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුවන් ද මෙම ඝාතනයට සහාය දී ඇතැයි පොලීසිය සැක පළ කරයි ෴


විශේෂ ආරක්ෂක මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ 989 ක් අත්අඩංගුවට

(19.08.2025 – hirunews.lk)

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමේදී ඊයේ (18) පුද්ගලයන් 26,560 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මෙහිදී වාහන 11,053 ක් සමග යතුරුපැදි 8,444 ක්ද පරීක්ෂාවට ලක්කර තිබෙන බව සඳහන්.

මෙහෙයුම අතර තුරදී නීති විරෝධී ගිනි අවි 01 ක් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 6,782 ක් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා සහභාගී වුණා.

අදාළ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 989 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 528 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙකී මෙහෙයුම්වලදී ‘හෙරොයින්’ ග්‍රෑම් 674 මිලිග්‍රෑම් 959 ක්, ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 193 මිලිග්‍රෑම් 116ක්, ‘ගංජා’ කිලෝ 52 ග්‍රෑම් 714 ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට

(19.08.2025 – hirunews.lk)

සැකකරුවන් දෙදෙනෙකු (2) ගෙන් ලද තොරතුරු අනූව ගිනි අවි සහ ජීව උණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මීගමුව සහ ගණේමුල්ල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන්ගෙන් ලද තොරතුරු මත ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 240 ක්, මත්පෙති 300 ක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් (1), මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් (1), ටී 56 ජීව උණ්ඩ 138 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 290 ක් ඇතුළු මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත තවත් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, යුද හමුදාවේ හිටපු සෙබළෙකු ද ඒ අතර සිටින බව පොලිසිය ප්‍රකාශ කළා.

හිටපු යුද හමුදා සෙබළා සතුව තිබී යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සහ ගිනි අවියක් (1) ද සොයාගෙන තිබෙනවා.

මෙම ගිනි අවි සහ උණ්ඩ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මෙ’ නමැත්තාගේ බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් දස දෙනා (10) අතරින් කිහිපදෙනෙකු ඔහු සමග ඍජුව සබඳතා පවත්වා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා ෴


අඟුණුකොළපැළැස්ස රැඳවියෙක් ළඟින් සයනයිඩ් හමුවෙයි

(19.08.2025 – hirunews.lk)

බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අඟුණුකොළපැළැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයනයිඩ් කුප්පියක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ, ‘කුඩු සළිඳු’නමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු වන ‘තරිඳු මධුසංක’ නමැත්තා සතුව තිබී මෙම සයනයිඩ් සොයාගත් බවයි.

‘කොමාන්ඩෝ කවිෂ්ක කුමාර’ නමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයනයිඩ් බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයනයිඩ් පරීක්ෂා කිරීම සඳහා, කටුස්සෙක් අල්ලාගෙන එම කටුස්සාට එන්නත් කර ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ, කටුස්සා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි ෴


CHOGM Bus 09 ක් යළි ධාවනයට දාද්දී කවුරුත් නොසිතූ දෙයක් වෙයි… (19.08.2025)

+


ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකුණයි ? නිදහස් අධ්‍යාපනය වලපල්ලට… (19.08.2025)

+


නැති ලෝකයක් මවාපා බිලියන ගණන් සල්ලි මංකොල්ලකන රුසියන් ශ්‍රීලාංකිකයා (19.08.2025)

+


බුද්ධ ශාසනයෙන් නෙරපූ ශ්‍රමණවේශධාරියා ඇරඹූ ඊනියා ‘සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය’ රට කළඹයි (19.08.2025)

+


ප්‍රවීන ගීත රචකයෝ රැස්වෙලා වසර ගාණක් පරණ ප්‍රශ්නෙකට දුන්න පිලිතුර | ප්‍රසංග වල හැංගුන සිද්ධිය (19.08.2025)

+


“හොටු පෙරාගෙන අඬපු චතුරංග ආන්න ගෑනු දෙන්නෙක් එක්ක කෑම කනවා”| සුසන්ත චතුරංගගේ සායම දියකරයි (19.08.2025)

+


මොරටුව මහ නගරසභාවේ සිදුවූ දූෂණ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි |ආණ්ඩුවේ රෙදි ගැලවෙන සිද්ධියක් (19.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *