ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී

*********************************************

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී

(23.03.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට නුගේගොඩ නගරයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

ජන රැළිය නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.

+++++++

ආණ්ඩුව ගෙදර යවන විදිය දන්නවා – අනුර කුමාර

(23.03.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අනුගමනය කරන ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති තවදුරටත් රට අර්බුදයට රැගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නුගේගොඩ නගරයේ අද (23) පස්වරුවේ පැවති විරෝධතා රැලිය අමතමින්.

+++++++

+++++++

CHAPA on Geopolitics! JVP – NPP, Anura at Nugegoda! මළිමා වසන්තය?! March 24, 2022

***************************************

සතොස අලෙවිසලක් කඩා භාණ්ඩ සොරා ගැනෙයි

(23.03.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මොරටුව නගර නගරයේ පිහිටා ඇති ලංකා සතොස වෙළඳසැල අද (23) අලුයම බිඳ එහි තිබූ භාණ්ඩ කොල්ල කා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, වෙළඳසැලෙහි ප්‍රධාන දොරටුව කඩා ඇතුළු වී එහි තිබූ සහල්, සීනි, සබන් සහ බිස්කට් ඇතුලු තවත් භාණ්ඩ මෙලෙස කොල්ල කා ඇති බවයි.

කෙසේ වෙතත්, වෙළඳසැලෙහි තිබූ මුදල් කොල්ල කා නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නො මැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මොරටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

එකතු කළ අගය මත බදු පනත සංශෝධනයට අනුමැතිය

(23.03.2022 – 14:41 +0530 – hirunews.lk/sinhala)

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, 2022 ජනවාරි පළමුවනදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවෙනු ඇති.

මීට අමතරව, ඕනෑම වසංගත සහ මහජන හදිසි තත්ත්වයක දී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර තිබෙනවා.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 14 වන දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දුන් අතර එය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති ෴

***************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ආඥාවක් නිකුත් කරයි !

(23.03.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala)

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (23) උදේ දැනුම් දුන්නා.

හතළිස් (40) වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් (12) වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබෙනවා ෴

***************************************

පාසල් පෙලපොත් සියයට 92 ක් බෙදා අවසන්

(23.03.2022 – 17:13 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබාදීමට නියමිත පෙළපොත් වලින් සියයට 92 ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.

අධ්‍යාපන ප්‍රකාශක කොමසාරිස් ජනරාල් පී.එන්. අයිලප්පෙරුම සඳහන් කළේ පෙලපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338.5 ක් වැය කර ඇති බවයි.

පෙළපොත් දරුවන්ට බෙදා හැරීම සඳහා ද රජය වියදම් කරන අතර මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් ලබන පාසල් වාරය ආරම්භයට පෙර මුද්‍රණය කර දරුවන් වෙත ලබාදෙන බව ද සඳහන් කළා ෴

***************************************

පැනමා රාජ්‍යයේ සිට ආ රුපියල් කෝටි 600 ක කොකේන් අත්අඩංගුවට

(23.03.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඇමෙරිකාවේ පැනමා රාජ්‍යයේ සිට බෙල්ජියම සහ සෞදි අරාබිය හරහා කොළඹ වරායට මාර්තු 18 වන දින පැමිණ ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා සුදානම් කර තිබූ සැක සහිත අඩි 20 බහාලුම් 4 ක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (23) උදෑසන පරීක්ෂා කර තිබෙනවා.

මෙම බහාලුම් තුල අබලි යකඩ අඩංගු බවට නැවු භාණ්ඩ ලේඛනයේ සඳහන් කර තිබුණ අතර මෙම පරීක්ෂාවේදී ඉන් එක් බහාලුමක් තුල තිබී කොකේන් නමැති මත් ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා.

මෙම බහාලුම තුල ගමන් බෑග 10 ක ඇසුරුම් කොට විශාල යකඩ බඳුනක් තුල සඟවා තිබුණ කොකේන් කිලෝ 300 ක පමණ තොගයක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකියාව ලැබුනා.

මෙම කොකේන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 6,000 ක් පමණ වන බව මේ වන විට ගණන් බලා තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

මූලික විමර්ශන අවසානයේ මෙම මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

***************************************

කුසගින්නට කොස් ගෙඩියක් කැඩීමට ගිය ඥාති පුතාට බාප්පා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

(23.03.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – පිටුවල දෙකේ කණුව ප්‍රදේශයේදී කොස්ගෙඩියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා තම ඥාති බාප්පා කෙනෙකු කළ පහරදීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ගර්භනී කාන්තාවක් වූ සිය බිරිඳගේ සහ පවුලේ අයගේ දිවා ආහාරය සඳහා ඔහු කොස්ගෙඩිය කඩා ගෙන ඇති අතර කොස් ගස සම්බන්ධයෙන් පැවති ආරවුලක් සිද්ධියට හේතුවී තිබෙනවා.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් – වෙහෙරගොඩැල්ල මං සන්ධියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ උකස් තබන ලද ගුවන් විදුලි යන්ත්‍රයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන්.

***************************************

නාවල ඉන්ධන පිරවුම්හල කොල්ලකෑමේ සිද්ධියට දෙදෙනෙකු අල්ලයි – සොත්ති උපාලිගේ පුතාත් ඒ අතර

(23.03.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන රැසක් අදත් (23) වසා තිබුණු අතර ගෑස් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලත් අද (23) දිගු පෝලිම් දක්නට ලැබුණා.

මින්නේරිය ඇතුලු ඇතැම් ඉන්ධන පිරවුම් හල්වලින් නොසන්සුන්තාවයන් වාර්තා වූ අතර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ භූමිතෙල් පෝලිමක අලුයම 2 සිට රැඳී සිටි කාන්තාවක් පෙරවරු 10 ට පමණ සිහිසුන්ව බිම ඇද වැටීම ද වාර්තා වුණා.

මේ අතර, පාරිභෝගිකයන්ට ඉන්ධන අවසන් බව පවසා වැඩිමිලට අලෙවි කිරීම සඳහා භූමිතෙල් ලීටර් 5,000 ක් සඟවාගෙන සිටි අනුරාධපුර ඉන්ධන පිරවුම්හලක හිමිකාරිත්වය දරණ දෙදෙනෙකු (2) සහ එහි කළමනාකාරිනිය හෙට (24) අධිකරණයට කැඳවා තිබෙනවා.

එසේම, නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් පසුගිය 16 වනදා කොල්ලකෑ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අතර සිටින ප්‍රධාන සැකකරුවන ‘ගයියා’ හෙවත් ‘චිරන්ත ගයාන්’ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘සොත්ති උපාලි’ගේ පුත්‍රයෙක් ෴

***************************************

අමෙරිකානු ඩොලරයක් රුපියල් 300 ට ළං වෙයි

(23.03.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල පා කිරීමට පසුගියදා මහ බැංකුව පියවර ගැනීමෙන් පසු ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ වැඩිම අවප්‍රමාණය අද (23) වාර්තා වුණා.

මහබැංකු විනිමය අනුපාතිකයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල 284.31 ක් දක්වා අවප්‍රමාණය වී තිබූ අතර වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාත යටතේ ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 285 ත් 299 ත් අතර අගයකයි.

එවන් පසුබිමක අමානා ටාකාෆුල් බැංකුවේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 299 ක් ලෙස දැක්වුණා.

එම බැංකුවේ කුවේට් ඩිනාරයක අගය අද (23) රුපියල් 1000 ඉක්මවා ගිය අතර, එහි අගය දැක්වුණේ රුපියල් 1014ක් ලෙසයි.

එසේම, පසුගියදා ඉන්දියාව ලබා දුන් ණය ආධාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ප්‍රණාමය පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා නිල දැනුම්දීමක් මගින් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර ඇති බවයි.

මේ අතර, එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇති අතර, මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට ද එමගින් අපේක්ෂිතයි.

***************************************

ඇල්පිටියේ දී මනුෂ්‍ය ඝාතනයක්

(24.03.2022 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය පොලිස් වසමේ පිටුවල ප්‍රදේශයේ දි පිහියෙන් ඇන සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.

කොස් ගසකින් කොස් ගෙඩියක් කැඩීමට යාමේ දී දෙදෙනෙකු (2) අතර ඇති වූ ආරවුලක් මත යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.

බරපතළ තුවාල ලැබූ තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බව පොලිසිය වාර්තා කරනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 34 ක ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 80 ක ඇල්පිටිය – පිටුවල ප්‍රදේශයේ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඇල්පිටිය පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

තවත් කොරෝනා මරණ 05 ක්

(23.03.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 05 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,445 ක් ෴

***************************************

‘ශ්‍රී ලාංකේය සංගීතයේ නූතන සලකුණ’ දිනේෂ් සුබසිංහ ‘Aruna.lk රූ සැඳෑව’ සමඟ සජීවීව (17.03.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *