*********************************************
IMF සමග සංවාදයට පෙර ලක් රජය ජාත්‍යන්තර නීති සහාය පතන ලකුණු
(22.03.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානය සමග සාකච්ඡා කිරීමට පෙර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික සහාය ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නීති සමාගමක් බඳවා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව අදාළ තාක්ෂණික සහාය ලබාදීම වෙනුවෙන් එක් කරගන්නා ජාත්‍යන්තර නීති සමාගම පිළිබඳ මෙතෙක් කරුණු හෙළි වී නැහැ.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද හමුවේ ඊට විසඳුම් සෙවීම පිණිස ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කළා.
ඒ සඳහා වන අදාළ සාකච්ඡාව සිදු කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නුදුරු දිනකදී අමරිකාවේ වොෂින්ටන් ඩී.සී. වෙත ගමන් කිරීමට නියමිතයි.
කෙසේවෙතත්, අදාළ නිල සංචාරය සඳහා මුදල් අමාත්‍යවරයාගේ පිටත්ව යෑම සාධාරණීකරණය කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පැවසුවේ, මුදල් අමාත්‍යවරයා අයි.එම්.එෆ්. වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා නොවන අතර, රට ගොඩගැනීමට අවශ්‍ය ආර්ථිකයට පදනම් වූ තාක්ෂණික සහාය ලබාගැනීම වෙනුවෙන් ම පමණක් බවයි.
නමුත් මේ වනවිට විදෙස් මාධ්‍ය හුවා දක්වන්නේ, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමටත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමටත් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීමට ප්‍රථම ඊට අදාළ ජාත්‍යන්තර නීති උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි ෴
***************************************
ණය සහන ගැන තාක්ෂණික සහය ගන්න ජාත්‍යන්තර නීති සමාගමක්
(22.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට පෙර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරනවා.
ඒ අනුව ඊට අදාළව ජාත්‍යන්තර නීති සමාගමක් මගින් උපදෙස් ලබාගැනීමට අපේක්ෂිත බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා ලබන මාසයේදී වොෂින්ටන් නුවර වෙත යෑමට නියමිතව ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.
ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුලු ආනයන සම්බන්ධ දැඩි ගැටළුවකට මුහුණදී සිටින බවද එහි සඳහන්.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට, පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක ශික්ෂණ රෝහල්වලට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සිදුව ඇති බව ආහාර සැපයීමේ ටෙන්ඩර් ලබාගත් ආයතන පවසනවා ෴
***************************************
විවාහයට සහ අන්තිම කැමති පත්‍රයටත් නව කැබිනට් තීන්දු දෙකක් (2)
(22.03.2022 – 11:35 +0530 – hirunews.lk/sinhala)
අන්තිම කැමති පත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම පිණිස මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබූ බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ.
ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
එමෙන්ම විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත සංශෝධනය කිරීම පිළිබඳව ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සාකච්ඡා කෙරුණා.
විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම් සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව එකී නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතිනවා.
විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීම සඳහා සපුරාලිය යුතු නියමයන් ඇතුළත් විය යුතු අතර, විදේශ දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යවරයා කළ යෝජනාවට ද කැබිනට් මණ්ඩලය අවසරය හිමිවුණා ෴
***************************************
ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවක්
(22.03.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)
ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සභාපතීත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මෙම කමිටුව සමන්විතයි.
ජාතික වශයෙන් ප්‍රමුඛ ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කර ඊට අදාළ අංශයන් හි ආයෝජන අවස්ථා හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසදුම් ලබාදීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණ වී තිබෙනවා ෴
***************************************
අධිවේගයේ ගිය දඹ රන් තලගොයා
(22.03.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)
නිධානයකින් ලබා ගත් බවට සැක කෙරෙන දඹ රනින් නිමකළ තලගොයෙකුගේ ප්‍රතිමාවක්, නිල් මැණික් 3 ක් සහ රුබී මැණිකක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) කළුතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර හිටපු යුද හමුදා සෙබලෙකු ද සිටින අතර දඹ රනින් නිමකල තලගොයි ප්‍රතිමාව කිලෝග්‍රෑම් 8 ක් පමණ වන අතර, එය රුපියල් කෝටි 02 ක පමණ වටිනාකමකින් යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.
උපාය දූතයෙකු යොදවා මෙම සැකකරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දියගම උමං මාර්ගය අසල දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
***************************************
අවශේෂ කැළෑ පිළිබඳ නිකුත් කළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි
(22.03.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබූ සංරක්ෂිත නොවන අවශේෂ කැලෑ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ක්‍රියා නොකරන ලෙස දන්වමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට අද (22) අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළා.
සැප්තැම්බර් මස 01 වනදා තෙක් මෙම නියෝගය බලපැවැත්වෙන බවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.
ඒ, අදාළ චක්‍රලේඛය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදියි.
එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වන ඉඩම් කොමසාරිස් ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පාර්ශ්වකරුවන් පස් දෙනෙකුට අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.
2020 වසරේ නොවැම්බර් 04 වන දා නිකුත් කෙරුණු මෙම චක්‍රලේඛයෙන් වනාන්තර හෙළි පෙහෙළි කර හේන් ගොවිතැන ඇතුළු වගා කටයුතු සඳහා ලබාදීමක් සිදු වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ හරහා කැළෑ විනාශ වී දැඩි පාරිසරික සංකූලතාවක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් කළා ෴
***************************************
නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට
(22.03.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)
මොරගොඩ පොලිස් වසමට අයත් පහළ අඹතලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා ගවයෙකුගේ මස් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මොරගොඩ පොලිසියේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමක දී හැකි වුණා.
පහළ අඹතලේ ප්‍රදේශයේ නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් මස් ජාවාරමක් සිදු කරන බවට මොරගොඩ පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කෙරුණා.
සැකකරු විසින් ලබුනෝරුව – පහළ අඹතලේ ප්‍රදේශයේ එම නීති විරෝධී ගවඝාතකාරය පවත්වාගෙන ගොස් තිබූ අතර වැටලීම සිදුවන අවස්ථාවේ එම නීතිවිරෝධී ගවඝාතකාගාරයේ කිරිගවයකු ඝාතනය කර මස් පිණිස සකසමින් සිටි බව පොලිසීය පැවසුවා.
මෙලෙස නීති විරෝධීව ඝාතනය කර තිබූ ගවයා රුපියල් ලක්ෂයක පමණ වටිනාකමක් ඇති බවත්, ඝාතනය කර තිබූ ගවයාගේ මස් කිලෝග්‍රෑම් 55 ක් පමණ ද ශරීර කොටස් ද සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට එහිදී හැකි වුණා.
සැකකරු ඉහළ අඹතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර, ඔහු මීට පෙර ද මෙවැනි විවිධ අපරාධ රැසකට අධිකරණයෙන් වරදකරු වී ඇති අයෙක්.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
***************************************
ගල්කිරියාගම නීතිවිරෝධී අවි ගබඩාව
(22.03.2022 – 15:20 +0530 – hirunews.lk/sinhala)
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමක දී ගල්කිරියාගම – දෙමටගොල්ලාගම ප්‍රදේශයේ නිවසක තිබූ නීතිවිරෝධී අවි ගබඩාවක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.


එහිදී සැකකරුගේ නිවසේ සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ටී 56 උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි ලෙස සැකසූ බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කුවක්, ටී 56 වර්ගයේ ජීව පතොරම් 68 ක්, ඒවායේ හිස් කොපුවක් ද, MPMG වර්ගයේ ගිනිඅවි සඳහා යොදන ජීව පතොරම් 03 ක්, බෝර 12 වර්ගයේ ජීව පතොරම් 03 ක් ද ඒවායේ හිස් කොපු 10 ක් ද සොයාගෙන තිබෙනවා.
එම බෝර 12 ගිනි අවියට ටී 56 වර්ගයේ පතොරම් යෙදිය හැකි අයුරින් විශේෂයෙන් සකසන ලද විශේෂ කොටසක් ද එහිදී වනජීවී නිලධාරින් සිය භාරයට ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවහුව – දෙමටගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු හා නඩුභාණ්ඩ කැකිරාව දිසා/මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
***************************************
පෙම්වතිය ඝාතනය කළ සැකකරු මේ මස 31 වනදා දක්වා රිමාන්ඩ්
(22.03.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)
ගම්පහ – දොරනාගොඩ ප්‍රදේශයේ නිවසක දී පෙම්වතියගේ ගෙල සිරකර ඝාතනය කළ සැකකරු මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න අද (22) නියෝග කළා.
සැකකරු පෙම්වතිය ඝාතනය කර ඇගේ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් කැළණි ගඟට දමා තිබියදී පසුගිය 18 වනදා පොලීසිය විසින් සොයාගෙන තිබුණා.
මෙලෙස ඝාතනය කර තිබුණේ වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක්.
පසුගිය 16 වන දා සැකකරු එම තරුණිය සිය නිවසට මෝටර් රථයකින් රැගෙන විත් ඇති අතර එහිදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක දී එම පුද්ගලයා ඇයගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴
***************************************
‘කුලී සින්න’ නිවාස යෝජනා ක්‍රමය ඇරඹේ
(22.03.2022 – 15:44 +0530 – hirunews.lk/sinhala)
අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා ‘කුලී සින්න’ නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඉඩම් හා නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් සහිතව ජීවත්වන කුලී වැසියන්ට නිවාස ගැටලුවට පිළියම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන යෝජනා කර තිබෙනවා.
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව තට්ටු 4 ක් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමටත් ප්‍රථම අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 464 කින් සමන්විත නිවාස සංකීර්ණ 9 ක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.
තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට මුලික ගෙවීමක් කිරීමට හැකියාව නොමැති බැවින් මාසිකව රුපියල් 15,000 ක කුලී මුදලක් වර්ෂ 31 ක් තුළ අය කර ගැනීමට නියමිතයි.
දෙවන (2) හෝ තුන්වන (3) පරම්පරාවට නිවසේ අයිතිය පවරා දීමට හැකි වන පරිදි හා කිසිදු හේතුවක් මත නිවාස විකිණීමට නොහැකි වන පරිදි ප්‍රතිලාභීන් සමග ගිවිසුමකට එළඹීමට හැකිවන පරිදි අදාළ නිවාස ව්‍යාප්තිය සැලසුම් කර ඇති බව සඳහන්.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමිව තිබෙන්නේ ෴
***************************************
උතුරේ දෙමළ පවුලක් බෝට්ටුවක නැගී ඉන්දියාවට යාමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා
(22.03.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala)
ඔවුන් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිට තමිල්නාඩුවට බෝට්ටුවකින් යාමට උත්සාහ දරා ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම පිරිස් තමිල්නාඩුවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි ප්‍රදේශයේදී තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
තමිල්නාඩුවේ රාමේෂ්වරන් අසල ධනුෂ්කොඩි ප්‍රදේශයේ පිහිටා ඇති වැලි කඳු පන්තියේ තුන්වැනි (3) දූපතේ පිරිසක් රැඳී සිටින බවට Q-පොලිසියට ලද තොරතුරක් අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු වෙරළාරක්ෂක බලකාය ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එහි ගිය වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ එම වැලිකන්ද මත පිරිමියෙකු (1), කාන්තාවන් දෙදෙනෙකු (2) සහ දරුවන් තුන්දෙනෙකු (3) සිටින ආකාරයයි.
ඉතාමත් විඩාපත්ව සිටි ඔවුන් සිය භාරයට ගැනීමෙන් අනතුරුව ආහාර සහ ජලය ලබා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම පුද්ගලයින් සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණෙන්නට ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් තමිල්නාඩු මණ්ඩපම් වෙරළාරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගොස් එතනින් මූලික පරීක්ෂණ අවසන් කර ඔවුන් ඉන්දීය මැරීන් පොලිසිය වෙත භාරදීමට නියමිතයි.
එහිදී සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුවයි ඔවුන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ.
එහිද දී සිදු කෙරෙන විමර්ශන අනුව අදාළ පුද්ගලයින් සරණාගතයන් ලෙස ඉන්දියාවට පැමිණ ඇති බව තහවුරු වුවහොත් ඔවුන් තමිල්නාඩු සරණාගත කඳවුරක් වෙත යොමු කරනු ඇති.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින කිරිපිටි, භූමිතෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟය සහ අධික ජීවන වියදම දරා ගත නොහැකිව උතුරුකරයේ ශ්‍රී ලාංකිකයින් නැවතත් තමිල්නාඩුව වෙත සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුවී ඇති බවයි.
කෙසේ වෙතත් දශක තුනක (3) යුද්ධයෙන් පසු උතුරුකරයේ ජනතාව නැවතත් තමිල්නාඩුව කරා සරණාගතයින් ලෙස යොමුවන පුවතක් වාර්තා වන්නේ පළමු වතාවටයි.
***************************************
මහජන පක්ෂ නායකයා හෙට (23) සර්ව පාක්ෂික සමුළුවට එක්වන රහස හෙළි වේ
(22.03.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්නට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඔහුට ලබාදෙන රාජ්‍ය අමාත්‍යධූරය කුමක්ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා හෙට (23) දින පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව ට සහභාගිව වන බවට තහවුරු කරනු ලැබුවේ ඒ අනුව බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
හෙට (23) දින පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව ට එක්වන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අසංක නවරත්න මන්ත්‍රීවරයාගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වනවා.
හෙට (23) දින පැවැත්වෙන සර්වපාක්ෂික සමුළු වේ සම්බන්ධීකරණ කටයුතු පවරා ඇති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට මහජන පක්ෂ නායකයා විසින් සිය සහභාගීත්වය තහවුරු කර ඇති බවයි එම ආරංචි මාර්ග තහවුරු කළේ.
ජනාධිපතිවරයා විසින් මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ඉල්ලීම්කට අනුවයි.
වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එවැන්නක අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අවධාරණය කර තිබුණා.
මෙම සර්වපාක්ෂික සමුළුව එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට ලිඛිතව දැනුම් දීමටත් රජය කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් ප්‍රමුඛතාවය දරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක සන්ධානය නියෝජනය කරමින් මෙම සර්වපාක්ෂික සමුළුව ට සහභාගි වීමට නිර්දේශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ දෙදෙනා (2) පමණයි.
කෙසේ වෙතත් එම එකඟතාව උල්ලංඝනය කරමින් එම පක්ෂ සන්ධානයේ සිටින ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න එම සර්වපාක්ෂික සමුළුව ට එක්වන බවට අද (22) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සහ තහවුරු කර තිබුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴