වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු

වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු

*********************************************

වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු

(20.03.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala)

එතෙර පිහිටි මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල පවත්වා ගැනීම සදහා වන වියදම් අවම කිරීමේ අරමුණෙන් තානාපති කාර්යාල 2 ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් (1) වසා දැමීමේ සූදානමක් පිළිබදව තොරතුරු වාර්තා වනවා.

ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදේශ අමාත්‍යාංශය මගින් හෙට (21) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ මස 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වසා දැමීමට යෝජනා කර ඇත්තේ ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත්, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි කොන්සන් ජනරාල් කාර්යාලය බව සදහන් ෴

***************************************

බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක්

(20.03.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

කොටහේන බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් ගිනි නිවීම් රථ 5 ක් පිටත් කර යැවූ බවයි ෴

***************************************

ගස් කැපීමට බලපත්‍ර දීම ගැන විශේෂ චක්‍රලේඛයක්

(20.03.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

අදාල පැළ වර්ග රෝපණය කළ බවට තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් මාර්තු 31 වනදායින් පසු ගස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කළ හැකි බවට දක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්‍ර නිකුත් කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කළ බවයි.

අමාත්‍යවරයා ඊට අදාල උපදෙස් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදී තිබෙනවා.

ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරී වරුන්ට ඊට අදාල උපදෙස් ඇතුලත් චක්‍රලේඛය නිකුත් කර ලෙසටයි අමාත්‍ය චමල් රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත්තේ.

2022.03.31 වන දිනෙන් පසු නිකුත් කරනු ලබන සෑම දැව හෙලීම් බලපත්‍රය සඳහාම මෙම නීතිය වලංගු වනු ඇති.

ඒ අනුව නව දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහත කරුණු අනුගමනය කළ යුතු වනවා.

  • දැව හෙලීම් බලපත්‍රය නිකුත් කරනු ලබන ශාක වර්ගයම රෝපණය කළ නොහැකි නම්, එම ශාකය මගින් මිහිමවට දායාද කළ ජෛවීය ගුණයන් හා ප්‍රමාණයන්ට සරිලන ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාවක් සලසන ශාක විශේෂයක් බලපත්‍ර ලාභියා විසින් සිටුවිය යුතුයි.
  • දැව හෙලීම් බලපත්‍රය හිමි ඉඩමේ අයිතිකරුවන් විසින් පැල රෝපණය කළ යුතු අතර ව්‍යාපාරිකයෙකු වෙත බලපත්‍ර නිකුත් කරනු ලබන අවස්ථාවකදී , එම ව්‍යාපාරිකයා විසින් බලපත්‍රයට ගෙවනු ලබන මිලට අමතරව නව රෝපණයට සුදුසු ශාක විශේෂ අදාළ ඉඩම් හිමියා ලබාදී එම ශාකය රෝපණය කළ යුතුයි.
  • ව්‍යාපාරික කටයුත්තක් නොවන අවස්ථාවකදී ඉඩම් හිමියා විසින් අදාළ ශාක විශේෂය තම වියදමින් සපයාගෙන බලපත්‍රය පරීක්ෂාවට පැමිණෙන දිනයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරීක්ෂාකර නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර පැළ රෝපණය කළ යුතුය.
  • ශාක රෝපණය සඳහා තම ඉඩම තුළ ප්‍රමාණවත් හා සුදුසු ඉඩකඩ නොමැති අවස්ථාවකදී ග්‍රාම නිලධාරියා විසින් නියම කරනු ලබන ප්‍රදේශයේ පොදු ස්ථානයක අදාළ නව ශාක රෝපණය කළ යුතුයි.
  • දැව හෙලීම් බලපත්‍රය තුළින් හෙළීම් සිදුකිරීම සඳහා අවසර ලබා දී ඇති ශාක ප්‍රමාණයට සාපේක්ෂව ඊට සරිලන පැළ ප්‍රමාණයක් සිටුවීම සඳහා අදාළ ඉඩම් හිමියන් හා ව්‍යාපාරිකයින් යොමු කළ යුතු අතර එය හෙළීම් සිදු කරන එක් ශාකයක් සඳහා අවම වශයෙන් එක් පැලයක් සිටුවිය යුතු අතර උපරිමය සීමාවක් නොමැත.
  • සිටුවනු ලබන පැළ පිළිබද විස්තර ඇතුලත් ලේඛනයක් ග්‍රාම නිලධාරී විසින් සහ ප්‍රාදේශීය ලේකම් විසින් වෙන වෙනම පවත්වාගෙන යා යුතු අතර තම වසම තුළ පැළ සිටුවනු ලබන සෑම අවස්ථාවකදීම ග්‍රාම නිලධාරී විසින් එම විස්තර තම සටහන් ලේඛනයේ ඇතුළත් කිරීමට වග බලා ගත යුතු අතර එහි පිටපතක් සමග දැව හෙළීම් ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් තම බල ප්‍රදේශය තුළ රෝපණය කළ පැල පිළිබඳව පවත්වාගෙන යන ලේඛනයට අනුව අදාළ පැල නඩත්තු පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිටින කාර්යාල ගත සංවර්ධන නිලධාරීන් මගින් මසකට වරක් පසුවිපරමක් සිදු කළ යුතු වනවා.

එහි පසුවිපරම් වාර්තාව මාස තුනකට (3) වරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බවටයි අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ ෴

***************************************

අගමැති යාපනයේදී සිහි කළ අතීත මතකය

(20.03.2022 – 22:32 +0530 – hirunews.lk/sinhala)

යහපාලන සමයේ නතර කළ උතුරේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර එහි ජන ජීවිතය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

යුද්ධය හේතුවෙන් වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීමටද අග්‍රාමාත්‍යවරයා අද (20) එක්වුණා.

2021 පෙබරවාරි 08 වැනිදා ගනුලැබු කැබිනට් මණ්ඩල තීන්දුවට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉතිරිකොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය කර තිබෙනවා.

එහෙත් අදාළ ගොඩනැගිලිවලින් සියයට 80 ක්ම නැවත ප්‍රතිසංස්කරණයකොට ප්‍රයෝජනයට ගත හැකි බව අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයේදී අනාවරණය වුණා.

අනතුරුව යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළ ‘යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකෙරුනු මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටි විස්සකින් (20) සමන්විතයි.

මෙම අවස්ථාවේදී යුද්ධයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන් පිරිසක්ද ඒ අසළ විරෝධතාවක නිරත වීමට උත්සහ කිරිමත් සමග පොලිසිය මැදිහත්ව එය වැලක්වීමට කටයුතු කළා.

+

+++++++

***************************************

JVPය ගැන රහසක් එළියට… අභයාරාමයට නොපැමිණි ඇය කවුද ? (20.03.2022)

***************************************

විශ්‍රාමික හමුදා මේජර් ඝාතනය කළ පොල් කඩන්නා

(20.03.2022 – 20:36 +0530 – sinhala.adaderana.lk)

මාලඹේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රෝගීව ඇඳ මත වැතිර සිටී විශ්‍රාමික හමුදා මේජර්වරයෙකුගේ කටට පාංකඩ ඔබා ඝාතනයකර ඔහු සහ ඔහුගේ බිරිඳ පැළඳ සිටි රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය සහ දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් ප්‍රධාන සැකකරු පොල් කඩන්නෙකි.

ඔහු සහ ඔහුගේ සගයා අද (20) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මාලබේ තලාහේන සිසිල පුර පදිංචිව සිටි ජයරත්න බණ්ඩාර නමැති 81 හැවිරිදි විශ්‍රාමික මේජර් වරයෙකි.

කොල්ල කා තිබූ රන් මාලයක්, අත් පළඳනාවක්, මුදු තුනක් සහ කරාබු දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඉකුත් 16 වැනි දින අලුයම පහට (5) පමණ තාප්පය මතින් පැන නිවසේ මුළුතැන්ගෙයි අසලට පැමිණ සැඟව සිටි සැකකරුවන් දෙදෙනා (2) විශ්‍රාමික මේජර්වරයාගේ බිරිඳ මුළුතැන්ගෙයි දොර අරිනවාත් සමගම කඩාවැදී ඇයව කාමරයකට දමා අත් පා බැඳ කටට රෙදි පාංකඩ ඔබා මරණීය තර්ජනය කර මෙම කොල්ලය සිදුකර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

එම අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව පැළඳ සිටි කරාබු යුගලය, අත් පළඳනාව මුදුවක් සහ රන්මාලය සැකකරුවන් විසින් කොල්ල කා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා (2) යාබද කාමරයේ රෝගීව ඇඳ මත සිටි විශ්‍රාමික මේජර්වරයාවරයාගේ කටට ද පෙර ආකාරයේම පාංකඩ ඔබා අත් දෙක උඩටකර ගැට ගසා අත පැළඳි තිබූ රන් මුදු දෙකක් (2) කොල්ල කා ඉදිරිපස දොරින් පිටවී තිබූ බව සීසීටීවී දර්ශන අනුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර කරන ලද කොල්ල කෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරමින් සිටියදී ඇති වූ සැකයක් මත ඝාතනයට ලක්වූ මේ ලක්වූ මේජර්වරයාගේ නිවස පිහිටි වත්තට කලක සිට පොල් කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙක් කෙරෙයි ඇති වූ සැකයක් අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශන සිදුකළ බව පොලිසිය කියයි.

අදාළ නිවසින් එදින අලුයම පුද්ගලයන් දෙදෙනකු (2) පිටවන අයුරු CCTV කැමරාවක සටහන් වු දර්ශන පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී කොල්ලයෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා (2) බත්තරමුල්ල තෙක් ගමන් ගත් මාර්ගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලීසියට ලද තොරතුරක් අනුව පොල් කඩන්නා වැලිකඩ සයුරු පුර නිවාස සංකීර්ණයේ ස්ථිර පදිංචිකරුවෙකු බවට අනාවරණය කර ගැනීමට හැකි වුවත් එම පුද්ගලයා එම නිවසේ පදිංචි නැති බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

අදාළ සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස දෙමටගොඩ බේස්ලයින් 20, ප්‍රදේශයෙන් නිවසක සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වටලා ඝාතනය සිදුකළ පොල් කඩන්නා සහ සගයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා (2) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රන් භාන්ඩවලින් කොටසක් උකස් කර තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා (2) තදින්ම මත් කුඩු වලට ඇබ්බැහි වූවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

***************************************

20 හැවිරිදි තරුණයා ට මරු කැඳවූ මාරක අනතුර – CCTV

(20.03.2022 – 18:22 +0530 – sinhala.adaderana.lk)

පොල්ගහවෙල නගරයේදී අද (20) සිදුවු මාරක අනතුරක් CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොල්ගහවෙල සිට අලව්ව දෙසට ගමන්ගත් යතුරුපැදියක් මෝටර් රථයක් ඉස්සර කිරීමට යෑමේ දී යතුරුපැදිය මෝටර් රථයේ පසුපස ගැටෙයි.

පසුව යතුරුපැදිය මාර්ගයේ අනෙක් පසට විසි වී යන අතර, ඒ සමගම කොළඹ සිට අනුරාධපුර දෙසට ධාවනය වන ලංගම බස් රථයකට යතුරුපැදියේ ගමන්ගත් අයෙකු යටවී අනතුර සිදුවේ.

යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුව නොමැත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 20 හැවිරිදි වද්දෙණිය, හැලමඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

https://www.youtube.com/watch?v=EoVwLUwLxv0#t=5

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දුර්මත නිසා කොරෝනා යළි ඉහළ යාමේ අවදානමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

(20.03.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පිළිබඳ පැතිර යන දුර්මත හේතුවෙන් වසංගතය ලොව පුරා යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි කොරෝනා වෛරස් පිළිබඳ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව්, ජිනීවා නුවරදී එවැනි ප්‍රධාන දුර්මත 3 ක් හෙළිදරව් කළා.

කොරෝනා වසංගතය දැන් අවසන් වී ඇති බව එම පළමු (1) දුර්මතයයි. දැනට ලොව පුරා පැතිරෙන ඔමික්‍රොන් ප්‍රභේදය දුර්වල වෛරස් ප්‍රභේදයක් බව දෙවන (2) දුර්මතය වන අතර, එය, අවසාන කොරෝනා ප්‍රභේදය යන්නද, දුර්මතයක් ලෙසයි ඇය හැඳින්වූයේ.

මේ හේතුවෙන් ලෝකවාසීන් තුළ අවිනිශ්චිත භාවයක් මතුව තිබෙනවා.

එමෙන්ම එන්නත්කරණය කොරෝනා රෝගය අසාධ්‍ය වීම සහ මරණය වළක්වන මූලික ප්‍රතිකර්මය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරසය පිළිබඳ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් අවධාරණය කළා.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනයේදී තවත් පුද්ගලයන් 12,326 දෙනෙකු වර්ධක හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, එම එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 76,89,489 දක්වා ඉහළ යනවා ෴

+++++++++++

තවත් කොරෝනා මරණ 05 ක්

(20.03.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවි තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,431 ක් ලෙසටයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් තුන්දෙනෙක් (3) සහ කාන්තාවන් දෙදෙනෙක් (2).

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,57,961 ක් වාර්තාවී තිබෙනවා.

රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,943 ක්.

ආසාදිතයන් 6,24,592 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 236 ක්

(20.03.2022 – 20:26 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 236 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,58,197 ක් ලෙසටයි.

ආසාදිතයන් 17,090 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,24,676 ක්.

මෙරටින් කොරෝනා මරණ 16,431 ක් වාර්තාවී ඇති අතර ඒ අද වාර්තා කළ මරණ 5 ත් සමගින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *