වෛද්‍ය වසන්ත බණ්ඩාර කියු දේ හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි … ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම් මෙන්න …

වෛද්‍ය වසන්ත බණ්ඩාර කියු දේ හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි … ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම් මෙන්න …

*********************************************

වෛද්‍ය වසන්ත බණ්ඩාර කියු දේ හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි … ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම් මෙන්න …

(20.03.2022 – 12:00 +0530 – lankaleadnews.com)

ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව උදෙසා ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් (3) අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන් යානා දෙකක් (2) ද ටොන් 4000 ක් බරැති පාවෙන නාවුක තටාකයක් ද ස්ථාපිත කර ඇති අතර නාවික සබඳතා ගැන කටයුතු කරන නිලධාරියකු ද පත්කර ඇත.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් තුනකට (3) එළඹෙන මුල් අවස්ථාව ද මෙයයි. ඉන්දීය රජය ඕස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, බි‍්‍රතාන්‍ය හා ඇමෙරිකාව සමඟද මෙවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළඹ තිබේ. ක්වොඩ් නමින් හඳුන්වන මෙම ආරක්ෂක එකඟතාවය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ‍්‍රී ලංකා රජය මෙතෙක් හෙළිකර නැත. ඉහළ පෙළේ ආරක්ෂණ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය සාගරයේ ඇමරිකානු ආරක්ෂක මෙහෙයුම ඇමරිකානු රජය ඉන්දියාව හරහා ශ‍්‍රී ලංකාවට යොමුකර ඇති බවය.

ඇමරිකානු බලධාරීන් මෙම ආරක්ෂක එකඟතාවය ඇතිකර ඇත්තේ චීනයට එරෙහිව බව ද ආරංචි මාර්ග කියා සිටී. මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් මහාදේවි, තරිනි, බුල්බුලා, කඩල්පුරා සහ හරියාල් යන නැව් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති දේශනයකදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද මේ සම්බන්ධයෙන් හෙළිකිරීමක් කර ඇත.

එම සම්පූර්ණ විඩියෝව :

+++++++

+++++++

බැසිල්ගේ පාවාදීම් ගැන ඉන්දියානු පාර්ශවයෙන් හෙළි දරව්වේ

(19.03.2022 – 20:16 +0530 – lankaleadnews.com)

ඉන්දියානු රජයේ අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට ප්‍රවේශය සහිත විදේශගත වූ ශ්‍රී ලාංකිකයින් විසින් ලබා දෙන තොරතුරු වලට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ඉන්දියන් බලය තහවුරු කර ගැනීම සඳහා ඉන්දියානු පාර්ශවයෙන් ඉදිරිපත්වී ඇති යෝජනා සඳහා බැසිල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.

එම එකඟතාවයන් මෙසේය :

1) පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සහ මෙහෙයවීම ඉන්දියානු සමාගමකට ලබා දීම.
2) මඩකළපුව ගුවන් තොටුපල සිවිල් ගුවන් තොටුපලක් බවට ඉන්දියානු සමාගමක් මගින් සංවර්ධනය කිරීම.
3) සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ඉන්දියානු රජ්‍යය සමාගමකට අක්කර 1000 ක් ලබාදීම
4) මන්නාරම සුළං බලාගාරය සඳහා අදානි සමාගමට අක්කර 600 ක් ලබාදීම.
5) ‘සේතු සමුද්‍රම්’ (ආදම්ගේ පාලම ) සහ කච්චතිව් දූපතට අදාළ ඉන්දියානු අයිතීන් පිළිගැනීම.
6) ත්‍රිකුණාමලය වරායේ තෙල් සැපයීමේ ව්‍යාපාරය පුළුල් කිරීම.
7) ත්‍රිකුණාමල වරායේ තෙල් සැපයීමේ ව්‍යාපාරය පුළුල් කිරීම.
8) නැගෙනහිර මුහුදු කළාපය ආශ්‍රිතව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම.

***************************************

නව කිරිපිටි මිල නිල වශයෙන් ප්‍රකාශයට – මිල වැඩි කළත් අර්බුදයක – සමාගම් කියයි

(20.03.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටිවල වැඩි කළ නව මිල කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් ඉහළ යන අතර, එහි නව මිල වන්නේ රුපියල් 790 ක්.

එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 600 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1945 ක් ලෙසයි.

ඩොලර් අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කිරි පිටි මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් මෙම මිල ඉහළ දැමීම සිදුකළ බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ.

මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ කිරිපිටි ආනයනය කිරීම සීමාසහිත වීම හේතුවෙන් ආනයනික කිරිපිටි සමාගම් ඒවා පවත්වාගෙන යාමේ අවදානමකට මුහුණ දී සිටිනවා.

පිටිකිරි නිෂ්පාදන ප්‍රමාණවත් තරම් ආනයනය නොකිරීම හේතුවෙන් තමන් මෙලෙස අර්බුදයකට මුහුණදෙන බවයි කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ. නිෂ්පාදන ආනයනය ප්‍රමාදවීමත් සමඟ කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍රද ක්‍රියාත්මක නොවන බව සඳහන්. එසේම, අලෙවි නියෝජිතයින්ටද මෙන්ම සේවය කරන පුද්ගලයින්ටද රාජකාරී නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වයටද මින් බලපෑම් එල්ල වන බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ.

එසේම මිල වැඩි කිරීම හේතුවෙන් ජනතාව කිරිපිටි පරිභෝජනයෙන් ඉවත් වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් කියා සිටියා ෴

***************************************

පෞද්ගලික බස් රථ සේවකයින් ආදායමෙන් 15% ක් ඉල්ලයි

(20.03.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහයකයන් සඳහා වැටුප් තලයක් හඳුන්වා දී ඔවුන්ගේ දෛනික වැටුප දෛනික ආදායමෙන් සියයට 15 ක් දක්වා වැඩිකල යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා.

එහි ලේකම් කුමාර රත්න රේණුක හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එසේ නොවුනහොත් සිංහල අලුත් අවුරුදු සමයේදී දිවයින පුරා බස්රථ ධාවන කටයුතු වලින් ඉවත් වීමට පියවර ගන්නා බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මගීන් විසින් ලබා දෙන බස් ගාස්තු ඍජුව බස් හිමියන්ට ලබා ගත හැකි වන අකාරයේ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

එම කාඩ්පත මෙමස අවසානයේ සිට ක්‍රියාත්මක වනු ඇති බව ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

උතුරේ පුදබිම් සංවර්ධනය කිරීමට පියවර ගන්නවා – අගමැති

(20.03.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

නාගදීප පුදබිම ඇතුලු උතුර පළාත තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජාභූමිය ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේ ඊයේ (19) පස්වරුවේ පැවැති උත්සවය අමතමින්.

යාපනය – නාගදීප රජමහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන්වහන්සේ සහ නාගදීප විහාරාධිකාරී පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

උතුරු ප්‍රදේශයේ සිදුකල සංචාරය අතරතුර අග්‍රමාත්‍යවරයා යාපනය ශ්‍රී නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ

එමෙන්ම යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ද සහිතව යාපනය නාවක්කුලිය සමිද්ධි සුමන විහාරස්ථානයේ ඉදිකළ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමද ඊයේ (19) සිදු කෙරුණේ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රදේශයේ ගැබිණි මාතාවන් 50 දෙනෙකුට පෝෂණ මලු‍ ප්‍රදානය කිරීම සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නාවක්කුලිය නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 36 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරුණා.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානය කිරීමද සිදු කෙරුණේ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

වසර 11 කට පසුව යළිත් වන අලි සංගණනයක්

(20.03.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

වන අලි සංගණනයක් සිදුකරන බව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා.

ඊට අදාළ කටයුතු ආරම්භ කරන ලෙස වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙවර වන අලි සංගණනයක් සිදු කෙරෙන්නේ වසර 11 කට පසුවයි.

එහිදී මෙරට වෙසෙන වන අලි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව මෙන්ම වන අලින්ගේ ව්‍යාප්තිය, ගහණ ඝණත්වය සහ වයස් සීමාවන් පිළිබඳවද තොරතුරු ලබාගනු ඇති.

පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදීද වන අලි සංගණනයක් සිදුකිරීමට සැලසුම් කර තිබුණද එය කල් දැමීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගත්තේ පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.

මීට පෙර 2011 වර්ෂයේදී අවසන් වරට වන අලින්ගේ සංගණනයක් සිදුකර ඇති අතර, එහිදී මෙරට වන අලි 5879 ක් සිටින බවට අනාවරණ වී තිබුණා ෴

***************************************

පෞද්ගලික දත්ත ආරක්ෂණ, කම්කරු වන්දි සහ ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත් මෙරට නීති පද්ධතියට

(20.03.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් සතියේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 3 කට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය ඊයේ (19) සටහන් කර තිබෙනවා.

පසුගියදා සම්මත වූ පෞද්ගලික දත්ත ආරක්ෂණ, කම්කරු වන්දි සහ ඉඩම් සංවර්ධන යන පනත් කෙටුම්පත් මෙලෙස පනත් ලෙස මෙරට නීති පද්ධතියට එක්වීම සිදුවනවා.

ඒ අනුව මෙම පනත් ඊයේ (19) සිට බලාත්මක වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම අරමුණු කරගත් පනතක් වනවා.

කම්කරු වන්දි සංශෝධන පනත මගින් 2005 වර්ෂයේ අවසන් වරට සංශෝධිත 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනතට සංශෝධන එක් කිරීම සිදුවූ අතර, සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රුපියල් 5,50,000 ක මුදල, රුපියල් විසි ලක්ෂය (20,00,000) දක්වා වැඩි කිරීම මෙමගින් සිදු වනවා.

එසේම දැනට රැකියා අවස්ථාවේදී සිදුවන අනතුරුවලට පමණක් වන්දි ගෙවීමට ඇති ප්‍රතිපාදනය, රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීම ඇතුළු වැදගත් සංශෝධන රැසක් මේ හරහා සිදුකර තිබෙනවා ෴

***************************************

නාවල ඉන්ධන පිරවුම්හල් කොල්ලයේ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(20.03.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන – නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයින්ට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවල පිහිටි මෙම ඉන්ධන පිරවුම්හලට පැමිණි නාඳුනන පිරිසක්, සේවකයින්ට කඩුවලින් පහරදී රුපියල් දෙලක්ෂ පනස් දහසකට (2,50,000) අධික මුදලක් කොල්ල කා තිබුණේ පෙරේදා දිනයේදීයි.

සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සහ කඩු හතරක් (4), කොල්ලකන ලද මුදලින් රුපියල් දස දහසක් (10,000) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අවුරුදු 24 සහ 37 යන වයස්වල පසුවන නාරාහේන්පිට සහ මොරගස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

ඩොලරය ඉහළ යාම බුලත් කොළයටත් බලපායි

(20.03.2022 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ නොවූ විරු අන්දමින් නාඋල බුලත් කොළයක මිල රුපියල් දහය (10) දක්වා ඉහළ ගොස් ඇති බව පරිභෝගිකයින් පවසනවා.

දෛනිකව තොග බුලත් අලවිකර නාඋල නගරයේ බුලත් වෙළදාම සිදුකරනු ලබන ව්‍යාපාරිත ස්ථාන වෙත කුළියාපිටිය, බකමූණ, නාඋල ආදි ප්‍රදේශ රැසකින් බුලත් රැගෙන එනු ලබනවා.

බුලත් කොළයක් රුපියල් අටයි ශත පනහක් (8.50) පමණ මිලකට ගොවින්ගෙන් මිලදී ගැනීම් සිදුකර බවත් සිල්ලර අලවියේ දී කොළයක් රුපියල් දහයට (10) අලවි කරන බව සිදුකල විමසීමක දී නාඋල තොග බුලත් වෙළදුන් කියා සිටියා.

පුවක් මිල සම්බන්ධයෙන් කල විමසීමේ දී ගෙඩියක මිල රුපියල් අටයි ශත පනහක් (8.50) දක්වා මිල ඉහළ ගොස් ඇති බව ද ඔවුහු කියා සිටියා.

පෙර පැවති මිල ගනන් අනුව බුලත් කොළයක් රුපියල් 2.50 හේ සිට රුපියල් 5.00 දක්වා පැවැති බවත් හිටි හැටියේ බුලත් වල මිල ඉහළ යැම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් මවිතය පලකරන බව වෙළඳුන් කියා සිටියා.

වෙළදපොල තුළ පවත්නා භාන්ඩ මිල ඉහළ යෑම සදහා ප්‍රධාන වශයෙන් ඉන්දන මිල ඉහළ යෑම බලපා ඇති බවත් පොහොර හා කෘෂි රසායන හිගය හරහා බුලත් වගාවන් වර්ධනය නොවීම ආදී කරුණු හේතුවෙන් මිල ඉහල යෑම සිදුව ඇතැයි බුලත් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් කියා සිටියා ෴

***************************************

ලෝක සන්තුෂ්ටි දර්ශකයේ ශ්‍රී ලංකාවට 127 වන තැන

(20.03.2022 – 09:11 +0530 – hirunews.lk/sinhala)

ලොව සතුටින්ම සිටින ජනතාවක් සහිත රටවල් අතර ප්‍රමුඛස්ථානය නැවතත් ෆින්ලන්තයට හිමිවී තිබෙනවා.

ඩෙන්මාර්කයට එහි දෙවන (2) ස්ථානයත්, අයිස්ලන්තයට තුන්වන (3) ස්ථානයත් හිමිව ඇති අතර, හතරවන (4) ස්ථානය හිමි කරගෙන සිටින්නේ ස්විට්සර්ලන්තයයි.

ලොව රටවල් 146 ක ජනතාව අතර සන්තෘෂ්ටිය ඇගයීමට ලක් කෙරෙන 2022 වසරේ වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127 වන ස්ථානයයි.

පසුගිය වසරේදී එලෙස ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබුණා. කෙසේ නමුත් දකුණු ආසියාතික සහ කලාපීය රටවල් රැසක් මෙවර ලෝක සන්තෘෂ්ටි දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනු දැකිය හැකියි.

පාකිස්ථානයට එම දර්ශකයේ 121 වන ස්ථානය හිමිව ඇති අතර, බංග්ලාදේශයට 94 වන ස්ථානය හිමිව තිබෙනවා.

නේපාලය ලෝක සන්තෘෂ්ටි දර්ශකයේ 84 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර, තායිවානයට 26 වන ස්ථානයත්, සිංගප්පූරුවට 27 වන ස්ථානයත් හිමිව තිබෙනවා.

මියන්මාරයද මෙවර දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් ඉදිරියෙන් සිටිනවා. මේ අතර ජාත්‍යන්තර සන්තෘෂ්ටි දිනය ලොව පුරා අද සමරනු ලබන්නේ මිනිසාගේ සන්තෘෂ්ටියට ප්‍රමුඛතාව ලබාදීමේ ජගත් සංවිධාන ප්‍රඥප්තිය සිහි ගන්වමින්.

2011 වසරේදී එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මූලික මානුෂීය ඉලක්කයක් ලෙස නම් කරනු ලැබුවා.

***************************************

ප්‍රදේශ රැසකින් යතුරුපැදි 14 ක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(20.03.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ රැසකින් යතුරුපැදි 14 ක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 24 වන මෙම සැකකරු කටුනායක – වලානගොඩ ප්‍රදේශයේ දී සොරකම් කළ යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම යතුරුපැදි කුරුණෑගල, වැල්ලව, පොතුහැර, නිට්ටඹුව, වැලිවේරිය, වරකාපොල, ජාඇල, වේයන්ගොඩ සහ පැලියගොඩ යන පොලිස් වසම් වලදී සොරකම් කළ ඒවා බව අනාවරණ වී තිබෙනවා.

සැකකරු අද (20) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *