මාළඹේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රන් භාණ්ඩ කොල්ල කෑමක්

මාළඹේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රන් භාණ්ඩ කොල්ල කෑමක්

*********************************************

මාළඹේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රන් භාණ්ඩ කොල්ල කෑමක්

(17.03.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මනුෂ්‍ය ඝාතනයක් සිදු කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධි කිහිපයක් ඊයේ (16) වාර්තා වුණා.

පොලීසිය ප්‍රකාශ කළේ මාළඹේ – තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) පස්වරුවේ ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) නිවසේ සිටි කාන්තාව ගැට ගසා 80 හැවිරිදි ඇයගේ සැමියා ඝාතනය කර රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර, වැඩිදුර විමර්ශන මාළඹේ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

එමෙන්ම සීදුව – මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කර රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව 73 හැවිරිදි වියේ පසුවන මූකලන්ගමුව – මුණිදාස කුමාරතුංග මාවතේ පදිංචිකාරිණියක්.

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග රන් මාල කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජීව අත්බෝම්බය සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් අනාවරණ කර ගත් තොරතුරු මතයි අනෙක් 5 දෙනා රාගම, කදාන සහ ජාඇල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරුවන් එම ප්‍රදේශවල රන් මාල කොල්ලකෑම් සිද්ධි 9 ක් සිදු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කොල්ල කන ලද රන් මාලවලට අදාළ රත්‍රං ග්‍රෑම් 34 ක් බර රන් ගුලි 5 ක් හා යතුරුපැදියක් (1) පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ජීව අත්බෝම්බය ළග තබාගෙන සිටි පුද්ගලයාට රන් මාල කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධයෙන් මහර, ගම්පහ, වැලිසර හා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 15 ක් විභාග වෙමින් පවතින අතර, ඔහුට විරුද්ධව වරෙන්තු ද නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළදසැල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් 14 කට සම්බන්ධ 5 දෙනෙකු හෙරොයින් සමග ගල්කිස්ස – බෝධියවත්ත ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද දේපළ ප්‍රවාහනයට යොදා ගත් ත්‍රිරෝද රථ දෙකක් (2) සහ මුදල් ද පොලිසිය සොයාගත් අතර මොවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

නේටෝ සංවිධානයෙන් යුද සහාය යුක්‍රේනයට ලැබෙයි ද ? – සෙලෙන්ස්කි කොංග්‍රසය හමුවේ සංවේදී වූ හැටි

(17.03.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

තවදුරටත් ගෝලීය අර්බුදයක් ව පවතින ව්‍යසනයක් වන යුක්‍රේන – රුසියානු යුද අර්බුදය හේතුවෙන් නේටෝ ආරක්ෂක මණ්ඩලය යුක්‍රේනය වෙනුවෙන් නව තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලය එක් රැස්ව නව ආරක්ෂක වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සාකච්ඡා ආරම්භ කිරීම පිණිසයි.

මෙම සාකච්ඡාව ඊයේ (16) පැවැත්වුණු අතර, එහිදී යුද අපරාධ වැළැක්වීමට යටතේ යුක්‍රේන – රුසියානු යුද අවුල නිම කිරීමට වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නේටෝ සාකච්ඡාවේ දී ආරක්ෂක මණ්ඩලය විසින් පූර්ණ එකඟතාවකට පැමිණියේ, යුද අර්බුදය සමථයකට පත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින්ගේ විරෝධයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා යුක්‍රේනයට උපරිම සහයෝගය ලබාදීමටයි තීන්දු කෙරුණේ.

මෙම තීන්දුව නේටෝ සංවිධානය විසින් ගනු ලැබුවේ, යුක්‍රේන ජනපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි ඊයේ (16) අමරිකානු සෙනෙට් සභාව අමතා සිදු කළ සංවේදී කතාවෙන් අනතුරුවයි.

කෙසේවෙතත් තවමත් රුසියාව විසින් දිගින් දිගටම යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

යුක්‍රේන අගනුවර වන කිව් අල්ලා ගැනීම වෙනුවෙන් දැඩි අරගලයක යෙදෙන රුසියානු හමුදාව කිව් නගරයෙහි වෙසෙන සිවිල් වැසියන්ට බෝම්බ හෙළමින් විශාල හානියක් සිදු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අයහපත් තත්ත්වය සඳහා යුක්‍රේනයට මුහුණදීමට සහායක් වශයෙන් නේටෝ සංවිධාන ආරක්ෂක මණ්ඩලය නියෝග කර ඇත්තේ, යුද්ධයට අවශ්‍යව ඇති යුධෝපකරණ වන MiG29 සහ S-300s විනාශකාරී යුද අවි වහාම යුක්‍රේනයට යැවීමට පියවර ගන්නා ලෙසයි.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සිදු කළ සිය සංවේදී කතාවේ සාරාංශය මෙසේය.

“අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයන් ආරක්ෂා කරන්න ඕන. රුසියාව අපට පමණක් නොව, අපේ භූමියට පමණක් නොව, අපගේ නගරවලට ද පහර දී තියෙනවා. එය අපගේ සාරධර්මවලට – මූලික මානව වටිනාකම්වලට ප්‍රහාරයක්. එය අපගේ නිදහසට, අපේම රටේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතියට එරෙහිව, අපේම අනාගතය තෝරා ගැනීමට එරෙහිව යුද ටැංකි හා ගුවන් යානා යොදවා විනාශ කිරීමට රුසියාව කටයුතු කළා..”

නේටෝ සංවිධානය සම්මුඛ වූ සෙනෙට් සභාව ඕනෑ තරම් ජනාධිපතිවරු අමතා තිබුණ ද, යුද්ධයක් පවතින අවස්ථාවකදී මෙලෙස සංවාදයකට එක්වීම ගැන යුක්‍රේන ජනපති වෙත ලෝක නායකයින්ගේ ප්‍රසාදය ද හිමි වුණා.

තමන්ගේ රටට අත්වෙන ඉරණම දැන් තීන්දු වී අවසන් බවත්, තම වයස දැන් අවුරුදු 45 කට ආසන්න වන අතර, තම වයස ගතවීම නැවතුණු බව දැනුණේ, අන් කවරදාටත් වඩා තම රටේ දරුවන් සියය ගණනින් බෝම්බ දමා රුසියාව විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් බවයි සෙලෙන්ස්කි වැඩිදුරටත් සංවේදී වෙමින් සටහන් කළේ.

තමන්ට මරණය නැවැත්වීමට නොහැකි නම්, සිය ජීවිතයෙන් ද තේරුමක් ද නොමැති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, යුක්රේන ප්‍රහාරවලින් රුසියාවේ තවත් ජෙනරාල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඉදිරි පෙළ රුසියානු ජෙනරාල්වරුන් සිව් දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා සනාථ කර ඇත්තේ.

එමෙන්ම, ඔහුගේ වාර්තාවලට අනුව මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති රුසියානු සෙබලුන් සංඛ්‍යාව 6000 කට අධිකයි.

කෙසේ වෙතත්, මෙම වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අඛණ්ඩව බලය තහවුරු කර ගනිමින් සිටින බව රුසියාව පවසනවා.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනය ආක්‍රමණයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බවයි.

++++++++++++

පැහැර ගත් යුක්රේන නගරාධිපතිවරයෙකු නිදහස් කෙරේ

(17.03.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක් වූ යුක්රේන නගරාධිපතිවරයෙකු රුසියානු හමුදාව විසින් නිදහස් කර තිබෙනවා.

පසුගිය සතියේදී පැහැර ගැනීමට ලක්වූ මෙලිටොපොල් නගරාධිපති ඉවාන් ෆෙඩරොව් මෙලෙස නිදහස් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔහු පැහැර ගෙන දින කිහිපයකට පසු යුක්රේනයේ තවත් නගරාධිපතිවරයෙකු වන දිප්‍රදූන් නගරයේ නගරාධිපති යෙවෙන් මැට්වයෙව් පැහැර ගැනීමට ලක්වුණා.

කෙසේවෙතත්, තවදුරටත් ගෝලීය අර්බුදයක් ව පවතින ව්‍යසනයක් වන යුක්‍රේන – රුසියානු යුද අර්බුදය හේතුවෙන් නේටෝ ආරක්ෂක මණ්ඩලය යුක්‍රේනය වෙනුවෙන් නව තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලය එක් රැස්ව නව ආරක්ෂක වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සාකච්ඡා ආරම්භ කිරීම පිණිසයි.

මෙම සාකච්ඡාව ඊයේ (15) පැවැත්වුණු අතර, එහිදී යුද අපරාධ වැළැක්වීමට යටතේ යුක්‍රේන – රුසියානු යුද අවුල නිම කිරීමට වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නේටෝ සාකච්ඡාවේ දී ආරක්ෂක මණ්ඩලය විසින් පූර්ණ එකඟතාවකට පැමිණියේ, යුද අර්බුදය සමථයකට පත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින්ගේ විරෝධයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා යුක්‍රේනයට උපරිම සහයෝගය ලබාදීමටයි තීන්දු කෙරුණේ.

මෙම තීන්දුව නේටෝ සංවිධානය විසින් ගනු ලැබුවේ, යුක්‍රේන ජනපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි ඊයේ අමරිකානු සෙනෙට් සභාව අමතා සිදු කළ සංවේදී කතාවෙන් අනතුරුවයි.

කෙසේවෙතත් තවමත් රුසියාව විසින් දිගින් දිගටම යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

යුක්‍රේන අගනුවර වන කිව් අල්ලා ගැනීම වෙනුවෙන් දැඩි අරගලයක යෙදෙන රුසියානු හමුදාව කිව් නගරයෙහි වෙසෙන සිවිල් වැසියන්ට බෝම්බ හෙළමින් විශාල හානියක් සිදු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෴

++++++++++++

ජාත්‍යන්තර යුද අධිකරණයෙන් රුසියාවට නියෝගයක්

(17.03.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයට එරෙහි යුද ක්‍රියාමාර්ගය නවත්වන ලෙස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය රුසියාවට නියෝග කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින මෙම යුද අධිකරණය ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් යුක්රේනය සිය ප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ අනුව අදාළ නියෝගය සිය රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී වනු ඇති බව ද යුක්රේනය සඳහන් කර තිබෙනවා.

මේ වන විට රුසියානු ආක්‍රමණ හේතුවෙන් යුක්රේනයෙන් මිලියන 3 කට අධික ජනතාවක් සරණාගතයින් ලෙස පිටව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

++++++++++++

පූටින් ගෙන් කොන්දේසි හයක් (6)

(18.03.2022 – 19:39 +0530 – hirunews.lk/sinhala)

යුද්ධය නිමා කිරිම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් කොන්දේසි 6 ක් යුක්රේනය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොගත යුතු අතර ක්‍රයිමියා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස පිළිගත යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

එසේම, ඩොනෙට්ස්ක් සහ ලු‍හාන්ස්ක් යන ප්‍රදේශ නිදහස් රාජ්‍යයන් ලෙස පිළිගත යුතු වනවා.

යුක්රේනය රුසියාවට තර්ජනයක් වන සියලු‍ම අවි ආයුධ බිම තබා නිරායුධ විය යුතු බවට වන කොන්දේසියක් ද ඊට ඇතුළත්.

කෙසේ වෙතත් මේවා යථාර්ථවාදී නොවන බවයි යුක්රේන රජය පෙන්වාදී ඇත්තේ ෴

+

@@@@@@@@@@@@@

කොල්ලකෑම් ඉහළ ගොස් නැතැයි පොලිසිය කියයි

(18.03.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින තත්වය සමග කොල්ලකෑම් ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් නො මැති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාව කොල්ලකෑම් වැනි අපරාධ ක්‍රියාවලට යොමුවෙමින් පවතින බවට ඇතැම් පාර්ශව අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

කෙසේ වෙතත් සුපිරි වෙළදසැල් සහ නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් පිළිබඳව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

නිවෙස්වලට කඩාවැදී එහි සිටි 80 සහ 73 යන වයස්වල පසු වූ පිරිමියෙකු සහ කාන්තාවක ඝාතනය කර නිවසේ තිබූ රන් භාණ්ඩ, මුදල් ඇතුළු දේපල කොල්ලකෑමේ සිද්ධීන් ඊයේ (17) වාර්තා වුණේ මාළඹේ – තලාහේන සහ සීදුව – මූකලන්ගමුව ප්‍රදේශවලින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, අපරාධ ක්‍රියාවලට සම්බන්ධවන පුද්ගලයන්ට එරෙහි ව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරන බවයි.

මේ අතර සුපිරි වෙළදසැල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් 14ක් සම්බන්ධයෙන් ගල්කිස්ස – බෝධියවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් සමග ඊයේ (17) අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ රන් මාල කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් රාගම, කදාන සහ ජාඇල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

පස්සරදී බස් රථ දෙකක් ගැටී පාසල් ළමයින් දෙදෙනෙකු (2) ඇතුලු හතරක් (4) රෝහලේ

(18.03.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පස්සර – නමුණුකුල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් ළමයින් දෙදෙනෙකු (2) ඇතුලු සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (18) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක්.

අනතුරෙන් බස් රථ දෙකෙහිම (2) රියදුරන් දෙදෙනා (2) තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ නොසැළකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කළා ෴

***************************************

කේරළ ගංජා කි.ග්‍රෑ. 175 ක් නාවික හමුදා භාරයට

(18.03.2022 – 21:51 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම-ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රු. මිලියන 52 කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා කි.ග්‍රෑ. 175 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) සහ ඩිංගි යාත්‍රාවක් (1) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

ලොව සතුටුම රට ෆින්ලන්තය; අසතුටුම රට ඇෆ්ගනිස්තානය

(18.03.2022 – 18:52 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය දක්වන වාර්ෂික දර්ශකයේ ලොව සතුටින්ම සිටින රට ලෙස පස්වන වරටත් ෆින්ලන්තය නම් කර තිබෙනවා.

එමෙන්ම අසතුටුදායකම රට ලෙස නම් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයයි ෴ (යුක්රේනය ?)

***************************************

එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරිය මෙරට සංචාරයක

(18.03.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් සඳහා එක්සත් ජනපදයේ කැපවීම සහ සහයෝගීතාවය අවධාරනය කිරීම සඳහා අන්තර් නියෝජිත කණ්ඩායමක් සමඟ එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මාර්තු 19 සිට 23 දක්වා බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි ෴

***************************************

හදිසි ජල කප්පාදුවක්

(18.03.2022 – 21:04 +0530 – hirunews.lk/sinhala)

හදිසි බිඳවැටීමක් හේතුවෙන් දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, කොළඹ 5 සහ 6, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා ෴

***************************************

මත්තේගොඩ අක්කගෙයි මල්ලිගෙයි වැඩ (18.03.2022)

***************************************

වගා බිමට කළ හදිය – මේක තිරිසන් වැඩක් (18.03.2022)

***************************************

මහ පරිමාණයෙන් සිදු කළ බුලත්සිංහල දැව ජාවාරම (18.03.2022)

***************************************

තවත් කොරෝනා මරණ 03 ක්

(18.03.2022 – 17:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 03 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,422 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *