*********************************************
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට?
(15.03.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.
මෙරට ආර්ථිකය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නුදුරු දිනකදී අමරිකාවේ – වොෂින්ටන් ඩී.සී. වෙත යෑමට නියමිත බවයි පසුගියදා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඊයේ (14) දිනයේ දී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං-රී, මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගර ලේකම් එස්.ආර්. ආටිගල හමුවී සාකච්ඡා කෙරුණු අතර, දැනට ලක් රජය මෑතකාලීන ව අත්පත් කරගත් ආර්ථික සාර්ථකත්වය ගැන ද කතාබහට ලක් කෙරුණා.
අද (15) දිනයේ දී මෙම ඉහළ පෙළේ නිලධාරියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.
ඔහු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ද මුණගැසී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හෙට (15) ජනාධිපති ගෝඨාභය රාපක්ෂ හමුවීමට නියමිතයි.
අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා රජය ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ව සාකච්ඡා කිරීමට යෝජිත බවත්, මෙරටට එල්ල වී ඇති ආර්ථික වියවුල්කාරී තත්ත්වය හමුවේ මෙම ක්‍රියාවලිය පිළිබඳ ලක් රජය ගෙන ඇති යෝජනාවලිය අඩංගු වාර්තාව ද මුදල් අමාත්‍යවරයා අයි.එම්.එෆ්. වෙත රැගෙන යාමට නියමිතයි.
කෙසේවෙතත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා අයි.එම්.එෆ්. වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සංවාදයට නොවන අතර, ආර්ථික විසඳුම් අපේක්ෂාවෙන් විශේෂඥ සහාය ලබා ගැනීම උදෙසා පමණක් බවයි ෴
+++++++++++
අයි.එම්.එෆ්. නියෝජිතයා අද (15) ජනපති හමුවෙයි
(15.03.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං-රී, අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (14) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සමඟ ද සාකච්ඡාවක නිරත වූ බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා.
ජනාධිපතිවරයා සමග අද (15) පැවැත්වෙන සාකච්ඡාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව පිළිබඳ අයි.එම්.එෆ්. ඇගයීම් වාර්තාව පිළිබඳ කරුණු දක්වනු ඇති.
ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් සඳහා අයදුම්කර නැහැ.
එහෙත් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සළකා බැලිය හැකි බවයි මූල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාසයේදී නිළ සාකච්ඡාවලට එළඹීමට නියමිත බව රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කළා.
ඒ සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට ද නියමිත බවයි එමගින් සදහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළඹීමෙන් මෙරට විදේශ සංචිතය වර්ධනය කරලීමටත්, වර්ධනය තිරසාර මගකට යොමු කිරීමටත් අපේක්ෂා කෙරෙනු ඇති.
++++++++++
IMF නියෝජිතයන් ජනපති හමුවෙයි
(15.03.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග්-රී ඇතුළු නියෝජිතයින් පිරිස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව තිබෙනවා. ඒ අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
ඊට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන් මේරි ගල්ඩ් – වුල්ෆ් සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (14) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද හමුවූ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් සඳහා අයදුම්කර නැහැ.
එහෙත් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවයි මූල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත්, ලබන මාසයේදී එම අරමුදල සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡාවකට එළඹීමට නියමිත බවට රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණා ෴
***************************************
ආයෝජන සදහා සෞදියට ඇරයුම්
(15.03.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala)
ක්ෂේත්‍ර කිහිපයක ඍජු ආයෝජනය සදහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාබිඩ් වෙත පවසා තිබෙනවා.
ඒ, සෞදි විදේශ අමාත්‍යවරයා සමග ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදියි.
කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා පිළිබදව ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සෞදි විදේශ අමාත්‍යවරයාගේ අවධානයට යොමු වී තිබෙනවා.
එසේම ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් එහි දී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සෞදි අරාබිය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සදහන් කළ සෞදි විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍රයේ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා ෴
***************************************
මහබැංකුව, ඩොලර් මිලියන 152 ක සංවර්ධන බැදුම්කර විකුණයි
(15.03.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)
මහබැංකුව විසින් තවත් ඩොලර් මිලියන 152.54 ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර අලෙවි කර තිබෙනවා.
පසුගිය 09 වන දා සිට 14 වන දා දක්වා පැවති මෙම බැදුම්කර වෙන්දේසිය සදහා ඩොලර් මිලියන 50 ක් වටිනා බැදුම්කර ඉදිරිපත් කරනු ලැබුවා.
මාස 6 කින් කල් පිරෙන එම බැදුම්කර සඳහා සියයට 9.48 ක පොලී අනුපාතිකයක් හිමි වනවා.
ආයෝජකයන්ට එම බැදුම්කර 16 වන දා දක්වා තවදුරටත් මිල දී ගත හැකි බවයි මහබැංකුව ප්‍රකාශ කළේ ෴
***************************************
බතලකොටුව සහ මහපතන රක්ෂිතයේ ගින්නක්
(15.03.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)
වැල්ලවාය – බතලකොටුව සහ මහපතන රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර සියයක් (100) පමණ විනාශ වී ඇති බවයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
ගින්න පාලනය කිරිම සදහා යුද හමුදා සෙබලුන් ද එක්ව සිටි අතර, ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හමුවේ එය පාලනය කිරිමට දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ (14) රාත්‍රියේදි වැල්ලවාය – බතලකොටුව සහ මහපතන රක්ෂිතයේ ඇති වූ මෙම ගින්න නිවාදැමීමට හැකිවු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴
***************************************
ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරට ව්‍යාපෘති හැදෙන හැටි
(15.03.2022 – 11:06 +0530 – hirunews.lk/sinhala)
ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනාවලිය යටතේ නඩුකුඩා, චුන්නාකම් සහ ආනියාකන්ද ග්‍රීඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව TBEA ෂෙන් යැන් ට්‍රාන්ස්ෆෝමර් ගෲප් සහ සීලෙක්ස් ඉංජිනියරින් ලිමිටඩ් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීමට නිර්දේශ කෙරුණා.
එකී නිර්දේශය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව ලැබී ඇති අතර, අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා ෴
***************************************
බඩෝවිට අසංක සහ බඩෝවිට ලොකූ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු
(15.03.2022 – 11:10 +0530 – hirunews.lk/sinhala)
ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින අපරාධ කල්ලි සාමාජිකයින් වන ‘රජිත අසංක’ හෙවත් ‘බඩෝවිට අසංක’ සහ ‘උදාර සම්පත්’ හෙවත් ‘බඩෝවිට ලොකූ’ නමැති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අද (15) සලකා බැලීමෙන් අනතුරුවයි ෴
***************************************
ආර්ථික සභාවට උපදේශක මණ්ඩලයක් පත් කෙරෙයි
(15.03.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු ‘ජාතික ආර්ථික සභාව’ට සහය වීම සදහා ‘උපදේශක කමිටුවක්’ පත් කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ මෙම කමිටුවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි.
එහි සාමාජිකයින් වන්නේ,
- ධම්මික පෙරේරා
- ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
- අෂ්රොෆ් ඕමාර්
- මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
- මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
- දුෂ්නි වීරකෝන්
- එස්. වෙන්ගනාදන
- ආචාර්ය හාන්ස් විජේසූරිය
- රංජිත් පේජ්
- විශ් ගෝවින්දසාමි
- සුරේෂ් ද මෙල්
- ප්‍රභාෂ් සුබසිංහ
- දුමින්ද හුලංගමුව
- සුජීව මුදලිගේ යන අය යි.
මෙහි දී කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.
මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුව මගින් ඊයේ (14) අවසන් කළ සාර්ථක සංවර්ධන බැඳුම්කර නිකුතුව තුළින් මෙරට ආර්ථිකයේ සැබෑ දත්ත හෙළිදරව් වන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ එම බැදුම්කර නිකුතුව තුන් (3) ගුණයකින් උතුරා ගොස් ඇති බවයි.
මහබැංකුව විසින් ඩොලර් මිලියන 152.54 ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර මෙලෙස අලෙවි කළේ පසුගිය 09 වන දා සිට 14 වන දා දක්වා පැවති මෙම වෙන්දේසියේදියි.
ඒ සඳහා ඩොලර් මිලියන 50 ක් වටිනා බැදුම්කර ඉදිරිපත් කරනු ලැබුවා.
මාස 6 කින් කල් පිරෙන එම බැදුම්කර සඳහා සියයට 9.48 ක පොලී අනුපාතිකයක් හිමි වනවා.
මෙය මෑත කාලයේ මහබැංකුව සිදුකළ සාර්ථකම සංවර්ධන බැදුම්කර නිකුතුව ලෙසයි සැලකෙන්නේ.
මහබැංකුව මගින් නම්‍යශීලී විනිමය අනුපාත හදුන්වා දීමෙන් පසුව පැවති ප්‍රථම බැදුම්කර වෙන්දේසිය ද මෙයයි.
***************************************
අබලන් නැති මාවත අබලන් කර , කෝටි ගණනින් මුදල් වැයකර, හදන මැදිරිගිරියේ පාර
(15.03.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)
ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඕනෑ තරම් ග්‍රාමීය මාර්ග තිබියදී කිසිඳු අබලන් තත්ත්වයක නොතිබූ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වෙන් කිරීමේ පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ප්‍රදේශවාසීන්ගේ විරෝධය මධ්‍යයේ එහි වැඩකටයුතු ආරම්භ කර පසුව අතරමඟ නවතා දැමීම හේතුවෙන් ජනතාව කබලෙන් ලිපට ඇද දමන්නටයි බළධාරීන් කටයුතු කර ඇත්තේ.
මේ මැදිරිගිරිය නව නගරයේ සිට අඹගස්වැව දක්වා දිවෙන මාර්ගයයි.
මෙම මාර්ගය කිලෝමීටර 15 ක් පමණ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය විසින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 116 කට අධිකයි.
මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ සැප්තැම්බර් මස ආරම්භ කර 2021 වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට මාර්ගයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නවතා දමා තිබෙනවා.
විමතියට කරුණ වන්නේ කිසිඳු අබලන් තත්ත්වයක නොතිබූ මෙම මාර්ගය ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් විසින් උපදෙස් දී තිබීමයි.
සංවර්ධනය කිරීමට අවශ්‍ය ඕනෑතරම් ග්‍රාමීය මාර්ග මෙම ප්‍රදේශය තුළ තිබියදී ඉතා හොඳ තත්ත්වයේ පැවති මාර්ග සංවර්ධනය සඳහා මහජන මුදල් නිකරුණේ, වෙන් කරන්නේ ඉන් කොටසක් කිසියම් පුද්ගලයෙකුගේ සාක්කුවකට බැර කර ගැනීමේ වුවමනාවෙන් ද යන්න ජනතාව ප්‍රශ්න කරනවා.
ජනතාව කබලෙන් ළිපට ඇද දමමින් සංවර්ධනය ඇරඹි මෙම මාර්ගයේ වැඩ නිමවා ජනතා අයිතියට පත්කර දීම මෙවන් අමනෝඥ තීරණ ගන්නා බලධාරින් සතු වගකීමක්.
***************************************
යුක්රේනයට මෙරට තේ යැවීම නැවතෙයි
(15.03.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)
යුදමය තත්ත්වය හේතුවෙන් යුක්රේනයට මෙරටින් තේ අපනයනය කිරීම මේ වනවිට සම්පූර්ණයෙන් නතර වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එසේම, ඩොලරයට සාපේක්ෂ ව රුසියාවේ මුදල් ඒකකය වන රූබලය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම සහ නෞකා සමාගම් එරටට භාණ්ඩ ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කිරීම යන හේතූන් නිසා ඉදිරියේ දී මෙරට තේ අපනයන ආදායම අඩුවීමට හේතුවක් වනු ඇති බවයි එම සංගමයේ සභාපති සංජය හේරත් කියා සිටියේ.
පසුගිය වසරේ මෙරටින් වැඩිම තේ අපනයනය කළ රටවල් අතරින් රුසියාව තුන්වන (3) ස්ථානයේ පසු වූ අතර, යුක්රේනයට හිමිව තිබුණේ 18 වන ස්ථානයයි.
2021 වසරේ දී රුසියාවට තේ කිලෝ මිලියන 29 ක් අපනයනය කර තිබූ අතර, රුපියල් මිලියන 24,822 ක ආදායමක් එමගින් උපයා තිබුණා.
තේ කිලෝ මිලියන 04 ක් යුක්රේනයට අපනයනය කර තිබූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 4,279 ක් ෴
***************************************
කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයක්
(15.03.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)
කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ආයතන 15 ක් නම් කර ඇති අතර, පරිසර අමාත්‍යාංශය යටතේ ආයතන 5 ක් නම් කර තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා ඛනිජ වැලි සමාගම සහ ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම පරිසර අමාත්‍යාංශයට එක් කරනු ලැබුවා.
එමෙන්ම, දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණය භාවිත කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා යොදා ගැනීම ද පරිසර අමාත්‍යාංශයට පවරා ඇති බවය අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴