ජාතික ආණ්ඩු මර උගුල – මතුගම සෙනෙවිරුවන් විසින්

ජාතික ආණ්ඩු මර උගුල – මතුගම සෙනෙවිරුවන් විසින්

*********************************************

ජාතික ආණ්ඩු මර උගුල – මතුගම සෙනෙවිරුවන් විසින්

(13.03.2022 – 05:38 +0530 – lankaleadnews.com)

දහනව වන (19) සංශෝධනය බලාත්මක කළ රනිල් වික්‍රසිංහ ඒ තුළට ජාතික ආණ්ඩුව කියන ප්‍රතිපාදනය ඇතුලත් කළා. 2015 දී මෛත්‍රීපාල බලයට පත් කෙරෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමෙන්. මහින්ද ආණ්ඩුව සමග රන්ඩුවක් ඇති කරගෙන තිබූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් එළයට ගැනීමට පාර්ශව කිපයක්ම කටයුතු කලා. රතන හිමියන් එක් අයෙක්. මට මතක හැටියට හෙළ උරුමය මගින් සංවිධානය කල සමුලුවකදී ව්‍යවස්ථා වෙනසක් ගැන සඳහන් කරනලද කෙටුම්පතක් රනිල්ට පිළිගැන්වූවා. ඒ වේදිකාවට කැඳවල නොවෙයි. දෙපා මුලටම ගිහින් පිළගැන්වූවා. ඒ කාලෙ රතන හිමියන්ට රනිල් හරි ඉහලයි. චම්පික දෙගිඩියාවෙන් ඉඳල අනිතිමට ඒ පැත්තට ඇදිල ගියා. ගම්මන් පිල රාජපක්ෂ වරුන්ට තිබෙන හිතවාදි කම නිසා චම්පිකගෙන් කැඩිල ගිහින් විමල් සමග එකතු වුණා. ඇමරිකාවත් ඉන්දියාවත් රනිල්ව යොදාගෙන කලාපීය භූ දේශපාලනය හසුරුවන්නට ලොකු සැලැස්මක් ගෙන ගියා.

13 ට එහා ගිය බලය බෙදීමක් බහුජාතික සමාගම් වලට අවශ්‍යය ඉඩම් ලබා ගැනීම වගේ දේවල් වගේම ජනපති ක්‍රමය අහෝසි කරල අගමැති විධායකය බවට පත් කරල ඇමරිකාවට අවශ්‍යය රූකඩයක් කරන්නට නියමිත වුණා. මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරල නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරලීම මගින් දෙමළ පක්ෂ වලට අවශ්‍යය බලය බෙදීම කරලීමයි සැලැස්ම වුණේ. ‘ඔරුමිත්ත නාඩු’ වගේ ව්‍යවස්ථ කෑලි නිසා රනිල් ගේ සැලැසම ‘ලීක්’ වුනා. ජිනීවා වලදී යුද අපරාධ චෝදනා වලට සම අනුග්‍රහය දැක්වීම නිසා ජනතා විරෝධය තවත් උත්සන්න වුණා. 19 ගෙනල්ල ඇමති මණ්ඩලය 30 ට අඩුකලත් ජාතික ආණ්ඩුවක් අටවල දෙමළ අන්තවාදීන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍යය විදියට රටේ දේශපාලනය හැසිරවීම මගින් බලය බෙදීමේ ක්‍රියාවලිය ඉක්මනින් ඉදිරියට ගියා.

ඒ කාලෙ ඒ යුගයෙ ඒකාබද්ධ විපක්ෂය විදියට හිටියට මහින්ද කණ්ඩායම ව්‍යවස්ථාදායක සභා මරඋගුලට මෙන්ම ජාතික ආණ්ඩු මර උගුලටත් පක්ෂ වුණ හැටි මතකයි. කෙහොම හරි අනිතිමට රනිල් පරාජයට පත් කළේ ඔහු ගෙනා MCC වැනි බටහිරට අවශ්‍යය ප්‍රතිපත්ති සමගින්මයි. පාස්කු ප්‍රහාරය පිටිපස්සෙ හිටිය ඇමරිකාවට රනිල් ඒ වෙනකොට අවලංගු පාලකයෙක්. රනිල්ගේ පරාජය ඓතිහාසික පරාජයක්. විදේශ බලවේග වල පරාජයක්. 2015 – 2019 කාලෙ රට පාලනය කලේ මෛත්‍රී නොවයි රනිල්. යම් තීරනාත්මක අවස්ථාවකදී මෛත්‍රී සෘජු තීරණ කිපයක් ගත්තත් ඔහු හිටියේ කනස්සල්ලෙන්. උගුලකට අහුවෙලා බියෙන්. ඒ තත්වය – ඒ බිය – සංකාව අද ඔහු පාපෝච්චාරනය කරන්නේ වේදනාවෙන්. හැබැයි කිසිම සබුද්ධික දේශපාලනික හැඟීමකින් නොවෙයි.

ගෝඨාභය බලයට පත් වෙලා 19 ඉවත් කරන්නට ගත් උත්සාහයට ජනතා සහාය ලැබුණේ පෙර කී විදේශ කුමන්ත්‍රණයන්ට 19 න් හොඳ පිටිබලයක් ලැබී තිබුනු නිසයි. 19 ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ගෙනාවෙ 2002 දී. ඒ වෙලාවෙ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් නිසා 19 ගෙන එන්නට බැරිවුනා. ඒ 19 ම රනිල් ආයේ ගෙනල්ල සම්මත කර ගත්තෙ ව්‍යවස්ථා විරෝධීවයි. ඉතින් ගෝඨාභයට කරන්නට තිබුණේ 19 වලංගු නෑ කියල තීන්දුවක් ගන්නට විතරයි. නමුත් ඔහු දැන දැනම ඒ තීන්දුව ගත්තේ නෑ. ඒ වෙනුවට අලි සබ්රිලව පාවිච්චි කරල 19 න් කෑලි අරගෙන 20 හදල සම්මත කර ගත්තා. 19 න් ගත්ත එක කෑල්ලක් තමයි ‘ජාතික ආණ්ඩු’ ප්‍රතිපාදානය.

මේ 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉංග්‍රිසි භාෂාවෙන්. මන්ත්‍රීවරු අහන් හිටියට ‘ජාතික ආණ්ඩු’ කෑල්ල අයෙ ගෙනාව කියල කවුරුත් දන්නේ නෑ. විමල්ලා ගම්මන්පිලලා මේව අහගෙන හිටියට ‘ජාතික ආණ්ඩු මර උගුල’ ඇතුලත් කළා කියල දැන ගත්තේ සම්මත වුනාට පස්සෙයි. එහෙම නැතිනම් ගෝඨභයට සංවේදි වෙලා ඒක අනුමත කළා. අර ද්විත්ව පුරවැසිකමට සංවේදී වෙලා අනුමැතිය දුන්නා වගේ.

දැන් රනිල් ට භාර දුන්න විදේශ න්‍යාය පත්‍රය ගෝඨාභයට භාරදීල ඉවරයි. බැසිල් ‘අවලස්සන ඇමරිකානුවෙකු’ තමයි. නමුත් ගෝඨාභය කියන්නේ ‘බෞතීස්ම ලබපු ඇමරිකානුවෙක්’. දැන් විමල්ලා ‘ජාතික ආණ්ඩුව’ට විරෝධය පළ කරනනට පටන් අරන්. නමුත් පමා වෙලා වැඩියි. විමල්ලා දුර්වල වෙලා. එදා රනිල් අතින් කෙරෙන්නට තිබූ 13 න් එහා බලය බෙදීම බැසිල් හරහා ක්‍රියාත්මක කරන්නට ලෑස්තියි. ඒකට ‘ජාතික ආණ්ඩුවක්’ අවශ්‍යයි. සර්ව පාක්ෂික සමුලුවක් හරහා ඒ යෝජනාවට අනුමැතිය ගන්නට උත්සාහ දරාවි. ‘සංහිඳියයාව’ ගැන කතා කරන හැම පක්ෂයක්ම මේ යෝජනාවන්ට කඩේ යනවා සිකුරුයි. රටේ ආර්ථිකය ඝාතනය කරලා, මිනිසුන්ගේ මානසික තත්වය හොඳටම වට්ටලා, රට බෙදීමේ කුමන්ත්‍රණය ඉස්සරහට යනවා. බඩ ගැන හිතන බහුතරය, රට ගැන හිතලා ඉදිරියට ආවොත් හොඳයි. නැතිනම් මෙදා පාර කම්මුතුයී.

මතුගම සෙනෙවිරුවන්

***************************************

මෛත්‍රීපාල සිරිසේනට වගකීමක් තියෙනව එතුමා කියන අභ්‍යයන්තර සාකච්ඡාවක් නැති ප්‍රශ්නය සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳන්නේ කෙසේදැයි කියා ජනතාවට කියන්න – ජාතික සංවිධාන එකමුතුව කියයි

(13.03.2022 – 19:00 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවේ පාර්ශව අතර සාකච්ඡාවක් නොමැති වීම නිසා වර්තමාන දේශපාලන අර්බූදය ඇතිවූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරණ ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන් :

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන කථාව අපි 90% ක් පිළිගන්නවා, ඒත් ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවේ අභ්‍යයන්තර සාකච්ඡාවක් නැති වීම නිසා ඇති වූ අර්බූදය, සර්ව පාක්ෂික සමුළුවකින් විසඳන්නේ කොහොමද කියන එකයි. අභ්‍යයන්තර සාකච්ඡාවක් නැතිවීම නිසා ඇති වූ ප්‍රශ්නය එසේම තිබියදී බාහිර පාර්ශව එම සාකච්ඡාවට එකතු කර ගැනීම මගින් එය විසඳෙන්නේ කෙසේදැයි පැහැදිලි නැහැ. එතුමන්ලා රජයට යෝජනා 15 ක් ඉදිරිපත් කළා කියනවා. සර්ව පාක්ෂික සමුළුව ඉන් එකක්. ඉතිරි 14 ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා පළමුව එම යෝජනා මහජනයාට ඉදිරිපත් කළ යුතුයි. දෙවනුව අභ්‍යයන්තර සාකච්ඡාවක් නැතිවීමේ ප්‍රශ්නය බාහිර පාර්ශව සමඟ සාකච්ඡාවකින් විසඳන්නේ කෙසේ දැයි පැහැදිලි කළ යුතුයි.”

***************************************

දුරදිග ගිය පවුල් ආරවුල – බිරිඳ ඝාතනය කර, ස්වාමියා සිපිරිගෙට

(13.03.2022 – 06:43 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන පොලිස් වසමේ හේනේපොල ප්‍රදේශයේ පවුල් ආරවුලක් මත ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, බිරිඳ ඝාතනයෙන් පසුව අදාළ සැකකරු පොලීසියට පැමිණ භාරවීමෙන් පසුව අත් අඩංගුවට ගත් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි පත්තම්පිටිය – රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

***************************************

තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙකු පොලිස් භාරයට

(13.03.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් තහනම් කරන ලද වල් නාශක හා කෘමි නාශක සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර කඳවුරේ නිලධාරින්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර බුද්ධි ඒකකය මගින් ලබාදෙන ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ, අනුරාධපුර පොලිස් වසමේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදීයි.

ඊයේ (12) පස්වරුවේ සිදු කෙරුණු මෙම වැටලීමෙන් තහනම් වල්නාශක ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රියක් ද සිය භාරයට ගැනුණේ, 29 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමගින්.

සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ANU 71 100g ප්‍රමාණයේ ග්ලයිපොසෙට් පැකට් 548, මැලතියින් 100g ප්‍රමාණයේ පැකට් 1,800 ක් සහ වෑන් රියක් ද සිය භාරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

අපනයනයට ගෙන යමින් තිබූ කසළ තේ තොගයක් පොලිස් භාරයට

(13.03.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්යය බලකාය ගම්පොළ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී අපනයනය කිරීමට රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු (2) පොලිස් අත් අඩංගුවට ගැනුණා.

අද (13) අලුයම වෙලම්බොඩ පොලිස් වසමේ කඩුගන්නාව පාරේ රැකවල් පොළ හන්දියේ දීයි මෙම වැටලීම සිදු කෙරුණේ.

එහිදී බලපත්‍ර නොමැතිව කසළ තේ කිලෝග්‍රෑම් 3346 ක් සමග ලොරි රථයක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 47 හා 53 වයසේ පසුවන තැනැත්තන් වන අතර, ලීමගහකොටුව හා වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සැකකරුවන් දෙදෙනා වෙලම්බොඩ පොලීසියට භාර දුන්නා ෴

***************************************

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කරලා – අන්තරෙන් චෝදනා

(13.03.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදෙන සරසවි සිසුන් ප්‍රමාණය සීමා කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලේඛනයක් නිකුත් කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විශ්වවිද්‍යාල රැසක මහපොල ශිෂ්‍යාධාර වාරික නියමිත පරිදි ලබා දීමට කටයුතු කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංගගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

මහපොල ශිෂ්‍යාධාරය ලබාදෙන සරසවි සිසුන් ප්‍රමාණය සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ඉසෙඩ් අගය මත ඉහළ කුසලතා දක්වන සිසුන්ට සහ අඩු අදායම්ලාභී පවුල්වල සිසුන්ට වෙනසකින් තොරව මහපොළ ශිෂ්‍යාධාරය අඛණ්ඩව ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ වෙනුවෙන් ඩොලර් විසිඑක් ලක්ෂයක්

(13.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු තීරයේ දී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සඳහා මාස 03 ක කාලයක් තුළ සිදුකළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් විසිඑක් ලක්ෂ පනස් දහසක (21,50,000) මුදලක් මේ වනවිට ලැබී ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළා.

පසුගිය වසරේ ජූනි 03 වනදා සිට අගෝස්තු 31 දක්වා කාළය තුළ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සඳහා වැය කළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 04 ක වන්දියක් ලබාදෙන ලෙස නෞකාව හිමි සමාගමෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම මුදලින් කොටසක් ලෙසයි අදාළ මුදල මෙරටට ලැබී ඇත්තේ.

එසේම පසුගිය වසරේ සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා කාළය තුල සිදු වූ වියදම් සම්බන්ධයෙන් ද වාර්තාවක් ද වන්දි ලබා ගැනීම සඳහා සැකසෙනු ඇති ෴

***************************************

කිඹුලන්ට කබරයින්ගෙන් තර්ජන

(13.03.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජීවත් වන හැල කිඹුලන්ගේ ගහණයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව දකුණු ආසියාවේ සහ ඉරානයේ කිඹුල් විශේෂඥ කමිටුවේ සභාපති ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා පවසනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව සිදුකර ඇති සමීක්ෂණයක් අනුව මෙරට කිඹුල් ගහණය අටදහසක් (8000) පමණ වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එසේම කිඹුල් – මිනිස් ගැටුම හේතුවෙන්, ස්ථාන 170 ක දී සිදුකළ නීරීක්ෂණ අනුව, කිඹුලන් 510 කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

ඒ, වෙඩි තැබීම, වස ලබාදීම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්.

එමෙන්ම, මෙරට කබර ගහනය වැඩි වීම ද කිඹුලන්ගේ පැවැත්මට දැඩි ලෙස බලපෑම් එල්ල කරන කරුණක්.

කබරයන් විසින් කිඹුල් පැටවුන් සහ බිත්තර ආහාරයට ගැනීම, ඊට හේතු වී ඇති බවයි ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා සඳහන් කළේ ෴

***************************************

වානේ කමිබ් ටොන් එකක් ගිනි ගණන්

(13.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ අලෙවි වන වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 38,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මීට දින 03 කට පමණ පෙර මෙලෙස වානේ කම්බි ටොන් එකක (1) මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

රුපියල් 2,54,500 කට පෙර එලෙස අලෙවි වූ වානේ කමිබ් ටොන් එකක මිල මේ වනවිට රුපියල් 2,92,500 ක්.

ඒ අනුව මිලිමීටර් 10 වානේ කම්බියක් රුපියල් 1,040 කටත්, මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 1,500 කටත්, මිලිමීටර් 16 වානේ කම්බියක් රුපියල් 2,7250 කටත් අලෙවි වනවා.

කෙසේ වෙතත්, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හමුවේ අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් වානේ කම්බි මිල ගණන් ඉහළ යා හැකි බවයි නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර, මේ වනවිට වෙළඳපොලේ ඇතැම් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 1,500 ක පමණ අගයක පැවති සිමෙන්ති කොට්ටයක මිල එම සමාගම් මගින් වෙළඳපොළට නිකුත් කර ඇත්තේ රුපියල් 1,850 ත්, 1,900 ත් අතර මිලකටයි.

***************************************

‘ද නිව්ස් පේපර්’ සම්මාන ලබයි

(13.03.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ බෙංගලූරු නුවර පවත්වන ලද 13 වන අන්තර්ජාතික සිනමා උළෙලේදී මෙරට චිත්‍රපට නිෂ්පාදනයක් වන ‘ද නිව්ස් පේපර්’ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන ‘ද නිවුස් පේපර්’ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයක්.

පසුගිය 03 වනදා සිට 10 වනදා දක්වා බෙංගලූරු නුවර පවත්වන ලද මෙම අන්තර්ජාතික සිනමා උළෙලේ දී ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය සම්මාන හිමිකරගත්තේ එහි ප්‍රධානතම තරඟකාරී අංශයක් වන ආසියානු සිනමා තරගයෙන්.

ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්‍රමිතිකරණයේ හා වර්ගීකරණයේ නිරත ලොව ප්‍රමුඛතම ආයතනය වන ‘ෆිඇෆ්’ මගින් මේ වසරේ සිට බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල පිළිගැනීමත් සමඟ එය 44 වන අන්තර්ජාතික සිනමා උළෙල බවට පත්වුණා.

‘ද නිව්ස් පේපර්’, බෙංගලූරු සිනමා ඉතිහාසයේ ආසියානු තරඟ අංශය නියෝජනය කරන ලද 12 වන ශ්‍රී ලාංකීය සිනමා පටයයි ෴

+++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *