*********************************************
උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි
(12.03.2022 – 18:15 +0530 – hirunews.lk/sinhala)
රුපියල අවප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙරට ආනයනික සහල් කිලෝවක මිල 50% කින් පමණ ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා.
එවන් තත්ත්වයකදී දේශීය සහල්ද ඒ අනුව මිල ඉහළ යාමක් සිදුවී කිලෝවක මිල රුපියල් 300 ට ආසන්න විය හැකි බවද හෙතෙම සඳහන් කළා.
එමෙන්ම සීනි, කිරිපිටි, එළවළු, ගෑස්, ඉන්ධන, පාන්, බනිස්, ඇඳුම් පැළඳුම්, පොත්පත්, සපත්තු සෙරෙප්පු ආදි සෑම දෙයක්ම 35% ක 70% ත් අතර මිල ගණනකින් ඉහළ යනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා.
යතුරුපැදි, පාපැදි, මෝටර් රථ, සිමෙන්ති, ටයිල්, විදුලි උපකරණ වැනි දෑ ද පාලනයකින් තොරව ඉහළ යනු ඇති බව ද හෙතෙම කියා සිටියා.
මෙම තත්ත්වයන් මත රටේ පැවති උද්ධමනය තවත් තුන් (3) ගුණයකින් පමණ වැඩි කරනු ඇති බවත් ඒ තත්ත්ව යටතේ අන්ත අසරණ දුප්පත් මිනිසුන් කබලෙන් ළිපට වැටී හිඟන්නන් බවට පත්වීම අනිවාර්යෙන් සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියා.
***************************************
සිමෙන්ති සහ කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු
(12.03.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හමුවේ මේ වනවිට විදේශ රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කර සිය නිෂ්පාදන සිදුකරන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා.
ඒ අනුව, නිෂ්පාදන සිදුකිරීමේදී දැරිය යුතු පිරිවැය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට වෙළඳපොලේ ඇතැම් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා
ඒ අනුව, රුපියල් 1500 ක පමණ අගයක පැවති සිමෙන්ති කොට්ටයක මිල එම සමාගම් මගින් වෙළඳපොලට නිකුත් කර ඇත්තේ රුපියල් 1850 ත්, 1900 ත් අතර මිලකටයි.
ශ්‍රී ලංකාවේ සියයට සියයක් දේශීයව සිමෙන්ති නිෂ්පාදනය කරන එක් ආයතනයක් පමණක් පුත්තලමේ ක්‍රියාත්මක වන අතර, අනෙකුත් ආයතන අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදී සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබනවා.
එලෙස අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන්, අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදී සිමෙන්ති නිෂ්පාදනය කරන සමාගම් බහුතරයක් මේ වනවිට සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එළැඹෙන සඳුඳා (14) මෙරට ප්‍රධාන පෙලේ කිරිපිටි නිෂ්පාදන සමාගමක් සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
වෙළඳපොල තත්ත්වයන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ගැනෙන අතර, ජනතාවට දැරිය හැකි මිලකට කිරිපිටි සඳහා මිලක් නියම කිරීමට කටයුතු කරන බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත්, එලෙස කිරිපිටි මිල ඉහළ නැංවුවහොත් එම තීරණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
රුපියල පා කිරීමේ තීරණය මෙරට කර්මාන්තකරුවන්ට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටිගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අපනයනකරුවන්ට මේ හරහා ලැබෙන වාසිය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් අහිමිව යන බවයි.
***************************************
මුදල් ඇමති බැසිල්ගේ ඉන්දීය සංචාරය ලබන සතියේ
(12.03.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය ලබන සතියේ සිදුකෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කළා.
පසුගිය ජනවාරි මාසයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සමග පැවැත්වූ වීඩියෝ සංවාදයේදී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සහ නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු වුණා.
විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබාදීමට ද ඉන්දියාව එකඟත්වය පළ කලා.
එහිදී ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා ගැනීමට අදාළව මුදල් අමාත්‍යවරයා ඉන්දියාව වෙත යාමටයි සැලසුම් කෙරුණේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය 08 වනදා නැවතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග දුරකථන සංවාදයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට හැකි සියලු ආකාරයෙන් සහය වන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා.
එමෙන්ම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මීළඟ ඉන්දීය සංචාරය පහසු දිනයකදී සිදුකිරීමට ද එහිදී එකඟත්වයක් ඇතිවුණා. ඒ අනුවයි මුදල් අමාත්‍යවරයා ඉදිරි සතියේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇත්තේ.
***************************************
ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලකාය ශ්‍රී ලංකාවේ සංචාරයක
(12.03.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)
මිත්‍රත්වයේ පාලම් ගොඩනැගීමේ ඉන්දීය නාවික හමුදා වැඩසටහන යටතේ එහි බටහිර බලකායට අයත් නෞකා 4 ක් පසුගිය 9 වනදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
ඒ ඉන්දීය නාවික හමුදාවේ, බටහිර බලකායේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් සමීර් සක්සේනාගේ මූලිකත්වයෙන්.
ඉන්දියාවේ දේශීය වශයෙන් නිපදවූ මිසයිල හාරක බ්‍රහ්මපුත්‍ර නෞකාව සහ යුද නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති අතර, අයි.එන්.එස්. චෙන්නායි සහ ටී.ඊ.ජී. යන යුද නෞකා පැමිණ ඇත්තේ කොළඹ වරායටයි.
එම නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික ලෙස උණුසුම් අන්දමින් පිලිගත් බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් කොළඹ වරායට පැමිණි අයි.එන්.එස්. චෙන්නායි නෞකාවේදී පසුගිය 10 වනදා ජනාධිපතිවරයා නියෝජනය කරමින් සහභාගි වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර ඇති අතර, ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද ඊට සහභාගි වී තිබෙනවා ෴
***************************************
සමන්තුරේ අනවසර විදුලි රැහැනක ගැටී ළමයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
(12.03.2022 – 16:51 +0530 – hirunews.lk/sinhala)
සමන්තුරේ – නෙයිනකාඩු ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් එකම පවුලේ වයස අවුරුදු 13 ක පිරිමි දරුවන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දර කැඩීම සඳහා නිවස ආසන්නයේ තිබූ ඉඩමකට මෙම දරුවන් දෙදෙනා (2) අද (12) දහවල් ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ ඉඩම පොල් වගා කර තිබූ ඉඩමක් වන අතර, වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එහි මෙලෙස විදුලි වැටක් අනවසරයෙන් ඉදිකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴
***************************************
නිදහස් පක්ෂය ජාතික ආණ්ඩු එපා කියයි
(12.03.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)
රට තුල පවතින අර්බුදයට විසදුම් ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවලක් සකස් කරන පක්ෂ විපක්ෂ ඕනෑම පාර්ශවයකට සහය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුලු දිස්ත්‍රික් සමුලුව අද (12) අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සන්ධානගත වීමට නියමිත පක්ෂ 11 සමග ඉදිරියේදී තවත් පක්ෂ රැසක් එක්විය හැකි බවයි.
එමෙන්ම ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර එහිදී සඳහන් කළා.
***************************************
ඇග කිලිපොලා යන ‘බැසිල් මෙහෙයුම’ ගම්මන්පිල සිරසේදී හෙලි කරයි..
(13.03.2022 – 15:50 +0530 – lankacnews.com)
ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් බරපතලම අර්බුදයට මුහුණ දී සිටින මේ මොහොතේ ආර්ථිකය කඩා වැටෙද්දී ඊට පිළියම් ලෙස කිසිවක් නොකර ආර්ථිකය කඩාවැටීමට ඉඩ දී බලා සිටීමට බැසිල් රාජපක්ෂ කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.
බැසිල් රාජපක්ෂගේ රටට අහිතකර ව්‍යාපෘතීන්ට එරෙහිව ජනතාව නැගී සිටින බවත් රට තුළ ඖෂධ, ආහාර සහ ඉන්ධන හිඟයක් ඇති කර ජනතාව අසරණ කිරීම තුළින් එම ව්‍යාපෘතීන්ට එරෙහි විය නොහැකි බෙලහීන ජාතියක් නිර්මාණය කිරීම ඔහුගේ සැලසුම බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම 1997 දී ඉන්දුනීසියාව තුල සිදුවූ අයුරින්ම ලංකාව විදේශ බලවේගයන්ට යටත් කිරීම මෙහි යටි අරමුණ යැයි ඒ මහතා සඳහන් කර සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය දින සිරස ’10 Questions’ වැඩසටහන හා එක්වෙමිනි.
මෙහිදී කැබිනට් මණ්ඩලය තුළ බැසිල් රාජපක්ෂගේ ප්රකෝපකාරී හැසිරීම් ඇතුළු කාලීන දේශපාලන රහස් රැසක් උදය ගම්මන්පිල මහතා විසින් හෙළි කළේය.
***************************************
කඩදාසි ගේන්න ඩොලර් නෑ.. පාසල් පෙල පොත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතී..
(13.03.2022 – 12:40 +0530 – lankacnews.com)
කඩදාසි හිගය හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩබලන සාමාන්‍යධිකාරී රංජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
සැපයුම්කරුවන් සතුව කඩදාසි නොමැතිවීම නිසා අධ්‍යාපන වර්ෂයන්ට අදාල පාසල් පෙළපොත් ඇණවුම් ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව හෙතෙම පැවසීය.
පාසල් පෙල පොත් පිටපත් මිලියන හතරක් (4) සඳහා කඩදාසි මෙට්ට්‍රික් ටොන් තුන් දහසක් (3000) පමණ අවශ්‍ය බව පැවසූ ඔහු කඩදාසි මෙට්‍රික් ටොන් එකක (1) මිල රුපියල් ලක්ෂ දෙකේ (2) සිට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය.
පාසල් පෙළ පොත් මුද්‍රණය සංස්ථාවේ ප්‍රධානම ආදායම් මාර්ගය බවද පැවසූ ඔහු එය අහිමි වූවොත් රුපියල් මිලියන එක්දහස් දෙසීයක් (1200) පමණ ආයතනයට අහිමි වී යන බවද කියා සිටියේය.
එමෙන්ම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඇණවුම් ලබා දීමට අවශ්‍ය කඩදාසි සම්පාදනය කර ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇති බවත් ලොතරැයි දෙකක (2) මුද්‍රණ කටයුතු ද සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවද වැඩිදුරටත් කියා සිටියේය.
කඩදාසි අනායනකරුවන් පවසන්නේ ඩොලර් හිගය හේතුවෙන් කඩදාසි ආනයනය කර ගැනීම ඇණහිට ඇති බවයි ෴
***************************************
‘ඌව වෙල්ලස්සට අත නොතබනු !’ බිබිල නගරයේදී පැවති දැවැන්ත විරෝධතාවය
(13.03.2022 – 12:30 +0530 – lankaleadnews.com)
‘ඌව වෙල්ලස්සට අත නොතබනු !’ මැයෙන් ඌව වෙල්ලස්ස අක්කර 65,000 ක් සිංගප්පූරු බහුජාතික සමාගමකට විකිණීමට එරෙහිව දැවැන්ත විරෝධතා රැලියක් බිබිල නගරයේදී ඊයේ (12) පැවැත්විණි.
ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ආගමික නායකයින්, කලාකරුවන්, පරිසර වේදීන්, පුරාවිද්යාංඥයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වී සිටියහ.
+++++++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
1960 gananwala, Sirimavo mathiniya rata swayam poshitha karanna haduwa. Samahara janathaawa eyata kenehelikam kalaa, paan polimawala inna bariya kiyala. JR awilla unta rukul dunna. Munge hithe JR rata swargayata genichcha kiyala. Mathiniya rata wenuwen kala hama project ekakma JR saha uge wandi batta deshapaaluwo kabaaseeniya kalaa. Daen aeta passe aapu deshapaaluwo okkoma minihage adipaare gihin, anthimata ratath ugas karala, nathnam paradesheenta vikunala rata bunkaloth kalaa. Daen rate purawasiyo okkoma hinganno waage asarana baawayata pathkarala iwarai. Gullo paan ganna polimawala inna baehe kiwwa aya okkoma daen hama dekatama, haema dawasakama, haema waeliekama, ahaara polima wala, indana polim wala, sita baeheth polim dakawaa paare laginiwa. Wena jeewithayak nae mahajanayata. Daen saepada? Mathiniya karagena yamin thibuna rata samwardanaya digatama karagena giyaanam, ada kaatawath polim wala lagagena naahen andanna wenne nae. Paradeshinta atha paanna wenne nae. Mamath ahanne daen saepada kiyala, swargayata rata giyaada, nathnam apaayatada giye? Broker Basil karanneth ookama thama, brokerla comis gaththa misak, unge sevaadayakayata hondak kale natha. Daenwath, giya hakurata naadanney, thiyana hakura raekaganilla!