රුසියානු ආක්‍රමණය හමුවේ රට රැකගැනීමට යුක්රේන වැසියන් සූදානම්

රුසියානු ආක්‍රමණය හමුවේ රට රැකගැනීමට යුක්රේන වැසියන් සූදානම්

*********************************************

රුසියානු ආක්‍රමණය හමුවේ රට රැකගැනීමට යුක්රේන වැසියන් සූදානම්

(27.02.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්රේනයේ කීව් අගනුවර අඛණ්ඩව සයිරන් හඬ නාදවන බව විදෙස් වාර්තාකරුවන් සඳහන් කළා.

අගනගරයේ ඊයේ (26) සන්ධ්‍යාවේ සිට හෙට (28) දිනය දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, නගරාධිපතිවරයා සඳහන් කළේ වීථිවලට පිවිසෙන ඕනෑම අයෙකු රුසියාවට සහය දක්වන කඩාකප්පල්කරුවෙකු ලෙස සළකන බවයි.

නගරවාසීන් ආයුධ සන්නද්ධව රුසියානු ආක්‍රමණිකයාට මුහුණදීමට සැරසී සිටින අතර, සිය නිවෙස් ඉදිරිපිට වැලි කොට්ට ගොඩගැසීමටත්, පෙට්‍රල් බෝම්බ නිපදවීමටත් ඔවුන් පෙළඹී සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඩොලර් මිලියන 350 ක් වටිනා අවි ආයුධ යුක්රේනයට යැවීමට ඊයේ (26) තීරණය කළ අතර, යුද ටැංකි නාශක මිසයිල, ගුවන් යානා නාශක පද්ධති සහ වෙඩි නොවඳින ආවරණ ද ඊට ඇතුළත්.

ජර්මානු රජය සඳහන් කළේ යුද ටැංකි නාශක අත් බෝම්බ දහසක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කළ හැකි ස්ටින්ගර් මිසයිල 500 ක් හදිසි අවශ්‍යතාවක් සේ සළකා යුක්රේනයට ලබාදෙන බවයි.

නෙදර්ලන්තයද මෙලෙස යුක්රේනයට ආයුධ සහය ලබාදෙන අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ලක්ෂ සංඛ්‍යාත යුක්රේනවාසීන් යුද්ධයෙන් පලායමින් සිටින අතර, මෝල්ඩෝවා රාජ්‍යයේ දේශසීමා ඔස්සේ රටින් නික්මීමට පැය 27 ක පෝලිමක් පැවති බව සඳහන්.

මේ අතර රුසියානු බැංකු, ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එකඟ වී තිබෙනවා.

මෙතෙක් එය, සියලු රුසියානු බැංකු සඳහා ක්‍රියාත්මක නොවන අතර, එය කොතෙක් දුරට පැවතිය යුතුද යන්න ජනපති පුටින් අත පවතින කරුණක් බවයි බටහිර සන්ධානය ප්‍රකාශ කළේ.

මේ අතර රුසියානු රොකට් ප්‍රහාර තවදුරටත් කීව් අගනුවර වෙත එල්ලවන අතර, අගනුවරට ඔබ්බෙන් පිහිටි ඉන්ධන ගබඩාවක්ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

එම නිසා එහි ගිනි ඇවිලෙමින් පවතින අයුරු සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

කෙසේ නමුත් යුක්රේන හමුදාවෙන් සහ එරට වැසියන්ගෙන් එල්ලවන ප්‍රබල ප්‍රතිරෝධය හමුවේ රුසියානු ආරක්ෂක හමුදාවලට සැළසුම් කළ පරිදි ඉදිරියට යාම ගැටළුවක් වී ඇති බව බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර රුසියානු රජයේ වෙබ් අඩවි හයකට (6) සයිබර් ප්‍රහාරයක්ද එල්ලවී තිබෙනවා.

එහිදී රාජ්‍ය රූපවාහිනී සේවාවේ වෙබ් අඩවියට පිවිසුණු හැකර්වරුන් එහි යුක්රේන ගීත වාදනය කළ බව වාර්තා වුණා ෴

+++++++++++

යුක්රේන අර්බුදය මැදින් පියාපත් සලනා ඉන්දීය සාම පරවියා

(27.02.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

දෙවන ලෝක යුද්ධයෙන් පසු රටක් තවත් රටක් ආක්‍රමණය කරන පළමු (1) අවස්ථාව ලෙස සැලකෙන රුසියානු – යුක්රේන යුද්ධය මේ වනවිට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.

රුසියානු හමුදා ආක්‍රමණයේ දෙවන (2) දිනයේදීම යුක්රේන අගනුවරට ඇතුලු වී සිටින අතර ගුවනින්, ගොඩබිමින් සහ සයුරෙන් යුක්රේනය වෙත ප්‍රබල ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා.

කිව් අගනුවර ගුවන් තොටුපළ ද රුසියානු හමුදා අත්පත් කර ගෙන ඇති අතර අගනුවර අඛණ්ඩව ගුවන් ප්‍රහාරවලට ලක් වන බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව හමුදා ආක්‍රමණයත් සමග එක්ලක්ෂ විසි දහසක් (1,20,000) ජනතාව රටින් පළා ගොස් ඇති බව සඳහන්.

යුක්රේන රජය පවසන්නේ සිවිල් වැසියන් ඇතුලු 198 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යුද්ධය අවුලුවාලීමට දැඩි වෙහෙසක් ගත් නේටෝ සංවිධානය හුදු ප්‍රකාශ නිකුත් කිරීමකට සීමා වී සිටින අතර ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සොලෙන්ස්කි පවා නේටෝ සංවිධානයේ ස්ථාවරය සම්බන්ධයෙන් සිය කලකිරීම ප්‍රකාශයට පත් කර තිබුණා.

ආක්‍රමණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල යෝජනාවක් සම්මත කරගැනීම ව්‍යර්ථ වූයේ තමන්ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ගෙනා යෝජනාවට රුසියාව නිශේධ බලය භාවිත කිරීම හේතුවෙන්.

රටවල් 11 ක් පක්ෂ වූ යෝජනාවට ඉන්දියාව, චීනය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඡන්දය දීමෙන් වැලකී සිටියා.

එහිදී චීනයේ ස්ථාවරය ගැටලු සහගත වන්නේ රුසියාවේ දීර්ඝ කාලීන මිතුරෙක් වන චීනය රුසියාවේ ක්‍රියාව හෙලා දැකීමට කටයුතු නොකළ පසුබිමක ආරක්ෂක මණ්ඩල යෝජනාවේදී ඡන්දය දීමෙන් වැලකී සිටීම නිසායි.

යුක්රේනයට එරෙහි රුසියාවේ ක්‍රියාමාර්ගය ආක්‍රමණයක් ලෙස හැඳින්වීම චීන විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබුණා.

අමාත්‍යංශයේ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් චීනයේ ස්ථාවරය නැවතත් අවධාරණය කළේ, චීනය සියලු රටවල භෞමික අඛණ්ඩතාවයට ගරු කළත් ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියාවට මතුව ඇති සාධාරණ ගැටලු චීනය වටහා ගෙන ඇතැයි පවසමින්.

කෙසේ වෙතත් ඉන්දියාව දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටි අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ පළමු දිනම රාත්‍රියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දුරකතනයෙන් අමතා වහාම සටන් විරාමයක් සහ සංවාදයකට නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

රුසියාව සහ නේටෝ සංවිධානය අතර මතුව තිබෙන මතභේද විසඳිය හැක්කේ අවංක සංවාදයකින් පමණක් බව අගමැති මෝදි සිය දිගුකාලීන විශ්වාසය හරහා නැවත අවධාරණය කර තිබෙනවා.

එම දුරකතන සංවාදය සිදුවන්නේ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් රුසියානු විදේශ අමාත්‍ය සර්ජෙයි ලැව්රොව් සමග පැවැත්වූ දුරකතන සංවාදයකින් අනතුරුවයි.

එහිදී සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තත්ත්වය සමනය කිරීමට ඇති හොඳම මාර්ගය යැයි අවධාරණය කළ බව එස්. ජයිශංකර් තැබූ ට්විටර් සටහනක දැක්වුණා.

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් යුක්රේන විදේශ අමාත්‍යවරයා ඇමතීමට ද නියමිත බව විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රින්ග්ලා මීට පෙර ඉන්දියාවේ යුක්රේන තානාපතිවරයා ලේ වැගිරීමක් නැවැත්වීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීමක් දැඩිව ඉල්ලා තිබුණා.

“අපි ඉන්දීය ස්ථාවරය ගැන දැඩි ලෙස සෑහීමකට පත් නොවෙමු. දැනටමත් 10-15 දෙනෙක් මිය ගොස් ඇත. ඉන්දියාවේ ප්‍රබල හඬ ඉල්ලා සිටිනවා. මෙහිදී අගමැති මෝදිට පුටින් ඇමතීමට හැකියි. එතුමාට පුළුවන් අපේ ජනාධිපතිතුමා අමතන්න. නොබැඳී සිටීමේ නිර්මාතෘ ඉන්දියාවයි. අපි ඉන්දියාවේ සහයෝගය ඉල්ලා සිටිනවා. එය සත්‍යයේ සහ ඉරණමේ මොහොතයි.”

යුක්රේන තානාපති ඉගෝර් පොලිකා පැවසුවේ රුසියානු හමුදා ඉදිරි ගමන නැවැත්වීමට පුටින් මහතා සමඟ පෞද්ගලික සංවාදයක් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ආයාචනා කරමින්.

“අපි අපේ මිතුරන්ට නියෝග කරන්නේ නැහැ. ඔබට අපට හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික හෝ වෙනත් ඕනෑම ආකාරයක සහයක් ලබා දිය හැකි බවට අපි ආයාචනා කරනවා” යැයි ඉන්දීය සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකෙන පොලිකා පැවසුවා.

රුසියාවට බලපෑම් කළ හැක්කේ ලෝකයේ ඉතා සුළු රටවල් සංඛ්‍යාවකට බවත් ඉන්දියාව මොස්කව් සමඟ විශේෂ සබඳතා ඇති රටවල් අතරින් එකක් බවත් යුක්රේන තානාපති ඉගෝර් පොලිකා වැඩිදුරටත් සඳහන් කළා.

පොලිකා සඳහන් කළ පරිදිම ඉන්දියාවේ සබඳතා විශේෂ බව පැහැදිලි කරමින් රාජ්‍ය නායකයින් දෙපළ අතර දුරකතන සංවාදයෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් නවදිල්ලියේ ඉහළ පෙලේ ප්‍රධානීන් හමුවුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවලදී අවධානය යොමු වූ කාරණා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් වූයේ නැහැ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී රුසියාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ගෙනා යෝජනාවට ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින්නේ මෙවන් පසුබිමකයි.

ඡන්දය දීමෙන් වැළැකී සිටීමෙන්, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වය සඳහා පරතරය පියවා ගැනීමට සහ මැද මාවත සොයා ගැනීමට උත්සාහ කිරීමේදී අදාළ ඕනෑම පාර්ශ්වයක් වෙත ළඟා වීමේ විකල්පය ඉන්දියාව රඳවා ගෙන තිබෙනවා.

යෝජනාවට ඡන්දය දීමෙන් වැලකීමේ ස්ථාවරය පැහැදිලි කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ටී.එස්. තිරුමූර්ති පැවසුවේ ජීවිත බිලිදීමෙන් කිසිදු විසඳුමක් නොලැබෙන බවයි.

එබැවින් ප්‍රචණ්ඩත්වය සහ සතුරුකම් නතර කිරීමට සියලු පියවර ගන්නා ලෙස ඉන්දියාව ඉල්ලා සිටිනවා.

අර්බුද හා වෙනස්කම් සමනය කරගැනීමට ඇති එකම මග සාකච්ඡා මේසයට එළැඹීම බව ඉන්දීය නිත්‍ය නියෝජිතයා පෙන්වා දෙනවා.

අවාසනාවන්ත ලෙස මේ මොහොතේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය අත් හැරී ඇති මුත් නැවත එම මඟට පිවිසිය යුතු බවයි ටී.එස්. තිරුමූර්ති පෙන්වා දෙන්නේ.

මෙම ස්ථාවරයන් දෙස බලන කල පැහැදිලි වන්නේ ඉන්දියාව සැබෑ කල්‍යාණ මිත්‍රයෙකුගේ භූමිකාව ඉටුකරමින් සිටින බවයි.

තුන්වන ලෝක යුද්ධයක් ගැන සැක පලකරන වපසරියක සාමය සඳහා ඇති අල්ප මාත්‍ර ඉඩ විවර කර ගැනීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි.

එහිදී පුටින් සමග ඇති සිය දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාව මෝදි අග්‍රාමාත්‍යවරයා මැනවින් කලමණාකරනය කර ගනිමින් සිටින්නේ ආසියාවේ බලවතා සාම දූතයෙකුගේ කාර්යභාරය භාර ගනිමිනි.

අද (27) වනවිට සාකච්ඡා සඳහා ක්‍රෙම්ලිනය එකඟතාව පළ කිරීම සම්බන්ධයෙන් මෝදිගේ බලපෑමද උත්ප්‍රේරකයක් වන්නට ඇති.

සාකච්ඡා සඳහා නියෝජිත කණ්ඩායමක් බෙලරුසය වෙත එවීමට ව්ලැදිමීර් පුටින් එකඟතව පළ කර ඇති අතර යුක්රේනය පවසන්නේ පෝලන්තයේදී සාකච්ඡා කළ හැකි බවයි.

රුසියාව මෙන්ම යුක්රේනයද නැගෙනහිර යුරෝපයට අයත් වෙයි.

යුක්රේනය භූමි ප්‍රමාණයෙන් යුරෝපයේ දෙවන විශාලතම රට වන අතර ලෝකයේ විශාලතම රට වන රුසියාව එය ආක්‍රමණය කර තිබෙනවා.

යුක්රේනයේ ජනගහනය මිලියන 44 ක් සහ රුසියාවේ එය මිලියන 144 කි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ තම ඉලක්කය යුක්රේනය හමුදාකරණයෙන් මුදාගැනීම බවයි.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රටේ නිදහස වෙනුවෙන් සටන් කරන බවට සපථ කර තිබෙනවා.

පැරණි සෝවියට් ජනරජයක් ලෙස, යුක්රේනය රුසියාව සමඟ ගැඹුරු සමාජ හා සංස්කෘතික සබඳතා ඇති අතර රුසියානු භාෂාව එහි බහුලව කථා කරයි.

යුක්රේනය යුරෝපා සංගමය සහ නේටෝ වැනි යුරෝපීය ආයතන, වෙත සමීප වෙමින් ඇති අතර, පුටින්ට අවශ්‍ය වන්නේ තවදුරටත් එවැනි ඒකාබද්ධ වීම් වැලැක්වීමයි ෴

+++++++++++

යුක්රේනයේ ඉන්ධන ගබඩාවකට මිසයිල ප්‍රහාරයක්

(27.02.2022 – 11:25 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවර ආසන්නයේ ඉන්ධන ගබඩාවකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරය හේතුවෙන් හටගත් දැවැන්ත ගිනිජාලාව දුම්රොටු ඉහළට නංවමින් ඇවිලෙන අයුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.

මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කීව් අගනුවරට ඔබ්බෙන් වසිල්කිව් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන ගබඩාවකට යි.

එහි ඇති වී තිබෙන ගිනි ජාලාවෙන් නික්මෙන දුමාරය අනතුරුදායක විය හැකි බවට යි යුක්රේන බලධාරීන් අගනුවර වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ.

මේ නිසා සිය නිවෙස්වල දොර ජනෙල් හොඳින් වසා තබන ලෙසට ද උපදෙස් ලබා දී තිබෙනවා.

කීව් අගනුවර වැසියන් බොහොමයක් දැනටමත් උමං දුම්රිය ස්ථාන ඇතුළු භූගත ආරක්ෂක ස්ථානවල රැඳී සිටින බව සඳහන්.

මේ අතර, රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්රේනයේ කීව් අගනුවර අඛණ්ඩව සයිරන් හඬ නාදවන බව විදෙස් වාර්තාකරුවන් සඳහන් කළා.

අගනගරයේ ඊයේ (26) සන්ධ්‍යාවේ සිට හෙට (28) දිනය දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, නගරාධිපතිවරයා සඳහන් කළේ වීථිවලට පිවිසෙන ඕනෑම අයෙකු රුසියාවට සහය දක්වන කඩාකප්පල්කරුවෙකු ලෙස සළකන බවයි.

නගරවාසීන් ආයුධ සන්නද්ධව රුසියානු ආක්‍රමණිකයාට මුහුණදීමට සැරසී සිටින අතර, සිය නිවෙස් ඉදිරිපිට වැලි කොට්ට ගොඩගැසීමටත්, පෙට්‍රල් බෝම්බ නිපදවීමටත් ඔවුන් පෙළඹී සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඩොලර් මිලියන 350 ක් වටිනා අවි ආයුධ යුක්රේනයට යැවීමට ඊයේ (26) තීරණය කළ අතර, යුද ටැංකි නාශක මිසයිල, ගුවන් යානා නාශක පද්ධති සහ වෙඩි නොවඳින ආවරණ ද ඊට ඇතුළත්.

ජර්මානු රජය සඳහන් කළේ යුද ටැංකි නාශක අත් බෝම්බ දහසක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කළ හැකි ස්ටින්ගර් මිසයිල 500 ක් හදිසි අවශ්‍යතාවක් සේ සළකා යුක්රේනයට ලබාදෙන බවයි.

නෙදර්ලන්තයද මෙලෙස යුක්රේනයට ආයුධ සහය ලබාදෙන අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ලක්ෂ සංඛ්‍යාත යුක්රේනවාසීන් යුද්ධයෙන් පලායමින් සිටින අතර, මෝල්ඩෝවා රාජ්‍යයේ දේශසීමා ඔස්සේ රටින් නික්මීමට පැය 27 ක පෝලිමක් පැවති බව සඳහන්.

මේ අතර රුසියානු බැංකු, ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එකඟ වී තිබෙනවා.

මෙතෙක් එය, සියලු රුසියානු බැංකු සඳහා ක්‍රියාත්මක නොවන අතර, එය කොතෙක් දුරට පැවතිය යුතුද යන්න ජනපති පුටින් අත පවතින කරුණක් බවයි බටහිර සන්ධානය ප්‍රකාශ කළේ.

මේ අතර රුසියානු රොකට් ප්‍රහාර තවදුරටත් කීව් අගනුවර වෙත එල්ලවන අතර, අගනුවරට ඔබ්බෙන් පිහිටි ඉන්ධන ගබඩාවක්ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

එම නිසා එහි ගිනි ඇවිලෙමින් පවතින අයුරු සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

කෙසේ නමුත් යුක්රේන හමුදාවෙන් සහ එරට වැසියන්ගෙන් එල්ලවන ප්‍රබල ප්‍රතිරෝධය හමුවේ රුසියානු ආරක්ෂක හමුදාවලට සැළසුම් කළ පරිදි ඉදිරියට යාම ගැටළුවක් වී ඇති බව බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර රුසියානු රජයේ වෙබ් අඩවි හයකට (6) සයිබර් ප්‍රහාරයක්ද එල්ලවී තිබෙනවා.

එහිදී රාජ්‍ය රූපවාහිනී සේවාවේ වෙබ් අඩවියට පිවිසුණු හැකර්වරුන් එහි යුක්රේන ගීත වාදනය කළ බව වාර්තා වුණා ෴

+++++++++++

යුක්රේනයට මිසයිල් ප්‍රහාර

(27.02.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවර ආසන්නයේ ඉන්ධන ගබඩාවකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරය හේතුවෙන් හටගත් දැවැන්ත ගිනිජාලාව දුම්රොටු ඉහළට නංවමින් ඇවිලෙන අයුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.

මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ කීව් අගනුවරට ඔබ්බෙන් වසිල්කිව් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන ගබඩාවකටයි.

එහි ඇති වී තිබෙන ගිනි ජාලාවෙන් නික්මෙන දුමාරය අනතුරුදායක විය හැකි බවට යි යුක්රේන බලධාරීන් අගනුවර වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ.

මේ නිසා සිය නිවෙස්වල දොර ජනෙල් හොඳින් වසා තබන ලෙසට ද උපදෙස් ලබා දී තිබෙනවා.

කීව් අගනුවර වැසියන් බොහොමයක් දැනටමත් උමං දුම්රිය ස්ථාන ඇතුළු භූගත ආරක්ෂක ස්ථානවල රැඳී සිටින බව සඳහන්.

රුසියානු මිසයිල ප්‍රහාර ඊයේ (26) මැදියම් රැයේ සිට නැවතත් කීව් අගනුවරට එල්ල වෙමින් පවතින අතර, එහි පනවා ඇති ඇඳිරි නීතිය හෙට (28) දක්වා ක්‍රියාත්මක යි.

රුසියානු ආක්‍රමණිකයාට මුහුණදීමට ජනතාව සැරසුණද බොහෝ පිරිස් පෝලන්තය, මෝල්ඩෝවා ඇතුලු අසල්වැසි රටවලට පලායන බව සඳහන්.

එලෙස පෝලන්තය බලා යන දුම්රියකට ගොඩවීමට ජනතාව දැඩි ප්‍රයත්නයක යෙදෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි තවදුරටත් වීඩියෝ පට නිකුත් කරමින් රට රැකගැනීමට කටයුතු කරන ලෙස යුක්රේන ජනතාව දිරි ගන්වමින් සිටිනවා.

2019 වසරේ දී යුක්රේන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඔහු රූපවාහිනී ප්‍රහසන ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

මේ නිසා සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීම සුරංගනා කථාවක් ලෙසයි යුක්රේන වාසීන් සැළකුවේ.

කෙසේ නමුත් 44 හැවිරිදි සෙලෙන්ස්කි නීතිය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර, රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේන වාසීන් එක්සත් වීම පිළිබඳ ඔහු වෙත ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයක් හිමිවනවා.

මේ අතර රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක බටහිර කඳවුර විසින් දැඩි කරමින් සිටින අතර, විශේෂයෙන් රුසියානු බැංකු සිවිෆ්ට් ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවෙන් ඉවත් කිරීම දැඩි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි අපේක්ෂිත යි.

තෙල් සමාගම් හිමිකරුවන් ඇතුලු රුසියානු ධන කුවේරයන්ට විශේෂ ගමන් බලපත්‍ර නිකුත් කිරීමද බටහිර රටවල් විසින් අත්හිටුවා තිබෙනවා.

ආක්‍රමණිකයාට එරෙහිව යුක්රේනවාසීන් සන්නද්ධ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, නෙදර්ලන්තය ආදී රටවල් අවි ආයුධ ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර යුක්රේනයේ උතුරුදිග ඔක්ටයිර්කා නගරයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් හත් (7) හැවිරිදි දැරියක ඇතුලු සාමාන්‍ය වැසියන් හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවනවා.

එහි දී ළදරු පාසලක් සහ ළමා නිවාසයක් ප්‍රහාරයට ලක්වී ඇති බව යුක්රේනය ප්‍රකාශ කළද රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

කෙසේ නමුත් යුක්රේන විදේශ අමාත්‍යවරයා එම සිද්ධිය හැඳින්වූයේ යුද අපරාධයක් ලෙසයි.

එමෙන්ම කීව් අගනුවර ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගැටුම්වලට මැදිවී හය (6) හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා.

මේ අතර යුද නිරීක්ෂණ ආයතනයක් ප්‍රකාශ කළේ ගත වූ පැය විසි හතර (24) තුළ රුසියානු හමුදා කීව් නගර මධ්‍යය දෙසට පෙරට ඇදීම මන්දගාමී වී ඇති බවයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන පරිදි යුක්රේන සිවිල් වැසියන් 240 කට මේ වනවිට හානි සිදුව ඇති අතර, 1,60,000 කට වැඩි පිරිසක් රට තුළ අවතැන්වී සිටිනවා.

මේ අතර යුක්රේනයේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබෙනවා.

සංචාරකයන් සඳහා වීසා බලපත් නිකුත් කෙරෙන්නේ මාසයකට පමණක් බැවින් මෙරට රැඳී සිටින යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන්වන කාලය සැළකිල්ලට ගෙන ඉදිරි පියවර ක්‍රියාත්මක වනු ඇති.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මෙරට යුක්රේන සංචාරකයන් 4,000 කට ආසන්න පිරිසක් මේ වනවිට රැඳී සිටින අතර, මෙරට සිටින රුසියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව 11,500 කට ආසන්නයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *