කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි

*********************************************

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි

(03.02.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala)

සෑම වසරකම පෙබරවාරි මස 04 වැනි දින උදාවෙන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිඋතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමියන් විසින් දිව්‍ය පූජාවක් පවත්වනු ලබන්නේ, සියලුම ශ්‍රී ලංකාවාසීන්ට දේවාශිර්වාදය ද එක් කරමින්.

එහෙත්, උන්වහන්සේ මෙවර දිව්‍ය පූජාව නොපැවැත්වීමටත්, ජාතික නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය නිදහස් උත්සවයට සහභාගී නොවීමටත් තීරණය කර තිබෙනවා.

ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් අද (03) පස්වරුවේ අගරදගුරුතුමන්ගේ තීරණය මාධ්‍ය වෙත දැනුම් දෙනු ලැබුවා.

එමෙන්ම සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දෙන්නේ, අදාළ දිව්‍ය පූජාව නොපැවැත්වීමට තවත් බලපෑ සිදුවීමක් වන්නේ, පසුගියදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ බෝම්බ තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් නිරපරාදේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන පීඩාවට ලක් කරන සිරකරුවන් නිදහස් කරන තෙක් එයට විරෝධය පළ කිරීමක් සහ අදාළ සිදුවීමට වගකිව යුතු නිසි වැරදිකරුවන් වහාම නීතිය හමුවට ගෙන එන ලෙසට බල කරමිනි.

තව ද, නිදහස් දිනට පැවැත්වෙන දිව්‍ය පූජාව පැවැත්වීමට ද නියමිත ව තිබුණේ මෙම බොරැල්ල දේවස්ථානයේ වන අතර, මෙවන් අර්බුදකාරී සහ වේදනාකාරී අවස්ථාවක දී සාධාරණයකින් තොරව එම කටයුත්ත පැවැත්වීමට තමන්ට හැකියාවක් නොමැති බව ද කාදිනල් හිමිපාණන් පවසා ඇති බවයි ගරු සිරිල් පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අගරදගුරුතුමන් හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් උත්සවයට ද සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

නමුත් උන්වහන්සේ නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ, ‘නිදහස ‘ යනු අප රට පෙර අර්බුදකාරී පසුබිම් පසුකොට, ඒවා අභීත ලෙසින් ජයගෙන පැමිණි රාජ්‍යයක් විනා, විවිධ කුමන්ත්‍රණ හමුවේ පසුබට වී අසාධාරණය වපුරන්නට ඉඩ නොතැබූ බවයි.

මේ හේතුවෙන් නිදහස් දිනයේ දී ජනතාවක් ලෙස මනා අවබෝධයෙන් යුතුව වගකීමෙන් හැසිරිය යුතු අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට මෙන්ම පීඩාවට ලක් වූ සෑම හදවතකටම සැනසුම උදාවන තෙක්, තමන් නීතිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙරමුණට යන බවයි.

මෙරට නීතියෙන් යුක්තිය ඉටු නොවන්නේ නම්, නියත වශයෙන් ම ජාත්‍යන්තර නීතිය හමුවට පවා යෑමට සිදුවන බව ද කාදිනල් හිමිපාණන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇති බව ගරු සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළා.

එමෙන්ම සැබෑ නිදහස යනුවෙන් තමා දකින්නේ ජනතාව තුළ ආකල්පමය වශයෙන් විප්ලවීය යහපත් වෙනසක් ඇති විය යුතු බවයි.

එබැවින් මෙම සියලු ම අර්බුද හමුවේ හෙට (04) දිනයේ දී ජාතික නිදහස් උත්සවයට හෝ දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් සිදු නොකෙරන අතර, සෙසු දේවස්ථානවල දිව්‍ය පූජා ඒකල වශයෙන් පැවැත්වෙනු ඇති බව ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් අදහස් පළ කළා.

+++++++++

+++++++++

74 වැනි නිදහස සැමරුමට සියල්ල සීරුවෙන් !

(03.02.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

නිදහස් දින 74 වැනි සැමරුම හෙට (04) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරුවේ පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලේ අවසන් පෙරහුරුව අද (03) පෙරවරුවේ ආරම්භ වුණා.

මෙවර නිදහස් සැමරුමේ තේමාව වන්නේ ‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක්, සෞභාග්‍යමත් දේශයක්’ යන්නයි.

නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරමින් සාමාජිකයින් 6500 ක් එක්වනවා.

ඊට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 3463 ක්, නාවික හමුදා සාමාජිකයින් 919 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 804 ක්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සාමාජිකයින් 336 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 282 ක් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 437 ක් ඇතුළත්.

ජාතික ශිෂ්‍යභට බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 259 ක් ද ඊට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන ගුවන් සංදර්ශනයක්ද සුපුරුදු පරිදි මෙවර නිදහස් උළෙලටත් අන්තර්ගතයි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාළියේ අවසන් පෙරහුරු අද (03) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ආරම්භ වුණා.

මේ අතර රටට ජාතියට සෙත්පතා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනයක් ද ඊයේ (02) පැවැත්වුණා.

අද (03) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දානමය පිංකමක් ද සංවිධාන කර තිබුණේ නිදහස් සැමරුමේ ආගමික කටයුතු වෙනුවෙනුයි.

+++++++++++

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව

(03.02.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala)

74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුවයි මෙම සමාව හිමිවන්නේ.

ඒ අනුව මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18 ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17 ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13 ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10 ක් ඇතුළුව දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇති බවයි බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කළේ.

මීට අමතරව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාවක් ද ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හා ඉන් කොටසකට දින 07 ක් සමාව ලබා දීම,

දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉදිරි දඬුවම් කාලය අහෝසි කිරීම,

2022.02.04 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් සදහා ඉදිරි කාලය අහෝසි කිරීම,

වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකර, 2022.02.04 දිනට මහාධිකරණයෙන් දඬුවම් නියමකල දින සිට වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවම් කාලය අහෝසි කිරීම සිදු වනු ඇති.

ඉහත කරුණුවලට අදාළව සුදුසුකම් ලබා ඇති සියලූම සිරකරුවන්ට අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවන බවයි බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කළේ ෴

+++++++++++

නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ 8514 කට උසස් වීම්

(03.02.2022 – 21:08 +0530 – hirunews.lk/sinhala)

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8034කට උසස් වීම් ලබාදෙන බව යුද හමුදාව පවසනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම නිලධාරීන් ඔවුන්ගේ මීළග නිලයට උසස් කෙරෙන බවයි.

ජාතික නිදහස් දින 74 වැනි සැමරුම හෙට (04) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරුවේ පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලේ අවසන් පෙරහුරුව අද (03) පෙරවරුවේ ආරම්භ වුණා.

මෙවර නිදහස් සැමරුමේ තේමාව වන්නේ ‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක්, සෞභාග්‍යමත් දේශයක්’ යන්නයි.

නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරමින් සාමාජිකයින් 6500 ක් එක්වනවා.

ඊට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 3463 ක්, නාවික හමුදා සාමාජිකයින් 919 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 804 ක්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සාමාජිකයින් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 282 ක් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 437 ක් ඇතුළත්.

ජාතික ශිෂ්‍යභට බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 259 ක්ද ඊට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන ගුවන් සංදර්ශනයක්ද සුපුරුදු පරිදි මෙවර නිදහස් උළෙලටත් අන්තර්ගතයි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාළියේ අවසන් පෙරහුරු අද (03) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ආරම්භ වුණා.

මේ අතර රටට ජාතියට සෙත්පතා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනයක් ද ඊයේ (02) පැවැත්වුණා.

අද (03) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දානමය පිංකමක්ද සංවිධාන කර තිබුණේ නිදහස් සැමරුමේ ආගමික කටයුතු වෙනුවෙනුයි ෴

***************************************

පළාත් 6 ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47 කට ජනපතිගේ ප්‍රධානත්වයෙන් යන්ත්‍රෝපකරණ

(03.02.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

පළාත් 6 ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47 කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා හැරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. අස්වනු නෙලීමේ යන්ත්‍ර, වල් නෙලීමේ යන්ත්‍ර, ගොයම් කැපීමේ යන්ත්‍ර, ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍රෝපකරණ වර්ග 7 ක් ඊට ඇතුළත් වනවා.

උතුරුමැද, නැගෙනහිර, වයඹ, ඌව සහ දකුණ යන පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 11 ක ගොවිජන මධ්‍යස්ථාන 47 කටයි මෙම උපකරණ අද (03) දින බෙදා දුන්නේ.

ඒ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 250 ක් ෴

***************************************

ඇමරිකා ප්‍රහාරයකින් අයි.එස්. නායකයෙකු මරුට

(03.02.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා ආරක්ෂක අංශ විසින් වයඹදිග සිරියාවේ සිදු කළ මෙහෙයුමකදී ISIS සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමේ නායකයෙකු වන ‘අබු ඉබ්‍රාහිම් අල් හෂිමි අල් කුරේෂි’ (Abu Ibrahim al-Hashimi al-Qurayshi) මියගොස් තිබෙනවා.

ඒ සිරියාවේ ඉඩ්ලිබ් නුවරට ආසන්න අට්මේ නම් ප්‍රදේශයේදී.

ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර ඇත්තේ නායක අබු බකර් අලි බැග්ඩාඩි (Abu Bakr al-Baghdadi) ඝාතනයෙන් අනතුරුව සිරියාවේ සිදුවූ විශාලතම මෙහෙයුම මෙය බවයි.

ISIS නායකයා ඝාතනය කළ එම මෙහෙයුම සිදු කෙරුණේ 2019 වසරේදීයි.

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකත්වය හෙබවූ ‘අබු ඊබ්‍රහිම් අල් හෂිමි අල් කුරයිෂි’ හමුදා මෙහෙයුම අතරතුර සිය පවුලේ සාමාජිකයන් සමඟ සියදිවි හානි කරගෙන ඇති බවට ද ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

මෙම මෙහෙයුමෙන් ළමුන් 6 දෙනෙකු සහ කාන්තාවන් ද ඇතුලුව තවත් විශාල පිරිසක් මියගොස් තිබෙනවා.

පෙන්ටගන වාර්තාවලට අනුව මෙමගින් ඇමරිකා ආරක්ෂක අංශවලට කිසිදු හානියක් සිදුවී නැහැ.

අමෙරිකානු ජනාධිපති ධුරයට ජෝ බයිඩ්න් පත්වීමෙන් පසු අන්තවාදයට එරෙහිව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව ද මෙය වනවා.

සිරියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී කුඩා දරුවන් 6 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ෴

+++++++

***************************************

යළ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදීම දෙන්න – ජනපතිගෙන් උපදෙස්

(03.02.2022 – 19:13 +0530 – hirunews.lk/sinhala)

යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරෙනවා.

එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදාගත යුතු බව අවධාරණය කළා.

කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේ දී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතු බවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගීවීමට මැලිකමක් දක්වන බව වාර්තා වී ඇති අතර අදාළ සියලුදෙනා එම වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ තැබිය නොහැකි අතර ඒ පිළිබඳ ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

ගොවීන් වැරදි ප්‍රචාරයන්ට හසුවීම නිසා ගුණාත්මක බවින් උසස් පොහොර භාවිතයට නොගත් අවස්ථා වාර්තා වනවා.

වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සමඟ තමන් බැඳී සිටින බවයි කාබනික පොහොර ව්‍යවසායකයන් සඳහන් කර ඇත්තේ.

පසුගිය මහ කන්නයේ තම ආයතන නිෂ්පාදනය කළ කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් සාර්ථක අස්වැන්න පිළිබඳව පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයන් සංඛ්‍යා ලේඛන සහිතව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

සාර්ථක අවස්ථා බොහෝ තිබිය දී අසාර්ථක අවස්ථා පමණක් මාධ්‍ය මඟින් පෙන්වා දීම හේතුවෙන් ගොවි ජනතාව අධෛර්යට පත් වූ බව සාකච්ඡාවේදී නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවීන්, කෘෂිකර්ම නිලධාරීන්, පොහොර නිෂ්පාදන සමාගම්, රාජ්‍ය නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පිහිටුවා පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියාසිටියේ ෴

***************************************

හංවැල්ලේ තීන්ත කම්හලක ගින්නක්

(03.02.2022 – 20:01 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – තුන්මෝදර ප්‍රදේශයේ තීන්ත කම්හලක අද (03) ගින්නක් හට ගත් අතර එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 5 ක් එම ස්ථානයට පිටත් කර යවා තිබුණා.

ගින්නෙන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා.

ගින්න ගින්න මැඩ පැවැත්වීමට කොට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *