වසර 13 ක සිට ගිලන්ව ඇඳක් මත සිය දිවිය ගෙවන, 25 වැනි වියේ පසුවන, කැස්බෑවේ ‘පවනි’ගෙන් ලෝකෙටම පාඩමක්

වසර 13 ක සිට ගිලන්ව ඇඳක් මත සිය දිවිය ගෙවන, 25 වැනි වියේ පසුවන, කැස්බෑවේ ‘පවනි’ගෙන් ලෝකෙටම පාඩමක්

*********************************************

වසර 13 ක සිට ගිලන්ව ඇඳක් මත සිය දිවිය ගෙවන, 25 වැනි වියේ පසුවන, කැස්බෑවේ ‘පවනි’ගෙන් ලෝකෙටම පාඩමක්

(29.12.2021 – 12:48 +0530 – sinhala.adaderana.lk)

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ගතකරමින් සිටින තරුණියක් නවකතාවක් ලියා පළකර ඇත්නම් එය ධෛර්යවන්ත ක්‍රියාවක් ලෙස සඳහන් කළ හැකිය.

එම සුවිශේෂී දස්කම කර ඇත්තේ කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ ජීවත්වන ‘පවනි මධුභාෂිනී’ නම් තරුණියකි.

ඇය තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කර තිබුණි.

25 වැනි වියේ පසුවන ඇය වසර 13 ක සිට ගිලන්ව ඇඳක් මත සිය දිවිය ගෙවන්නේ වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙනි.

ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට තම රෝගී තත්ත්වයත් සමග අධ්‍යාපනය ද මගහැරී ගොස් තිබුණි.

නමුත්, ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගොස් ඇත්තේ අප සියලුදෙනාට සිතීමට යමක් ඉතිරි කරමිනි.

ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකි විය.

ඒ ‘රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව’ නමැති නවකතාවය.

ඇය මෙම කතා පොත නිර්මාණය කළේ ද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙනි.

පොත අලෙවියෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කරගනිමින් පවනි පසුගියදා නිකවැරටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 12 ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබුණි.

තමා සිදුකළ මහඟු පුණ්‍යකර්මය ලොවට කියන්නට පවනිට නොහැකි වුවත් ඇයගේ සතුට කොතෙක්ද යන්න මේ රූපරාමු දකින ඔබට මනාව පැහැදිළි වෙතැයි අපි සිතමු.

++++++

10-10-2021
17-10-2021

******************************************

මත්පැන් බෝතල් තොගයක් සොරකම් කළ අයෙක් කොටුවෙයි

(29.12.2021 – 17:38 +0530 – sinhala.adaderana.lk)

විදේශීය මත්පැන් බෝතල් තොගයක් සහ උල් ආයුද කිහිපයක් සොරකම් කළ සැකකරුවෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් විසින් තලපත්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් මෙලෙස විදේශීය මත්පැන් සහ උල් ආයුද සොරකම් කර ඇති බව වාර්තාවෙයි.

අදාළ නිවෙස් හිමියා තම විනෝදාංශය ලෙස විදේශීය මත්පැන් බෝතල් සහ උල් ආයුද එකතුවක් තම නිවසේ තබාගෙන ඇත.

පසුගිය දෙවනදා සැකකරුවන් විසින් නිවසට ඇතුල්වී මත්පැන් බෝතල් තොගයක් සහ උල් ආයුද සොරකම් කර ඇති බව මේ වනවිට අනාවරණ වී ඇත.

ඔවුන් දෙදෙනා මීට මාස කිහිපයකට ඉහතදී එම නිවසේ ඉදිකිරීම් සඳහා අත් උදව් කරුවන් ලෙස රැකියාවට පැමිණි පුද්ගලයන් බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

එහිදී මත්පැන් බෝතල් විස්සක් (20) පමණ සොරාගෙන ඇති අතර ඉන් දෙකක් (2) පානය කර තවත් කිහිපයක් ඉතා අඩු මුදලට විකුණා එම මුදලින් ඇඳුම් පැළඳුම් සහ මත්ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වැය කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා (2) පොළොන්නරුවේ පදිංචි බව අනාවරණ වී ඇති අතර එක් සැකකරුවෙකු මේ වනවිට පොළොන්නරුව බලාගොස් ඇති බවද හෙළිවී තිබේ.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති 22 හැවිරිදි සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

******************************************

අනුරාධපුර නගරයේ ජනාකීර්ණ ස්ථානයක හදිසියේ ඇතිවූ ගිනි ජාලාව – CCTV

(29.12.2021 – 14:41 +0530 – sinhala.adaderana.lk)

කිසියම් අවශ්‍යතාවයක් සඳහා ත්‍රීරෝද රථයකින් නගරයට පැමිණ සිටි යුවලක් ඉන් බැසයනවාත් සමගම එම රථය එකවරම විශාල ගිනිගැනීමකට ලක්වී තිබුණි.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ අද (29) පෙරවරුවේ අනුරාධපුර නගරයේ දීය.

ජනාකීර්ණ ස්ථානයක මෙම ගින්න හටගැනීමත් සමග ජනතාව බියට පත්වී ඒ මේ අත දිවයන අයුරුද අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න නිවාදැමීමට පියවර ගෙන ඇත.

ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුවී ඇති අතර රථයේ හිමිකරු සඳහන් කළේ තමන් මෙම රථය මිලදී ගත්තේ ඊයේ (28) දිනයේ බවය.

******************************************

පොලිස් කොස්තාපල්වරිය ට අතවර කළ ගන්දර පොලීසියේ OIC යළි රිමාන්ඩ්

(29.12.2021 – 13:21 +0530 – sinhala.adaderana.lk)

ලිංගික අතවර කළැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයා ව ජනවාරි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ඊයේ (28) එම නියෝගය ලබාදී ඇත.

බන්ධනාගාරගත කර සිටින සැකකාර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන විජයවර්ධන ඊයේ (28) අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරුණු අතර, අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය, රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දී තිබේ.

එම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා, අතවරයට පත් ආධුනික පොලිස් කොස්තාපල්වරිය අයුතු ලෙස සිරකර තබාගෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවේ සිටිය දී දුරකථන ඇමතුම් ලබාගෙන සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවත් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි කේශලා බෝගහවත්ත මහත්මිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බෝගහවත්ත මහත්මිය අධිකරණයට පවසා ඇත්තේ, මෙම සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කරන බවත් මහජනතාව මේ දෙස විමසිල්ලෙන් පසුවන බවත්ය.

අතවරයට පත් මොහොතේ දී අදාළ කොස්තාපල්වරිය සිය පෙම්වතාට ඒ බව දැනුම්දී ඇති බවත් ඇය මේ වනවිට දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් බෝගහවත්ත මහත්මිය අධිකරණයට පවසා තිබේ.

ගන්දර පොලීසියේ ස්ථානාධිපති නිල නිවසේ දී ඉකුත් 24 වනදා අතවරය සිදුව තිබුණු අතර, එදින රාත්‍රියේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය ෴

******************************************

ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අපේ ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන අයගේ නෑයෝ – ආචාර්ය අජන්තා පෙරේරා

(29.12.2021 – 16:33 +0530 – truenews.lk)

ගෑස් පිපිරීම් නිසා ඇති වී තිබෙන ප්‍රශ්න සම්බන්දයෙන් ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියේ,

“පාරිභෝගික පණත පැහැදිලිවම කියනවා ජනතාවට අනිවාර්යයෙන්ම වන්දි ලැබිය යුතුයි කියලා. ඇයි වන්දි ටික දෙන්නේ නැත්තේ. මම විශ්වාස කරන එක තමා මේ ගෑස් සමාගම් වල ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය ඇවිල්ලා මේ අපේ ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන අයගේ නෑයෝ. එකයි ප්‍රශ්නය. මේ ගෑස් සමාගම් අයිති ඒවගේම කොටස් තියෙන්නේ අපේ අද මේ රජයේ අමාත්‍යවරුන්ගේ ජනාධිපති තුමා අගමැතිතුමාගේ ඥාතීන්ටයි මේවා අයිති. එකයි ගෑස් සමාගම් අරන් යන්නේ නැත්තේ නඩු අහන්න. එකයි අද ගෑස් සමාගම් නිදහසේ ඉන්නේ.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියේ,

“මේ රට අයිති ජනතාවටයි. රජයට නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ලසන්න අලගියවන්න අස් විය යුතුමයි. පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා අස් විය යුතුමයි. අධ්‍යක්ෂ මණ්ඩලය අස් විය යුතුමයි. ඒක කරන්න තරම්වත් කොන්දක් නැත්තම් ඒ ඇමතිට ඒ ඇමතිකමෙන් ඇති වැඩක් නැහැ කියලා විශේෂයෙන් කියන්න ඕනේ.”

******************************************

ගෑස් අපරාධයට එරෙහිව පාරට බැහැපල්ලා…. (29.12.2021)

++++++++

ප්‍රවේසම් වන්න ප්‍රොපෙන් 50% අඩංගු ගෑස් සිලින්ඩර් සැබවින්ම බෝම්බ වේ (26.12.2021)

******************************************

2022 වසර දියසෙන් කුමරු රට වෙනස් කරන අකාරය – 2023 , 2024 , 2025 ස්වර්ණමය යුගය – ඇතුගල්පුර ලසිත මහතාගේ අනාවැකි (30.12.2021)

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *