යුගදනවි නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේගය එහි සංචාරයක

යුගදනවි නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේගය එහි සංචාරයක

*********************************************

යුගදනවි නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේගය එහි සංචාරයක

(22.12.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට ලක්ව ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට එහි සංචාරයක නිරත වනවා.

******************************************

කැප්පෙටිපොල, විදුරුපොල ගම්මානයේ නිවාස කිහිපයක විදුලි උපකරණ වලට හානි

(22.12.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ මෙරට අනාරක්ෂිතම පාර්ශ්වය බවට පත්ව ඇත්තේ පාරිභෝගික ජනතාවයි.

තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවලින් නිසි ප්‍රමිතියක් මෙන්ම නිසි ආරක්ෂාවක්ද නොමැති වීමේ ප්‍රතිඵල පාරිභෝගික ජනතාවට කලින් කලට විඳීමට සිදුවනවා.

මෙලෙස, කැප්පෙටිපොල , විදුරුපොල ගම්මානයේ නිවාස කිහිපයකින් විදුලි උපකරණ විනශ වූ බවට වාර්තා වනවා.

******************************************

පොහොර සහ කෘමිනාශක නොමැතිවීමෙන් පීඩාවට පත් මින්නේරි ගොවීන්

(22.12.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘමිනාශක නොමැතිවීමෙන් වී ගොවිතැනෙහි සහ ගොඩ බෝග වගාවේ නිරත ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ, කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් අස්වැන්න ප්‍රමාණවත් නොවීමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි.

******************************************

ඉන්ධන මිල ඉහළ යාම හා මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(22.12.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම, මෙරට ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදත් (22) පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළකළා.

******************************************

නීතිවිරෝධී ‘ලන්ච් ෂීට් රෝල්’ තොගයක් මධ්‍යම පරිසර අධිකාරිය භාරයට

(22.12.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පරිසර අධිකාරිය විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමටගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (20) සිදු කළ වැටලීමකින් නීතිවිරෝධී ‘ලන්ච් ෂීට්’ රෝල් තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

දෙමටගොඩ පිහිටි පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන කර්මාන්තශාලාවක් වැටලීමෙන් මෙම නීතිවිරෝධී ලන්ච් ෂීට් තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ලන්ච් ෂීට් රෝල් කිලෝග්‍රෑම් 1710 ක නැතහොත් ටොන් 1.7 ක් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් විසින් සොයා ගනු ලැබූ අතර, මෙම සෝදිසි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ද එක් වුණා.

මෙම ද්‍රව්‍යවල වටිනාකම රුපියල් හාරලක්ෂ හතළිස් හතර දහසක (4,44,000) අගයක් ගන්නා බව ද වාර්තා වනවා.

මෙම වැටලීම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරනු ලබන්නේ, අංක 2034/34 දරණ 2017 සැප්තැම්බර් මස 01 වැනි දිනැති ගැසට් පත්‍රයට අනුකූලව සිදු කරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

******************************************

මෙරට ඛනිජ තෙල් සම්පත් ආශ්‍රිත කර්මාන්ත සඳහා ඉරානයෙන් ආයෝජන

(22.12.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඛනිජ තෙල් සම්පත් ආශ්‍රිත කර්මාන්තය සඳහා නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉරානය ඉදිරිපත් වී තිබෙනවා.

ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය ඇලිරේසා පේමන්ට් ෆාක්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (21) හමු වූ අවස්ථාවේදියි මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇත්තේ.

එහි දී දෙරට අතර දිගුකාලීන ද්වි පාර්ශවීය සබදතා පිළිබද වැඩි අවධානය යොමු වුණා.

මෙම හමුවේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතාට ඉරානයේ කර්මාන්ත නිරීක්ෂණය කිරීම සඳහා සිය රට පැමිණෙන ලෙස ද ආරාධනා කර තිබෙනවා ෴

******************************************

ජනමාධ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලට නව ලේකම්වරුන් පත් කෙරේ

(22.12.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

එසේම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර ඇතැයි ද ජනාධිපති ප්‍රකාශකවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.

******************************************

සංවිධානාත්මක අපරාධකරුවෙකු ටී 56 අවියක් සමග මිනුවන්ගොඩදී අත්අඩංගුවට

(22.12.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උන්නාරුවේ ‘රැවුල් ඉන්දික’ නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළග තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් (1) සහ ජීව උණ්ඩ 30 ක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරු නිවසක් තුල ටී 56 ගිනි අවියක් පිරිසිදු කරමින් සිටින බවට ලද තොරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙම සැකකරු වෙනත් අපරාධවලට ද සම්බන්ධ අයෙකු බවට ද අනාවරණ වී ඇති අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

******************************************

අලුතින් විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව සඳහා ඉඩම් කට්ටි 2,000 ක්

(22.12.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

අලුතින් විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව සඳහා ඉඩම් කට්ටි 2,000 ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ඉඩම්, අඩු ආදායම්ලාභී කාණ්ඩයේ අලුතින් විවාහ වූ තරුණ තරුණියන් අතර බෙදා දීමට කටයුතු කරන බවයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී. රණවක මහතා පැවසුවේ.

ඉඩම් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන පරිදි ලබන ජනවාරි මාසයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අදාළ අයදුම්පත් ලබා ගත හැකියි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් මර්දන දස (10) වැනි එන්නතටත් අනුමැතිය

(22.12.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දස වැනි (10) කොවිඩ් මර්දන එන්නත ලෙස ‘නොවවැක්ස්’ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අතර, ඊයේ (21) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 713 දෙනකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

‘නොවවැක්ස්’ එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට යෝග්‍ය බව නිෂ්පාදන සමාගම මීට පෙර ප්‍රකාශ කළා.

එය, යුරෝපා සංගමය කොරෝනා මර්දනය වෙනුවෙන් වෙන් කළ පස්වැනි (5) එන්නත ද වෙනවා.

එන්නතේ යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ සඳහා 45,000 කට අධික පිරිසක් සම්බන්ධ වී ඇති අතර, අදාළ අධ්‍යයනයන් සාර්ථක වූ බවයි යුරෝපා ඖෂධ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර ඊයේ (21) මෙරටින් හඳුනා ගැණුනු නව ආසාදිතයන් 713 දෙනා සමඟ මෙරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 5,80,922 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 8212 ක්.

නව කොරෝනා මරණ 24 ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,795 ක් ලෙසයි ෴

+++++++++++++

තවත් 311 දෙනෙකු සුවය ලබයි

(22.12.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 311 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,58,226 ක් ලෙසටයි.

තවත් 7901 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,58,226 ක්. මරණ 14,795 ක් සිදුවී තිබෙනවා ෴

+++++++++++++++

තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 3 ක් හඳුනා ගැනේ

(22.12.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7 ක්.

විදේශ රටවල සිට පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා හඳුනාගෙන ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට අනුවයි.

මීට පෙර හමුවූ ආසාදිතයන්ගෙන් එක් (1) අයෙක් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට වාර්තා වුණා.

අදාළ පුද්ගලයා දින 3 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු බවයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කළේ.

මේ අනුව දිවයින තුල දැනට තහවුරු වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් 6 දෙනෙකු සිටිනවා.

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 311 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,58,226 ක්.

+++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 16 ක්

(22.12.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 16 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කරන ලද මෙම මරණ 16 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,811 ක් දක්වා ඉහළ යනු ඇති.

මෙම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) පිරිමි පුද්ගලයෙකුගේ මරණයක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 4 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් 3 දෙනෙකු වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 11 ක් ඊයේ (21) තහවුරු කර තිබෙනවා.

ඒ පිරිමි 6 ක් සහ කාන්තාවන් 5 ක් වශයෙන් ෴

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 458 ක්

(22.12.2021 – 18:10 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 458 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,81,380 ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 8343 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,58,226 ක්.

මෙරටින් කොරෝනා මරණ 14,811 ක් තහවුරු වී ඇති අතර ඒ අද වාර්තා කළ මරණ 16 ත් සමගින් ෴

++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 215 ක් හඳුනා ගැනේ

(22.12.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 215 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ විදෙස්ගතව සිට පැමිණි එක් (1) ආසාදිතයෙක් ද සමගින්. ඒ අනුව අද (22) දිනයේ මෙරටින් හඳුනා ගැණුනු සමස්ත ආසාසිතයන් සංඛ්‍යාව 673 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 5,81,595 ක් හඳූනාගෙන තිබෙනවා.

ඉන් 8558 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,58,226 ක්.

මෙරටින් කොරෝනා මරණ 14,811 ක් ද සිදුව ඇති අතර ඒ අද වාර්තා වූ මරණ 16 ද සමගින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *