‘පාවෙන තෙත් බිම් දහසක්’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

‘පාවෙන තෙත් බිම් දහසක්’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

*********************************************

‘පාවෙන තෙත් බිම් දහසක්’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(21.12.2021 – 22:48 +0530 – hirunews.lk/sinhala)

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත ‘පාවෙන තෙත් බිම්’ දහසක් (1000) වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා.

නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාගේ උපදෙස් පරිදියි, ‘පාවෙන තෙත් බිම්’ වැඩසටහන අත්හදා බැලුණේ.

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි
සිරිපාල මහත්මිය පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

++++++

මහනුවර මහ නගර සභාවේ අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීමෙන් පසු ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතර ගුටි බැට හුවමාරුවක් සිදු වුණා.

මේ අතර මන්නාරම ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය අතරතුර සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රිවරියක් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ගැටුමක් ඇති වුණේ මෙලෙසින්.

******************************************

මන්න රමේෂ් වළ දැමූ තරුණයෙකුගේ මළ සිරුරක් ගොඩ ගැනේ

(21.12.2021 – 23:13 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන ‘රමේෂ් ප්‍රියජනක’ හෙවත් ‘මන්න රමේෂ්’ විසින් ඝාතනය කරනු ලැබූ බවට සැක කෙරෙන කිරිඳිවැල මීතිරිගල නිස්සරණ වනය තුළ වළදමා තිබූ තරුණයාගේ මළ සිරුර අද (21) ගොඩගනු ලැබුවා.

++++++

සිය පියාගේ සහ බාප්පාගේ පහරකෑමට ලක් වූ 14 හැවිරිදි පාසැල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගම්පොළ මව්න්ටෙම්පල් ජනපද ප්‍රදේශයෙන් අද (21) පස්වරුවේ වාර්තා වුණා. පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දැරිය රෝහල්ගත කිරීමට ඇගේ පියා ඉඩ ලබා දී නොමැති අතර පස්වරු 1 ට පමණ ප්‍රදේශවාසීන් මැදිහත්ව දැරිය රෝහල්ගත කිරීමට පියවර ගත්තත් ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.

******************************************

නො විසඳෙන පොහොර ගැටලුවෙන් පීඩා විදින ගොවීන්

(21.12.2021 – 23:37 +0530 – hirunews.lk/sinhala)

ලබන කන්නය සඳහා හෝ රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් (21) ගොවි විරෝධතා පැවැත්වුණා.

ඔවුන් චෝදනා කරන්නේ, පොරොන්දු වූ වගා හානි වන්දි කඩිනමින් රජය විසින් ලබාදිය යුතු බවයි.

එමෙන්ම වී ගොවීන් බොහෝ පිරිසක් මෙවර කන්නයේ වගා කටයුතු ආරම්භ කළේ ද මාසයක පමණ කාලයක් පමාවීමෙන් අනතුරුවයි.

ඒ අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදෙන බවට රජය දුන් පොරොන්දුව මතයි.

කෙසේවෙතත් වගාව ආරම්භ කර සති කිහිපයක් ගතව ඇතත් තමන්ට කිසිඳු පොහොරක් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් ඇතැම් ගොවීන් සිය වගාවන් අත්හැර දැමීමට ද පෙළඹි තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *