ස්ලිට් (SLIIT) මහා වංචාව ගැන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ජනපතිට ලියයි

ස්ලිට් (SLIIT) මහා වංචාව ගැන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ජනපතිට ලියයි

*********************************************

ස්ලිට් (SLIIT) මහා වංචාව ගැන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ජනපතිට ලියයි

(30.11.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මහපොළ භාරකාර ශිෂ්‍යත්ව අරමුදල යටතේ තිබූ මාලඹේ ස්ලිට් (SLIIT) ආයතනය වංචාකාරී ලෙස පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබෙනවා.

සවිස්තර කරුණු ඇතුළත් මෙම ලිපියේ ස්ලිට් ආයතනයේ ආරම්භය, එය පවත්වාගෙන ගිය ආකාරය, වංචාකාරී ලෙස එය පෞද්ගලික අංශයට පවරා ගැනීම සහ එයට මුල් වූ පුද්ගලයින් ආදී සියලු තොරතුරු ඇතුළත්.

ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති මෙම දීර්ඝ ලිපියේ දැක්වෙන්නේ අවස්ථා ගණනාවකදී වංචා හෝ දූෂණ විමර්ශන කාර්යංශයට සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කෙරෙන ආයතනවලට මේ සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලි හා දැනුම් දීම්වලින් මෙතෙක් කිසිදු ඵලක් අත් ව නැති බවයි.

පැහැදිලි ව මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් නම් කර ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය සියලු සාක්ෂි සාධක තිබියදී මෙකී රාජ්‍ය ආයතනවල මෙම නිද්‍රාශීලී පිළිවෙත පුදුමයට කරුණක් බවයි ජනාධිපතිවරයා වෙත ආචාර්‍ය විජේදාස රාජපක්ෂ මහතා යොමු කළ ලිපියේ සඳහන් වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය විජේදාස රාජපක්ෂ මහතා යොමු කළ සම්පූර්ණ ලිපිය පහළින් :

******************************************

පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්ව – Talk with Chathura (29.11.2021)

******************************************

+ https://www.youtube.com/watch?v=RK8-EOO8zF4

******************************************

විදුලි බස් රථ ධාවනය ලබන වසරේ (2022) සිට

(30.11.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (29) පැවති 14 වැනි ජාතික පරිසර සභාවේ සැසි වාරයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ, නාගරික ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.

විදුලි බලයෙන් ක්‍රියා කරවන වාහන හඳුන්වා දීම මඟින් මෙරට වායු දූෂණය යම් තරමකට අඩු වන අතර, විදුලි බලයෙන් ක්‍රියා කරවන බස් රථ ද ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා එහි දී සදහන් කර තිබෙනවා ෴

******************************************

රැකියා ආයතනයක නියෝජිතයන් 4 ක ගේ විදෙස් ගමන් තහනම්

(30.11.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වූ රැකියා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් පුද්ගලයන් විදේශගත කළ කුරුණෑගල ප්‍රදේශයේ රැකියා ආයතනයක නියෝජිතයන් සිව් (4) දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා.

පසුගිය මාර්තු 21 වන දා අදාළ ආයතනයේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වී ඇති අතර, සැකකරුවන් එය අලුත් කර ගැනීමකින් තොරව පුද්ගලයින් විදේශගත කරන බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී තිබුණේ.

එමෙන්ම, මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් 40 දෙනෙකු රවටා රුපියල් ලක්ෂ 54 ක මුදලක් ද වංචා කර තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් සැඟව සිට ඇති අතර, ඒ අනුවයි ඔවුන්ට විදේශගතවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ ෴

******************************************

කල්පිටිය ප්‍රදේශයේ මාර්ගයක ඉදිකිරීම් අක්‍රමිකතාවක් – කෝප් කමිටුවෙන් හෙළි වෙයි

(30.11.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ සියයක් (100) වැඩිපුර ගෙවීම පිළිබඳව වහාම විමර්ශනය කොට වාර්තාවක් ලබා දෙන්නැ යි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ, සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 – 2019 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදියි.

******************************************

විදුලි බිඳ වැටීම ගැන විදුලිබල මණ්ඩලයෙන් පැමිණිල්ලක්

(30.11.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (29) රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කළා.

එය කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවට ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් ලිපියක් මගින් අදාළ ඉල්ලීම සිදුකළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ (29) ප්‍රදේශ ගණනාවකට විදුලිය විසන්ධි වුණා ෴

******************************************

මහින්ද සමරසිංහ වෙනුවට මන්ත්‍රී මංජු ලලිත් පාර්ලිමේන්තුවට

(30.11.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඩබ්ලිව්.එච්. ලලිත් වර්ණ කුමාර මහතා පත්කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (30) දිනයේ නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මනාප 46,642 ක් ලබාගත් ලලිත් වර්ණකුමාර මහතා මහින්ද සමරසිංහ මහතාට පසුව කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ රැඳී සිටියා.

******************************************

රන් මිල අඩු වෙයි

(30.11.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වනවා. මීට අමතරව කැරට් 24 රත්‍රං පවුමක මිල සටහන් වුයේ රු. 116,500 ක් ලෙසින්.

මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමක්.

පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබුණා ෴

******************************************

තහනම් පොලිතින් කිලෝ 5,100 ක් හෝමාගමින් සොයාගනී

(30.11.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – තැලුම්පිටියාගල ප්‍රදේශයේ පොලිතීන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වැටලූ පොලිසිය එහි තිබූ ලන්ච් ෂීට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තහනම් පොලිතීන් කිලෝග්‍රෑම් 5,100 ක් සොයාගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම වැටලීම සිදු කළ අතර, එහිදී එය පවත්වාගෙන ගිය සැකකරුවන් අත් අඩංගුවට ගැනුණේ, පාරිභෝගික සේවා අධිකාරිය විසින් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ, ඉදිරියේදී ද දිවයින පුරා මෙවැනි වැටලීම් සිදු කෙරෙන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *