පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට ප්‍රහාරයක්

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට ප්‍රහාරයක්

(23.11.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්. එස් තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට යම්කිසි පිරිසක් විසින් පහර දී දැඩි අලාබ හානි සිදු කර ඇති බව වාර්තා වෙනවා.

ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට දැඩි අලාබ හානි සිදු ව ඇති අතර, මෙම සිද්ධියට හේතු වී ඇත්තේ, අද (23) උදෑසන කින්නියා හි සිදු වූ පාලම් පාරු අනතුර පිළිබඳ ජනතාව කුපිත වීමෙන් බවයි වාර්තා වෙන්නේ.

අද (23) උදෑසන සිදු වූ මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවන් සිව් දෙනෙකු (4) ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු (6) මිය ගියා.

ඊට අමතර ව, අනතුර හේතුවෙන් තවත් 19 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් සිව් (4) දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, කලපුවේ අනතුර සිදු වූ ස්ථානය අවට කිමිදුම්කරුවන් යොදවා අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක් දියත් කළා.

කින්නියා පාලම් පාරුවේ අනතුර ගැන පරීක්ෂණයක් කරන්නැයි මහාමාර්ග ඇමතිගෙන්, ආණ්ඩුකාරවරියට නියෝග

(23.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලීමෙන් මියගිය 6 දෙනාගෙන් පස්දෙනෙකුම (5) පවුල් දෙකකට (2) අයත් පුද්ගලයන් බව පොලීසිය පවසනවා.

මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට ප්‍රහාරයක්ද එල්ල වුණා.

කින්නියා කලපුව හරහා ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙනුයි ප්‍රදේශවාසීන් කළපුව හරහා ගමන් කිරීමටයි මෙම පාලම් පාරුව යොදාගෙන ඇත්තේ.

අද (23) උදෑසන 07:30 ට පමණ පාලම් පාරුව අනතුරට ලක්වූ අතර, එම අවස්ථාව වනවිට එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් කුඩා දරුවන් හතරදෙනෙකු (4), කාන්තාවක් සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මියගිය කාන්තාව 30 හැවිරිදි වියේ පසුවූ අතර, ඇගේ 6 හැවිරිදි දරුවා සහ අවුරුදු තුනහමාරක් (3½) වයසැති දියණියද මියගොස් තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු අටක (8) සහ හයක (6) එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) ද පාලම් පාරුව පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

20 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරනු ලැබුවා. ඉන් හතරදෙනෙකු (4) ගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

බැරල් සහ ලී යොදා ගනිමින් මෙම පාලම් පාරුව සකස් කර ඇති අතර, ගමන් කිරීමේ ආධාරකයක් ලෙස දෙපසින් කේබල් යොදා තිබෙනවා.

එම කේබලයක් කැඩී යාම නිසා පාලම් පාරුව පෙරළී ඇති බවටයි පොලීසිය දැනට සැක කරන්නේ.

කෙසේ වෙතත් නාවික හමුදාව තවදුරටත් අදාළ ස්ථානයේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුට අතුරුදන්වී ඇති බවට ප්‍රදේශවාසීන් සිදුකර ඇති ප්‍රකාශ සමඟයි.

පාලම් පාරුව පෙරළීමෙන් පසු ප්‍රදේශවාසීන් කින්නියා නගරයේ බුහාර් මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරතවූ අතර, එහිදී ඔවුන් ටයර් ගිනි තබමින් විරෝධය පළ කළ බවද හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

එමෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසටද ප්‍රහාරයක් එල්ල කළේ මොහු නව පාලම පිළිසකර කිරීම සඳහා මුල් ගල තැබීමට එක්වූ බවට පවසමින්.

එසේම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියට නියෝග කළ බවයි.

මේ අතර පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ද පළාත්පාලන කොමසාරිස් එන්. මනිවන්නන් මහතාට අද (23) නියෝගයක් කර තිබෙනවා.

පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳවද තමාව දැනුවත් කරන ලෙසයි ඇය නියෝග කර ඇත්තේ.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ද සිදුකරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

++++++++

++++++++

• 1 [ සේයාරූ ] – 2 [සේයාරූ]

******************************************

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයාගෙන් අවවාද

(23.11.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

කාන්තා පාර්ශවයට අපහාස සිදු වන ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා.

ඒ, එම මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා අයවැය කතාවේ දී සිදු කළ ප්‍රකාශයක් තුළින් කාන්තා පාර්ශවයට අපහාසයක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න ඊයේ නැගූ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැඩි තීන්දුවකට එළඹිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගර්භය මධ්‍යයට පැමිණ කෙටි වේලාවක් විරෝධය පළ කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

******************************************

මහින්ද සමරසිංහ තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

(23.11.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා තමා තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාර මහතායි.

ඉකුත් මහ මැතිවරණයේදී මනාප 46,542 ක් ලබා ගත් ඔහු මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා ෴

******************************************

රුසියාව සමඟ මැණික් වෙළෙදාම වර්ධනය කිරීමට පියවර

(23.11.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මැණික් හා ස්වර්ණාභරණ වෙළෙදාම වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ අවධානය යොමු වී තිබෙනවා.

රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඒබව ප්‍රකාශ උනා.

එම සාකච්ඡාවට රුසියාවේ මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 35ක් ද එක්වුණා ෴

******************************************

ණය වාරික ගෙවීම පිළිබඳ හර්ෂ ද සිලවා ගෙන් විශේෂ හෙළිදරව්වක්

(23.11.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ණය වාරික ගෙවීම සඳහා රජය ඉතිරි කරගෙන ඇති ඩොලර් සංචිත අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා මේ මොහොතේ වැය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ අදාළ ණය වාරික ගෙවීම මාස 36 කට කල්දමාගැනීමට හැකියාව ඇති බවයි.

******************************************

ඉන්ධන මිල ස්ථායිකරණ කමිටුව නැත්නම් මිල සූත්‍රය අවශ්‍ය බව ඇමති ගම්මන්පිල කියයි

(23.11.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මාසයක කාලයක් තුළ දී මෙරට උද්ධමනය සියයට 2.1 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 6.2 ක් වූ මතුපිට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී ඉහළ ගොස් ඇත්තේ සියයට 8.3 ක් දක්වායි.

මේ අතර, උඩරට එළවළු ඊයේ (22) රාත්‍රියේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් වෙත ලැබීමත් සමඟ එළවළු හිඟය යම් පමණකට අඩු වී ඇතත්, මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ අගයකයි.

කෙසේ වෙතත්, පිටකොටුව අවට එළවළු වෙළඳුන් සඳහන් කළේ තමන්ට තවමත් එළවළු තොග නිසි පරිදි නොලැබීම හේතුවෙන් මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවයි.

මේ අතර, ඉන්ධන මිල ස්ථායීකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් වහාම ඉන්ධන මිල සූත්‍රය ගෙන ආ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද (23) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

******************************************

බලධාරී නො සැලකිල්ලෙන් බස් නැවතුමක් විනාශ මුඛයට

(23.11.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ පොදු ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් දිවයිනේ නගරබද ප්‍රදේශ රැසකම බස් නැවතුම්පොළ ඉදිකර තිබෙනවා.

කෙසේනමුත් බලධාරීන් මෙන්ම නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා විනාශ වෙමින් පවතින බස් නැවතුම්පොළ සම්බන්ධයෙනුයි මේ අනාවරණය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *