විදුලි වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණය හෙට (04)

විදුලි වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණය හෙට (04)

*********************************************

විදුලි වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණය හෙට (04)

(03.11.2021 – 17:44 +0530 – sinhala.adaderana.lk)

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව වැඩවර්ජනයක් දියත් කිරීම සම්බණ්ධව හෙට (04), ‘දින නියම කරමින්’ තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව අතරතුර මේ බව සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා :

“මේ අමෙරිකානු ගිවිසුම අවලංගු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව. මේ ක්‍රියාමාර්ගගය ජනග්‍රහණයකින් තමයි අවසන් වෙන්නේ. ගත්ත වැඩවර්ජන තීන්දුවට හෙට (04) දවස තුළ අපි දින නියම කරලා ප්‍රකාශයට පත්කරනවා.”

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම හා සියලු තාප විදුලි බලාගාර සඳහා LNG ගෑස් සැපයීම එම සමාගමටම ලබාදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (03) විරෝධතාවල නිරත විය.

ඊට ඛනිජ තෙල්, වරාය මෙන්ම ජලසම්පාදන වෘත්තීය සමිති ද සහාය පළ කර තිබුණි.

******************************************

ඡන්දහිමියන්ට නිවේදනයක්

(03.11.2021 – 15:24 +0530 – sinhala.adaderana.lk)

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව දැනුම්දෙයි.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය.

ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දෙකටම හෝ යටත්විය යුතු වරදක් බවද එම කොමිසම සඳහන් කරයි.

මෙම තත්ත්වයන් මත මෙතෙක් ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිවීමට නොහැකි වූ පුද්ගලයින් සිටීනම් එළඹෙන 17 වනදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඔබගේ හිමිකම් ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.

ඒ සම්බන්ධ ඉල්ලුම් පත්‍රය www.elections.gov.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැකි අතර 011 286 0031 , 011 286 0032 හෝ 011 286 0034 යන දුරකථන අංක අමතා වැඩිවිස්තර ලබා ගැනීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් :

මාධ්‍ය නිවේදන අංක 26 – 2021.11.03 – ඡන්දය ලියාපදිංචි වීම සඳහා දේපල අයිතිය අවශ්‍ය නොවේ (pdf)

******************************************

බැසිල් – ආටිගල සන්ධානයේ LNG ගනුදෙනුව – වෛද්‍ය වසන්ත බණ්ඩාර (02.11.2021)

******************************************

“අඬන්න මහින්ද තව අඬන්න…” (03.11.2021)

******************************************

බඩු ගිනි ගණන් – ගෙවල් හදා ගන්න බැරිව මිනිස්සු හෙන ඉල්ලනවා – ලංකාවම අද කළු කඩයක් වෙලා (02.11.2021)

******************************************

අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි.. – වාසුදේව නානායක්කාර

(04.11.2021 – 12:00 +0530 – lankacnews.com)

“ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් (11) ගමන් කරන්නේ තවත් මාර්ගයක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි” යයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍ය වරයා බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීය වී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර මහතා එහිදී කීය.

******************************************

මේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. ජනාධිපති පඹයෙක්.. කැබිනෙට්ටුව හරක් රැලක්.. – ඩිව් ගුණසේකර

(04.11.2021 – 14:10 +0530 – lankacnews.com)

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය අද ඇති බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද ඇත්තේ ආර්ථික අර්බුදයයක් බවත් ආණ්ඩුව ඊට පිළියම් ලෙස කරන්නේ නො නවත්වා මුදල් අච්චු ගැසීම බවත් ඒ මහතා පැවසීය.

දැන් මුදල් අච්චු ගැසීම ද උපරිමයට පැමිණ ඇති බවත් ඩොලර් ද නැති රුපියල් ද නැති තත්වයට රට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් උත්සව සභාවක් අමතමිනි.

අද වන විට ජනාධිපතිවරයාද පඹයෙකුගේ තත්වයට වැටී ඇති බවත් ඔහුට කල හැකි කිසිවක් නැති බවත් ඔහු එහිදී තව දුඑටත් පැවසීය.

******************************************

බැසිල් මහින්දගෙන් ඉගෙන ගන්නවාම් 69 ලක්ෂයේ ජනවරම යම් පමණකට හෝ රැකිය හැකියි – ජාතික සංවිධාන එකමුතුව

(04.11.2021 – 11:43 +0530 – lankaleadnews.com)

පොදු ජන එක්සත් පෙරමුණේ 5 වන සංවත්සර මහ සමුළුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රසාදයෙන් යුක්තව කථා කරණ අතර ඒ සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

ඒ සම්බන්ධව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන් :

“මහින්ද රාජපක්ෂ කියන්නේ පරිනත දේශපාලඥයෙක් වගේම හොඳ මනුස්සයෙක්. ඔහු රටේ දේශපාලන දේහයේ නාඩි හොඳින් හඳුනාගන්න පුළුවන් දක්ෂ හෙළ වෙද මහත්තයෙක්. අපි ඔහු බලයේ සිටියදීත් ඔහුගේ බලයට අපි ගරු කළේ නැහැ. නමුත් ඔහුගේ උසස් මනුස්ස ගුණාංග වලට අපි ගරු කළා, ආදරය කළා. ඒ ගෞරවය ආදරය අදත් රැක ගන්න සමත් වෙලා තිබෙනවා. එදා ඔහුව දේශපාලන වශයෙන් විනාශ කළ අයම තමයි අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් විනය කටින්නේ. වසර 30 ක් තිස්සේ සේවය කරණ ‘ආර්ථික ඝාතකයා’ පෙන්ෂන් යවනවා නම් බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ අයියාගෙන් ඉගෙන ගන්නවා නම් තවමත් ආණ්ඩුවට ඉඩක් තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් සහල් ආනයන බදු අඩු කරල ජාවාරම්කරුවන්ට බදු මුදල් ගසාකන්න ඉඩ දෙනවා. ඊට කලින් සීනි ජාවාරම්කරුවන්ට රුපියල් මිලියන 15,000 ක බදු සහන දුන්නා. ආණ්ඩුවට ලබන ඡන්දෙදි ගොවියන් ලක්ෂ 40 කගේ ඡන්ද අහිමි වෙනවා. කොමිස් වලින් ඡන්ද මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. ඕනෑම පවුලක පවුලේ නම පවා නැති කරල දාන්න පුළුවන් එක් අයෙක් හරි ඉන්නවා. තිත්ත උනත් ඇත්ත ඒකයි.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *