සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩවර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩවර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා

*********************************************

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩවර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා

(08.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 21 වන බ්‍රහස්පතින්දා දිනයේ සිට වයස අවුරුදු 18ත්, 19ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ඔවුන්ගේම පාසලේදී ෆයිසර් එන්නත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරු 7 සිට ක්‍රියාත්මක කළ පැය 05ක වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා.

කොරෝනා වසංගතය නිමවන තුරු රුපියල් 7,500 මාසික දීමනාව ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දක්වමින් අද දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹුනා.

ඒ අනුව එම සන්ධානයට සම්බන්ධ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද පෙරවරු 7.00 සිට 12.00 දක්වා සේවයෙන් ඉවත් වුණා.

ළමා, මාතෘ, පිළිකා හා කොවිඩ් රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන්නේ නැහැ.

සිය වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථක බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 18,573 ක්.

ඒ අනුව පුද්ගලයින් 28,532ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 80,041ක් දෙවැනි මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

සමස්ත ජනගහණයෙන් 70%ක් එන්නත් කිරීමේ ඉලක්කය පහසුවෙන් ළඟා කර ගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවා.

******************************************

පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයා සී.අයි.ඩී.යට

(08.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයා වන තුෂාන් ගුණවර්ධන මහතා සී.අයී.ඩී.යට කැඳවා තිබෙනවා.

ලංකා සතොස ආයතනයේ සිදු වූ බව කියන සුදුලූණු වංචාවට අදාළ යැයි පැවසෙන දත්ත විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා අස් වූ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා මීට පෙර පැවසුවා.

ඒ හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ හෙළිදරව්වක් සිදුකරමින්.

++++++

******************************************

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධ දේශපාලන වේදිකාවේ අදහස්

(08.10.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළවුණා.

+++++++

******************************************

අගමැතිවරයාගේ දේශපාලන පරිනතභාවයෙන් වඩ වඩාත් ප්‍රයෝජන ගත යුතුයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

(08.10.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සහ කැබිනට් අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් ඊයේ (07) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම හමුවේ මූලික අරමුණ වූයේ, පසුගිය වසර දෙකකට (2) අධික කාලය තුළ සිදු කෙරුණු පාලනය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීම සහ ඉදිරි කාලය පිළිබඳ සැලසුම් සාකච්ඡා කිරීමයි.

මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, පාන් පිටි, සිමෙන්ති, ගෑස් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් ඉහළ යාම සම්බන්ධයෙන් මෙන්ම වැඩි වන ජීවන වියදම පිලිබඳවත් දැඩි වාද විවාද ඇති වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දීර්ඝ ව සිදුකෙරුණු මෙම කරුණු දැක්වීම්වලින් අනතුරුව ජනාධිපති ප්‍රමුඛ අමාත්‍යවරුන් තීරණය කළේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහ පාන් පිටි සඳහා පවතින පාලන මිල ඉවත් කිරීමටයි.

එලෙස කිරීමෙන් මේ වනවිට වෙළඳපොළේ දැඩි හිඟයක් මතු වී ඇති අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය පහව යනු ඇති බවට අමාත්‍යවරුන් විශ්වාසය පළ කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පරිණත දැනුමෙන් සහ අත්දැකීම්වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත යුතු බවයි.

මේ වනවිට ආසියාවේ සිටින පළපුරුදු සහ පරිණත දේශපාලනඥයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුගේ දැනුම සහ අවබෝධය රටේ දියුණුවට වඩ වඩාත් භාවිත කළයුතු සමය එළඹී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.

එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍යවරුන් ද පවසා ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ දැනුම ඉදිරි සංවර්ධන කටයුතු සහ රටේ ඉදිරි තීරණ ගැනීමේදී වැඩි වැඩියෙන් භාවිත කළ යුතු බවටයි ෴

කිසිදු හේතුවක් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙස ජනපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට ව්‍යාපාරිකයන්ට සහ තොග සැපයුම්කරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසත් පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ජනපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කිරිපිටි, තිරිඟු පිටි ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කිරීමට සිදුවූ බවයි රජය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ භාණ්ඩ හිඟය පිටුදැක මහජනතාව අපහසුතාවයට පත්වීම වැළක්වීම පිණිස පාලන ඉවත් කිරීමට පියවර ගත් බවයි රජය පවසන්නේ ෴

******************************************

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ව මැතිසබයේ අදහස්

(08.10.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන දේශපාලන තත්ත්වයන් හා විවිධ ගැටලු සම්බන්ධ ව වාද විවාද රාශියක් ම අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

******************************************

පොහොර නොමැතිව ගොවීන් අසීරුතාවක

(08.10.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

තම වගාවන් සඳහා අව්‍ය පොහොර නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් මේ වන විට දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

මේ හේතුවෙන් ඇතැම් ගොවීන් තම වගාවන් අත්හැර දැමීමේ තත්ත්වයක්ද මතුව තිබෙනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයන් 421 ක් සුවය ලබයි

(08.10.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 421 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,79,182 ක්.

තවදුරටත් පුද්ගලයින් 31,780 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++

අවශ්‍යතාව අනුව තුන්වන (3) එන්නත් මාත්‍රා ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි

(08.10.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

තෙවන (3) එන්නත් මාත්‍රවක් සම්බන්ධයෙන් අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර අවශ්‍යතාව අනුව අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ වන විට එන්නත්කරණයෙන් ලොව පළමු රටවල් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර ඒ අනුව එනනත්කරණය හා කොවිඩ් පාලනය අතුරින් ලොව සාධනීය ස්ථානයකට ශ්‍රී ලංකාව එක්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එන්නත්කරණයේ වැදගත්කම හා කොවිඩ් වයිරසයෙන් ජනතාව ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැක්වෙන වීඩියෝ පට 02 ක් අද (08) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

විශේෂයෙන් ගෝලීය වසංගතය තුළ නිවසේදී හා ඉන් පිටතදී ක්‍රියා කළ යුතු ආකාරය හා ආසාදිතයෙක් වුවුහොත් ක්‍රියා කළ යුතු ආකාරය මෙන්ම එහිදී සහය ලබාගත යුත්තේ කෙසේද යන්න මෙම වීඩියෝ පටවලින් පැහැදිළි කෙරෙනවා.

කොවිඩ් ආසාදිතයෙකු නොවීමට වගකීමෙන් ක්‍රියා කළ යුතු ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ ඔස්සේ ක්‍රියාකරමින් මෙම වසංගතයට ගොදුරු නොවීමට වගබලා ගත යුතු ආකාරයත් මේ තුළ දැක්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

වයස අවුරුදු 30 ඉක්ම වූ පිරිස් සඳහා වන එන්නත්කරණය 100% ක මට්ටමට අවසන්ව ඇති අතර සමස්ත ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණය 55% ක් ඉක්මවා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අවුරුද 20-29 අතර පිරිස් සඳහා වන එන්නත්කරණයද සාධනීය මට්ටමට පත්ව තිබෙන අතර මේ වන විට සංකූලතා සහිත ළමුන් සඳහා වන එන්නත්කරණය නිසි ඉලක්කය සපුරාලමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

පූර්ණ එන්නත්කරණයට ලක් වුව ද අනතුරුව සමාජයට අනුගත වීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළා.

ලොව සෑම රටකටම ඒ ඒ රටවල්හි ආර්ථිකය, ජනගහනය, භූමි ප්‍රමාණය, වත් පොහොසත්කම් කොවිඩ් ව්‍යසනයට අදාළ නොවූ අතර වැදගත් වනුයේ මෙය පාලනයට ගන්නා වූ වැඩපිළිවෙල පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කොවිඩ් පාලනය කරන අතරතුර රටෙහි ආර්ථික වැඩපිළිවෙල ගෙනයාම මෙන්ම එය හසුරුවා ගැනීම අතිශය වැදගත් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කුමන විවේචන එල්ල වුවද ඒ සඳහා වැඩපිළිවෙල සකස් වි යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර වල පිරිස් ලබාදුන් කැපකිරීම් වල ප්‍රතිඵලය වත්මන් කොවිඩ් පාලනය තුළින් භුක්ති විඳින බවත්, එය අනෙක් පැත්තට හරවන්නේද පුරවැසි කොටස් බව ඔහු ප්‍රකාශ කළා.

කොවිඩ් සඳහා වන මෙරට ගෘහස්ථ ප්‍රතිකාර සේවය අතිශය සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක් වෙමින් ආසියාවේ සාර්ථකම වැඩපිළිවෙලක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානයද හඳුනා ගෙන ඇතැයි ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියාසිටියා.

එම ප්‍රතිකාර වැඩපිළිවෙල තුළින් 1.4 % පමණ අවම පිරිසක් රෝහල්ගතව ඇති බව ද අමාත්‍යවරයා කියාසිටියා.

වෘත්තීය සමිති වලට ගරු කරන අතරම ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් වන බවත් එනිසා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කවුරුන් හෝ මේ මොහොතේ ක්‍රියා කරන්නේ නම් මෙරට සෞඛ්‍ය පද්ධතියටත් පොදු මහජනතාවටත් සිදු කරන හතුරු කමක් හැටියට තමන් එය දකින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ගෝලීය ව්‍යසනය මධ්‍යයේ රජයක් ලෙස මේ මොහොතේ දිය හැකි දෑ සීමා සහිත බැවින් අවශ්‍ය සෑම අවශ්‍යතාවක්ම සපුරාලමින් සිටින බව ද ඔහු කියාසිටියා.

ඇතැම් ක්ෂේත්‍රයන්හි පිරිස් පවතින අවස්ථාව දඩමීමා කරගනිමින් ක්‍රියා කිරීමට මේ මොහොතේ උත්සාහා කරන්නේ නම් එය කිසිසේත් නොකළ යුත්තක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව උද්ඝෝෂණ, විරෝධතා සිදු කරන බවට එම පිරිස් සඳහන් කළ ද එය එසේ නොකෙරෙන අතර, එලෙස සිදු කිරීමට කිසිදු හැකියාවක්ද නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති එම රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එහිදී එළැඹෙන 21 වන බ්‍රහස්පතින්දා දිනයේ සිට වයස අවුරුදු 18 ත්, 19 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ඔවුන්ගේම පාසලේදී ෆයිසර් එන්නත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නා.

මේ අතර, කොරෝනා වසංගතය නිමවන තුරු රුපියල් 7,500 මාසික දීමනාව ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දක්වමින් අද (08) දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹුනා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රමාද වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලබන බදාදා (13) සංකේත වර්ජනයක නිරත වීමට සූදානම් වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *