සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්

සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්

*********************************************

සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්

(05.10.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 20 ත් 30 ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, ඔවුන්ට ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

තවත් කොරෝනා තවත් කොරෝනා ආසාදිතයින් 219 ක් මෙරටින් හමු වී තිබෙනවා. එම කොරෝනා ආසාදිතයින් 219 ත් සමඟ අද (05) දවසේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 782 ක්. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,22,000 ක් වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගුරු දිනය සැමරෙන හෙට (06) ලංකා ගුරු සංගමය දීපව්‍යාප්ත උද්ඝෝෂණවල

(05.10.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් මෙරට ගුරු දිනය සැමරෙන හෙට (06) දිනයේ දීපව්‍යාප්ත උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

මීට පෙර ද විරෝධතාවල නිරත වූ ඔවුන් නිරෝධායන ඇඳිරි නීතීය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඒවා අත්හිටුවා අඛන්ඩව ඔන්ලයින් ඉගැන්ව්මි කටයුතු වලින් ඉවත් විමේ වර්ජනය ක්‍රියාත්මක කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව හෙට (06) උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ.

මේ අතර, කොවිඩ් තත්ත්වය මුළුමනින්ම පාලනය කර නොමැති තත්ත්වයක් තුළ ජනතා එකරාශිවීම් සිදු වුවහොත් යළි වයිරසය ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (04) සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ද අද (05) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනතාව සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කිරිම අත්‍යවශ්‍ය බවයි.

******************************************

භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3 දෙනෙකුට

(05.10.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3 දෙනෙකු විසින් දිනාගනු ලැබ තිබෙනවා.

රාජකීය, ස්වීඩන් විද්‍යා ඇකඩමිය සඳහන් කළේ ඇමෙරිකානු ජාතිකයෙකු වන 90 හැවිරිදි සියුකුරෝ මනාබේ, ජර්මන් ජාතිකයෙකු වන 89 හැවිරිදි ක්ලව්ස් හසල්වන් සහ ඉතාලි ජාතිකයෙකු වන 73 හැවිරිදි ජෝර්ජියෝ පැරීසි එම විද්‍යාඥයින් බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පුරෝකතනය කිරීමේ හා සංකීර්ණ භෞතික පද්ධති අවබෝධ කර ගැනීමේ කටයුතුවලට අදාළව ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමිව ඇති බව සඳහන් ෴

******************************************

මහවැලි වගා ප්‍රවර්ධන සතිය 12 වනදා සිට

(05.10.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

‘කුස්සියේ විප්ලවය මහවැලියෙන් අරඹමු’ යන තේමාව යටතේ මෙවර මහවැලි වගා ප්‍රවර්ධන සතිය ලබන 12 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

ඊට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති අතර, ජාතික වගා සතියට සමගාමීව මහවැලි කලාපයේ නිවාස ලක්ෂ 4 කට එළවළු බීජ වර්ග 8 කින් සමන්විත බීජ පාර්සලයක්, පොල්පැල 2 ක් සහ මුරුංගා පැලයක් ලබාදෙන බවයි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම මහතා සඳහන් කළේ ෴

******************************************

පැන්ඩෝරා (Pandora) වංචනිකයින් වහාම හෙළිකරනු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(05.10.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්දයෙන් තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්දයෙන් නම් අනාවරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් ලංකාවේ පුද්ගලයන්ගේ නම්ද ඇතුලත් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් හෙළි කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

******************************************

දරුවන් භාවිතා කරමින් යාචක ව්‍යාපාරවල නිරතවන්නන් අත්අඩංගුවට

(05.10.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

දරුවන් භාවිතා කරමින් දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබද මාර්ග තදබදයන්හිදී කූඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

‘සියල්ලටම පෙර දරුවන්’ 2021 ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ළමාරක්ෂක අධිකාරි පරිශ්‍රයේදී (05 දින) පවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කළා.

වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් පොලිසියේද සහය ලබා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසුවා.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

******************************************

ගීතා කුමාරසිංහගෙන් ඉල්ලීමක්

(05.10.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය යොහානි ද සිල්වා මෙනවිය ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, “යොහානි ද සිල්වා ඉන්දියාවම හෙල්ලුවා. මෙතන ඉන්න සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් මාත් එක්ක එකතු වෙන්න … ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්. හැබැයි මම කියනවා… යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියතාවය දේශපාලනයට දෙන්න එපා. මොකද ඒක භයානකයි,” යනුවෙනි.

******************************************

අමාත්‍ය මණ්ඩල තීරණ – 2021-10-05

A cryptocurrency (or “crypto”) is a digital currency that can be used to buy goods and services, but uses an online ledger with strong cryptography to secure online transactions. Much of the interest in these unregulated currencies is to trade for profit, with speculators at times driving prices skyward.

Blockchain.com – The Most Trusted Crypto Company
[ https://www.blockchain.com ]
Blockchain.com is the most popular place to securely buy, store, and trade Bitcoin, Ethereum, and other top cryptocurrencies.

******************************************

නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් රටින් පිටවෙයි

(06.10.2021 – 12:20 +0530 – lankaleadnews.com)

නිරූපමා රාජපක්ෂ මේ වනවිට රටින් පිටවගොස් ඇතැයි වාර්තා වේ. ‘පැන්ඩෝරා පත්‍රිකා’ එළිදැක්වීමට දින දෙකකට (2) පෙර, එනම් පසුගිය 01 දා ඇය කටුනායක ගුවන්තොටුපලින් උදෑසන 9 ට ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයකින් පිටවී ඩුබායි වෙත ගොස් තිබේ.

ඊට ප්‍රථම ඇයගේ සැමියාවන තිරු නඩේසන් රටින් පිටවී ඇත. (03) ගවේෂණාත්මක මාධ්‍යව්දීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් එලි දක්වන ලද ලෝක දේශපාලකයින්ගේ දූෂණ පිළිබඳ ‘පැන්ඩෝරා පත්‍රිකා’ මගින් නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා තිරු නඩේසන් රහසිගත සමාගමක් භාවිත කරමින් ලන්ඩනයේ සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ දේපළ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය කළේය.

තිරු නඩේසන් විසින් තවත් රහස් සමාගම් කිහිපයක් හරහා අකර්ෂණීය උපදේශන සේවා සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ විශිෂ්ඨ ගණයේ කලා නිර්මාණ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවටද ‘පැන්ඩෝරා පේපර්ස්’ වාර්තාව විසින් එළිකරනු ලැබුවේය.

2018 වසරේදී මෙම සමාගම් අතරින් එකක් වන ‘පැසිෆික් කොමොඩිටීස්’ සමාගම විසින් වටිනා සිතුවම් 31 ක් සහ තවත් දකුණු ආසියාතික කලා නිර්මාණ ගණනාවක් ස්ටිව්සර්ලන්තයේ ජිනීවා හි අධි ආරක්ෂිත ගබඩාවක් වෙත කිසිදු බදු ගෙවීමකින් තොරව රැගෙන ගොස් ඇති බවද හෙළි කරන මෙම ගවේශකයන් 2011 වන විට නඩේසන් ගේ මෙම සමාගම් සතුව පැවැති වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 160 කට අධික බව පෙන්වා දී තිබුණේය.

සැප්තැම්බර් 20 වනතුරු මේ හෙළිකීරීම්වලට අදාළ පැහැදිලි කිරීම් සඳහා චෝදනාවට ලක් වූවන්ට ඉඩකඩ ලැබී තිබේ ෴

++++++++

Sydney apartments
.
(04.10.2021 – abc.net.au)
.
Two luxury apartments in a sought-after building at the heart of Sydney’s CBD are also among the properties bought by powerful foreign interests.
.
For more than two decades, power couple Thirukumar Nadesan and Nirupama Rajapaksa, have set up anonymous offshore trusts and shell companies to acquire millions of dollars of artwork, luxury apartments, cash, securities and other assets.

Nirupama Rajapaksa and Thirukumar Nadesan (centre).
(Supplied: Business Today)
.
Ms Rajapaksa is a former deputy minister in the Sri Lankan Parliament and the niece of Sri Lanka’s president, Gotabaya Rajapaksa.
.
The Sri Lankan Prime Minister, as well as the finance, youth, and home affairs ministers, are also members of the Rajapaksa family, a centralisation of power that has caused concern among civil rights activists.
.
Ms Rajapaksa’s husband, Mr Nadesan, a real estate entrepreneur, was charged with misappropriating $1.7 million in state funds in 2016, but denies any wrongdoing. His trial is set to be heard in November.
.
The Pandora Papers reveal how the couple bought the apartments in a 48-story residential tower called The Peak in the late 1990s, under a company currently registered in Samoa, Chalan Oil Exploration. The apartments were advertised as having fantastic wrap-around city views.

The Peak apartments in the heart of Sydney’s CBD.
(Four Corners: Nick Wiggins)
.
Chalan Oil Exploration was ultimately owned by a trust that benefits the couple’s children and has also been used to purchase UK properties in secret. A 2011 email suggests the family fortune could exceed $US160 million ($219 million).
.
Mr Nadesan and Ms Rajapaksa did not respond to questions from the ABC.
.
Australia provided $28.1 million in direct aid to Sri Lanka in 2019-2020, almost half of which was to build “effective governance”.

******************************************

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් ‘බී.සී.සී’ ආයතනය ‘එල්.එස්.පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්’ සමඟ ගිවිසුම්ගත වෙයි !

(06.10.2021 – 11:38 +0530 – lankaleadnews.com)

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ‘බී.සී.සී’ ආයතනය ‘එල්.එස්.පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ්’ ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ.

අද (2021.09.07) දින කොළඹ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහත ගිවිසුමට අත්සන් තැබීම දෙපාර්ශ්වය විසින් සිදු කරන ලදී.

බීසීසී ආයතනයට අදාළ සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරි වසර 05 තුළ නවීන තාක්ෂණයෙන් යුතු පොල්තෙල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිත බවත් මෑත කාලයේ රට තුළ පොල් තෙල් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරි තත්වය කෙරෙහි අවධානය යොමුකර ‘බී.සී.සී’ ආයතනයේ යෝජිත පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වන තෙක් අන්තර්කාලීන ක්‍රියාමාර්ග වෙත අවධානය යොමු කරන ලද බවත් මෙම අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව මෙරට පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් යුතු වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට ‘බී.සී.සී’ ආයතනයට දැනට පවතින ප්‍රධානතම ගැටලුව වන නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් තොග අඛණ්ඩව සපයා ගැනීමේ ගැටළුවට විසඳුම් ලෙස මෙම ගිවිසුම්ගත වීම සිදු කළ බවත් එමඟින් පෞද්ගලික අංශයේ ද සහාය ලබා ගනිමින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට ‘බී.සී.සී’ ආයතනයට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

‘බී.සී.සී’ කර්මාන්ත ශාලාව ඉදිකරන තෙක් නව තාක්ෂණයෙන් යුතු පොල්තෙල් සැකසුම් කර්මාන්ත ශාලාවක් මගින් ‘බී.සී.සී’ පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල්තෙල් තොග වසර තුනක (3) කාලයක් සඳහා ලඛා ගැනීමට විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරාගත් ‘එල්.එස්.පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්’ සමඟ මෙසේ ගිවිසුම්ගත වූ බව ‘බී.සී.සී ලංකා ලිමිටඩ්’ ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතා සඳහන් කළේය.

එසේම මෙම ගිවිසුම යටතේ අපේක්ෂිත අරමුණු අතර පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ‘බී.සී.සී’ ආයතනයේ අධීක්ෂණය මත සිදු කිරීමට හැකිවීමෙන් නිෂ්පාදනයන්හි විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි වීම, පොල් සංවර්ධන මණ්ඩලය පොල්තෙල් සඳහා නිකුත් කරනු ලබන තත්ත්ව සහතිකය, ප්‍රමිති ආයතනයේ ‘එස්.එල්.එස්’ සහතිකය ඇතුළු ජාත්‍යන්තර තත්ව සහතික යටතේ ‘බී.සී.සී’ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ අවස්ථාව උදාකර ගැනීම, ‘බී.සී.සී’ නිෂ්පාදන අපනයනය සඳහා අවස්ථාව උදාකර ගැනීම හා අපේක්ෂිත අලෙවි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ධාරිතාව කෙටිකාලයක් තුළ වැඩි කරගැනීම යන ඒවා ද වන බව වෙලේගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ‘බී.සී.සී ලංකා ලිමිටඩ්’ ආයතනය වෙනුවෙන් එහි සභාපති චමින්ද වෙලේගම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනුජ කරුණාරත්න, සාමාන්‍යාධිකාරී එස්.එම්.සී.ඩබ්. රන්ජන්, ‘එල්.එස්.පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ්’ ආයතනය වෙනුවෙන් එහි සභාපති එස්. පී. එල්. පතිරත්න, කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාමේන්දු වික්‍රමාරච්චි, අධ්‍යක්ෂිකා එල්. එන් ජයසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය,
2021.09.07

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *