ඇමතිවරුන් දෙදෙනෙකු (2) නිසා රජය අපහසුතාවට පත්වන බවට මන්ත්‍රීවරයෙකු ගෙන් චෝදනා

ඇමතිවරුන් දෙදෙනෙකු (2) නිසා රජය අපහසුතාවට පත්වන බවට මන්ත්‍රීවරයෙකු ගෙන් චෝදනා

*********************************************

ඇමතිවරුන් දෙදෙනෙකු (2) නිසා රජය අපහසුතාවට පත්වන බවට මන්ත්‍රීවරයෙකු ගෙන් චෝදනා

(17.09.2021 – 22:40 +0530 – hirunews.lk/sinhala)

සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කරනවා.

ඔහු පැවසුවේ මෙම තත්ත්වය හමුවේ තමා පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තනතුරෙන් ඉල්ලා අස්වීමටද තීරණය කළ බවයි.

+++++++

******************************************

චම්පිකගේ ඊළඟ පිම්ම

(17.09.2021 – 20:53 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ හෙළිදරව් කිරීම සහ කොළඹ අගරදගුරු පදවිය පාර්ශ්වයෙන් දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අද (17) පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

‘සිංහලේ ජාතික සංවිධානයේ’ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ සිරිල් ගාමිණී පියතුමන් අතර හමුවකදී සිදුවූ සංවාදයක හඩ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කළා.

මේ අතර එම මධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කළේ :
“2017 වසරේ දී, කාදිනල් තුමන්ව මුණගැසිලා ඥානසාර හාමදුරුවෝ මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව දැනුවත් නොකළ බවට සිරිල් ගාමිණි පියතුමා කියනවා. ඇත්තටම ඒක කියන්නට ඕන කාදිනල්තුමා කියලයි අපි විශ්වාස කරන්නේ. ඊට හේතුව කාදිනල් තුමන් සමඟ කරපු පුද්ගලික සාකච්ඡාවකට සිරිල් ගාමිණි පියතුමන් ඉඳලත් නෑ. අපේ ඥානසාර හමදුරුවන් වහන්සේ, හිරු සලකුණේ දී කරපු ප්‍රකාශයට හැරෙන තැපැලෙන් ප්‍රතිචාර දැක්වීමට තිබූ උනන්දුව මීට කලිනුත් තිබ්බා නම් ඇත්තටම මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවි අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න තිබුණා කියන හැඟීමයි අපිට තාමත් ඇති බවයි.”

++++++++

******************************************

(17.09.2021 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අදහසක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

විදේශීය ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ ඒ සම්බන්ධ වන ඉදිරි සැළසුම් ඉදිරි දින කිහිපයේ දැනුම් දෙන බවයි.

++++++

උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කාලසීමාව දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා ෴

******************************************

(18.09.2021 – 06:06 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය පැවැත් වෙනවා.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වනවා.

ලබන 22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මෙම සංචාරයට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

(18.09.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23 ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද පැමිණිල්ලක් මත බිබිල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා (2) තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 48 සහ 49 වන වියේ පසුවන්නන්.

ඔවුන් අද (18) දිනයේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(18.09.2021 – 07:11 +0530 – hirunews.lk/sinhala)

මුනුබුරා විසින් පිහියකින් පහර දී සිය මිත්තණිය ඝාතනය කළ පුවතක් වැලිවේරිය, නැදුන්ගමුව, කොච්චි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වැලිවේරිය පොලිසිය පැවසුවේ 74 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

නිවසේ දී ඇති ඇති වූ ආරවුලක දී මුනුබුරා විසින් පහර දීමට තැත් කරන අවස්ථාවේ අදාල කාන්තාව නිවසින් පිටතට දුවමින් සිටින අවස්ථාවේ ඇය පසුපස එලවා ගොස් ඇති මුනුබුරා අතේ තිබූ පිහියෙන් මිත්තණියගේ හිසට පහර දී තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (18) දිනයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අපරාධය සිදු කළ සැකකරු වැලිවේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(17.09.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

ලබන 22 වනදා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක් ‘බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවෙන්’ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් අවදානම හමුවේයි ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක් ‘බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට’ එක්කර තිබුණේ.

ඒ අතර තුර්කිය, පකිස්ථානය, මාලදිවයින, ඊජිප්තුව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව ද වනවා.

ඒ අනුව මෙම නව නීති 22 වනදා අලුයම 4 සිට බල පැවැත්වෙනු ඇති.

මේ අනුව අදාළ රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශිකයන්ට හෝටල් නිරෝධායනයට ලක් වීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ.

පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්නම් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්වීම ද අවශ්‍ය නොවන බවටයි බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම්වරයා ප්‍රකාශකර ඇත්තේ ෴

+++++++++++++++++++

(17.09.2021 – 22:05 +0530 – hirunews.lk/sinhala)

හිරු අනාවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් තම ස්තූතිය පළ කලා.

මෙම තීරණයත් සමග ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් ලැබුණු බවයි ඔවුන් සඳහන් කළේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ව කිසිදු පළක් නොවන හෝටල් නිරෝධායනයට යොමු කිරීම කලක පටන් මහත් හිසරදයක්ව පැවතියා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දැඩි පීඩාවක් මෙන්ම විශාල මුදල් ගසාකෑමක්ද වු හෝටල් නිරෝධායනය කූට ව්‍යාපාරිකයන් පිරිසකට පමණක් තම මඩිය තර කරගැනීමට ඉතා හොද අවස්ථාවක් වුණා.

එවන් පසුබිමක් තුලයි හිරු ප්‍රවෘත්ති හරහා දිගින් දිගටම හෝටල් නිරෝධායනයේ මහා පරිමාණ මුදල් ගසාකෑම පිළිබඳ රටහමුවේ හෙළි කලේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයද ඊට යොමු වුණා.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කලේ කොවිඩ් ආසාධිතයන් නොවන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ ගුවන්තොටුපලේදීම සිදුකර නිවෙස් කරා යාමේ නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

හෝටල් නිරෝධායනට ලක් ව පීඩාවට පත් පිරිස් සිය අත්දැකීම් හෙළි කළා.

+++++++++++++++++++

(18.09.2021 – 06:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++++++

(18.09.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම් සම්බන්ධ සිද්ධිවලට ගතවූ පැය විසි හතරක (24) කාලය තුළ පුද්ගලයින් 613 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 104 ක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13 ක දී සිදු කළ පරීක්ෂා කිරීම්වලිනු යි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.

මෙම මාර්ග බාධක අසල දී බස්නාහිර පාළතෙන් පිට වීමට හා ඇතුල් වීමට ගිය පුද්ගලයින් 1804 ක් සමඟ වාහන 1168 ක් ද පරීක්ෂා කර තිබෙනවා.

නිරෝධායන ඇඳිරි නීති කඩ කිරීම් සම්බන්ධ ව මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයින් ගණන 74,507 ක් ෴

++++++++++++++++++

(18.09.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත්කරණ අද (18) දිනයේදීත් දිවයිනේ ස්ථාන රැසක දී සිදුකරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ අනුව අද (18) දිනයේ එන්නත්කරණය සිදුකරන එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබද විස්තර පහතින් ලබාගත හැක.

Vaccination Centres Open on 18.09.2021

++++++++++++++++++

තරුණ තරුණියන් එන්නතට අකැමැතිවීමට හේතුව කොවිඩ් කමිටුවේදී හෙළිවෙයි

(17.09.2021 – 20:14 +0530 – sinhala.adaderana.lk)

විවිධ දුර්මත හේතුවෙන් තරුණ තරුණියන් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට මැළිකමක් දක්වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

ඔවුන් ඒ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ගුණසේන මහතා :

“18 ට වැඩි 20 ට වැඩි අයට ෆයිසර් එන්න ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත පිළිබඳව අනිවාර්යෙන් අවධානය යොමුකරන්න. දැන් එංගලන්තයේ සිදුකළ පරික්ෂණවලදී ප්‍රතිශක්තිකරණ මට්ටම 88% කින් ආරම්භ වූ ප්‍රතිශක්තිකරණ මට්ටම මාස 5 ක් යනවිට ෆයිසර් එන්නතේ 74% කට අඩුවෙලා. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ 77% න් ආරම්භ වී 67% කට අඩුවෙලා. එතකොට සුපිරි එන්නතක් කියලා එකක් රෝගය සම්බන්ධයෙන් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එහෙම කියලා නැහැ. තරුණයින්ට මතයක් ගිහිල්ලා තියෙනවා එන්නත ලබාගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය සහ දරුවන් ලැබීමේ ප්‍රශ්න ඇතිවන බව. නමුත් ලෝකයේ අදට තිබෙන දත්ත බැලුවාම කිසිදු තැනක එසේ සඳහන් වූ දත්ත නැහැ.”

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය :

“මොකක් හරි ‘මීඩියා කැම්පේන්’ එකකින් කියපු විදිහට වැරිදි වැටහීම් ගිහින් තිබෙනවා. දරුඵල නැතිවෙයි සහ ලිංගික අප්‍රාණිකත්ව ඇතිවෙයි කියලා ඒ වැරදි වැටහීම නැතිකරන්න ඕනේ ‘කැම්පේන්’ එකක් කරලා.”

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මාධ්‍ය යොදාගෙන එම මත දුරුකිරීම ට කටයුතු කරන ලෙසය.

මීට අමතරව වයස අවුරුදු 15 ත් 19 ත් අතර වයසේ පසුවන දරුවන්ට හා වයස අවුරුදු 12 න් ඉහළ ආබාධ සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද මේ වසරේ පළමු හා දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල හා ස්වයං රැකියාවල නියැලෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරිනීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

පාසල් දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී අවධානයට යොමු වූ අතර සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලු දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

එන්නත්කරණය පිළිබඳව විශේෂඥ කමිටුව දැනට අනුමැතිය ලබාදී ඇත්තේ වයස අවුරුදු 15 ත් 19ත් අතර වයසේ පසුවන දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමටය.

මීට අමතරව වයස අවුරුදු 12 ත් 19ත් අතර සංජානනීය ආබාධ සහ වෙනත් ආබාධවලින් පෙළෙන දරුවන්ට එනම් තැලිසීමියා රෝගය හා උපතේදීම ආබාධ සහිත වූ දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදීමට එම කමිටුව අනුමැතිය ලබාදුනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *