රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා – පණුවන්ගේ විශ්වාසය දිනූ ජෑම් ඔබත් රස වින්දා ද?

රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා – පණුවන්ගේ විශ්වාසය දිනූ ජෑම් ඔබත් රස වින්දා ද?

*********************************************

රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා – පණුවන්ගේ විශ්වාසය දිනූ ජෑම් ඔබත් රස වින්දා ද?

(14.09.2021 – aruna.lk)

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ජෑම් බෝතලයක් තුළ තිබී ජීවී පණුවකු හමුවීමේ සිදුවීමක් ‘අරුණ’ අප වෙත වාර්තා විය.

මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දී ඇත්තේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි ‘ධම්මික සංජීව අබේසුන්දර මහතා’ සහ ඔහුගේ පුත්‍රයාය.

ධම්මික මහතා පසුගිය දිනෙක වාද්දූව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සුපිරි වෙළෙදසැලකින් සිය දරුවාට ජෑම් බෝතලයක් මිලදී ගෙන තිබේ.

ඔහුගේ පුතු ජෑම් ආහාරයට ගැනීමට සූදානම්වීමේදී ජෑම් බෝතල තුළ සිටි ජීවී පණුවකු දැක තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගමේ පාරිභෝගික අංශ දැනුවත් කර ඇති අතර, මේ වන විට දින 10 ක් පමණ ගතවී ඇතත් ආයතනය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මෙහි ඇති සුවිශේෂීත්වය නම් සිද්ධියට මුහුණ දුන් ධම්මික මහතා ආහාරවල සුරක්ෂිතතාව සම්බන්ධ උපදේශකවරයකු වීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ධම්මික සංජීව අබේසුන්දර මහතා වැඩිදුරටත් අප වෙත අදහස් දැක්වුයේ මෙලෙසින් :

https://www.youtube.com/watch?v=fI0seGNKsCg

++++++

https://mdfood.lk/product/mixed-fruit-jam-2/

( Ingredients ? )

******************************************

රවී කරුණානායක විමලවීර දිසානායක ගෙන් සහ කෝකිලා ගෙන් රු. මිලියන 400 ක වන්දි ඉල්ලයි

(14.09.2021 – 19:09 +0530 – truenews.lk)

සාවද්‍ය ප්‍රකාශයක් මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අදාළ ප්‍රකාශය සිදුකළ රාජ්‍ය අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ සාවද්‍ය ප්‍රකාශය මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් සති දෙකක් (2) ඇතුලත රු. මිලියන 200 බැගින්, මිලියන 400 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස එම පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.

මෙසේ රවී කරුණානායක විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධනට විරුද්ධවය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සීනි සඳහා බදු අඩු කිරීම, සීනි ආනයනය / ගබඩාකරණය වංචනික ලෙස සිදුකිරීම, ලඟම මිතුරන් සහ සමාගම් වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ බවට පවසමින්, 2021.08.07 දින ‘දෙරණ’ නාලිකාවේ විකාශය වූ ‘වාදපිටිය’ වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අපහාස සිදුකර ඇති අතර, ඒ හා සමාන සාවද්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් 2021.08.05 දින හිරු නාලිකවේ ප.ව. 6.55 ප්‍රවෘත්ති විකාශයන්හිදී හිටපු අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානිවන පරිදි ප්‍රකාශයන් සිදුකර තිබේ.

රවී කරුණානායකගේ දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් වූ අතර එම චෝදනා සියල්ල සාවද්‍ය බවට තහවුරු කරමින් එම සමාගම මගින් මාධ්‍ය වෙත නිවේදනයන්ද නිකුත්කර තිබියදීත්, නැවත නැවත මේ ආකාරයෙන් දූෂමාණ ප්‍රචාරයන් මුදාහැරීම මගින් හිටපු අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ පවුලේ කීර්තිනාමය වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර එයින් ඔවුන් ලැබූ මානසික පීඩනය හා අදාළ හානිය වෙනුවෙන් එක් අයෙකුගෙන් රු. මිලියන 200 බැගින් රු. මිලියන 400 ක වන්දියන් ඉල්ලා එන්තරවාසි යොමුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර, දෙසතියක් ඇතුලත අදාළ වන්දි මුදල් නොලැබුණහොත්, ඔවුනට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය ෴

******************************************

(14.09.2021 – 21:29 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් අද (14) මහා සංඝරත්නය ඇතුළු තවත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

******************************************

(14.09.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

නාඩු වී කිලෝවක් රුපියල් 55 කට අද (14) සිට ගොවීන්ගෙන් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළද තමන්ට එම තීරණයට එකඟ විය නොහැකි බව රජරට ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා.

ඔවුන් පවසන්නේ නාඩු වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 65 ක මිලක් අවශ්‍ය බවයි ෴

******************************************

(14.09.2021 – 21:34 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර යොමු කිරීම හෙටින් අවසන්වීමට නියමිතයි.

නමුත් වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනතුරු එම කටයුතු සිදු නොකරන බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ අතර රජය සැලසුම් කර ඇති පරිදි පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට අනිවාර්ය විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

******************************************

(14.09.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (14) බොලොඤ්ඤා නගරයේදී පැවැත්වුණා.

ඒ, ජී.20 අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා නිරතවන ඉතාලි සංචාරයට සමගාමීවයි.

ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිස විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.

අනාගතයේ යම් දිනක යළි ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර 20 ක සේවා කාලයකින් පසු එරටින් ලබාදෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබාගැනීමේ හැකියාව උදාකර දෙන්නැයි මෙහිදී එම පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්ඡා කරන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේදීම උපදෙස් දුන් බවයි ෴

******************************************

(15.09.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – විජිතපුර ප්‍රදේශයේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමක දී හෙරො‍යින් සමඟ සැකකාර කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අවුරුදු 41 ක අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 400 ක් තිබූ බවයි වාර්තා වෙන්නේ.

අද (15) දින අදාළ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, වාලච්චේන, බොරැල්ල යන ප්‍රදේශවලින් ද හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගත් බව පොලිස් නිල මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(14.09.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 845 ක් වාර්තා වීමත් සමඟ අද (14) දිනට මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,473 ක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,90,955 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 63,875 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++

(14.09.2021 – 21:37 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනයට යොමු කිරීම් හරහා මුදල් ගසාකෑමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

හෝටල් නිරෝධායනය හරහා සිදුවන ජනතා මුදල් ගසාකෑම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය පිළිබද අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුළින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කිරීම හරහා ජනතා මුදල් ගසාකෑමේ ක්‍රමවේදය පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය දින කිහිපයේදීම සියළු සාක්ෂි සහිතව අනාවරණය කළා.

විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද මෙරටට පැමිණීමට පැය 72 කට පෙර විදෙස් රටවලදී කොවිඩ් පරීක්ෂණවලට මුහුණ දී කොවිඩ් නොමැති බවට තහවුරු කර ගැනීම අනිවාර්ය කරුණක්.

එසේ වුවත් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ මුදල් ගසාකෑම සදහා ඔවුන් හෝටල් නිරෝධායනයට යොමු කෙරෙන්නේ ඔවුන්ව දැඩි අපහසුතාවට පත් කරමින්.

මේ හෝටල් නිරෝධායනයේදී කොවිඩ් පරීක්ෂණවලට, මෙන්ම නවාතැන් ගාස්තු සදහා වෙන වෙනම ගාස්තු අයකරමින් අධික මුදලක් ගසා කන ආකාරයයි.

කෙටි කාලයක් ඇතුලත කටුනායක ගුවන්තොටුපල තුලදීම ජනතාව කිසිදු අපහසුතාවකට ලක් නොකොට රැපිඩ්, පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සියළු පහසුකම් පවතින පසුබිමක් තුල ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මෙරට බලධාරීන් මෙලෙස අධික ලෙස ජනතා මුදල් ගසාකෑමට ඉඩදී තවදුරටත් බලා සිටීම විමතියට කරුණක්.

මේ අතර විදේශීය සංචාරකයින්ගේ කොවිඩ් පරීක්ෂණ කෙටි කාලයක් තුල සිදුකිරීම අළුතින් ඉදිකෙරුණු නව පී.සී.ආර්. පරීක්ෂණාගාර පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (14) කටුනායකට පැමිණියා.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට කෙටි කලක් තුල කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව සලසන්නේ නම් මෙරට ආර්ථිකය ශක්තිමක් කිරීමට විදේශයන්හි නොවිදිනා දුක් කන්දරාවක් උහුලන රටවිරුවන්ට එම අවස්ථාව අහිමි කර හෝටල් නිරෝධායනයට යැවීම අනුමත කළ හැකිද ?

අප දිගින් දිගමට මෙරට බලධාරීන්ට යොමුකරනා පැනය එයයි.

හිරු මාධ්‍යවේදියෙකු රටවිරුවන්ට වන මෙම අසාධාරණය පිළිබදව අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා ගෙන් ප්‍රශ්න කළා.

හෝටල් නිරෝධායනයේදී සිදුවන මුදල් ගසාකෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා දිගින් දිගටම සිදුකළ අනාවරණය පිළිබඳව ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

විදේශයන්හි සිට පැමිණි ඔබත් හෝටල් නිරෝධායනය සඳහා යොමු කිරීම හරහා මුදල් ගසාකෑමට ලක් වු අයෙකු නම් ඔබ පත්වු අපහසුතාවයන් අපගේ ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු ලබාදීමේ අංකය වන 077 032 2821 යට දැනුම් දිය හැකියි.

+++++++++++++++++

(15.09.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම නිසා ගත වූ පැය විසි හතරක (24) කාලය තුළ පුද්ගලයින් 646 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ දක්වා අත් අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 72,113 ක්.

බස්නාහිර පළාත තුල ස්ථාපිත කොට ඇති මුළු මාර්ග බධක සංඛ්‍යාව 13 ක් වෙන අතර, ඊයේ (14) දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 2052 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව 596 ක් ලෙසට යි වාර්තා වෙන්නේ.

වලංගු අවසර පත්‍රයක් නොමැති ව මාර්ග බාධක හරහා පිටවීට උත්සාහ කළ වාහන 198 ක් ද නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇතුළත් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *