දරුවන් හදන කල් දාන්න කියන්නෙ එන්නතේ අතුරු අබාධ නිසා – වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

දරුවන් හදන කල් දාන්න කියන්නෙ එන්නතේ අතුරු අබාධ නිසා – වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

*********************************************

දරුවන් හදන කල් දාන්න කියන්නෙ එන්නතේ අතුරු අබාධ නිසා – වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

(14.09.2021 – 21:04 +0530 – truenews.lk)

‘ඉදිරි වසර තුළ දරුවන් හදන්නෙ නැතිව සිටිමු’ කියලා අද වෛද්‍යවරු අදහස් දක්වද්දී මේ ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය කුමක්ද කියලා තමන් අහන බවත් ‘දැනට පවතින එන්නතේ අතුරු ආබාධ තියෙනවා, තවත් අවුරුද්දකින් අලුත් එන්නතක් එනවා’ කියලත් අදහස් මතුවෙන බවත් කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා පවසයි.

දරුවන් මෙන්ම ගැබිණි මාතාවන් එන්නත්කරණය කිරීම ගැන ඔහු වැඩි දුර පැවසුවේ මෙවැන්නකි :

“ගැබිනි මව්වරුන්ට බෙහෙත් ලබාදීමේදී ඒ ගැන කාලයක් තිස්සේ පරීක්ෂණ කිරීමෙන් පසුව තමයි ලබාදෙන්නේ. එවැනි පරීක්ෂණ නොකළ එන්නත් දිගටම ගැබිනි මව්වරුන්ට දෙනවා. මේවායේ අතුරු ආබාධ එන්නේ දරුවන් ලොකු වන විට. මේවා ගැන අවධානය යොමු විය යුතුයි. තවත් සතියකින් විතර අවුරුදු 18 ට අඩු දරුවන්ට එන්නත ගහන්න යනවා. එන්නතෙන් සිදුවන අතුරු ආබාධ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවාද? එහෙම සමීක්ෂණයක්, පරීක්ෂණයක් කරලා තියෙනවා නම් ඒවායේ වාර්තා පෙන්වන්න.

කුඩා දරුවන්ට එන්නත් ගහන්න කලින් එන්නත ගත් අයට අතුරු ආබාධ තියෙනවාද කියලා බලන්න. කුඩා දරුවන් ලංසු තියන්න එපා. අපේ පවුල්වල දැන් ඉන්නෙ දරුවන් එක්කෙනයි, දෙන්නයි. ඒ දරුවන් විනාශ කරන්න එපා. ජාත්‍යන්තර ඖෂධ මාෆියාව, ඒ මාෆියාවට යට වුන අය හිතනවා නම් ඩොලර් වලට හරි යුවාන් වලට හරි අපිව මිලදී ගන්න, එසේ උත්සාහ කරනවා නම් ඒක වැරදි අදහසක් කියන එක මතකයේ තියාගන්න.

කොරෝනාවලට අපේ ‘ආහාරය’ (ඖෂධය) හොඳින් වැඩ කරන වෙලාවේ අපේ යූ-ටියුබ් නාලිකා ‘බ්ලොක්’ කරනවා. මේ මාධ්‍ය නිදහස නැති කරන්න උත්සාහ කරන්න එපා කියලා අපි කියනවා. එන්නත ගැන තියෙන මතය මොකක්ද කියලා දැන් පැහැදිළි කළ යුතුයි. එන්නත ගහපු අයගේ තත්වය ගැන දැන් සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ කරන්න. ඊට පස්සෙ දරුවන්ට එන්නත් ලබාදීම ගැන අවසන් තීරණයක් ගන්න. පරීක්ෂා නොකළ එන්නත් දරුවන්ට ගහන්න එපා !”

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඇමති විමලවීර දිසානායකට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවෙ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

(14.09.2021 – 22:22 +0530 – lankacnews.com)

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායකට දැඩි විරෝධයක් එල්ල කළේය.

අම්පාර රජවැව ප්‍රදේශයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක් වූ අවස්ථාවේ මෙම විරෝධතාවය එල්ල කරන ලදී.

ගොවීන් සඳහන් කළේ එම වැවේ ජලය ව්‍යාපෘතියට ලබාගතහොත් ගොවීන්ට ගොවිතැන් කිරීමට ජලය නොමැති බවයි.

විරෝධතාකරුවන්ගේ විරෝධය මත අමාත්‍යවරයා ස්ථානය ඉවත්ව ගොස් පසුව වෙනත් ස්ථානයකදී මාධ්‍ය වෙත ප්‍රතිචාර දැක්වීය.

ඔහු කියා සිටියේ තමන්ට විරෝධය දැක්වූයේ මනුෂ්‍යයන් විය නොහැකි බවත් අදාල ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් ගණනාවකට ආදායම් මාර්යක් නිර්මාණය කිරීමක් බවත්ය.

******************************************

ශ්‍රී ලංකාව ආසන්නයේ සිදුවෙන මහා භූමි කම්පාවක් ගැන අනතුරු ඇඟවීමක් !

(14.09.2021 – am.lk)

ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටි ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තලයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට භූ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබෙනවා.

මෙම භූතලයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවුණත් ලංකාව ආසන්නයේ පිහිටි මෙම භූ තලයේ ඉතාමත් විශාල භූමි කම්පාවක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය මැදින් වෙන්වන ලක්ෂණ කාලයක් තිස්සේ පෙන්නුම් කරන බවත්, එය සෙමින් සෙමින් සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටිනවා.

ලංකාවේ සිදුවන භූ කම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට ඇත්තේ උපකරණ හතරක් (4) පමණක් බවත්, වර්ග කිලෝමීටර් හැට පන්දහසක් (65,000) සඳහා මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද මහාචාර්යවරයා අවධාරණය කර සිටි අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව අදාළ අංශවල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි අවධානයක් යොමුකර නොමැති බවයි.

ලංකාව ආශ්‍රිත භූමි කලාපයේ සිදුවිය හැකි භූමි කම්පාව ඇතිවන කාලය සහ විශාලත්වය පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට නම් අඩුම තරමේ උපකරණ පද්ධතියක් සවිකළ යුතු බවත්, රජයක් ලෙස එය ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා පෙන්වා දෙනවා ෴

******************************************

ඉතිහාසය වෙනස් කරමින් නව කැළණි පාලම හැඩ වූ හැටි

(14.09.2021 – am.lk)

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර ඒවා මෙරටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊ‍යේ (13) දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කර තිබෙනවා.

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කල ව්‍යාපෘතියකි.

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *