අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම්

අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම්

*********************************************

අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම්

(28.08.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

බරපතල තත්ත්වයට පත්විය හැකි රෝගීන්ට ලබන නොවැම්බර්, දෙසැම්බර් වනවිට කොරෝනා එන්නතේ තුන්වන (3) මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වුවහොත්, ඊට අදාළ කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කලා.

ඒ කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදියි.

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා අවදානමට නිරන්තරයෙන් ලක් වන රෝගීන්ට ද තුන්වන (3) මාත්‍රාවක් ලබාදිය හැකි පරිදි අදාළ කටයුතු සූදානම් කෙරෙන බවයි.

මේ අතර කොවැක්ස් පහසුකම යටතේ අද (28) ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් (1,00,000) හිමි වුණා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ජූලි මස 16 වනදා පරිත්‍යාග කළ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ට අමතරව, මෙම ෆයිසර් එන්නත් මෙරටට ඇමරිකාව විසින් පරිත්‍යාග කළ බවයි.

එසේම, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිලින්ජර් මිලියන 2 ක් ශ්‍රී ලංකාවට අදියර දෙකක් (2) යටතේ පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර, සිය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුටම කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකින් පසු තමාටද වයිරසය ආසාදනය වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පෙරවරුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා.

ඊයේ (27) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවටද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටියා.

අදාළ සාකච්ඡාව ඇරඹීමට ප්‍රථම ජනාධිපති කර්යාලයේදී අමාත්‍යවරයා සමඟ සුහද කතාබහක නිරත වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා නිලධාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, අද (28) පස්වරුවේද අමාත්‍යවරයා සිය ෆෙස්බුක් ගිණුමට ඡායාරූප කිහියක් එක් කරමින් සඳහන් කළේ තමන්ට කොවිඩ් ආසාදනය වුවද සූම් තාක්ෂණය රජකාරි කටයුතු සිදුකරන බවයි.

එහිදී අමාත්‍යවරයා සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුණේ කිසිවිටකත් මුව ආවරණය ඉවත් නෙකළ යුතු බවයි.

තමන් සිය නිල රථයේදී මුහුණු ආවරණය ඉවත් කරන අතර, ඒ වන විටත් වයිරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරෙකු රථයේ සිට ඇති බවත්, ඒ හේතුවෙන් තමාද ආසාදිත වී ඇති බවට විශ්වාස කරන බවත් එහි දැක්වුණා.

මේ අතර, මෙරට පෞද්ගලික රෝහලවල වෛද්‍යවරුන්, හෙදියන් සහ සුළු සේවයින් ඇතුළු කාර්ය මණ්ඩල වලින් සියයට 12 ක පමණ ප්‍රතිශතයකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම, කොළඹ නගරය තුල සියයට සියයක් පැතිර යන්නේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබුණා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඇල්ෆා ප්‍රභේදය අභිබවා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බව ඊට අදාළ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

මේ අතර, නිවසේ රැදි සිට ප්‍රතිකාර ලබා ගන්නා කොරෝනා ආසාදිතයින් නිසි වෛද්‍ය උපදෙස් පිලි නොපැදිම නිසා කෙරෝනා මරණ ඉහළ ගොස් ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලැබුණු වහාම රෝහල් ගත වන ලෙසට කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය මනුජ විරසිංහ මහතා ආසාදිතයන්ට දැනුම් දෙනවා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,203 ක් අද (28) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,55,394 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 3,764 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයන් ගණන 4,20,725 ක් වනවා ෴

(28.08.2021 – 21:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයන් 818 ක් හඳුනාගෙන තිබෙනවා. අද (28) දිනයේ හමු වූ මුළු ආසාදිතයන් 4,582 ක් වනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 421,557 ක්.

+++++++++++++++++++

(28.08.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉලක්කගත ජනගහනයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ඔක්තෝබර් මාසය වනවිට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ අතර ළමයින්ටත් එන්නත්කරණය ඇරඹෙන කාල වකවානු පිළිබඳව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.

අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළා.

++++++++++++++++++

(28.08.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඩුවම ලබා සිටි ‘මොහොමඩ් නවුෆර්’ හෙවත් ‘පොට්ට නවුෆර්’ මියගොස් තිබෙනවා.

ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී වකුගඩු රෝගී තත්වය සහ කොවිඩ් ආසාදිත තත්ත්වය හමුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී තිබුණා.

අනතුරුව වකුගඩු රෝගය සඳහා ඔහුට හෝමාගම රෝහලෙන් ද ප්‍රතිකාර ලබාදී ඇති අතර පසුව කොවිඩ් ආසාදිත තත්ත්වය මත මියගිය බවට බන්ධනාගාර වෛද්‍යවරුන් දැනුම්දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියාසිටියේ ෴

++++++++++++++++++

(28.08.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනයට ලක්වන ප්‍රකාශ කීපයක් සිදුකළා. ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද (28) විවිධ අදහස් පළ කළා.

++++++++++++++++++

(28.08.2021 – 21:17 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් මරණ 212 ක් මෙරටින් වාර්තා වනවා

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 8,583 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අඛණ්ඩව මරණ 200 ඉක්මවා වාර්තා වූ තුන්වන (3) දිනය අදයි.

මෙම මරණ අතර පිරිමින් 109 ක් සහ කාන්තාවන් 103 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ 2 ක් වන අතර ඒ එක් (1) කාන්තාවක් සහ පිරිමියෙක් (1) වශයෙන්. අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමින් 20 ක් සහ කාන්තාවන් 17 ක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් 88 ක් සහ කාන්තාවන් 85 ක් මෙම මරණ 212 ට අයත්.

මේ අතර අද (28) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 4582 ක් වාර්තා වුනා.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,21,557 ක්.

ඉන් 57,580 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර 3,55,394 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

++++++++++++++++++

සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න තීරණ නොවෙයි එළියේ ක්‍රියාත්මක වෙන්නේ ; දැන් සෞඛ්‍ය පාලනය කරන්නේ ජාවාරම්කාරයෝ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර (28.08.2021)

+++++++++++++++++

(29.08.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 718 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 13 ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 61,006 ක්.

මේ අතර ඊයේ (28) දිනය තුල බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13 කදී පුද්ගලයන් 2082 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී පරීක්ෂාවට ලක්වූ වාහන සංඛ්‍යාව 1258 ක් ෴

++++++++++++++++

(29.08.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය නිසා පෞද්ගලික බස් කර්මාන්තයේ බිඳ වැටීම හමුවේ රක්ෂණ වන්දියක් හෝ ලබා ගැනීමට මැදිහත්වන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ මොහොතේ බස් රථ ධාවනය නොකළ ද රක්ෂණ වාරික නියමිත පරිදි ගෙවා ඇති බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම අහිමි වී ඇති ජනතාවට ඔවුන් එකඟ වු ණය සහ ලීසිං පහසුකම සඳහා මාසිකව වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලීසිං ආයතන අත්තනෝමතික ලෙස මුදල් අයකර ගන්නා බැවින් එම සියලු‍ ආයතන නියාමනය කළ යුතු බවයි.

මේ අතර තවදුරටත් රට වසා තැබීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සුලු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45 කට එයින් ඇති වන පීඩාව තවදුරටත් දරා ගත නොහැකි බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(28.08.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක සහ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව පාරිභෝගිකයන් චෝදනා කරනවා.

දිවයින පුරා කිරිපිටි හිඟයක් ද පවතින අතර, ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් ද පසුගිය දිනවල ගැටලු මතුවුණා.

කෙසේ වෙතත්, ඉහළ යමින් පවතින සහල්, එළවලු, සීනි, කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය සඳහා කඩිනමින් කටයුතු කරන බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මිල පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

මේ අතර, තොග වෙළඳාම සඳහා අද (28) විවෘත කල ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු රැසක මිල ගණන් ඉහළ මට්ටමක පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඇතැම් උඩරට එළවළු කිලෝවක තොග මිල රුපියල් 220 ඉක්මවා තිබූ අතර, වෙළඳුන් චෝදනා කළේ එම මිලට එළවළු රැගෙන ගොස් අලෙවි කිරීම සිදුකළ නොහැකි බවයි.

මේ අතර, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය සඳහන් කලේ පවතින තත්වයන් හමුවේ ගොවීන් වගා කටයුතු වලින් ඉවත් වීම ද එළවලු මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

මේ අතර සමස්ථ ලංකා වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ වී සහ සහල් සඳහා රජය මගින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි සහතික මිල ගණන් හඳුන්වා නොදීම හේතුවෙන් සහල් මිල ඉහළ යාමක් සිදුව ඇති බවයි.

පාන්, කේක් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද පසුගිය 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළා.

වෙළඳපොලේ සීනි මිල ඉහළ යාම පාලනය සඳහා ලබන සතියේදී විසදුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(28.08.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

අද (28) ‘හාඩ්ටෝක්’ තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ගෙන් :

******************************************

මැදපෙරදිග දුක් විඳල එවපු බඩු වරායේ කුණු වෙනවා. බඩු හොරකම් කරන එකට වග කියන්න ඕන රේගුවද ? Cargo එකද ? (27.08.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *