ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

*********************************************

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

(23.08.2021 – 13:27 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතවී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක්වී ඇත.

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(23.08.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය, අද (23) අධිකරණයට කරුණු වාර්තා කළා.

එම වෛද්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඖෂධ ශාලාවේදී පසුගිය 15 වැනිදා තමන්, රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණි බවයි.

එහිදී රිෂාඩ් බදියුදීන්, වෛද්‍යවරයා වෙත පැමිණ තිබුණේ කොරෝනා අවදානම තුළ රෝගීන් කැඳවන ක්‍රමයට පරිබාහිරවයි.

ඒ අනුව වෛද්‍යවරයා විසින් මන්ත්‍රීවරයාව දැනුවත් කිරීමත් සමග උරණ වූ මන්ත්‍රීවරයා ඔහුට බැණ වැදී ඇති බව පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකරන අතර, අද (23) දින ඒ පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයා තර්ජනාත්මක බැන වදින අවස්ථාවේ වෛද්‍යවරයා සමඟ සිටි තවත් රැඳවියෙකු සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණය ඉදිරියට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටයි.

ඊට අවසර ලබාදුන් අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය, සාක්ෂිකාර රැඳවියා ලබන බදාදා (25) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ ෴

(23.08.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන කළ බව කියන සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු (3) ගෙන් පැය 04 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

++++++++++++

++++++++++++

දැරිය මියයෑමේ සිද්ධියේ 5 වන සැකකරු ලෙස බදියුදීන්ව නම් කෙරේ

(23.08.2021 – 16:16 +0530 – sinhala.adaderana.lk)

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5 වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබේ.

එම සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ඒ එම නඩුව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනි දැරිය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගියදා මිය ගියේය.

මේ අතර අපරාධය සිදුවූ ස්ථානයේ සාක්ෂි බරපතළ ආකාරයෙන් වෙනස් කිරීමට සිද්ධියේ සැකකරුවන් ක්‍රියාකර ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද (23) අධිකරණයේදී චෝදනා කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සඳහන් කළේ මෙම විමර්ශනයට අදාළව නවතම සාක්ෂි රැසක් හමුවී තිබෙන බවය.

මෙම නඩුකරයේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ ඇයගේ පියා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට සහ සාක්ෂි වෙනස් කිරීමට ක්‍රියාකර ඇති ආකාරයක් හෙළි වී ඇති හෙයින් එම කරුණු සැලකිල්ලට ගෙන ඇප පනත යටතේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මියගිය දැරියගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට ලැබී තිබෙන බවය.

දැරියගේ පළමුවන (1) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය රුහුල් හක් මහතාගේ වෛද්‍ය වාර්තාව හා දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අතර වෙනසක් දක්නට තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ පළමු (1) වෛද්‍ය වාර්තාවේ ස්වයංව ගිනි තබාගෙන දැරියගේ මරණය සිදු වූ බව පැවසුන ද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් දැරියගේ මරණය මිනී මැරුමක් ද? නැතිනම් සියදිවි නසා ගැනීමක් ද? යන්න පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවය.

දැරිය දීර්ඝ කාලයක් අඛණ්ඩ ලිංගික ප්‍රවේශයන්ට භාජනය වී ඇති බව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් ද හෙළි වී ඇති බව ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ පිළිස්සුණු දැරිය රෝහල්ට ඇතුළත් කිරීම සඳහා රැගෙන ගිය 1990 ගිලන් රථ සේවයේ හෙදියක ලෙස කටයුතු කළ අංජලී උපේක්ෂා බස්නායක නැමැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවය.

මෙම දැරිය පිළිබඳ දැනුම්දීම ලැබුණු වහාම තමා පිළිස්සි සිටින දැරිය “තෙත්” කරන ලෙස නිවැසියන්ට දුරකථනය මගින් උපදෙස් දුන්නද ඔවුන් ඒ ආකාරයෙන් ක්‍රියාකර ඇති බවක් තමා නොදුටු බව ඇය සඳහන් කර ඇත.

තමා එම ස්ථානයට යන අවස්ථාවේදී අදාළ දැරිය ඇඳ ඇතිරිල්ලකින් ඔතා භාවනා කරන ආකාරයෙන් වාඩි කර තිබූ බව තමා නිරීක්ෂණය කළේ යැයි ද එම හෙදිය ප්‍රකාශ කර තිබේ.

දැරිය රෝහලට රැගෙන යාමට කාන්තාවකට පැමිණෙන්නැයි දැනුම් දුන්න ද එහි සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ ඇයගේ මව ඊට ඉදිරිපත් නොවූ බවත් ඒ සඳහා පැමිණියේ එම නිවෙසේ මෙහෙකාර තරුණයකු බවත් එම හෙදිය ප්‍රකාශ කළා යැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

පසුව රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයාගේ මාමණ්ඩිය සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියකු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ගොස් ඇති බවද ඔහු අධිකරණය හමුවේ පැවසීය.

දැරිය ගෑස් හේතුවෙන් වූ ගිනි ගැනීමකින් පිලිස්සී ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි එහි වෛද්‍ය බැසිල් ටෙරන්ස් පෙරේරා මහතා පොලීසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නමුත් දැරිය වෙතින් භූමිතෙල් ගඳක් වහනය වූ බව වෛද්‍යවරයා නිරීක්ෂණය කොට ඇති අතර අදාළ වෛද්‍යවරයා ඒ පිළිබඳ සටහනක් යොදා තිබේ.

එසේ තිබියදී කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු “රන්දික” නැමැති වෛද්‍යවරයෙකු දැරිය ස්වයංව ගිනිතබා ගත් බවට ප්‍රකාශ කළේ යැයි සටහන් යොදා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුනි.

ඔහු පැවසුවේ බාහිර ප්‍රතිකාර ඒකකයේ පැය තුනකට (3) ආසන්න කාලයක් අදාල දැරිය කාන්තා හෙදියන් සමඟ රැඳී සිටියදී ප්‍රකාශ නොකළ කරුණක් ඉන්පසුව පිරිමි වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කළේ කෙසේද? යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවය.

රන්දික නැමැති වෛද්‍යවරයා කිසියම් බලපෑමක් නිසා මෙවැනි සටහනක් යෙදුවේ දැයි සැකයක් මතු වී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

අපරාධය සිදු වූ ස්ථානයේ සාක්ෂි බරපතළ ආකාරයෙන් වෙනස් කිරීම්වලට ලක් කිරීමට සැකකරුවන් ක්‍රියාකර ඇතැයි චෝදනා කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඊට අදාළ ඡායාරූප කීපයක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

අපරාධය සිදුවූ අවස්ථාවේදී පොලිස් මූලස්ථානයේ කොවිඩ් මර්දන අංශය භාරව කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෆාර් නැමැත්තා අපරාධ ස්ථානයට පැමිණ සාක්ෂි යටපත් කිරීමට ක්‍රියාකර ඇතැයි චෝදනා කළ දිලීප පීරිස් මහතා ඔහු සම්බන්ධයෙන් මේ දක්වා නිසි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව අපොහොසත්වීම පිළිබඳව දැඩි දෝෂ දර්ශන එල්ල කළේය ෴

+++++++++++++

රිෂාඩ්ට එච්චර ‘ගැම්මක්’ ආවේ කොහොමද?

(24.08.2021 – 09:21 +0530 – lankaleadnews.com)

පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන්ට ආධාර අනුබල දීමේ චෝදනාව මත දැනට බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයා පසුගියදා බන්ධනාගාර රෝහල් වෛද්‍යයවරයාට මරණීය තර්ජන එල්ල කරණු ලැබීය. එය මේ වන විට අධිකරණය දක්වා ගිය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

මේ සම්බන්ධව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවියට අදහස් දැක්වූ මානසික රෝග විශේෂඥයෙකු :

“රිෂාඩ් බද්යුද්දීන් පාස්කු ප්‍රහාරකයන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත බන්ධනාගාරගත වන්නට පෙර හැසිරුනේ තමා ඉතාම අහිංසක නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසයි. නමුත් ඊයේ පෙරේදා වන විට ඉතාම ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අහිංසකයෙකු වීමටත් අද වන විට ප්‍රචන්ඩ ‘සහාරන් හසීම්’ වැන්නෙකු ලෙස හැසිරීමටත් හේතුව මනෝ ව්‍යාධියක් හේතුවෙන් නම් නොවෙයි. ඔහු අදහන ආගම තුල අන්‍යය ආගමිකයා බිහිසුණු වදයට භාජනය කර මරා දැමීම ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා.

උදාහරණයක් ලෙස කුරාණයේ 33 : 61 වගන්තිය, ‘ඔවුන්ට සාප කරනු ඇත. ඔවුන් දුටු විට ග්‍රහණයට ගෙන මරණයට පත් කෙරෙනු ඇත. ඔවුන් අල්ලා දෙවියන් හමුවට පැමිණ වූ විට ඔවුන්ට එසේ කිරීම අල්ලාගේ චර්යාවකි. අල්ලාගේ ක්‍රමවේද වෙනස් නොවන බව නුඹ තේරුම්ගනු ඇත’ යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඕනෑම ඉස්ලාම් භක්තිකයෙක් කුරාණයට අනුව ජීවත් වීමට උත්සහා කරනවා.

රිෂාඩ් වැනි අන්තවාදී ඉස්ලාමයට නැඹුරු වූ කෙනෙකුගේ හැසිරීම සාමාන්‍යය ඉස්ලාම් භක්තිකයාට වඩා ඉතාම දරුණුයි. රිෂාඩ්ලා අවස්ථාව ලැබුණු ගමන් කුරාණයට අනුවම ක්‍රියා කිරීම අරඹනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවනි බන්ධනාගාරයේ ඉන්න රිෂාඩ්ට ලැබුණු අළුත් අවස්ථාව මොකක්ද කියලා. රිෂාඩ්ට විතරක් නෙවෙයි ලෝකය ඉන්න සියලු ඉස්ලාම් අන්තවාදීන්ට ලැබුණු අළුත්ම උත්තේජනය තමයි ඇෆ්ගනිස්ථානයේ තලේයිබාන් අන්තවාදීන්ට බලය පිහිටවීමට ඉඩ කඩ ලැබීම.

තලෙයිබාන්ලාගේ ඇෆ්ගනිථානය ඇත්තටම ඉස්ලාම් අන්තවාදීන්ට මූල කඳවුරක්. දැනට යට ගිහින් ඉන්න ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන්ට ඒ කියන්නේ රිෂාඩ්ලා වගේ අයට අළුත් ගැම්මක් එන්නේ එතැනින්. ඒ විතරක් නොවෙයි දැනට ආණ්ඩුව ඇතුලේ සිටින කුමන්ත්‍රණකාරී ඉස්ලාම් බලවේගවලටත් තලේබාන්ලාගේ ඇෆ්ගනිස්ථානය හොඳ උත්තේජනයක්. චීනයේ සහ රුසියාවේ තලේබාන්ලාගේ ඇෆ්ගනිස්ථානය සම්බන්ධව වන ආකල්පයත් ලෝකය පුරා සිටින ඉස්ලාම් අන්තවාදීන්ට හොඳ උත්තේජනයක්. දැන් ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් නොවන අනෙක් සියළු ජාතීන් තලේබාන් ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන මානව විරෝධී ම්ලේච්ඡ හැසිරීම් අධ්‍යයනය කළ යුතුයි.

තවත් ඇෆ්ගනිස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් නොවීමට සිහි බුද්ධියෙන් යුතුව ආණ්ඩුවත් ජනතාවත් කටයුතු කළ යුතුයි. රිෂාඩ් වැන්නවුන් පමණක් නොවෙයි ඒ පන්නයේ අනෙකුත් අය පිළිබඳවත් අවබෝධයෙන් සිටිය යුතුයි. රිෂාඩ්ලා නියෝජනය කරණ අන්තවාදී ඉස්ලාම් භක්තිකයන් සම්බන්ධව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මත්මිය ඉදිරියේ විශේෂ හෙලිදරව්වක් කළා.

එහිදී ඔහු පවසා සිටියේ, ජූඩ් කුමාර් ඉෂාලිනි නමැති දැරිය කෲරත්වයට පත් කිරීම හා වධහිංසනයට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ වන සැකකරුවන් වෙනුවෙන් පෙර නඩු දිනයේදී කළ ඉල්ලීම ගරු අධිකරණය පෙර දිනයේදී ප‍්‍රතික්‍ෂේප කළ අවස්ථාවේදී යම්කිසි නීතිඥවරයකු හෝ පිරිසක් විසින් අමුතු ශබ්දයක් නඟමින් ‘තෑන්ක්ස් යූ ඕනර්’ ලෙස පැවසූ බවයි. එහිදී දීලිප පීරිස් මහතා පෙන්වා දුන්නේ එම ක්‍රියාව ගරු අධිකරණයට කළ අපහාසයක් ලෙස තමන් දකිනා බවයි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ රිෂාඩ් බදුර්දීන් පසුගිය 15 වැනිදා බන්ධනාගාරය තුළදීම වෛද්‍යවරයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම අනුවත් ඔවුන්ගේ සැබෑ කි‍්‍රයා කලාපය පැහැදිලි වන බවයි.

‘අනිත් අතට රිෂාඩ්ලා නායකත්වය දෙන රජය තුළ සිටින අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම කොතරම් බලවත්ද කියා පැහැදිලි වන්නේ, ගින්න ගැන දැනගත් වහාම ජූඩ් කුමාර් ඉෂාලිනි නමැති දැරියගේ නිවසට ගොස් ඇගේ ඥාතීන්ට මුදල් ලබාදෙන බවට පොරොන්දු වී විමර්ශන කටයුතු අඩාල කිරීමට මැදිහත්වී ඇති පොලිස් මූලස්ථානයේ සේවය කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහිව නිසි පියවරක් ගැනීමට උසස් පොලිස් නිලධාරීන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති වීම නිසයි’ යනුවෙන් දීලිප පීරිස් මහතා අධිකරණයේදී පවසා සිටියා.

ඒ අනුව ඉස්ලාම් අන්තවාදයේ නව ජයග්‍රහන හමුවේ අපේ රටේ අන්තවාදයේ හිස එසවීම සම්බන්ධව මීට වඩා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි” යනුවෙන් පවසා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *