ඉන්දීය නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට

ඉන්දීය නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට

*********************************************

ඉන්දීය නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට

(21.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

• කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදිත නව ඩී.එන්.ඒ. එන්නත ඉදිරියේදී මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

• එසේම රාගම රෝහලේ කොරෝනා මරණ ගොඩගැසී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

කැඩිලා හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කළ මෙම ඩී.එන්.ඒ. එන්නතට හදිසි භාවිතය සඳහා එරට ඖෂධ නියාමන අධිකාරිය දැනටමත් අවසරය දී තිබෙනවා.

මෙම එන්නත මාත්‍රා 3 කින් ලබාදීමට නියමිත අතර, පුද්ගලයන් 28,000 ක් යොදාගෙන සායනික පරීක්ෂණ සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේ.

එන්නත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් සියයට 66 කට වැඩි පිරිසකට රෝගය වැළදී නොතිබීම විශේෂත්වයක්.

අගෝස්තු 01 වන දා සිට 19 දක්වා කාලය තුළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු, හෙද කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකු ඇතුළුව රෝහලේ සේවක සේවිකාවන් 99 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොරෝනා මෘත දේහ එක්රැස්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, පසුගිය දා ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබදව අවධානය යොමු කරමින්.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය මාසික වැටුප කොවිඩ් අරමුදලට බැර කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (20) රැස්වූ අවස්ථාවේදියි.

එසේම රට පුරා විසිරී සිටින 1,300 ක් පමණ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගෙන්ද ඊට දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2,580 ක් සුවය ලබා අද (21) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,23,390 ක්.

තවදුරටත් පුද්ගලයින් 51,437 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා.

එසේම අද (21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2,785 ක් වාර්තා වුණා ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1,090 දෙනෙකු අද (21) දිනයේ හඳුනා ගෙන තිබෙනවා. අද (21) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,884 කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 385,686 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++++++++++

ජනපතිව නොමග යවන කේවට්ටයෝ – බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක් – අභයාරාමාධිපති හිමියන් කිය‍පු කතාව (21.08.2021)

+++++++++++++++

කොවිඩ්-19 සඳහා හෝමාගම වික්‍රමාරච්චි වෙදමහතාගේ සුප් එක සහ අත්බෙහෙත (20.08.2021)

https://www.youtube.com/watch?v=UhydNv3FgG4

කැරට්, බීට්, ගෝවා, රාබූ සහ වට්ටක්කා, ගම්මිරිස් ඇට 12 ක් පමණක් යොදා සුප් එකක් සාදා දිනකට 3 වරක් 200ml බැගින් දින 3 ක්. (උණුවෙන් පානය කල යුතුයි.)

ඉඟුරු ඉස්ම මේස හැඳි 2 බැගින් දිනකට 2 වරක් දින 3 ක් පානය කරන්න.(ගැබිණි මව්වරුන් පානය නොකළ යුතුයි.) වයස අවුරුදු 10 ට අඩු නම් තේ හැඳි 1 බැගින්ද පානය කරන්න.

මී පැණි තේ හැඳි 1 බැගින් දිනකට 2 වරක්

වෙනිවැල් ගැට මිටවල් 3 ක් ගෙන වතුර අඩු කෝප්ප 12 ක් අඩු කෝප්ප 2 කට හිඳ 25ml බැගින් දිනකට 2 වරක් දින 3 ක්. (උණුවෙන් පානය කල යුතුයි .)

වැඩි සීනි අඩු කහට තේ 100ml බැගින් දිනකට 3 වරක්.(උණුවෙන් පානය කල යුතුයි.) (වැළඳුන අය දින 3 ක් නොවැළඳුනු අය 1 දිනක් )

කොවිඩ් මර්දනයේ නිවැරදි ප්‍රතිඵල ලබාගැනිම සදහා සුප් එකේ වතුර 200ml ක් අනිවායෙන්ම එක වෙලකට බිම සිදුකල යුතුය. ඊට අමතරව එළවලු කැම ගැටලුවක් නැත. මෙලෙස දිනකට 3 වරක් දින තුනක් (3) සිදුකල යුතු අතර සුප් බිම උණුවෙන් කල යුතුය.

මේ හදාගත් සුප් 600ml ප්‍රමාණය 200ml බැගින් තුන්දෙනෙකුට (3) එක් (1) වේලකට පමණයි.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(21.08.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඛනිජ තෙල් හිඟයක් රට තුළ ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි ෴

******************************************

(21.08.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මාස හතරකට (4) පසු මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව පසුගිය ජූලි මාසයේ අපනයන ආදායම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1099.4 ක් ලෙසයි.

රේගුවේ දත්තවලට අනුව පසුගිය වසරේ ජූලි මාසය හා සැසඳීමේදී මෙය සියයට 1.33 ක වර්ධනයක් බව සඳහන්.

කොරෝනා වසංගතය පැවතුණත් අපනයන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අපනයනකරුවන් දැක්වූ සහයෝගය හේතුවෙන් මෙම තත්වයට ළඟාවීමට හැකිවූ බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළා ෴

******************************************

(21.08.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයේ සිටින 86 දෙනාගෙන් 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කරගෙන තිබෙන අතර ඉන් 20 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර තවත් 20 දෙනෙක් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට කැමැත්ත පල කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *