ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණ වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණ වෙයි

*********************************************

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණ වෙයි

(18.08.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ඊයේ (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ ගැනුම් මිල රුපියල් 198.19 ක් ලෙස දැක්වුණු අතර, විකිණුම් මිල සටහන් වී තිබුණේ 202.89 ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වනවිට වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 211 සිට 215 දක්වා අලෙවි වනවා.

මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල සඳහා රුපියල් 202.89 ක බර තැබීමක් සිදුකර තිබුණ ද, පෞද්ගලික බැංකු මේ වනවිට මෙම අනුපාතයන් අතහැර දමා තිබෙනවා.

ඊයේ (17) දේශීය පෞද්ගලික බැංකු ආනයනකරුවන් සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 211 ක විනිමය අනුපාතයක් රඳවාගත් අතර, විදේශීය බැංකු රඳවාගත් අනුපාතය රුපියල් 215 දක්වා ඉහළ දමා තිබුණා ෴

******************************************

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

(17.08.2021 – colombotoday.com)

රැයක් පුරා පුතාගෙන් පහර කෑමට හා විවිධ වධ හිංසනයට ලක් වූ 85 හැවිරිදි වයෝවෘද්ධ පියකූ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පන්නල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලවල කටුදෙනියේ පදිංචිව සිටි 85 හැවිරිදි දරුවන් නව දෙනකූගේ පියෙක් බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.

දුර බැහැර පෞද්ගලික ආයතනයක සේවය කරන සැකකරු බීමත්ව නිවසට පැමිණ පියාට පහර දෙද්දී නිවසේ සිටි මවත් සැකකරුගේ ලොකූ පුතාත් අසල්වැසි නිවසකට ගොස් තිබේ.

සැකකාර පුතා පියාට පහර දෙද්දී කෑ ගසන හඬ ඇසුණු මුත් ඔහුට බියෙන් නිවසට නොපැමිණි බවත් පසුදින උදේ එද්දී මියගිය අය ඇඳ මත සිහිසුන්ව සිටි බවත් වාර්තා වේ.

පියා මරණයට පත්ව ඇති අතර සැකකාර පුතා අසල්වැසියන් විසින් අල්ලා බැඳදමා පොලිසියට බාරදී ඇත ෴

******************************************

(18.08.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැයට ඉදිරිපත් කෙරෙන යෝජනා සකස් කිරීමේ දී සංචාරක ගුවන් සේවා ක්‍ෂේත්‍රය මෙන් ම සංචාරක ඉපයීම්, මල් හා පත්‍ර අපනයන ක්‍ෂේත්‍ර වර්ධනය කිරීමට අදාළව ද යෝජනා ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මුදල් අමාත්‍යාංශය මඟින් ඉදිරි අයවැය සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනා ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම යෝජනා මේ මස 20 වන දිනට පෙර මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ද නියමිත යි.

ඒ අනුව ණය නො වන විදේශ විනිමය ක්‍ෂේත්‍රයන් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් ද ඉදිරි අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා ෴

******************************************

ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග මෙරටට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය

(18.08.2021 – 07:52 +0530 – truenews.lk)

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

මේ සම්බන්ධව විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු පැවැසීය.

තලේබාන් සංවිධානය වෙත බලය යාමත් සමග ජිහාඩ් හා අයි.එස්. සංවිධානවල සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ මෙරට අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයත්, ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කරගත් හෙරොයින් ජාලයට සම්බන්ධවූවන් ගැනත් වැඩි අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.

පසුගිය වකවානුවේදී ඇෆ්ගන් සීමාවෙන් මත්ද්‍රව්‍ය එවිමේදී මෙරටට අවි ආයුධ එවීමට පටන් ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

******************************************

(18.08.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් සංවේදී පරිසර කලාප හතරක් (4) අලුතින් හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම සහ ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව යි මෙම සංවේදී පරිසර පද්ධති හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව දැනටමත් ඒවා සංවේදී පරිසර කලාප වශයෙන් නම් කිරීමට පියවර ගෙන ඇති බව, පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(18.08.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් මීගමුව සහ කොච්චිකඩේ යන නගර ද හෙට (19) සිට මේ මස 25 වනදා දක්වා වසා තැබීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා.

වෙළඳ සංගම් නියෝජිතයන්, ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සහ මීගමුව නගරාධිපති දයාන් ලන්සා සමඟ ඊයේ (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව යි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම අනිද්දා (20) සිට දින 15 ක කාලයක් සියඹලාණ්ඩුව නගරයේ සියලු ම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ඊයේ (17) රැස් වූ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ වැලිමඩ නගරයේ සියලු ම ව්‍යාපාරික ස්ථාන සහ ආයතන හෙට (19) රාත්‍රි 10 සිට 26 වනදා අලුයම 4 දක්වා වසා තැබීමට යි වැලිමඩ එක්සත් වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ.

මීට අමතර ව කඹුරුපිටිය නගරයේ සියලු ම වෙළඳසැල් අනිද්දා (20) සිට 25 වනදා දක්වා වසා තැබීමට ද තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත ව තැබෙනු ඇති.

තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට ඊයේ (17) තීරණය කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ යි.

ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නගර විස්සක (20) පමණ මේ වනවිට වෙළඳසැල් වසා දමා තිබෙනවා.

පිටකොටුවේ වෙළදසැල් වසා තබන්නේ ද නැද් ද යන්න පිළිබද ව අද (18) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවටයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. එලමිනාදන් මහතා ඊයේ (17) ප්‍රකාශ කළේ.

මේ අතර ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ ලබාගැනීමේ ක්‍රමවේදයක් අද (18) ආරම්භ වනවා.

නාරාහේන්පිට ආර්ථීක මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ වන්නේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ෴

+++++++++++++++++++

ආණ්ඩුව කියන කේප්ප බොරු මිනිස්සු පිළිගන්න සුදානම් නෑ – චමීර පෙරේරා (17.08.2021)

++++++++++++++++++

සිකුරාදා (20) වන විට රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා (23) සිට ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් (18.08.2021)

+++++++++++++++++

රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා… ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ

(17.08.2021 – 07:30 +0530 – sinhala.adaderana.lk)

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිත මරණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සංවේදී සිදුවීමක් මාධ්‍යයට කියා සිටියේය.

මේ ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍යවරයා,

“කරාපිටිය රෝහලේ පාන්දර පුද්ගලයෙක් රෝද පුටුවක අයිතිකාරයෙක් නැතුව පැය භාගයක් හති හලලා මැරෙනවා. කවුරුවත් ළංවෙන්නේ නෑ හොයලා බලන්න. ඒ නිසා මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ. ඔත්තු සේවය දාලා හොයලා බලන්න. වෛද්‍යවරු බයේ හැංගිලා ඉන්නවා මේක ෆෝන් එකකින්වත් ගහලා දාන්නේ නෑ. ඒ නිසා තව දුරටත් කට වහගෙන ඉන්න බෑ. මගේ වෛද්‍ය වෘත්තියවත් අනිත් ඒවාවත් මට වැඩක් නෑ. අද උදේ මං මෝචරිය ගාවින් යනකොට හැමදාම මිනිස්සු මැරෙනවා. මැරි මැරි වලලනවා. මේක පේන්නේ නැද්ද ? මම කතා කරන්නේ දත්ත එක්ක. වහාම අපේ රටේ මිනිස්සු මැරෙන එක නවත්වන්න.”

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ, දිනකට 20 ක් වගේ ජාතික රෝහලේ ද මියයන බවය.

“කළුබෝවිල, කරාපිටිය, රාගම, රත්නපුර ගත්තත් මිනිස්සු විශාල වශයෙන් මියයනවා. මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ. ඇඳන් යට, පැඳුරුවල, පුටුවල වාඩි වෙලා ඉන්න තත්ත්වයකට පත්වෙලා.”

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, ජාතික රෝහල කොවිඩ් රෝහලක් බවට පත්කර ගැනීමෙන් ව්‍යවසනකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

https://www.youtube.com/watch?v=LrSNAN5dvpk

++++++++++

+ [ https://www.meghacaring.com ]

+ [ https://www.facebook.com/MeGhaCaring ]

+ [ https://www.youtube.com/watch?v=WxFzxpU64so ]

+++++++++++++++++

මංගලා සමරවීර තවම මැරිල නැතිලු !

(18.08.2021 – 13:13 +0530 – lk.news.true)

මංගලා සමරවීර මියගොස් ඇතැයි සමාජ මාධ්‍යවල පළවී ඇති පුවත්වල සත්‍යතාවයක් නැතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. කෝවිඩ් ආසාදනය වීමෙන් රෝගාතුරව සිටින මංගලා සමරවීර මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි ෴

++++++++++++++++++

කොරෝනාවේ විස නසන COCONUT ප්‍රතිකාරය. (විද්‍යාත්මකව තහවුරුවේයි) – Coconut Treatment for Coronavirus (05.03.2021)

++++++++++++++++++++

පාලකයන්ගේ වැරදි තීරණ නිසා රට මහා විනාශයක, සියළු තීරණ ගත්තේ වැරදි දත්ත මත (16.08.2021)

+++++++++++++++++++++

(18.08.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟ වසංගතය පාලනය කිරිම සඳහා හැටන් කොටගල නගරය මේ මස (19) දින සිට (26) දින දක්වා වසා දැමිමට එම නගරයේ වෙළඳ සංගමය තිරණය කර තිබෙනවා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය තුළ මේ වනවිට විශාල පිරිසකට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවත් අසාදිතයන් අතරින් කිහිප දෙනෙකු මියගොස් ඇති බවත් වෙළඳ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

කොටගල ප්‍රදේශයේ දී (17) දින පස්වරුවේ රැස් වූ එම වෙළඳ සංගමයේ සමාජිකයින් කොටගල නගරය සතියක කාලයක් වසා දැමීමට ඒකමතික ව තිරණය කළ බවත් වසා තැබෙන කාලය තුළ කොටගල ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ සහයෝගය ලබාගෙන නගරය සම්පුර්ණයෙන් ම විෂබීජහරණය කිරිමට සැලසුම් කර ඇති බවත් කොටගල වෙළඳ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා ෴

++++++++++++++++++++

(18.08.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (17) පුද්ගලයින් 137,221 කට කොරෝනා මර්දන එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 103,846 කට ලබා දී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 21,685 කට ලබා දී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7,712 කට සහ දෙවන (2) මාත්‍රාව 237 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එමෙන් ම, ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 3,415 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව 116 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 210 දෙනෙකුට ඊයේ (17) ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *