විදේශ රැකියාවල නිරත වූ ශ්‍රී ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා වෛරසයට බිලි වේ

විදේශ රැකියාවල නිරත වූ ශ්‍රී ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා වෛරසයට බිලි වේ

*********************************************

විදේශ රැකියාවල නිරත වූ ශ්‍රී ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා වෛරසයට බිලි වේ

(29.06.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා මෙලෙස මියගොස් ඇත්තේ රටවල් 16 ක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින්.

විදේශ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 4800 කට වැඩි පිරිසකට එම කාලසීමාව තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 4600 ක් පමණ සුවය ලබා තිබෙනවා.

මේ අතර ඉන්දියාව තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම පහළ යාම පසුගිය සති කිහිපය තුළ එරට දෛනික ආසාදිතයින් සහ පුද්ගල මරණ පහළ යාමට හේතුවී තිබුණා.

මේවන විට සැලකිය යුතු මට්ටමකින් නැවතත් ඉන්දියාවේ ආසාදිතයින් සහ මරණ ඉහළ යමින් පවතිනවා.

ගෙවුණු දිනයේදී එරටින් නව ආසාදිතයින් 37,000 ඉක්මවා හඳුනාගත් අතර, 1000 කට ආසන්න පුද්ගල මරණ සංඛ්‍යාවක්ද වාර්තා වුණා.

එරට එන්නත්කරණ වැඩසටහන්ද සිමා වී තිබෙන අතර, තෝරාගත් කාණ්ඩවලට පමණක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමටයි මේවන විට පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව කොල්කටා නුවර ආශ්‍රිතව ගණිකා වෘත්තිය සිය ජීවනෝපාය කරගත් පිරිස් වෙත එන්නත්කරණ වැඩසටහන් ඊයේ (28) ක්‍රියාත්මක වුණා.

බ්‍රසීලයෙන් නව ආසාදිතයින් 27,000 ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 22,000 ක්, රුසියාවෙන් 21,000 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් සහ ආර්ජන්ටිනාවෙන් 18,000 ඉක්මවා කොවිඩ් ආසාදිතයින් ගෙවුණු දිනයේදී වාර්තා වීම විශේෂත්වයක්.

කොවිඩ්-19 ව්‍යාප්තිය අතින් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ අමෙරිකාවෙන් ඊයේ (28) වාර්තා වූයේ පුද්ගල මරණ 137 ක්පමණයි.

ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ්-19 ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සීමා කිරීම් දැඩි කළා.

බ්‍රිස්බේන් නුවරද වසා දැමීමටයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අද පියවර ගත්තේ.

ඉන්දියාව මේවන විට මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වයත් සමග ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් නිෂ්පාදනය අඩුවීම ගෝලීය එන්නත් වැඩසටහන්වලට දැඩි බලපෑම් එල්ලකර තිබෙනවා.

ඔක්ස්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින්හට සති 4 කට පසු ෆයිසර් එන්නත ලබාදීමෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ද්විත්වයම ලබාගැනීමට වඩා ඉහළ ප්‍රතිශක්තීකරණයක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව ගොඩනැගෙන බවයි.

මේවන විට නිෂ්පාදිත එන්නත් අතුරින් ඉහළම ප්‍රතිශක්තීකරණ හැකියාවක් පවතින්නේ ෆයිසර් මාත්‍රා ද්විත්වයම ලබාගත් පිරිසටයි.

මේ අතර, කැනඩාව ඇතුළු කලාපීය රටවල්වලට මේ දිනවල දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ලව තිබෙනවා.

සෙල්සියස් අංශක 46.6 ඉක්මවූ අධික උණුසුම් වා ධාරාවන් හේතුවෙන් ජනතාව ජලාශ ආශ්‍රිතව රැඳී සිටින අයුරුයි මේ.

මේ අතර, සමාජ ශාලා ආශ්‍රිතව මෙන්ම විවිධ විනෝද අවස්ථාවන් සඳහා සහභාගී වූ ස්පාඤ්ඤායේ විශ්වවිද්‍යාල සිසුන් 600 කට අධික පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන් නිරෝධායනයට යොමුකර සිටින හෝටලයේ සඳලුතල මතට වී ‘අපට කොවිඩ් වැළඳී නැහැ, අපට යන්න දෙන්න’ ලෙස පවසමින් විරෝධතාවන්ගේ නිරතවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

මේවන විට ගෝලීයව හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 182,276,321 ක් වන අතර, 3,947,638ක් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++++

(29.06.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය කාර්යමණ්ඩලය ඇතුලු සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර වෛද්‍ය නිර්දේශ මත, ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත් විශ්වවිද්‍යාල උපකුලපතිවරු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමය යටතේ සිදුකරන අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය සහ අනෙකුත් පරිපාලනමය කටයුතු පිළිබඳවත් ඒ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකෙරුනා.

ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු පිළිබඳවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කළයුතු ආකාරය පිළිබඳවත්, මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(29.06.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ (28) දිනයේ සිදුවූ බවට සඳහන් තවත් කොරෝනා ආසාදිත මරණ 45 ක් වාර්තාවීමත් සමඟයි.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3030 ක් ෴

අද (29) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 389 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (29) දිනයේදී මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1709 ක් ෴

++++++++++++++++++

(29.06.2021 – 21:17 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනිකා පළමු (1) එන්නත ලබාගත් පුද්ගලයින්ට සති 4 කට පසු ෆයිසර් එන්නත ලබාදීමෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි (2) එන්නත ලබාගැනීමට වඩා ඉහළ ප්‍රතිශක්තියක් වෛරසයට එරෙහි නිර්මාණය වන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඔක්ස්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ පළමු (1) මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින්හට සති 4 කට පසු ෆයිසර් එන්නත ලබාදීමෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ද්විත්වයම ලබාගැනීමට වඩා ඉහළ ප්‍රතිශක්තියක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව ගොඩනැගෙන බවයි.

මේවන විට නිෂ්පාදිත එන්නත් අතුරින් ඉහළම ප්‍රතිශක්තීකරණ හැකියාවක් පවතින්නේ ෆයිසර් මාත්‍රා ද්විත්වයම ලබාගත් පිරිසටයි.

ඔක්ස්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ තවත් පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී මාස 10 ක පමණ කාලයකට පසු දෙවන (2) මාත්‍රාව ලබාදීමෙන් වෛරසයට එරෙහි ඵලදායී ප්‍රතිශක්තියක් ශරීරයේ නිර්මාණය වන බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා තෙවන (3) මාත්‍රාවක් ලබාදීමෙන් ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවාගත හැකි බවද ඔක්ස්ෆ්ර්ඩ් සරසවියේ විශේෂඥයින් පෙන්වා දෙනවා ෴

@@@@@@@@@@@@@@@

(29.06.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යාමේ චෝදනා එල්ල වී දිවයිනට ගෙන්වූ එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට අවම වශයෙන් වසරක (1) හෝ ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඔවුන් තුන්දෙනා (3) අද (29) පස්වරුවේ දිවයිනට පැමිණියේ ඔවුන්ට එරෙහිව තාවකාලිකව ක්‍රිකට් තහනමක් පනවමින් වහාම දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ දැනුම්දීමට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරින් දැඩි ස්ථාවරයක සිට පෙන්වා දී ඇත්තේ රටට සිදුවූ දැවැන්ත අපකීර්තිය හේතුවෙන් මොවුන්ට වසරක නොව වසර 5 ක පමණ තරග තහනමක් ලබාදිය යුතු බවයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්. 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් පස්වරු 01:15 ට පමණ මොවුන් තිදෙනා (3) දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපල හිරු ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, මොවුන් දිවයිනට පැමිණි අවස්ථාව ආවරණය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ හමුදා නිලධාරින් විසින් බස් රථ යොදා අවහිර කර රූගත කිරීම් වලට බාධා එල්ල කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) දිවයිනට පැමිණි අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ට ඔවුන් එවැනි කිසිදු බාධා කිරීමක් සිදුනොකිරීමත් විශේෂත්වයක්.

ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඔවුන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් වෙත යොමු කෙරුණා.

නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසු කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වන විනය පරීක්ෂණ සඳහා මුහුණදීමට සිදුවනවා.

******************************************

(29.06.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය – පල්ලිවාසතුරේ – වෙල්ලංකරය ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ද පවතින බව කියන රජයට අයත් ඉඩමකට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් විසින් එහි තිබූ පොල් පැල 20 ක් ඉවත් කර අනෙකුත් ශාක වලට හානිකර පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුවයි.

ජනප්‍රවාදයේ පැවසෙන අන්දමට කුවේණියගේ නැගණියක වූ ‘අල්ලි රාණි’ ගේ මාලිගාව මෙම ඉඩම් කලාපයේ පිහිටා තිබෙන අතර ඊට අදාල පුරාවිද්‍යා පුවරුවක්ද එහි ස්ථාපිත කර තිබෙනවා.

ඓතිහාසික ගෙන්ගේ ජලාශයද මෙම ඉඩමට යාබදව පිහිටා තිබීම විශේෂත්වයක්.

හිරු ප්‍රවෘත්ති අංශය කල විමසීමකදී කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනන්සූරිය මහතා කියා සිටියේ අදාළ ඉඩම ක්‍රීඩා පිටියක් බවට පත් කරන ලෙස ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් කලක සිට ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටි බවයි.

කෙසේවෙතත් එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කල බව ද ඔහු සඳහන් කළා.

ඔහු පැවසුවේ අදාළ ඉඩම පසුගිය 2017 වසරේදී කිසියම් පුද්ගලයෙකු විසින් ව්‍යාජ ඔප්පු සකසා අනවසරෙන් අත්පත් කරගෙන එහි පොල්පැල වගා කර ඇති බවයි.

එහෙත් පසුගිය වසරේදී එය නීත්‍යානුකූල නොවන බව සනාථ කරමින් අදාල ඉඩම යලි රජයට පවරා ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

******************************************

(29.06.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳුන්ට පණවන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ජනතාව චෝදනා කරන්නේ සහල් සඳහා පාලන මිලක් පණවා තිබුණද තවමත් වෙළෙඳපොළේ ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බවයි.

******************************************

(29.06.2021 – 21:15 +0530 – hirunews.lk/sinhala)

මිල ඉහළයාම හේතුවෙන් සහල් ආනයනය කෙරෙහි අවධානය යොමුව තිබියදී ගොවීන් චෝදනා කරන්නේ පොහොර හිඟය හේතුවෙන් ඉදිරි කන්නයේ නිසි අස්වැන්නක් නොලැබෙන තත්ත්වයක් ද උද්ගතව ඇති බවයි.

පොහොර හිඟයට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

******************************************

(29.06.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන කාළ සීමාව අවසන් වීමෙන් අනතුරුව කුසල්ට, ධනුෂ්කට සහ දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලබන විනය පරික්ෂණය සදහා මුහුණ දෙන්නට සිදුවනවා.

දිගින් දිගටම තරග පරාජය වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය වළපල්ලට යමින් ඇති මොහොතකදී, මෙම ක්‍රීඩකයින් තිදෙනා (3) රටේ නමත් ලොවක් ඉදිරියේ කෙළෙසා දැමීමට කිරීමට එරෙහිව ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් කරවන බලධාරින් ගනු ලබන පියවර කුමක් ද යන්න රටම බලා සිටිනු ඇති.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකාවට කළ අගෞරවය සහ ක්‍රීඩාවට කළ අපකීර්තිය සැලකිල්ලට ගෙන වසර 5 ක්වත් ක්‍රිකට් තහනමක් පැනවිය යුතු බවයි.

කෙසේවෙතත්, මොවුන් හට අවම වශයෙන් වසරකවත් (1) සියලුම ආකාරයෙන් ක්‍රිකට් තරඟවලින් තහනමක් පැනවෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

මේ අතර විනය කඩවීමේ සිදුවීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පළකළේ මෙවන් අදහසක්.

+++++++++++

******************************************

(29.06.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)

මුදල් හුවමාරු පහසුකම යටතේ ඉදිරියේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.65 ක් සපයා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ විදෙස් මුදල් හිඟතාවකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බවට පලවන තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින්.

දේශිය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ විදේශ මුදල් හිඟතාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදුකරන සෘණාත්මක ප්‍රකාශ රටට හානිකර බවයි.

******************************************

පිරිමි දරුවෙකුට වූ අපරාධය – 41 හැවිරිදි වල් ගෑණි කොටුවෙයි

(29.06.2021 – 22:56 +0530 – hirunews.lk/sinhala)

= පිරිමි දරුවෙකුට වූ අපරාධය – 41 හැවිරිදි කාන්තාව කොටුවෙයි =

බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ මහනුවර කැටවල ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන රජයේ වෘත්තිය පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ දරුවෙක්.

ආයතනික පුහුණුවක් සඳහා යැයි පවසමින් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ රසකැවිලි නිෂ්පාදන ආයතනයකට අදාළව දරුවා යොමුකර තිබි ඇති අතර, එහිදී සේවිකාව විසින් එම දරුවා බලහත්කාරයෙන් රඳවා තබාගෙන අමානුෂික පහර දීමට හා දරුණු ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට වු තොරතුරක් මත මහනුවර පොලිසිය අදාල නිවස පරීක්ෂා කරනු ලැබුවා.

අදාළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *