*********************************************
සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ
(11.06.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)
දැනට පවතින සංචරණ සීමා ලබන ජූනි 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව 21 වනදා සඳුදා අලුයම 04:00 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.
++++++++++++++++++++
(11.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන්නේ දරු දැරියන්ගේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම හේතුවන්.
කෙසේ වෙතත්, ප්‍රමාණවත් අන්තර්ජාල සංඥා පහසුකම් නොමැතිකමින් පීඩා විඳින දරු දැරියන් පිළිබඳව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.
++++++++++++++++++++++
(11.06.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1852 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 184,090 ක් ෴
++++++++++++++++++++++
(11.06.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)
ජුනි මස 21 වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරුණු දැඩි සංචරණ සීමා යටතේ ක්‍රියාත්මක විය හැකි ආයතන සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සිදුකර තිබෙනවා.
ඒ අනුව සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුල අත්‍යවශ්‍ය සේවා ඇගලුම් ඇතුලු කර්මාන්ත ශාලා ඉදිකිරීම් ආශ්රිත වැඩබිම් කෘෂිකාර්මික කටයුතු සහ කාබනික පොහොර නිශ්පාදන කටයුතු සඳහා අවසර හිමිවනවා.
මේ හැරුණුවිට ආර්ථික මධ්‍යස්ථාන විවෘතවන කාලසටහන පසුවට දැනුම්දෙන අතර ගම්මානවල ක්‍රියාත්මක වන සති පොළ නිර්දේශ කරන සීමාවන් ඇතුලත පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.
++++++++++++++++++++++
(11.06.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2232 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 217,366 ක් ලෙසටයි.
@@@@@@@@@@@@@@@
(11.06.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)
ජනප්‍රිය රංගන ශිල්පි ‘සැන්ඩෝ හැරිස්’ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (11) උදෑසන හැව්ලොක් පෙදෙසේ නිවසකට ගිය අවස්ථාවේ ඇතිවූ හදිසි රෝග තත්වයකින් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
ඔහුගේ දේහය මේ වනවිටත් අදාළ නිවසේ තිබෙන අතර, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව දේහය කළුබෝවිල රෝහල වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.
දෙහිවල – සරණංකර පාරේ පදිංචි සැන්ඩෝ හැරිස් මියයනවිට 58 වන වියේ පසුවුණා.
ජනප්‍රිය ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යයේ සාජන්ට් චරිතය අවසන් වරට රඟ දක්වනු ලැබුවේ ඔහු විසින්.
******************************************
(11.06.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)
තවත් ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරි දෙසතිය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේබව සඳඟහන් කළා.
******************************************
(11.06.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට තම කණ්ඩායම පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.
මේ අතර සමගි ජන බලවේගයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.
******************************************
(11.06.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)
වගා කටයුතු සඳහා ප්‍රමාණවත් පොහොර නොලැබීමෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් තවමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සිය ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙසයි.
******************************************
(11.06.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන මිල නුදුරේදීම ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.
කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනු කමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති බවයි.
වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 33,100 ක් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.
******************************************
(11.06.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තම සැමියා සහ දියණිය මියගිය විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ නිවසක් බිඳ, මුදල් සහ දේපළ සොරාගැනීමේ සිද්ධියක් ඇල්පිටිය – පිටිගල – වත්තහේන ප්‍රදේශයෙන් වාර්තාවනවා.
පසුගිය 09 වනදා රාත්‍රී කාලයේ අදාළ නිවස බිඳ දේපළ සොරාගෙන ඇති බවටයි විශ්‍රමික පොලිස් පරීක්ෂකවරිය පිටිගල පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැමියා සහ දියණිය කොරෝනා ආසාදනය වී මියයාම හේතුවෙන් අදාළ පොලිස් පරීක්ෂකවරිය තම නිවස අසල්වැසියෙකුට බලාගැනීමට දී දෙණියායේ පිහිටි ඥාතිවරියකගේ නිවසේ නතර වී සිටියදීයි මෙම සොරකම සිදුව ඇත්තේ ෴
******************************************
CID නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයට පළමු වරට කාන්තා නිලධාරිනියක්
(11.06.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයට ප්‍රථම වතාවට ‘කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක’ පත්කර තිබෙනවා.
මෙලෙස නව තනතුරට පත්වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි.
2007 ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14 ක සේවා කාලයක් ඇති නිලධාරිනියක්.
රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත්, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියත් ලබාගෙන ඇති ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ අර්බුද කලමනාකරණය පිළිබඳ විශේෂ පාඨමාලාවක් ද හදාරා ඇති නිලධාරිනියක්.
එමෙන්ම ඇය තායිලන්තයේ බැංකොක් නුවරදී ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත් මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත් හදාරා තිබෙනවා.
මීට අමතරව ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇති ඉමේෂා මුතුමාල මහත්මිය නුගේගොඩ කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරී සිදුකර තිබෙනවා.
ඇයගේ මෙම නව පත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය හිමිවී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරන්නේ ෴
******************************************
(11.06.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)
වව්නියාව – කනගරායන්කුලම් පූදූර් ප්‍රදේශයේ රක්ෂිතයක මාසයකට අධික කාලයක් අසාධ්‍ය තත්වයේ පසුවූ ඇතා අද (11) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
අවුරුදු 15 පමණ වයසැති මෙම සත්වයා කිසියම් ආසාධිත තත්වයක් හේතුවෙන් ඇවිදයාමට නොහැකිව අදාළ රක්ෂිතයේ වළක වැටී සිටි අතර, උතුර පළාත භාර පශූ වෛද්‍ය නිළධාරී හා වව්නියාව අඩවි වනජීවී නිළධාරීන් ඇතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලැබුවා.
පසුගියදා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙන්ම ‘අලි රොෂාන්’ මහතා ද මෙම ඇතා නැරඹීමට පැමිණි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම සත්වයා දොඹකරයක් ආධාරයෙන් ගොඩට ගැනීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
******************************************
(11.06.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)
රඹුටන් ගසකින් ඇද වැටී එම ගසේම දෙබලයකට ගෙල සිරවී දස (10) හැවිරිදි දැරියක් මියගිය අවාසනාවන්ත සිදුවීමක් බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයෙන් වාර්තාවනවා.
අද (11) මෙම අනතුරට ලක්වී ඇත්තේ පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මාමල්ගහ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.
ඇයගේ පියා වෙනත් ප්‍රදේශයක රැකියාවක නිරතවන අතර බාල සහෝදරයා මව සහ මිත්තණිය සමගින් ඇය නිවසේ ජීවත්ව සිට තිබෙනවා.
අද (11) පෙරවරුවේ මෙම දැරිය සහ බාල සොහොයුරා නිවසේ රූපවාහිණිය නරඹමින් සිට ඇති අතර මව ජල මෝටරයක් සැකසීම සඳහා නිවසින් පිටත්ව ගොස් සිට ඇතැයි සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ දැරියගේ මිත්තණිය තේ පානය සඳහා කෑම රැගෙන ඒමට අසල තිබූ වෙළඳසැලක් වෙත ගොස් සිට තිබෙනවා.
මව වතුර මෝටරය සකසා යළි නිවසට පැමිණ දැරිය පිළිබඳ විමසීමේදී සොහොයුරා ප්‍රකාශකර ඇත්තේ ඇය ගෙවත්තට ගිය බවයි.
පසුව මව කළ සොයා බැලීමක දී මෙම කුඩා දැරිය රඹුටන් ගසක අඩි 20 ක් පමණ ඉහළින් ඇති දෙබලක ගෙල සිරවී සිටින ආකාරය දැක තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් ඇය බලංගොඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විට ද දැරිය මියගොස් සිටි බව සඳහන්.
සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (12) පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
******************************************
(11.06.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)
මහනුවර ගම්පොල ප්‍රදේශයට කුකුළන් 1600 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන වික්ටෝරියා ජලාශයට පෙරළී තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ප්‍රවාහනය කරමින් සිටි කුකුළන් 1600 ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ ලොරි රථය බිබිල ප්‍රදේශයේ සිට මහනුවර බලා පැමිණෙමින් තිබියදී මොරගහමුල ගල්මල්ඔය පාලම මතදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
මේ දිනවල මහනුවර අවට ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය හොඳින් පිරී තිබීම නිසා මෙම පාලම අසලද විශාල ජල ප්‍රමාණයක් රැඳී තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ කටුකිතුල මීගහමුල්ලේ පදිංචි අශේන් ධනුෂ්ක නැමති එක්දරු පියෙක්.
ලොරි රථය මොරගහමුල ගල්මල්ඔය පාලමේ පැති බැම්මක් කඩාගෙන ජලාශයට වැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴